Wednesday, December 22, 2010

සමුගන්න දෙන්න මට අවසර

කාර්‍ය් බහුලතවය හා පෞද්ගලික හේතුන් මත බ්ලොග් ලිවිමෙන් ටික කාලයකට විශ්‍රාම ගන්න අදහස් කරනවා. එහෙනම් පස්සේ හමුවෙ...

Tuesday, November 23, 2010

නොදුටු සබද ........

හරියටම මසකට කලින් ඔබත් මේ මිහිතයේ ජිවන් වු තවත් එක් අයෙක්. නමුත් ඔබගේ වෙන් විමත් සමග කල පරිත්‍යගයත් සමග ඔබ අමරණිය වුවා. ඔබගේ නෙත් යුගලයෙන් අද මම සමග තවත් අයෙක් ලොව දකිනවා. අපට ඔබ සමු නොවුනත් ඔබ අප තුල ජීවත් වෙනවා.   නොදැක්කත් ඔබ මගේ නෙතින් දකිමි ලොව මම දැන් ඔබේ නෙතින්, සබද ඔබ අමරණියයි................

Monday, October 18, 2010

අනේ සංසාරේ

අම්මෝ මාසයකට විතර පස්සේ ඔන්න ආයිත් ලිපියක් ලියන්න හිතුනා.මේ දවස් මහා එපා කරපුම දවස් ටිකක්.මමත් මාර විදියට කම්මැලි වෙලා.ඒ මදිවට ජම්බෝලේ වගේ මහත් වෙලා දැන් පිපෙරෙන්නත් ලගයි.එහෙම නොවී තියෙවී යයි වැඩක් නොකර තියෙනකොට. පහුගිය දවස්වල මම ඉස්පිරිතාලෙත් නැවතිලා හිටියානේ. මන්දා ඒකෙන් මේකෙන් මම හිතා ගත්තා අයිත්නම් රජයේ ඉස්පිරිතාලවට යන්නේ නැ කියලා.මගේ නිකම්ම නිකම් මාසයක් කෑවා.අන්තිමට බලෙන් ටිකට් කාපාගෙන ගෙදර එන්න උනා. ඒක හින්දා ඔන්න පෞද්ගලික ඉස්පිරිතාලයකට යන්නයි...

Friday, September 10, 2010

Eid Mubarak | රාමසාන් සුබ පැතුම්

අද ලොව පුරා වසන මුස්ලිම් බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී  දිනයක්. ඒ අද ඊඩ් (Eid ul-Fitr) දිනයයි.එනම් උපවාස සමයේ අවාසාන දිනයයි.ඉතින් ඒ වෙනුවෙන් මම සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට  සුභ පතන...

Thursday, August 12, 2010

[කමු බොමු]කමුද බර්ගර් - රස හදුනන්ට පමණයි.

ලංකාවේ අපි දුප්පතාගේ කැම මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ කටපුරා "පාන්" කියලානේ.ඒ වගේ පිටරට(ඇමෙරිකාවේ තාමා වැඩියෙන්ම ) කියන්නේ "බර්ගර් " කියලා ලු. මොනවාද මේ බර්ගර් කියන්නේ සරල වශයෙන් කියුවොත් බර්ගර් කියන්නේ පාන් පෙති දෙකක් අතරට දාපු මස් කැල්ලක්.විශේෂයෙන් අද කාර්යබහුල සමාජයේ බර්ගර් එකක් තව තව විශේෂංග එකතු වෙල රස වෙලා තියෙනවා.ඉතින් මට හිතුනා අද බර්ගර් ගැන ලියන්න.මොකෝ ලංකාවේ අපිට රස ඔරිජිනල් බර්ගර් එකක් කන්න හම්බ වෙන්නේ කලාතුරකින් නි...

Wednesday, August 11, 2010

ළමා කාලයට මොහොතකට පිය නැගුවෙමි - නාර්නියා

මේ දවස්වල කියන්න තරම් වැඩකුත් නැති එකේ ඉතින් වැඩියෙන්ම කරන්නේ චිත්තරපටි බලන එක බයිස්කොප් සින්හලෙන් එකේ හුගක් චිත්තරපටි ඩවුන්ලෝඩ් කරලා බැලුවා.මේ ලගදී ගෝලයා දුන්න අපුරු චිත්තරපටියක් බැලු...

Sunday, August 8, 2010

ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයට තේරිමට ඔබටත් වරම් ,පෙර සුදුසුකම් අවශය නැත. ,විදෙස් සංචාර

මෙතෙක් කොළඹ සුපිරි ක්‍රිඩකයන්ට පමණක් සිමා වී තිබු මේ අවස්ථාව ක්‍රිඩා අමාංතයාශය ප්‍රමුඛ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සාමන්‍ය ජනතාව වෙත ලබා දීමට තීරණය කර තිබේ.මින් පෙර මෙම අවස්ථාව ලබා දී තිබුණේ සුපිරි තරු පැලන්තියේ ක්‍රිඩකයන්ට පමණි. මේ සදහා තව දුරටත් අදහස් දැක්වු මාරගස්ථ ප්‍රවාහනාධිකාරයේ වෙලාපත් සටහන්කරු මේ සදහා තෙරීම් පටි පාටියක් පවතින බවන් ඒ සදහා පවතින තේරිම් තරග මේ දිනවල පිටකොටුව බස්නැවතුමේ බෝ ගස අසල 120 බස් රථ නවතන මගී නැවතුමේ පවත්වන බව සදහන්...

Saturday, August 7, 2010

කාලෙකට පස්සේ නැවතත් ආවෙමි.

