මේ දවස්වල අපේ සමහර අය සැක පලකරනවා ප්රභාකරන් ප්රමුඛ දෙමලුන්යයි කියාගත් මිනීමරුවන්ට කරන්න බැරි වූ සටන මුස්ලිම්වරු ජිහාඩ් ප්රමුඛ කරන් කරගෙන යාවි කියලා. මම මේක කියුවේ කතාවට ආරම්භයක් ගැනීමට මිසක් මේක සනාථ කරන්නවත් එහෙම නැත්නම් මේක බොරුවක් කියලා කියන්නවත් නෙමේ.ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් සිංහල , දෙමල ,මුස්ලිම් වගේම මැලේ ,බර්ගර්,චීන , සින්ධු වගේ වෙනත් ජාතිනුත් ලංකාවේ ජීවත් වෙනවා.මේවායෙන් සමහර ජාතින්ට ශ්‍රී ලංකාව තුල වසර 2000 වැනි දිගු ඉතිහාසයක් තිබුණත් තවත් සමහරු මැත අතීතයේ ශ්‍රී ලංකාව සංක්‍රමණය වුණු අයයි.එයිනුත් මුස්ලිම් එහෙම නැත්නම් ඉස්ලාම් භක්තිකයන් සංක්‍රමනය වීම පිලිබද විවිධ මත තියෙනවා.සමහරු කියනවා මුස්ලිම්වරුන් ලංකාව පැමිණියේ ඉන්දියාවේ සිට වෙළදාම් සදහා කියලා තවත් අය කියනවා ඒ ගොල්ලෝ අරාබියෙන් පැවත එනවා කියලා.
මේ සම්බන්ධව මාගේ පියගේ මුස්ලිම් මිතුරෙක් සමග මා පැවති සංවාදය මම හිතනවා ඔබ සමග බෙදා ගැනීම වැදගත් කියලා.
ඔහුට අවුරුදු 68 ක් විතර වන විශ්‍රාමික විදුහල්පතිවරයෙක් දරුවන් 20 ගණනක් වන ඔහුගේ පවුලේ එක් පුතෙක් මුස්ලිම් පුජකයකුද වේ.භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසරවිය හැකි ඔහු සිංහල ගීත ඇසිමට ඉතාමත් ආසය.ඔහු පවසනා පරිදි ශ්‍රිලංකාවේ මුස්ලිම්වරුන් තුල ඇත්තේ 98 % සිංහල ලේය.ඔවුන් මුලින්ම ශ්‍රි ලංකාවට කැදවා ඇත්තේ කන්ද උඩරට රජුන් විසින්ය.ඒ රජුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහාය. එහිදි එලෙස පැමිණි ආරබී මුස්ලිම්වරුන්ට සිංහල කාන්තාවන් සරණපා දී ඇත. මෙලෙස නැවත නැවතත් සිංහල ජාතින් සමග මිශ්‍ර වීමේන් ඔවුන් විශ්වාෂ කරන පරිදි ඔවුන් තුල දුවන්නේද සිංහල ලේය.
ඔහුට අවුරුදු 68 ක් විතර වන විශ්‍රාමික විදුහල්පතිවරයෙක් දරුවන් 20 ගණනක් වන ඔහුගේ පවුලේ එක් පුතෙක් මුස්ලිම් පුජකයකුද වේ.භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසරවිය හැකි ඔහු සිංහල ගීත ඇසිමට ඉතාමත් ආසය.ඔහු පවසනා පරිදි ශ්‍රිලංකාවේ මුස්ලිම්වරුන් තුල ඇත්තේ 98 % සිංහල ලේය.ඔවුන් මුලින්ම ශ්‍රි ලංකාවට කැදවා ඇත්තේ කන්ද උඩරට රජුන් විසින්ය.ඒ රජුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහාය. එහිදි එලෙස පැමිණි ආරබී මුස්ලිම්වරුන්ට සිංහල කාන්තාවන් සරණපා දී ඇත. මෙලෙස නැවත නැවතත් සිංහල ජාතින් සමග මිශ්‍ර වීමේන් ඔවුන් විශ්වාෂ කරන පරිදි ඔවුන් තුල දුවන්නේද සිංහල ලේය.
