Saturday, February 13, 2010

ලංකාවට නුහුරු නුපුරුදු ඔලිම්පික් | Vancouver Olympic games 2010


ඔන්න ඉතින් 2010 සිසිර ඔලිම්පික් උලෙළත් ආරම්භ විය.ගිම්හාන(Summer) ඔලිම්පික් උලෙළට වඩා මෙහි සාමාජික රටවල් පිරිස අඩු වුණත් මෙම උත්සවය ඉතාමත් චමත්කාර ඒකක් බව මුලාශ සදහන් කරති.මෙවර විසි එක් වැනි සිසිර ඔලිම්පික් උලෙළ පැවැත්වන්නේ කැනඩාවේ වැන්කුවර් කියන ප්‍රදේශයේය.

කවුරුහරි මේක බලන්න යනවානම් ඔබගේ අත්දැකීම අප සමග හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලා සිටමි.

ලංකාවේ වෙසෙන අපිට සියසැන් මෙම අවස්ථා දැක ගත නොහැකි වූවත් විද්යුත් මාධ්‍ය භාවිතා කරලා නරඹන්න හැකිය.

නමුත් අන්තර්ජාල නොමිලේ ලබාදෙන සජීවි දර්ශන සදහා අවස්ථාවනම් නොලැබී යා හැක.නමුත් ඔවුන්ගේ නිල අඩවියට ඇතුලත් කරන දර්ශනනම් අපට නැරඹිමට හැකියාව ඇත.


නිල වෙබ් අඩවිය


http://www.vancouver2010.com/

නිල මුණපොත පාඨක පිටුව

http://www.facebook.com/olympics

ට්විටර් පිටුව
 
http://twitter.com/2010tweets

Sunday, February 7, 2010

ආගම ! අලුත් ආගම පවුලකට කොඩිවිනයක් වූ හැටි ! අද පත්තරෙන්

අද රිවිර පුවත්පතේ (2010-04-07) පලවු ලිපියෙන් සදහන් වන්නේ ආගම් ප්‍රශ්නයක් නිසා පවුලකට සිදුවූ අභාගය සම්පන්න සිදු වීමක් ගැනයී.

එහි සදහන් වන පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.


එක්තරා පවුලක් පියා එක් ආගමකුත් මව සහ දරුවනුත් තව ආගමක් අදහයි. මෙයට දිගු කාලයක් සිත් තැවුලෙන් පසු වන පියා තමාගේ පවුලටත් ගිණි තියා තාමාත් ගිනි තියගෙන සියදිවි නසාගනී.

තව දුරටත් එම පියා තම දරුවන්ට සහ බිරිදට ඉතා ආදරයෙන් පසුවූ බවද පවසයි.

මේ සිදුවීම පදනම් කරගෙන අද මම මාගේ මේ ලිපිය ලියන්න හිතුවා.

පුවත්පතේ ලිපිකරු පවසන පරිදි එම පියා බෞද්ධයකු බවත් මව යම් මූලධර්මවාදී ආගමක් අදහන බවත් පවසයි.ඇත්තෙන්ම මට මේ ලිපියේ මුලධර්මවාදී යනුවෙන් අදහස් කර ඇත්තේ කුමක්දැයි යන්න නොවැටෙහේ

එය ශබ්ද කෝෂයේ විස්තර කරන්නේ මෙසේය

A usually religious movement or point of view characterized by a return to fundamental principles, by rigid adherence to those principles, and often by intolerance of other views and opposition to secularism..


නමුත් මෙහි සදහන්වන පරිදි බෞද්ධ පියා මූලධර්මවාදියකු නොවන අතර ජේසුව අදහන මව ඇතුලු අන් අය මුලධර්මවාදි වේ.සමහර විට මාගේ අබ ඇටයක් වැනි මොලයට මෙවැනි කරුණක් තෙරුම් ගත නොහැකි වෙනවා ඇත.සමහර විට මෙහි මවගේ සහ පියාගේ ආගම් මාරු වී ඇත්නම් මෙය මිට වඩා වෙනස් කතාවක් ලෙස රිවිරේ ලියවනවා ඇත.

මේ ලිපියේම සදහන්වන පරිදි පියා තම පවුලෙහි අන්‍ය ආගම පිලිබදව දැඩිලෙස විරෝධය පලකරන අතර ඉතාමත් අසහනයෙන් පසුවී ඇත.


මේ අනුව මම මුලධර්මවාදින් යනු කවරෙක්ද යන්න තීරණය කීරීමට ඔබට බාර දෙමී.

ඇත්තෙන්ම අද සමහර පවුල්වල මේ ආගම් ප්‍රශ්නය ඔඩු දුවා ඇත්තේ පිලිලයක් මෙනි.


මෙයට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ අපේ රටේ ප්‍රජාවගේ තමාගේ අගම පිලිබද ඇති අධි තක්සේරුවත් , අන් අයගේ අදහස් පිලිගැනිමට තබා ඇසීමටත් ඇති අකමැත්තය.