ඔන්න හුග කාලයක් නිහඩ වෙලා ඉදලා අයිත් බ්ලොග් අවකාශයට ආවා.පසු ගිය දවස්වල අධ්‍යාපන කටයුතුවලට "පලමු තැන" දීමට සිදුවීම නිසා බ්ලොග් ලියන්න බැරිවුණා.ඒ වගේම අතරින් පතර තමා බ්ලොග් කියෙව්වෙත්. පසුගිය කාලය ගැන කිව්වොත් පසු ගිය අවුරුදු තුන ඇතුලට මාව පුද්ගලයෙක් වශයෙන් සැහෙන්න වෙනස් වුණා.සමාජයේ සම්මත හොද ගති ගුණ වගේම අසම්මත ගති ගුණ මේ කාලයේ ඇති නැති වෙලා ගියා.හෝව් හෝව් තාමත් පිස්සු හැදිලා වගේ කියව කියවගෙන යනවා නේද ?හුගක් කියන්න ලියන්න වගේම කියවන්නත් තියෙනවා.තව ජිවිත කාලයෙන් බාගයක්ම තියෙනවානේ බලමු එන හැටියට ජිවත් වෙන්න වාසනාවක් තිබුනොත් ඒවා හුවමාරු කරගමු බෙදා...

Sunday, July 4, 2010

සිතන්නට යමක් !

අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ සිංහල දේශයේ වැසියන් සියලු දෙනාම සිංහලයන් කියලයි මා සිතන්නේ ආගම කුමක්වූවත් ඔවුන් සියල්ලම සිංහලයන්ය යන හැගිමෙන් කටයුතුකල යුතුය.එවිට මේ රට නගා සිටුවීමට පහසුයි. වෛද්‍ය ෂභාන් අජ්මීර් උපුටා ගැනීම රිවිර ජුලි මස සතර වන දින පලවු පුවතික...

Tuesday, May 11, 2010

අනේ අපේ අම්මත් මල්ලිව ගගේ දැන්මානම් [සංවාදයට විවෘතයි]

මෙය ශ්‍රී ලංකාවේ අනාථ නිවාසල වෙසෙන අනාථ දරුවන්ගේ පටන් දුගී සියළු දරුවන්ගේ පැතුම විය හැක.මක් නිසාද යත් පසු ගිය දිනවල ලොව පුරා දැඩි අවධානයට ලක් වූ අමිල සදරුවන් දරුවාගේ සහෝදරයා හා නැගණියන් අද සිටින තත්ත්වය ඔවුන්ට හිනෙන්වත් හිතන්න බැරිය.අද ශ්‍රී ලංකාවේ අනාථ දරුවන් අනාථ නිවාසවල දුක් විදිද්දී විශේෂයෙන් මව්පිය සෙනහස අහිමිව තමා වැදු දෙමව්පියන්ට ශාප කරද්දී හා මව්පිය සෙනහස සපිරි ජීවිතයක් ඉල්ලා හුල්ලද්දී අමිල සදරුවන්ගේ සහෝදර සහෝදරියන්ට පමණක් අලුත් මවක් , අලුත්...

Monday, May 10, 2010

අම්මේ ! මම ඔබට ආදරෙයි

මේ ලියන්න යන්නේ ගෙවී ගිය මව්වරුන්ගේ දිනය සදහා පොස්ට් එකක් නෙමේ.ඒ කර හුගක් අය පොස්ට් ලියන්න ඇතිනේ.මම මේ ලියන්නේ මගේ ජීවිතේ සුවිශේෂි දිනයක් වෙන අද දවස මට උදාකරපු මගේ රත්තරන් අම්මාටයි.මේ ලිපියකින් අම්මාගේ ණය ගෙවන්න මට බැ.නමුත් මට මගේ හිතේ තියෙන දේ මුළු ලොකේටම කියන්න පුලුවන්.අම්මේ , මේ ලිපිය සමහර විට ඔයා කවමදාවත් කියවන්නේ නැති වේවි.සමහරවිට කියවා...

Sunday, May 9, 2010

[පොඩිහිටියන්ට තහනම් ]නිකරුනේ දඩුවම් විදින අපේ විවාභයකයෝ

මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.ඉතින් මේ කතාවේ කතා නායිකාව සහ නායකයා යන දෙනාම ශ්‍රී ලංකාවේ අකුරු හතරක බැංකු ජාලයකට සම්බන්ධයි.ඉතින් මේ දෙන්නා එකට වැඩ කරද්දී පලමු බැල්මෙන්ම ආදරයේ වැටුනා කියමුකෝ.අවුරුද්දක් විතර කී නොකි දේවල් කරලා දෙන්නාට ඊලග අවස්තාවට යන්න හිතුනා.ඒ කියන්නේ විවා...

Saturday, May 8, 2010

[කමුබොමු] සුදුළුණු පාන් - සුදුළුණු ගද අය නොබැලුවාට කම් නැත.

හුගක් අයට සුදුළුණු ගදයිනේ.මම දන්න ගැණු ලමයෙක් ඉන්නවා සුදුළුණු කියුවොත් පැත්ත පාලතේ නැ.කෝමත් ඉතින් එයා කුස්සියට යන්නේ නැති එක්කෙනෙක් ඒක හින්දා එච්චරම අවුලක් නෑ.මම මේ කියන්නේ යන්නේ අද අපේ රැ කැම පිලියෙල වුණ විදිය ග...

Monday, May 3, 2010

සිංහලයෙනි අවදි වෙව්, ජිවිතය පුදව් ( පුදන්න බැරිනම් ගනිව් )

සිංහලයෙනි තොපේ රට ජාතිය ආගම විනාශ කරන විජාතික කුමන්ත්‍රනයක් ලෙස එලෙඹෙන ජුනී මාසයේ කොලොම්පුරේ මහා සිද්ධියක් වීමට නියමිතය.මේ සදහා මහරජතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලෙන් සහයෝගය ලැබෙන බව පෙනී යයි.උපතින් බුද්ධාගම්කාරයන් වන තොප ආගම වෙනුවෙන් ඕන දෙයක් දෙන බව ප්‍රකටය එම නිසා ආගමේ නාමයෙන් මරපියව් , කොටපියව් , කපපියව්.මහරජතුමා කපා කොටා ඇබෙණියට වටහා දියව්. කවදත් අපට වින කල පර ඉන්දියනුවන් මෙවරත් අපිට වින කරන්න එන පාටයි ගියවර රටේ ජාතියේ ආරක්ෂකයා සෝම හමුදුරුවන් අපවත්කල...