ඊට අමතරව දකුණු ඉන්දියවේන් වෙළදාමේ ආ මුස්ලිම්වරුන්ද පසුව ශ්‍රී ලංකාවේ පදිංචි වී ඇත.පසුව මරක්කල මුස්ලිම් ආදී වශයෙන් වෙන් වෙන්ව ඔවුනොවුන් හදුන්වාගේන ඇත.
සැ.යු
මෙය මාගේ පෞද්ගලික අදහස නොව මුස්ලිම්වරයකු දැක්වු අදහස් සංශිප්තයක් ලෙස ගෙන හැර පෑම පමණය.
මෙය මාගේ පෞද්ගලික අදහස නොව මුස්ලිම්වරයකු දැක්වු අදහස් සංශිප්තයක් ලෙස ගෙන හැර පෑම පමණය.
Picture has taken form http://www.rootsweb.ancestry.com/~lkawgw/sri_la5.jpg
එසේ කලවම් නොවුන ලේ සහිත සිංහලයන්ද සිටින බව අමතක නොකල යුතුයි.
ReplyDeleteමුස්ලිම් ප්‍රජාව තුල ලOකාව තුල සම බවක් දක්නට නැත....එක් එක් ප්රදේසතුල මුස්ලිම්වරුන් එක් එක් ආකාර ගනී....ඇවතුම් පැවතුම්...සරීර ස්වබාවය අනුව ඔවුන් විවිධාකාරය...එක් මූලාශ්‍රයකින් පැවතෙන අයවලුන් වී නම් ඔවුන් සමරූපී අයවලුන් විය යුතුයි...ලOකාව ප්‍රධාන නාවික මාර්ගයක ආසන්නයෙන් පිහිටීමත් සOක්රමනිකයින්ට නවාතැන් ගැනීමේ පහසුකම තිබූ නිසාත් ලOකාවේ මුස්ලිම් මෙන්ම සිOහල ජනයාද ශුද්ධ වූ මූලාශ්‍රවලින් පැවත එන්නන් නොවේ....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඉන්දිගේ ප්‍රකාශයත් එක්ක මම එකගයි
ReplyDeleteහැබැයි එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා නේද ?
ReplyDeleteඅරාබි භාෂාව කථාකරන තාත්තගෙයි, සිංහල භාෂාව කථාකරන අම්මගෙයි දුව හෝ පුතා දෙමළ කථාකරනවා.
පුදුමයි !!!
අද බැලුවොත් කොළඹ අම්මල තාත්තල මොක්කු උනත් ,ඉOග්‍රීසි නැතිව චූ කරන්නත් බැරි අනාගත පරපුරක් ඉන්නවා...සමහරවිට ඒ කාලෙ ජාත්‍යන්තර බාසාව දෙමල වෙන්න ඇති...
ReplyDeleteමා දන්න තරමට ඉස්ලාම් ආගමේ හැටියට නම් මුස්ලිම් වරයෙකුට මුස්ලිම් හැර වෙනත් ජාතියක් තිබිය නොහැකියි. එනම් ලංකාවේ සිංහලයෙකුට වඩා ඔවුන් අරාබියේ ඉස්ලාම් භක්තිකයෙකුට පක්ෂපාතීවිය යුතුයි.
ReplyDeleteමා මේ ලඟදී ලෙබනනය ඉස්ලම් භක්තිකයින් විසින් ශුද්ධ වූ යුද්ධයක් කර අල්ලාගත් සැටි පිලිබඳ වාර්තාවක් බැලුවා. ඒ අනුව බලන විට මේක ඉතා පැහැදිලි දෙය මේකයි. ලංකාවේ ජනඝහනයෙන් 50% වඩා මුස්ලිම් වුවහොත් ඔවුන් කිසි විටකත් ශුද්ධ වූ යුද්ධයකට පසුබට වෙන්නේ නැහැ. මන්ද යත් ජිහාඩ් යනු අල්ලාගේ නියෝගයක් වීම නිසායි.
