Sunday, January 3, 2010

අහෝ මොවුන් නොදුටු බුදුගුණ...............| සංශෝධිත

මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය යම් ආගමකටවත්, සමාජ කොටසකටවත්, ජීවන රටාවකටවත් , එසේ නැත්නම් බුදුගුණ වර්ණානා කරන්නවත් ලියපු ලිපියක් නෙමේ

කවුරු හරි මේ ලිපිය කියවලා කෝපයට හෝ හිත් තැවුලකට පත් වෙනාවානම් E පිලිබද මගේ කනකාටුව :)

මෙන්න මේ පින්තුර ටික මට මුණපොතේ කල්මරණ කොට හම්බ උන පින්තුර වගයක් බලන්නකෝ මෙකේ ඉන්න සුරිපිනියන්(භාහිරින් පමණක්) කරන වැඩ............

මම මේ පින්තුර ටික නුසුදුසු හින්දා ඉවත් කලා

ඒ වා බලන්න ඔනේ නම් මුලශ සටහන බලන්න

ඒ පින්තුර ගැන විස්තර කරනවානම් ඒවා යම් යම් පුද්සලයන් බුදු හාමුදුරුවන්ගේ මූර්තියක් යොදාගෙන අරන් තිබ්බ විකාර රූප ටිකක්.


ඇත්තෙන්ම එම පින්තුර යම් අකාරයක බුදුදහම පිලිබද දැනුමක් තිබ්බානම් ඔවුන් ගන්නේ නැ කියලයි මට හිතන්නේ


මට මේක බලද්දි පලමුව මේ ගැන කෝපයක් ඇති උනත් පස්සේ මේ ගැන අති උනේ මේ පුද්ගලයන් දැනුවත්ව හරි නොදැනුවත්ව කරන දේ අපි මොන මගුලට මල පැන ගන්නවාද කියන එකයි.මොකද බුදු දහම , බුදු හාමුදුරුවෝ ගැන ඒ භෞතිකව මනින්න බැනේ අනික අපි බුදුපිලිම වගේ සංකේතාත්මක දේවල්වලට පුජා කරනේ ඒ අසම සම බුදුරජානන්වහන්සේගේ ධර්මයට හා එතුමාට කරන ගරු බුහුමනක් මිසක් වෙන වෙන දේවල් බලා පොරොත්තුවෙන් නෙමේනෙ !( මම දන්නේ නැ මේ සම්බන්දව ඔබ මා සමග එකගද නැද්ද කියලා)

තව එක පින්තුරයක් ගැන මම කියන්න කැමතියි මේ පින්තුරය මට හම්බ උනේ ඩේලිනිව්ස් වෙබ් එකෙන් මෙකේ තියෙන්නෙ පිදුරංගල විහරේ තියෙන සැත්පෙන් බුදු පිලිමය




 බලන්න මේකෙට නිධන්හොරු කරලා තියෙන හානිය හුගක් ( බහුතරයක්) නිධන් හොරු බෞද්ධයන් එහේම නැත්නම් බොද්ධ චීවරධාරින් ඉතින් මේ ගොල්ලෝ කරන දේවල් එක බැලුවහම උඩ ඉන්න අබෞදධයන් ගැන මොකට ලත වෙනවාද ? අබොද්ධයන්ට ඒක නිකම්ම නිකම් තවත් පිලිමයක් විතරයි ..............

තව එකක් මම මේ පොටොස් ගත්ත මුනපොතේ පිටුවේ තිබ්බ විවීචේන පිලිබදවනම් ලැජ්ජ වෙනවා. එක තිබ්බ සමහර එවා බොද්ධයේක් කෙසෙවෙතත් ශිෂ්ඨ සමජයේ සත්වයේක් වශයෙන් වෙන පුද්ගලයෙක්ට අපහාස කිරිම සදහා භවිතා කලයුතුද යන්න නැවතත් සිතා බැලිය යුතුය..

අවසානයේ බලන්න මේ පින්තුරයත්






එක් රුපයකින් වචන දහසකින්වත් කිව නොහැකි අදහසක් පෙන්වන්න පුලුවන්

මුලාශ
මුණපොත

Save The Buddhism For the Future


ඩේලිනිව්ස් වෙබ්

පිදුරංගල

ලක්බිම වෙබ්

සමාධි බුද්ධ ප්‍රතිමාව

අසංශෝධිත සටහන

ඇමුනුම



පසු සටහන








මට මේ බ්ලොග් සටහනෙන් පවසන්න ඔන වුනේ අපි මේ දෙවල්වලට හැගිම්වලට වහල් නොවි කටයුතු කල යුතුය කියන එකයි







නමුත් පසුව සැම් හා තරිදුගේ තර්ක විතර්කවලට ක්න් දිමෙන් ඇත්තටම මම කර ඇත්තේ මා නොකල යුතු දෙයම බව මට අවබෝධ වුයෙමි