Sunday, May 2, 2010

පිටකොටුව ,පදික වේදිකාව,හා රට

මේ දවස්වල පිටකොටුවේ කඩ කඩලා මාර ටොක්ස් යන්නේ.ගමේ වගේම නගරේ අයත් ඔය ගැනමයි කතාව සමහර අය කියනවා හොදයි කියලා තව සමහර කියනවා නරකයි කියලා ඇත්තටම මේක නරකද එහෙම නැත්නම් හොදද ? මම දකින විදියට මෙක ප්‍රධාන වශයෙන් රාමු දෙකක් තුල සිට නීරීක්ෂනය කල හැක.සුලුතර පදික වේදීකා වෙලෙන්දන්ගේ කෝණයෙන් බලන කල මේ සිදුවීම තුලින් ඔවුන්ට සිදුවූ අයහපත අතිවිශාලය.සුළු ලාභයක් තබාගේන අරුමෝසම් (මනි බඩු ) වල පටන් ඉතා විශාල වපසරියක් තුල විසිරී තිබු මෙමගින් ඉතා විශාල පුද්ගලයන් ප්‍රමාණයක්...

Friday, April 30, 2010

මම දැන් ට්විටරේ

මමත් දැන් ට්විටරේට ජොයින් වුණා. මම බලාපොරොත්තු වෙනවා කලවමේ පොස්ට් අනාගතයෙදී ට්විට් කරන්න. ඉතින් කැමතියි ඔයගොල්ලොත් ට්විටරයේදී හමුවන්න. මෙන්න මගේ ට්විටර් පිටුව http://twitter.com/gaish...

- තායිලන්තේ සංචාරේ II - ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - II

කවුරුවත් ජීප් ටැක්සි වල ගිහින් තියෙනවාද ? තායිලන්තයේ චාන්දබුරිවල තියෙන්නේ ජීප් ටැක්සි.චාන්දබුරිවල තියෙන්නේ බැන්ග්කොක් වල ඉදන් පැය 5 - 6 ක් විතර දුරින්(බස් එකේ-මෙතන තියෙන බස් එකනම් පතාය යන එකක් .). බැන්ග්කොක්වල චානදබුරි යන්නේ අපේ රටේ ටුවරිස්ට්ලා අරන් යන ජාතියේ බස්. මේ බස් නිකම් ගුවන් යාන වගේ.කොන්දොස්තර සහයක් ඉන්නේ ගැණු කෙනෙක්.ගුවන් සේවිකාවන් අදින වේ කොට ඇදුමක් ඇදලා ඉන්නේ. ඇත්තෙන්ම සැහෙන්න පිලිවෙලයි.ටිකට් ගන්න වෙනම කවුන්ටර්ස් තියෙනවා.හුගක් වෙලවාට මේ...

Wednesday, April 28, 2010

මම වී මම ත්‍රස්තවාදියෙක් නොවේ. | My name is V and I'm not a terrorist

ඔන්න අද තමා මම My Name Is Khan බැලුවේ.උදෙන්ම බයිස්කෝප්  සිංහලෙන් අරන් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා.මුලින්ම අපේ පොතේ ගුරා ඇතුලු  දිනුෂ්ක උදාර ( රොකියා ),  වාසල සහ රොයිලි ප්‍රනාන්දු  ට මම ස්තුති කරන්න කැමතියි මේ වගේ දෙයක් කලාට. ඇත්තෙන්ම මේ ෆිල්ම් එක ඔය ගොල්ලෝ ඔක්කොම බලන්න ඔනේ.කරන් ජොහාර් මහත්මයාගේ ඉතාමත් හොද කෘතියක්.තව දෙයක් මතක් කරන්න කැමතීයි අපේ රටේ මේ වගේ කාලයක් තිබුන බව දෙමල වචනයක් තියා ටිකක් කලු පුද්ගලයෙක් දැක්කත් අපේ සමහර අය මේ...

Tuesday, April 27, 2010

ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - I

මේක මම ටික කාලයක් තිස්සේ ස්ටඩි කරන ඒරියා එකක්.මම මේ කියන්න යන්නේ මගේ තායිලන්ත සංචාරයේදි මම අත්දැකපු දෙයක් ගැනයි.තායිලන්තය කියන්නේ සංචාරක පුරවරයක් කියලා ඔය ගොල්ලෝ දන්නවානේ. තායිලන්තේ සංචාරක පුරවරයක්ම විතරක් නෙමේ වෙලද මංසන්ධියක් කියලාත් කියන්න පුලුවන්.මොකද හුගක් දෙවල් මේවායේ වෙලදාම් කරනවා.මට වෙලාවකට හිතෙනවා යුද්ධෙයි අපේ මිනිස්සුන්ගේ පිස්සු වැඩයි නැත්නම් මේ ඔක්කෝම ලංකාවට ලැබෙන්න තිබ්බ දෙවල් කියලා. අහ් පොඩ්ඩක් පිට පැන්නා වගේ කමක් නැ. ඔය ගොල්ලෝ ඉතින්...

Monday, April 26, 2010

මමත් සිංඩියක් දාන්නද ?

දැන් හැම හැම තැනම සිංඩිනේ බ්ලොග් එකට එක සිංඩිය ගානේ තියෙනවා .හැබැයි මොකක් හරි එකක පරහක් තියෙනවා. මමත් මේ බැලුවේ මගේ බ්ලොග් එකට සිංඩියක් දාන්න කියලා ? මොකද කට්ටියගේ අදහස...