මචන් සම... නොසම කතාව සාපෙක්ෂයි.. සමහර මිනිසුන් ඉන්නවා ඔවුන් කිසිවෙකුට වෙනසක් පෙන්නනෙ නැහැ.. නමුත් සමහර දෙශ බක්කියො ටිකක් ඉන්නවා .. මෙ රටෙ සිංහල විතරක් රජ කරන්න ඔනෙ කියන හැගිමෙන්.. මට හිතෙනවා මෙ සිංහලුන් තමුන්ගෙ ජාතිය ඉතිහසයවත් හරියට දන්නෙ නැහැ කියලා..පොතක තිබුන පමණින් පිළිඅරගෙන.. මමත් කියවලා අරන් තියන දෙවල් අනුව මුස්ලින් අය වෙලදාම සදහා පැමිනි පිරිස් නමුත් මම හිතන්නෙ නැහැ වෙදකම පිනිස ආපු අය නිසායි මෙ අය මෙතන ස්ථානගත වුනෙ කියලා.. අපෙ ගමෙ අය ඉන්නවා මුස්ලිම් පිරිමි කෙනෙක් සිංහල ගැහැනු කෙනෙක් හා විවහ වී ඇති වුන පවුලක්.. එ වගෙම බෞද්ධ පිරිමි කෙනෙක් එක්ක කතොලික ගැහැනු කෙනෙක් විවහා වි ඇති වුන පවුලකුත්... මට තියන ලොකුම කණගාටුව.. තමයි විවහයෙන් පස්සෙ බෞද්ධ කෙනා කතොලික වුනා.. සිංහල ගැහැනු කෙනා මුස්ලිම් වුනා.. වැරැද්දක් වුනෙ කියලා හිතෙනවා.. සිංහල, බෞද්ධයි අඩුවෙනවට මමත් කැමති නැහැ.. මමත් මගෙ ජාතියට ආදරෙ කරන නිසා...
ReplyDeleteඕක ඉස්සෙල්ලාම හොයාගත්තේ කාල් ලෙන්ඩිස්ටනර් කියලා ඔස්ට්රීලියන් ජාතියකයෙක් එකදාස් නමසිය එකේදී. එයා කියන විදිහට, ඒ පොසිටිව්, බී පොසිටිව් සියලලටම වඩා වටිනා, උතුම් රුදිරයට කියන්නේ "සිංහල ලේ" කියලා. අපේ ආතට ලේ දෙන්න ගියවේලේත් දොස්තරයා බී නෙගරිව් කියලා බටහිර ලේ වර්ගයක් දෙන්න හැදුවා. අපි තගදාල හන්දියෙ නානගේ කොලුවගෙන් දුවන සිංහල ලේ අරගෙන දුන්නේ. දැන් ආතා යස අගේට දෙමලත් කතා කරනවා. මම හිතන්නේ ඒ අර ඉතුරු සීයට දෙකේන් වෙන්නැති.
ReplyDeleteindi
ReplyDeleteඑකගයි.සිංහල ජාතිය 100 ට 100 ක් ශුද්ධ යයි කියන්න බැ.මොකද විජය රජතුමාගේ ආගමනයත් සමග ස්වෙදේශිකයන් සමග මිශ්‍රව තමා අපේ ජාතිය ආරම්භ උනේ.ඉතින් අපි ඉන්දියානු වගේම ස්වදේශිය ජාතින්ගේ සම්භවය ලැබුවන්.
තර්ඩ් මෑන් ,indi
ReplyDeleteඑක තමයි.
මම හිතන්නේ දකුණු ඉන්දියාව කියන්නේ බහුතරයක් දෙමලනේ ඉතින් සමහරවිට දකුණු ඉන්දියාවෙන් ආව නිසා වෙන්න පුලුවන්.නැත්නම් කාලයක් අපිව පාලනය කරේ දකුණු ඉන්දියානු නායක්කාර් වංශිකයන් නිසා කිව්වත් වගේ කාලයකදී උඩරට රාජ්‍ය භාෂාව දෙමලද දන්නේ නැ.