විශේයෙන්ම බෞද්ධයකු වශයේ මා අත්දැක ඇත්තේ තමා හොද බෞද්ධයයි කියා ගනිමින් අන්ධ විශ්වාෂ මත කොවිල්වල ,දේවාලවල එසේ නැත්නම් පල්ලිවල ආතක් පාතක් නැතිව එහේ මෙහේ දුවන (අ )බෞද්ධයෝය.මෙයට ප්‍රධාන හේතුව වන්නේ සමාජයේ පැවැති පන්සල සමග සම්බන්ධය බිද වැටීමය එසෙත් නැත්නම් මිනිසුන් BZ වීමය.

බොද්ධ දර්ශනය ආගමක් ලෙස නොව දර්ශනයක්, ජීවිත පිලිවෙතක් ලෙස ඕනැම ආගමක කෙනෙකුට පාවිච්චි කල හැක.එය මගේ විශ්වාශයයි ඒ වගේම බුදුරජානන්වහන්සේ දේශනා කර ඇත්තේ බෞද්ධයකු තුල තිබිය යුත්තේ භක්තිය නොව ශුද්ධාව යන්නයි

අන් ආගම් මුලික වූ සමාජවලද මේ කාරනය අඩු වැඩියෙන් ඇති බව මට විශ්වාෂයි


නමුත් අද මේ (අ )සිංහල රටේ බහුතරයක් වූ (අ )බෞද්ධයන්ට වෙන දේවල් පිලිබද සලකා බලන කල මට පෙන්නේ දුක් විදින අපේ අනාගතයයි.

Saturday, February 6, 2010

සාමය සහ උතුර

මේ ලගදී අපේ යාලුවෙක් යාපනේ ගියාලුනේ ඉතින් ආපු වෙලාවේ ඉදන් එයා කියුවේ යාපනේ මිනිස්සු දකුනේ මිනිසුන් කෙරෙහි දක්වන ඍන ආකල්පය සහ යාපනේ මිනිසුන්ගේ නිවාස යුද්ධයේ විපාක හැටියට විනාශ වෙලා තිබ්බ හැටියි.




තවත් එයා කියුවා යාපනේ සහ වන්නි ප්‍රදේශයේ සියලුම ගස් වැල් කාලතුවක්කු උණ්ඩ හෝ මල්ටි බැරල් නිසා සම්පුර්ණයෙන් විනාශ වෙලා තියෙන හැටි.තව දෙයක් යාපනේ තරුණ පරම්පාරව යුද්ධය මධ්‍යයේ වුවාත් ඉතාමත් බුද්ධිමත් බව(ඉතාමත් හොදයි )


ඇත්තෙන්ම දැන් තමා හොදම කාලේ උතුරු පලතේ සංචාරය කරන්න.හැබැයි යුද්ධය පැවැති සමය හා සටන් වීරාම සමයේ යාපනේ නොවුනත් මන්නාරම (මුරුන්කන් ) හී සතී කීපයක් ගත කල නිසා මම කැමතියි මේ සම්බන්ධව මගේ අදහස් කීපයක් කියන්න.


අද කට්ටිය යාපනේ යන්නේ නිකම් අපි සත්තුවත්තේ සතුන් බලන්න යනවා වගේ.පාර්ඩෝ එහෙම නැත්නම් සුපිරි වාහනවලින් ඒසී එකේ ගිහින් යාපනේන් බහින කොට යාපනේ මිනිසුන්ගේන් ඍන ප්‍රතිචාර ලැබෙන එක පුදුමයක්ද වැඩිය ඔනේ නැ කොලඹින්  ටිකක් දුර දකුනේ පලාතකට ගියොත් ඔය සමාන ප්‍රතිචාර දැක ගන්න පුලුවන්




1. උතුරේ මිනිසුන් අපේම මිනිසුන් ලෙස සලකන්න.ඒ වගේම ඔවුන්ට දකුනේ අපි ඔවුන්ට වඩා වෙනස් නොවන බව වැටෙහෙන පරිදි කටයුතු කරන්න
 
2.උතුරට යායුත්තේ විනොද වීම සදහා නෙමේ අපෙන් වෙන්වූ මිතුරන් සමග නැවත් එක් වීමටය


විනොද ගමන් යන කට්ටියට වෙන කොතෙකුත් තැන් ඇත


මම මන්නාරම විසූ සමය ඇත්තේන්ම ඉතාමත් විනොදකාමි සමයකි. පාරේ බස් එකේ  ගිහින් පොලිසියේ බංකර්වල මදුරුවෝ තල තලා ගත කරපු කාලය තුල අපේ මිනිසුන් වින්ද දුක මම දැක්කෙමි.




ඒ වගේම මන්නාරමේ මිනිසුන් අපේ සිංහල අයට දැක්වු ධනාත්මක ආකල්පයත් දැක්කෙමී.කොටි ත්‍රස්තයන් රජයේ පාලන ප්‍රදේශයේත් ඔවුන්ගේ ව්‍යාපර කරන හැටිත් මම දැක්කේමි. වෙලාවක වෙනම බ්ලොග් එකක ඒ ගැන මම දාන්නම්
 
යාපනේ කියන්නේ හාමුදාව මගින් ඉතා දිගු කලක් පාලණය වූ ප්‍රදෙශයක් ඉතින් ඔවුන්ටත් නිදහයේ ජීවිතය ගෙන යාමට ඉඩ දේන්න ඒ වගෙම ඔවුනුත් මනුශයන්ය