මුස්ලිම් මිතුරෙක් ඔවුන්ගේ වර්ගයාගේ ලංකාව තුල ආරම්භය පිලිබද කල ප්‍රකාශයක්

මේ දවස්වල අපේ සමහර අය සැක පලකරනවා ප්‍රභාකරන් ප්‍රමුඛ දෙමලුන්යයි කියාගත් මිනීමරුවන්ට කරන්න බැරි වූ සටන මුස්ලිම්වරු ජිහාඩ් ප්‍රමුඛ කරන් කරගෙන යාවි කියලා. මම මේක කියුවේ කතාවට ආරම්භයක් ගැනීමට මිසක් මේක සනාථ කරන්නවත් එහෙම නැත්නම් මේක බොරුවක් කියලා කියන්නවත් නෙමේ.ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් සිංහල , දෙමල ,මුස්ලිම් වගේම මැලේ ,බර්ගර්,චීන , සින්ධු වගේ වෙනත් ජාතිනුත් ලංකාවේ ජීවත් වෙනවා.මේවායෙන් සමහර ජාතින්ට ශ්‍රී ලංකාව තුල වසර 2000 වැනි දිගු ඉතිහාසයක් තිබුණත්...

Sunday, April 25, 2010

[තහනම් කතා -.Taboo Talks] මියුලැසිය................. [18+]

මට මේ ගැන ලියන්න හිතුනේ අද බස් එකේ යද්දි මැදිවියේ සිටින ගැහැණුන් දෙදෙනෙක්ගේ කතාවක් ඇහිලා. අනුන්ගේ කතාවලට හොරෙන් කන් දෙන එක වැරදියි තමා.නමුත් ඉතින් ස්පිකරේ වගේ උන්හිටි තැන් අමතක කතාකරන අය හින්දා ඉතින් එහෙම වෙනවා තමා.සිද්ධිය සිදු වුනේ බම්බා - කොල්ලුපිටිය හරියේ.මම ගියේ ඒ සී බස් එකක.ඉතින් බස් එකේ සෙනග වැඩිය නැ.බම්බා හරියෙන් ටිකක් බටහිර මොස්තරයට ඇද ගත්ත තරුනියක් ගොඩ වුනා.ඉතින් අපේ කතාකාරියන් දෙදෙනාගේ සිවුකන්(ඇත්තෙන්ම බස් එකේ පස්සේ හිටිය අපි ඔක්කොමටම ඇහුනා...

ලංකාවේ සිංඩි කුමණ්ත්‍රනය

මට අද උදේ ලාංකීය සිතුවිලි බලනකොට චතුරංග රූපසිංහ ලියපු "ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ " ලිපියට පිලිතුරක් ලෙස ලියපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ ඉන්දරේ සහෝදරයා ලියුව මේ ලිපිය "SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය " දැක්කා. ඇත්තෙන්ම මම හිතන්නේ මේකනම් හොද ප්‍රවනතාවක් නෙම්.මොකෝලංකාවට ඉතාමත් වටිනා සේවයක් දෙන ඔය දෙගොල්ලොම එකිනෙකාට සාපෙක්ෂව තරගකරුවෝ.නමුත් එසේ වූ පලියට මේ වගේ අවස්ථා විශාල කාරණාවක් නොකර ගත යුතුයි කියන එකයි මගේ අදහස. මොකෝ ඔබලාගේ ඔය වගේ ක්‍රියාකාරකම් කවදා හරි උඩු දුවලා දෙපැත්තටම...

Thursday, April 8, 2010

මම ආදරෙයි මුලු ලොවටත් වඩා.............

ඔන්න ඉතින් චන්දෙත් ඉවරයි. මම මේ ලියන්න යන්නේ චන්දේ ගැනවත් දේශපාලනය ගැනවත් නෙමේ.ආදරය ගැන. ආදරය මහ පුදුම දෙයක් නේද ! මේක ඔබ මා හොදට දන්න පුද්ගයෙක් ගැන.නම් වශයෙන් කියන්න ඔනේ නැ. ආදරය ගැන ලොකු ලොකු දාර්ශනිකයෝ විවිධ මත පලකරලා තියෙනවානේ. ඒ වගේම විවිධ සංකෘතින්වල ආදරය ගැන විවිධ ප්‍රබන්ධ වගේම සත්‍ය කතාවලුත් ගොඩක් තියෙනවා.රොමියෝ ජුලියට් ,ශා ජහන් සහ මුප්තාස්මහල් , ලයිලා මජ්නු , සාලිය අශෝක මාලා සහ තව ගොඩක් තියෙනවානේ.  හැබැයි ඉතින් පොත්වල , නාට්‍යවල ආදරය මෙච්චර සුන්දර දෙයක් කියුවට ඇත්ත ජීවිතයේ මෙච්චරම සුන්දරද ? ඒක ඉතින් ආදරය කරන කට්ටියනම් කියන දේ දන්නේ...

Friday, April 2, 2010

[Exclusive]ප්ර්භාකරන්ගේ රහසිගත ලිපිගොනුවක් ඇමෙරිකානු ප්රමමුඛ ඒකාබද්ධ විශේෂඥ්යි කණ්ඩායමක් සොයාගනී.

මියගිය LTTE නායක වේලුපිල්ලේ පිරුබාහරන්ට අයත් රහසිගත ලිපිගොනුවක් ඇමෙරිකාව ප්ර මුඛ ඒකාබද්ධ පරික්ෂණ කන්ඩායමක් විසින් මාස 3 දින 6 පැය 4 යි තත් 15 ක් තිස්සේ සිදුකරන ලද පරික්ෂණවල අතුරු ප්රඩතිපලයක් ලෙස මෙම සොයගැනිම කර ඇත.මේ සදහා මුලික වී ඇත්තේ පිරුබාහරන්ගේ අප්පච්චිගේ බිරිදගේ නැන්දම්මගේ ලෙලිගේ පුතගේ ගෝලයෙක් විසින් දෙන ලද තොරතුරුය. තව දුරටත් ඇදහස් දැක්වු එකාබද්ධ ප්රිකාශකයා පැවසුයේ පරික්ෂණ කණ්ඩායමේ ප්රිමුඛයා ඇමෙරිකාව වුවත් ඔවුන් මෙම පරික්ෂණය ඉදිරියට ගෙන යැමට හැකි වුයේ ශ්රිය ලාංකාවේ නිවැරැදි මග එලිකර භුමියට යැමට ඉඩ දුන් නිසා බවය.එම නිසා මෙම සොයා ගැනිමේ සම්පුර්ණ...