AncientGlory
ReplyDeleteඔව් ඉතින් හැමොම බල තන්නැහැයිනේ.
කෝමත් ආගමේ නාමයෙන් ඕනැම දෙයක් කරන්න පුලුවන් මුස්ලිම් වගේම වෙන අයත් ඉන්නවානේ.
ඇත්තටම ජිහඩ් කියන්නේ අල්ලාගේ නියෝගයක්ද හොයලා බලන්න ඕනේ.
රවා
ReplyDeleteඔව් ඔය වගේ සිද්ධි තියෙනවා.මගේ බාප්පා සිංහල බොද්ධ හැබැයි බැදලා ඉන්නේ සිංහල ක්‍රිස්තියානි.දරුවන් ආගම් දෙකෙම පන්සලුත් යනවා පල්ලිත් යනවා. එත් ඉතින් සමහර අය බැන්දට පස්සේ ආගම වෙනස් කරන්න ඔනේ නේ.මගේ න්යාති සහොදරයෙක් බැන්දේ දෙමල කෙනෙක් හැබැයි වෙලාවට ඒ ගොල්ලෝ බෞද්ධ.එක හින්දා වැඩි අවුලක් උනේ නැ.
kolu
ReplyDeleteසින්හල ලේත් අර වගෙම රතු පාටද බන්ග් ?
මම හිතුවේ ජාතිය හින්දා වෙනස් පාටක් වෙන්න ඔනේ කියලා
This comment has been removed by the author.
ReplyDeleteකොලූගෙ කථාවෙ මට කියන්න ඕනා දේ ඔක්කොම තියනවා.
ReplyDeleteරටට ජාතියට ආදරය කිරීම වැරද්දක් නොවේ. ප්‍රශ්ණෙ වෙන්නෙ ඒ ආදරය නිසා, තව කොටසකට අනාදරයක් වීමට ඉඩ තිබීම නිසයි. හිට්ලරුත් රටට ජාතියට බොහොම ආදරය කරපු කෙනෙක්නෙ.
ගම- නගරය, ජාතිය, කුලය, පන්තිය, රට, ජාතිය මේ මොන විදිහට බෙදුනත් මේ කොටස් අතර සම්පත් බෙදීයාම සහ කොන් කිරීම, පහත් කොට සැලකීම වැනි සමාජ අසාධාරණකම් පරතරය වැඩි වුනොත්, නැවතත් භීෂණය ඇතිවීම නොවැලක්විය හැකියි. ඒක දෙමලද, ජිහාඩ්ද නැත්නම් ජේවීපීද , මං දන්නේ නෑ.
වසර තිහක පමණ සාපලත් යුද්ධ ( උතුරේ හෝ දකුණේ) වලට මැදිවී, බෝහෝ සම්පත් ජීවිත නැතිකර ගත් අපට, ඒවා වල තෝම්බුව සොයා එකිනෙකාට අගිලි දික්කර ගැනීමට වඩා වැදගත් වැඩ තිබිය යුතුයි. ඒ නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමයි. කොතරම් සුමටු(subtle) ලෙස පෙනුනද මේ ලිපියෙන් ඊට උදව්වෙන්නේ කොයි පැත්තටද යන්න ප්‍රශ්ණයක්?
Dappi Sira
ReplyDeleteකොහොමත් මහා සුළු කියලා හදුන්වන්න පුළුවන්නම් එතන ප්‍රශ්නනේ.
