Sunday, April 25, 2010

[තහනම් කතා -.Taboo Talks] මියුලැසිය................. [18+]

මට මේ ගැන ලියන්න හිතුනේ අද බස් එකේ යද්දි මැදිවියේ සිටින ගැහැණුන් දෙදෙනෙක්ගේ කතාවක් ඇහිලා. අනුන්ගේ කතාවලට හොරෙන් කන් දෙන එක වැරදියි තමා.නමුත් ඉතින් ස්පිකරේ වගේ උන්හිටි තැන් අමතක කතාකරන අය හින්දා ඉතින් එහෙම වෙනවා තමා.සිද්ධිය සිදු වුනේ බම්බා - කොල්ලුපිටිය හරියේ.මම ගියේ ඒ සී බස් එකක.ඉතින් බස් එකේ සෙනග වැඩිය නැ.බම්බා හරියෙන් ටිකක් බටහිර මොස්තරයට ඇද ගත්ත තරුනියක් ගොඩ වුනා.ඉතින් අපේ කතාකාරියන් දෙදෙනාගේ සිවුකන්(ඇත්තෙන්ම බස් එකේ පස්සේ හිටිය අපි ඔක්කොමටම ඇහුනා )මන්ත්‍රය වුනේ අර අලුතෙන් ගොඩ වුන තරුනිය නගර සොබිකාවක් බවයි - කෙලින්ම කියුවේ නැති උණත් වටින් ගොඩින් කතා වුනේ එක තමා.(මුන්ට පිස්සුද මන්දා ටිකක් විතර ඇග පේන්න ඇන්ද ගමන් මේ වගේ කියන්නේ.) ඉතින් ඕකේ සිංහල වචනේ කියන්න ඕනේ නැනේ.ඇත්තෙන්ම මම ඔය වචන ටික පිරිමියෙක්ගේ කටින් ඇහුවනම් පුදුම වෙන්නේ නැ.නමුත් ගැහැණියක් වෙලා තවත් ගැහැණියෙක්ට මෙහෙම කියන්න පුලුවන්ද ?

මම කලින් පොස්ට් එකක කියුවා වගේ අපේ කට්ටිය ගැහැණියක් කොටට ඇන්ද පලියට ඒ ගැනි හොද නැ.ඒ විතරක් නොමේ ලොකේ පැරණිම වෘත්තිය(job) එක වන මේක නැති නොවුනේ ඇයි ? ඒ කියන්නේ ඒ ජොබ් එකට ඉල්ලුම තිබ්බ හින්දානේ සැපයුම තියෙන්නේ.අනික ඔය ජොබ් එක කරන කට්ටිය බහුතරයක් කැමැත්තකින් කරනවා කියලා හිතන්න බැ.එක හින්දා අපී මීට වඩා මේ කාරණා කෙරෙහි සංවේදි වෙන්න ඔනේ.

මට මේ සමග අමරසිරි පිරිස් මහත්මයා ගායනය කරපු "ලදුනේ" ගීතය මතක් වෙනවා.

ළදුනේ - ළදුනේ
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ - ළදුනේ
දෙනෝ දහල් අත ගත්තද - සැමියකු නැති ළදුනේ
නැයෙක් නැකම් නොකියන - විදි සරණ ලදුනේ
තෙල් මල් ගෙන - දොත පුරා මුණි කුටියට - පියමං වන
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ - ළදුනේ
බුදූන් දැක නිවන් දකිමැයි දෙව් රම යන පාර අහන
ඔබද පටාචාරවකි - ඔබද කිසා ගොතිමියකි
පිරිමින්ගේ පාප කදට - දෝස විදින ළදුනේ
අදුරේ පව් කරන දනා - එළිය රවන ළදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ළදුනේ
කුහුබුවකුටවත් වරදක් නැති - වැරදි කාර ළදුනේ
සින්දුව ලියන ලද්දේ රන්බන්ඩා සෙනවිරත්න.
ගායනය අමරසිරි පීරිස්
සංගීතය ප්‍රේමසිරි කේමදාස.



අමරසිරි පීරිස් මහතාම මේ සිංදුව නිර්මාණය වුණ විදිය කියුවා.එකේ  විඩියෝ එක කා ගව හරි තියෙනවානම් ලින්ක් එක දාන්න.

5 comments:

  1. මේකද කියල බලන්න වීඩියෝ එක

    http://www.youtube.com/watch?v=Fq_kImxyMIU

    ReplyDelete
  2. උගත් කම අඩු මිනිස්සුන්ගෙ කටවල් අපට වහන්න අමාරුයි... ඒක නිසා ඇහුනෙ නෑ වගේ ඉමු... ඔය වගේ කතා ගනන් ගත්තොත් තමයි බාර ගත්තා වෙන්නෙ...

    ReplyDelete
  3. Raven
    අනේ බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. මධු වීරකෝන්

    උගත් කම විතරක් මදි බන්ග් මිනිසා බුද්ධිමත් සහ විචාරාත්මක වෙන්න ඔනේ.

    ReplyDelete
  5. මිනිස්සු උගත් බුද්ධිමත් වගේම එක තැන පල්වෙන තරමට සංස්තෘතිය කරගහගෙන් ඉන්නේ නැති අලුත් වෙන සංස්කෘතියක් පිලිගන්න තරමට විවෘත වෙන්න ‍ඕනේ

    ReplyDelete