Wednesday, March 31, 2010

[කමු බොමු]ඉතාමත් රහ දුරියන් | Only for Durian lovers

ඊයේ හවස මට ඉතින් දුරියන් ගෙඩි 3 ක් හම්බ උණා. ඉතින් බලන් ඉන්නේ නැතුව මව්තුමියයි මමයි පියතුමයි දුන්නා වැඩේ ගෙඩි දෙකකටම. අපේ ගෙදර ඉන්න හතර දෙනාගේන් නංගිට දුරියන් පෙන්වන්න බැ. නිකම් ගැරඩියාට ( කොමත් ඉතින් ගැරඩියෙක්ම තමා : ) ) භුමි තෙල් වගේ. ඉතින් මම කියන්නේ අපේ කමු බොමු බ්ලොග් එකට අදාල ලිපියක්.   මම ඉතින් තායිලන්තය සංචාරය කරපු අවස්තාවක තාම ඇති වෙන්න දුරියන් කැවේ , කැවා කිව්වට කැව විතරක්ම නෙම්. දුරියන් මදුලු මුලින්ම කැවේ දුරියන් මදුළු එවා...

අපේක්ෂකතුමෝ

මේ අපේ පරණ උන්නැහේ කෙනෙක් කියුව කවියක් හිතුවා නැවතත් මතක් කරන්න ඔනේ කියලා. සිය දැය සමය රට වෙනුවෙන්         මැතිකමට මහ ලොකු වැඩකරමි යනු පවසා          සොදට වහ වහ රිංගා ගත් මුත් රජ සබ               තුලට මහ තද වැරද්දකි නොකලොත් වැඩ        එමට                                      ...

Tuesday, March 30, 2010

SLUTS ! අපේ සභ්‍යත්වය වනසන වල් (වේX) කෙල්ලෝ

මේ සටහන නිසා යම් යම් අයගේ හිත් අමනාපයක් සිදුවෙනවානම් මම ඔබගෙන් සිදුවු අපහසුතාවය පිලිබද කනගාටු වෙමි. ලාංකීය සමාජයේ බහුතරයකගේ ( පහල හා මධ්‍යම පාන්තිකය ) අර්ථ දැක්වීම අනුව වල් කෙල්ලන් මෙලෙස හදුනාගනී. ස්වාධින තීරණ ගන්නා අනයගේ තිරණවලට හේතු සහිතව අභියෝගයට ලක්කරන්නා. ශරිරය සම්පුර්ණයෙන් ආවරණය කරන සාම්ප්‍රදායික ඇදුම් වෙනුවට තමාට පහසු විලි වැසෙන / නොවැසෙන ඇදුම් ප්‍රසිද්ධියේ අදින්නන් ( නිවස තුල අවුලක් නැත ) . තාමාට වංචාකරන කොල්ලන්ට කනේ පාර දී පාරට එලවා...

Monday, March 29, 2010

රටේ සභ්‍යත්වය , සාරධර්ම විනාශකරන සීගිරිය පොලවට සමතලා කිරීමට යයි

වංශේ කලින්දා රැම මහරජතුමාගේ යහන යටට රිංගා ගත්තේ පසුවදා උදෙන්ම රජතුමා කකුලෙන් හෝ අන් අවයවයකින් අල්ලා ගැනිමේ තිර අදිටනකි.තම අත්ලට අසුවු රෝමවලින් තොර සුකොමල පය මහරැජිනගේ විය යුතුයැයි වටහා ගැන්මට ඔහුට මහ වේලාවක් ගත නොවීය.බෙල්ලෙන් ඇද එලියට ගනු ලැබු ඔහු දුටුවේ තමා අල්ලාගත් පය මහරැජිනගේ නොව.අන් මානවිකාවකගේ බවය.පිරිපුන් කයක් සහිත ඇය යහනේ අන්පසින් බැසු මෙහෙසිය සමග නානකාමරයට වැදුනේ ඔහුව මහරජතුමා ගේ මිට මෙලවු අතේ පසු කරමිනි.ඒ සමග ඔහුට පසක්වුයේ මහරජතුමාගේ...

රටේ සභ්‍යත්වය , සාරධර්ම විනාශකරන සීගිරිය පොලවට සමතලා කරන වගනම්

වංශේ කලින්දා රැම මහරජතුමාගේ යහන යටට රිංගා ගත්තේ පසුවදා උදෙන්ම රජතුමා කකුලෙන් හෝ අන් අවයවයකින් අල්ලා ගැනිමේ තිර අදිටනකි.තම අත්ලට අසුවු රෝමවලින් තොර සුකොමල පය මහරැජිනගේ විය යුතුයැයි වටහා ගැන්මට ඔහුට මහ වේලාවක් ගත නොවීය.බෙල්ලෙන් ඇද එලියට ගනු ලැබු ඔහු දුටුවේ තමා අල්ලාගත් පය මහරැජිනගේ නොව.අන් මානවිකාවකගේ බවය.පිරිපුන් කයක් සහිත ඇය යහනේ අන්පසින් බැසු මෙහෙසිය සමග නානකාමරයට වැදුනේ ඔහුව මහරජතුමා ගේ මිට මෙලවු අතේ පසු කරමිනි.ඒ සමග ඔහුට පසක්වුයේ මහරජතුමාගේ...