නායක්කාර් වංශික රජවරුන් පවත එන්නේ , ආන්ද්‍ර ප්‍රදේශයේ සිට මදුරා පුරයට පැමිණි පරපුරකින්. ඔවුන්ගේ බස දෙමළ නොවේ තෙළිඟු. මදුරා පුරයේදී ඔවුන් දෙමළ බස ඉගෙනගෙන ඒ සංස්කෘතියට හුරුවෙන්න ඇති. මොවුන් ලංකාවේදී බුදු සසුන රකින බවට පොරොන්දුවී රජකමට පත් වුනා. ඔවුන්ට බෞද්ධ නොවී සිංහල සංස්කෘතිය නොපිළිගෙන මේ රටේ රජවීමේ හැකියාවක් තිබුනේ නැහැ. අප අතර බහුලව භාවිතාවන "අන්ඩර දෙමළ" යන වදන මෙම රජවරුන්ගේ පරපුර ආන්ද්‍ර ප්‍රදේශයෙන් පවත ඒම හා සම්බන්ධයක් තිබිය හැකියි.
ReplyDeleteඑබැවින්, ඒ කාලෙ රාජ්‍යය භාෂාව දෙමළ කියන එක පිළිගන්න බැහැ. එහෙමනං , නායක්කාර් වංශිකයන් මොකටද, බුදුදහම වැළඳගත්තෙ.
අනික, දෙමළ රාජ්‍යය භාෂාව වුනානම්, මේ වනවිට උඩරට සිංහලයන්ට දෙමළ බස හැසිරවීමේ හැකියාවක් තිබිය යුතුයි. නමුත් අපි දන්නා කරුණ නම්, සිංහලයන්ට දෙමළ බස ඉගෙන ගැනීම අන්බසක් ඉගෙන ගැනීමට වඩා අපහසු වී ඇතිබවයි.
අනෙක , උඩරට ගිවිසුම තිබෙන්නේ, සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් පමණයි.
එතකොට මුස්ලිම් ජනයා දෙමළ බස කතාකරන්නේ කොහොමද ?
පැහැදිලිවම ඔවුන්, දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි ජන කොට්ඨාසයක්. කලාතුරකින් අරාබි සම්භවයක් ඇති අය නැහැයි කියන්න බැහැ. නමුත්, එම අරාබි සම්භවයක් ඇතිඅය, දෙමළ බස කතාකරන්නන් සමඟ මිශ්‍රවීමෙන් අනතුරුව ඔවුන්ද දෙමළ බස කතාකරන්නන් වී ඇතිවා වියහැක. තවද, මෙරට දෙමළ බස කතාකරන ජනකොටසක් පැමිණීමට ප්‍රථමයෙන් අරාබි සම්භවයක් සහිත මුස්ලිම් ජනයා සුළුකොටසක් හෝ සිටියේනම්, ඔවුන් සිංහල ජනයා සමඟ මිශ්‍රවීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය වැළඳ ගත්තායැයි නිගමය කළ හැක.
තර්ඩ් මෑන්
ReplyDeleteඔව් මගේ පෞද්ගලික අදහස වන්නේ මේ ගොල්ලෝ දකුණු ඉන්දියාවේන් සංක්‍රමණය වුණු බවයි.අහ් අන්ඩර දෙමල ගැන තරිදුත් ලිපියක් ලියලා තිබ්බා වගේ මතකයි.
හැබැයි ලංකාව පිලිබද අරාබින් දැන හිටිබව සින්බැඩ්ගේ කතාවෙන් ඔප්පු වෙනවා.සමහරවිට නැව් වලින් වෙලදාමේ ආපු කට්ටියත් මෙහේ පදිංචි වෙන්න ඇති.පස්සේ ඉන්දියානු මුස්ලිම්වරුන් සමග මිශ්‍ර වෙන්න ඇති.
තර්ඩ් මෑන්
ReplyDeleteතව දෙයක් ,මම අහල තියෙන්න හැටියට 1815 දී ඉන්ගිසින්ට ලංකාව පවරා දුන්න උඩරට ගිවිසුමේ සමහර සිංහල රදලයන්ගේ අත්සන් සිංහල සහ දමිල අකුරුවලින් සැදි තියෙනවා.මම හරියටම කියන්න දන්නේ නැ.හොයලා බලන්න ඔනේ.