Friday, January 25, 2013

ලිංගික අතවරවලින් බේරෙන්න අපේ ඇයොන්ටත් පිහියා

ඉන්දියාව යනු විශාල ජනග්‍රහනයක් සිටින ඒ වගේම ලොව විශාලතම ප්‍රජාතන්තවාදී ජනරජයයි.පසුගිය මාස කිහිපය තුල ඉන්දියාව තුල ඉතා විශාල උද්ගෝෂණ රැල්ලක් ව්‍යාප්ත වුණා.මේකට මූලිකත්වය ගත්තේ බොහොම වෙලාවට විශ්වවිද්‍යාල තරුණ පිරිස්.මේ උද්ගෝෂණ පැවැත්තුවේ කිසිම දේෂණපාලනමය හේතුවකට නොවේ.ඔවුන්ගේ එකම ඉල්ලිම උනේ සාධාරණයයි.

Thursday, January 24, 2013

හලාල් , මුස්ලිම් සහ දේශප්‍රේමි සිංහලයා | Halal , Muslims and Patriotic Sinhaleese

හලාල් යනු කැප දෙය , මුස්ලිම් වර්ගයා ආරාබියෙන් ආවේද ඉන්දියාවෙන් ආවේද , සිංහලා දේශප්‍රේමිද ජාතිවාදිද ? පිලිතුරු නැති ප්‍රශ්ණ , කෙලවරක් නැති විසදුම් , ඒ අස්සේ ජීවිතය ලස්සනයිලු , ඔක්කොම සුජාතලු.හැබැයි මේ ඔක්කොම කුජීතයි.

මම හාලාල් යන්න ගැන පැහැදිලි නොකරන්නෙමි.නමුත් අද බොහොමයක් සිංහල තරුණ පරම්පරාවත් සඟරුවනත් හලාල් වර්ජනය කරමින් සිටිති.

Monday, January 21, 2013

ඉන්දියාවේ සංචාරේ - මා දුටු ගුවන් සේවිකාවෝ : P

ගුවන්සේවා ගැන කියනකොට මතක් වෙන්නේ මොනවත් නෙමේ ගුවන් සේවිකාවෝ ! මම ඉතින් එහෙම කිව්වොත් කවුරුවත් ඉතින් නෑ කියන එකක් නෑ කියලා හිතනවා.

Sunday, January 20, 2013

ඉන්දියාවේ සංචාරේ -මා ගිය ගුවන්තොටුපලවල්

ඔන්න මටත් ඉතින් ජොබ් එකක් කාරිය එහෙම සෙට් වෙලා රට රාජ්ජවල යන්න ලැබුනයි කියමුකෝ , මහ ලොකු රට රාජ්ජ කිව්වට ගියේ අල්ලපු රටට විතරයි.එකත් ඉතින් වැඩපොලෙන් යැව්වේ මට ඇති ආදරයකට නෙමේ , ඒ ගොල්ලන්ගේ වැඩ කරව ගන්න.

ඉතින් පහුගිය මාස හයට කිහිපසැරයක් මම එහාට මෙහාට ගිහින් තියෙනවා. හිතා ගන්නකෝ , දැන්නම් ඉතින් උදේ හවස ගෙදර යනවා වගේ පුරුදුයි.

Friday, January 18, 2013

ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්

ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක් ,
ආයිත් අවුරුදු ගානකට පස්සේ මගේම බ්ලොග් එක කියවද්දි......
මට දැනෙන්නේ එදා හිටිය මම කොච්චර වෙනස් වෙලාද කියලා.
අවුරුදු දෙකකට පස්සේ මගේම අතීතය බලන මම දකින්නේ ආගන්තුකයෙක්...
මේ අවුරුදු දෙක තුල මම ජීවිතේ මම හිතුවෙවත් නැති විදියට වෙනස් වුණා,
එදා තිබ්බ සරල , පිරිසිදු හිතුවිලි අද මා තුලින් ගිලිහෙලාද කියලා මට හිතෙනවා......
ජීවිතය සුන්දරයි , හැබැයි ඒ තුල වේදනාව , දුක , කුහකත්වය සැග වෙලා තියෙනවා.