Sunday, March 28, 2010

ලංකාව ගැන විදේශික මිතුරෙක්ගෙන් රෙකමදෝරුවක්

ලාංකියන් (ඒදා ceylon නාමයෙන් හදුන්වන සහ පාශ්වාත් නිදහස් සමයේ ) බටහිර සමාජයේ චිරාත් කාලයක් ප්‍රසිද්ධව සිටියේ අල්පෙජ්ජ( සරල ) ජිවිතයක් ගතකරන විනෝදකාමි මිත්‍රශ්‍රිලි ඒ වගේම ආඩම්බර ප්‍රෞඩ්‍ර ජනතාවක් ලෙසය. බහුතරයක් විදේශිකයෝ ලංකාවට පැමිණුනියේ ඒ ජනතාවත් , පරාදිසයක්වන් ශ්‍රි ලංකාවේ පරිසරයත් නිසාය නමුත් සුලුතරයක් විදේශිකයෝ ලංකාවේ වර්ණ සමැති කෙල්ලේක්ගේ කොල්ලෙක්ගේ පහස බලාපොරොත්තුවෙන් නොපැමිනණවාත් නොවේ. ඔවුන් ජර්මන් සහ ඔස්ට්‍රියානු ජාතික පෝසත් යුවලකි.අවුරුදු...

Friday, March 26, 2010

අලහකොන්(AKA Akon) වෙත ලියමි

අලහකොන් , ඉතින් කොහොමද සැප දුක් ?අපිනම් සුපුරුදු පරිදි අලයක් තම්බාගෙන කා වැඩක් බලගෙන ඉන්නවා.ඉතින් ඉතින් කොමද ඔබතුමාගේ ලංකා ගමන ? මම මේ ලියන්න හිතුවේ ඔබගේ වීසා අවසර දුන්නේ නැති වුණත් අපේ ලංකාව ගැන අහිතක් හිතන්න හොද නැති නිසයි. ලංකාව කියන්නේ මුතු ඇටයක් විතර චුට්ටන් රටක් අපේ සුනිල් පෙරේරා උන්නැහේ කියුවා වගේ අපේ රට ඔබලගේ බටහිර රටවලට වඩා සැහෙන්න දියුණුය.කොටින්ම ඔබලාට අවශ්‍ය ආධාර ලාබා දෙන්නේත් අපිනේ. ලක්වැසියෝ වනහි ඉතාමත් හික්වීමක් තියෙන ජාතියක්.කොටින්ම මේ ලගදි ප්‍රභාකරන් උන්නැහෙටත් අපේ වුන් හික්වෙන හැටි කියලා දුන්නා.විශ්වාෂ කරන්න ඕන් ඊට පස්සේ වචනයක්වත්...

Saturday, March 20, 2010

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ තමා බ්ලොග් එකේ ලියන්නේ.මේ දවස්වල කැම්පස් එක ප්‍රොජෙක්ට් සබ්මිසන් තිබ්බා.ඉතින් මාර කට්ටක් කැවේ.තාමත් අමාරුයි.එත් ඉතින් මොනවා කරන්නද ? බැද ගත්තනම් බේරේ ගහන්නත් එපැයි. ඉතින් මේ ගමන්ම මට ලියන්න හිතුනා. මට මගේ යාලුවන්(සම හරක්), එහෙම නැත්නම් වෙන කට්ටිය මුණට නොකිව්වත් වටින් ගොඩින් අගවන කාරණයක් ගැන. මම යන්නේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න තැනකට , ඉතින් එකින් කියන්නේ නැ මම සල්ලි කාරයෙක් කියලා එහෙම , මමත් ගමේ ඉස්කොලෙට ගිය ගමේ කොල්ලෙක් කැම්පස් යන්න බැරි උන හින්දා යන්තම් ලොන් එකක් ගහලා මේකට පැන්නා. ඉතින් මම කියපු යාලුවෝ(මමත් එක්ක දැන් ඉගෙන ගන්න කට්ටිය...

Saturday, February 13, 2010

ලංකාවට නුහුරු නුපුරුදු ඔලිම්පික් | Vancouver Olympic games 2010

ඔන්න ඉතින් 2010 සිසිර ඔලිම්පික් උලෙළත් ආරම්භ විය.ගිම්හාන(Summer) ඔලිම්පික් උලෙළට වඩා මෙහි සාමාජික රටවල් පිරිස අඩු වුණත් මෙම උත්සවය ඉතාමත් චමත්කාර ඒකක් බව මුලාශ සදහන් කරති.මෙවර විසි එක් වැනි සිසිර ඔලිම්පික් උලෙළ පැවැත්වන්නේ කැනඩාවේ වැන්කුවර් කියන ප්‍රදේශයේය. කවුරුහරි මේක බලන්න යනවානම් ඔබගේ අත්දැකීම අප සමග හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලා සිටමි. ලංකාවේ වෙසෙන අපිට සියසැන් මෙම අවස්ථා දැක ගත නොහැකි වූවත් විද්යුත් මාධ්‍ය භාවිතා කරලා නරඹන්න හැකිය. නමුත් අන්තර්ජාල...

Sunday, February 7, 2010

ආගම ! අලුත් ආගම පවුලකට කොඩිවිනයක් වූ හැටි ! අද පත්තරෙන්

අද රිවිර පුවත්පතේ (2010-04-07) පලවු ලිපියෙන් සදහන් වන්නේ ආගම් ප්‍රශ්නයක් නිසා පවුලකට සිදුවූ අභාගය සම්පන්න සිදු වීමක් ගැනයී. එහි සදහන් වන පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය. එක්තරා පවුලක් පියා එක් ආගමකුත් මව සහ දරුවනුත් තව ආගමක් අදහයි. මෙයට දිගු කාලයක් සිත් තැවුලෙන් පසු වන පියා තමාගේ පවුලටත් ගිණි තියා තාමාත් ගිනි තියගෙන සියදිවි නසාගනී. තව දුරටත් එම පියා තම දරුවන්ට සහ බිරිදට ඉතා ආදරයෙන් පසුවූ බවද පවසයි. මේ සිදුවීම පදනම් කරගෙන අද මම මාගේ මේ ලිපිය ලියන්න හිතුවා. පුවත්පතේ ලිපිකරු පවසන පරිදි එම පියා බෞද්ධයකු බවත් මව යම් මූලධර්මවාදී ආගමක් අදහන බවත් පවසයි.ඇත්තෙන්ම...

Saturday, February 6, 2010

සාමය සහ උතුර

මේ ලගදී අපේ යාලුවෙක් යාපනේ ගියාලුනේ ඉතින් ආපු වෙලාවේ ඉදන් එයා කියුවේ යාපනේ මිනිස්සු දකුනේ මිනිසුන් කෙරෙහි දක්වන ඍන ආකල්පය සහ යාපනේ මිනිසුන්ගේ නිවාස යුද්ධයේ විපාක හැටියට විනාශ වෙලා තිබ්බ හැටියි. තවත් එයා කියුවා යාපනේ සහ වන්නි ප්‍රදේශයේ සියලුම ගස් වැල් කාලතුවක්කු උණ්ඩ හෝ මල්ටි බැරල් නිසා සම්පුර්ණයෙන් විනාශ වෙලා තියෙන හැටි.තව දෙයක් යාපනේ තරුණ පරම්පාරව යුද්ධය මධ්‍යයේ වුවාත් ඉතාමත් බුද්ධිමත් බව(ඉතාමත් හොදයි ) ඇත්තෙන්ම දැන් තමා හොදම කාලේ උතුරු පලතේ සංචාරය කරන්න.හැබැයි යුද්ධය පැවැති සමය හා සටන් වීරාම සමයේ යාපනේ නොවුනත් මන්නාරම (මුරුන්කන් ) හී සතී...

Sunday, January 31, 2010

ජීවිතය

මේ දවස් වල මම සැහෙන්න හිතනවා මම මේ ජීවතයේ ගත්ත එක තීරණයක් හරිද වැරදිද කියලා.කෝම නමුත් ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු අද්දවන්න බැනේ මොනවා කරන්නද බෙරේ බැද ගත්තනම් බෙර පද ගහන්නම එපයි ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද ?  සතුට , දුක ප්‍රශ්න වල එකතුවක් කියලා කියුවොත් මම හිතන්නේ හරි කියලා. ඇත්තටම අපි ජීවිතය විදිනවාද විදවනාවාද ? මම හිතන්නේ අපි හුගක් අය දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා සතුට කියලා දුක් විදමින් දුවන්නේ තවත් දුක් කන්දක් පස්සේ.මීට අවුරුදු...

Tuesday, January 26, 2010

මාගේ ඡන්දය !

ඔන්න හාපුරා කියලා ජීවිතයේ පලමුවතාවට අද තමා ඡන්දේ දැම්මේ. උදේ නැගිට්ට ගමන්ම ඉතින් හොදට නාගේන කොට කලිසමත් ගහගෙන ( මොකද ගෙදරින් බර බරේ සරම ඇදන් යන්න එපා කියලා මොකෝ හදිස්සියෙන් කඩන් වැටුනොත් එහෙම :) ) ඔන්න ඉතින් ඡන්ද මධ්‍යස්ථානය තිබ්බේ පන්සලක. ඉතින් උදේ පාන්දරම පන්සලට ගියා මම ඉතින් කොමත් අලියා වගේ මහතයිනේ කොට කලිසමත් ගහ ගත්තම සකල බුජං කොට කලිසම් වගේමයි. ඉතින් මුලින්ම හම්බ උන ගැනු ලමයා දැම්මේ මරු මුරුස් බැල්මක් මොනවා කරන්නද උපන් කැතනේ ! කොමෙන්...

Monday, January 25, 2010

ත්‍රිපිටකය සිංහලෙන්

අපේ හොද යාලුවෙක් වෙන තරිදු ත්‍රිපිටකය සිංහලෙන් ලියනවා ඇත්තටම හොද දෙයක් හොද දේවල් අපි අගේ කරන්න ඔනේනේ මෙන්න මෙතනින් ත්‍රිපිටකය බ්ලොග් එකට යන්න...

Saturday, January 23, 2010

විවාහය කියන්නේ කායික සම්බන්ධතා පැවිත්වීමට දෙන ලද තවත් එක් බලපත්‍රයක් ද !

මේ දවස්වල ඔන්ලයින් එන්නත් බැරි උනා හුගක් වැඩ තිබුනා අද තමා ටිකක් නිවඩු හම්බ උනේ.... ඉතින් මම පොඩ්ඩක් මූණ පොතේ රවුම් ගහද්දි මම මේක දැක්කා හිතුවා කට්ටියගේ අවධානය මේකට යොමු කරන්න මොකද මේක සැහෙන්න අද සමාජයට අනුකූලයි නේ........... ඇත්තෙන්ම මේ දෙපාර්ෂවයම කියන දේ සතයක් තියෙනවා නේද ? ඇත්තෙන්ම විවාහය කියන දෙය දෙස අපි සමාජීය හා සංස්කොතිකමය කෝණවලින් තොරව බැලුවාම එහි මුලික හරය වන්නේ නව පරම්පරවක් බෝ කිරීම නේද ? සාමාජීය සහ සංස්කෘතික බලපැම මත නව පරම්පරවක්...

Saturday, January 9, 2010

පත්තරේට ගිය බ්ලොග්

ඔන්න ඉතින් අපේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් පත්තරේට ගියලු කොච්චර සතුටුද ? අද දින බෙදා හරින-හෙට පල වීමට නියමිත ඉරිදා(10-01-2010)ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ ලිපි පල වෙලා තිබුනා. ඇත්තෙන්ම සැහෙන්න සතුටුයි ලංකාවේ පලවෙන ප්‍රධාන පුවත් පතක් අපේ බ්ලොග් අඩවි ගැන මෙලෙස සැලකිලිමත් වීම ගැන. මෙතන තියෙනවා ඒ බ්ලොග් අඩවි සහ ඒවායේ ලිපි ගැන අච්චාරු - මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි කැටපත් පවුර  ඒ වගත් මෙසේම විය… එළුවාගෙ සවුදම සිතූගේ සිතුවිලි  නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා… මනුසත් උයන   අපි නැග්ගොත් පුවක් ගහෙත්...

Friday, January 8, 2010

අරවානා ------ අ ර වා නා

අ ර වා නා මේ කුණුහරුපයක්නම් නෙමේ අපේ පොඩ්ඩා සහොදරයාට කලා වගේ මම අසභය දේවල් කතා කලා කියලා බොරුවට පැමිණිලි කරන්නනම් එපා හොදේ.අපේ සමහර කට්ටිය හිතන් ඉන්නේ සමාජයේ හැංගිලා කතා කරන දේවල් විවෘතව කතා කලාම එවා අසභයයි කියලා අහ් කතාව පොඩ්ඩක් වැරදි පැත්තට ගියා නේද කමක් නැ කියන්න ඔනේ දේ මම කියුවනේ මේ දවස්වල ටිකක් විතර මඤ්ඤං ගහලා ඉන්න හින්දා පරන අපාය සහය මිත්‍රයකුගේ ගෙදර ගියා.ඉතින් ආ ගිය දේවල් එහෙම කතා කරල මිත්‍රයා එයගේ නවතම සොයා ගැනීම මට පෙන්නුවා   ඒක මාලුවෙක් ඇත්තටම පොඩි කලේ අපි කොල්ලෝ හැමෝටම තිබ්බනේ මාලු උණ හැබැයි මූට තියෙන්න සල්ලි උණ අරවාන(...

Monday, January 4, 2010

ගුගල් එකෙන් ඇපල් කැඩීම

ඔන්න මම උදේ පාන්දර ගූගල් එකට යද්දි එක පාරටම ඇපල් ගෙඩියක් වැටුනනේ බැලින්නම් මෙන්න මේකයි වැඩේ .........අද කෙනෙක්ගේ උපන්දිනයක්ලු කවුද මේ ? "සැම ක්‍රියාවකට සමානවුත් ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාවක් ඇත"මෙන්න මේ වදන් පෙල අප දහස්වරක් නැවත නැවතත් කියවා ඇත.ඔව් නිව්ටන්ගේ තුන්වන නියමය අද වර්ෂ 2010 ජනවාරි හතර වෙනිදායි මම මේ කියන්න යන්නේ මීට හරියටම අවුරුදු 367 කට කලින් 1643 වෙච්ච සිදුවීමක් ගැනයි ඒ මහා විද්‍යනයකුගේ උපත සර් අයිසෙක් නිව්ටන් උපන්නේ...

Sunday, January 3, 2010

අහෝ මොවුන් නොදුටු බුදුගුණ...............| සංශෝධිත

මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය යම් ආගමකටවත්, සමාජ කොටසකටවත්, ජීවන රටාවකටවත් , එසේ නැත්නම් බුදුගුණ වර්ණානා කරන්නවත් ලියපු ලිපියක් නෙමේ කවුරු හරි මේ ලිපිය කියවලා කෝපයට හෝ හිත් තැවුලකට පත් වෙනාවානම් E පිලිබද මගේ කනකාටුව :) මෙන්න මේ පින්තුර ටික මට මුණපොතේ කල්මරණ කොට හම්බ උන පින්තුර වගයක් බලන්නකෝ මෙකේ ඉන්න සුරිපිනියන්(භාහිරින් පමණක්) කරන වැඩ............ මම මේ පින්තුර ටික නුසුදුසු හින්දා ඉවත් කලා ඒ වා බලන්න ඔනේ නම් මුලශ සටහන බලන්න ඒ පින්තුර ගැන විස්තර...

Friday, January 1, 2010

අනුරාධපුර යුගයෙන් එහා ගිය අපේම ශිෂ්ඨාචාරයක් | රාවණා !

මම හිතන්නේ කට්ටිය ඔක්කොම ඊයේ රුපවාහිනියේ (31-12-2009) ගිය අබා බලන්න ඇති... මටනම් ඉතින් බලන්න බැරි උනා හේතුව මෙතනට සම්බන්ධ නැති නිසා මම කියන්නේ නැ. මට ඊයේ අපේ තරිදු ලියපු " ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා " ලිපිය කියව්වාට පස්සේ කවදත් ඇගේ තියෙන ඉතිහාස උන පොඩ්ඩක් වැඩි උනා ඊයේ එලියට ගියත් මේ ගැන ටිකක් විතර කල්පනා කලා. මෙහෙම ඉන්නකොට රිවිර පත්තරේ ගිය ලිපියක් මතක් උනා. ඉතින් පොඩ්ඩක් හොයල බැලුවම එක ලිපියක් නෙමේ දෙකක්ම හම්බ උනා. ඉතින් ඇත්තටම අපිට අනුරාධපුරයෙන් එහා ගිය අතීතයක් තිබ්බද ? මීට ටික දවසකට කලින් ඇහුවනම් කියන්නේ එහෙම කියන්න බැ මොකද මහාවංශයේ...

නව වසරට සුබ පැතුම්

ඔන්න හාපුරා කියල නව වසරේ අපේ කට්ටියට සුබ පතනවාමේ නව වසරේ ඔබගේ සියලු පැතුම් ඉටුවේවායි මා හද පතුලෙන් පාර්ථනා කරනවාසුබ නව වසරක් ඔබ සැමටඒ වගේම මේ අපේ පුංචි දිවයිනේ සියලුම ජාතින් සතුටෙන් සමගියෙන් චිරාත් කාලයක් ජීවත් වෙන්න ඔනේ කියන අහිංසක බලාපොරොත්තුවත් තියෙ...