ස්තුතියි

15 comments:

  1. ඔන්න වයසක චීන ගොවියො දෙන්නෙක් දවසෙ වැඩ ඉවර වෙලා ගෙදර යනකොට පාර අයීනෙ තිබුනු ජාරා ගොඩක් උඩට කලුවරේම අඩිය තියාපි. එක්කෙනෙක් අනේ අපොයී කියලා කානුවට බැහල කකුල හොදා ගත්තට අනිත් ගොවියාට හොදටම තරහයී. කවුද මේ දහ ජරා වැඩෙ කෙරුවේ. බලපන් මේ අසික්කිත වැඩේ. ඔහොම හිටපන් මේක හැමොටම පෙන්නන්න ඕනි, කියලා උන්දෑ ජාර ගොඩත් එක්කම ගමට ගිහිල්ල හැමෝටම ජර ගොඩ පෙන්නනවා.අපරාදෙ ගැන දෙසනවා. ඒක් දැකලා කොල්ලෙක් කියනවා, එක පොලේ ජරාව සීයා හත්පොලටම යහමෙටම බෙදනවා වාගේයී කියලා.

    ReplyDelete
  2. @සෑම්

    මානව නිදහස කඩවීම් වගේ ඒවටත් අපි අනුගමනය කරන්න ඕන ඒ ප්‍රතිපත්තියද ? කකුල හෝදගෙන කට වහගෙන සිටීම ? එහෙම නැත්නම් බුදු දහම සම්භන්ද නිසා මේකට විතරක් කට වහගෙන ඉන්න ඕනෙද ?

    ReplyDelete
  3. @sam

    පට්ට කතාව. :)

    ReplyDelete
  4. යම් කිසි දෙයක් දැක එහි හොද නරක ගැන සමාජය හැකි පමණින් දැනුවත් කලයුතු අතර ඒ පිලිබද අදහස් දැක්වීමත් මනුෂයකු ලෙස කලයුතු ක්රිනයාවක් ලෙස මම සිතමි.....

    එසේ නැතුව චීනයේ පරිදි අසුචි පැගුන පලියට අසුචි දමන ලද්දා සෙවිමටවත් එසේ නැතුව තමාට අසුචි පැගුන බැවින් වෙන ඔනේ එකෙකුට අසුචි පැගුන දෙන් කට වසගෙන සිටිමෙන් වෙන අයෙකු එම අසුචි ගොඩේ වැටිමට අත හැරීම දැමු සුනඛයාට(එය සුනකයකුගේ ක්රිසයාවක්නම්) වඩා පහත් කිරියවක් බව මා විශ්වාෂ කරමි

    සම්ප්රෂදායික පැරන්නි ශ්රිා ලංකිකයා කලේ ඒ අශුචි එතනින් ඉවත් කිරීම මිස චින මිනිසුන් මෙන් පිස්සු නැටීම නොවය.අදත් ශ්රිර ලාංකිකයා අඩුම ගානේ ඒ මතට වැලි බිදක් දමා එය පැගිම වලක්වන්නේ එබැවිනි

    සමජයේ සිදුවෙන අසාධාරනයට විරුද්ධව නිහඩව අදහස් දැක්වීම(අපේ විශ්වවිදයාල ඇතැම් අය කරන අයුරින් නෙමේ) නොකලයුත්තක් නම්, එම නොකලයුතු ක්‍රියාව මිනිසත් කම නාමයේන් එය නැවත නැවතත් කල යුතුය
    එසේ කරන්නාට මගේ සහය හිමිවේ

    ReplyDelete
  5. තරිදූ, ඔය පිලිම අලංකාරයී. බලන්න ලස්සනයී. පිලිම වල නිරූපනය කල පුද්ගලයා ඊටත් වඩා අලංකාරයී. උන්නාසෙ කී ධර්මය ඒ ඔක්කොටම වඩා අලංකාරයී. ඔහේගේ පුරස්නෙට උත්තරේ උන්නාසෙම බොහෝම අලංකාරව කියලා තියනවා. එහෙමත් අලංකාරයක්. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා මමටත් අසූචී දැක්කහම කේන්ති යනවා. අසූචී ඉල්ලාගෙන ඇග පුරාම ගා ගන්නවා. අනිත් අයටත් පෙන්නනවා. අනිත් අයගෙත් ඇගේ ගානවා. මම එහෙම දේවල් අනන්තවක් කරලා තියනවා.

    වංගියකට උඩදී, ත්‍රිපිටකේ කක්කුස්සියට දාලා ගහලා දැම්මෝත් බෞධදයන් ඒ පිලිබදව කල යූත්තේ මක්කැයී කියලා, අජාන් බ්‍රහ්ම්මවන්සෝ හාමුදුරුවන්ගේන් අහපු වෙලාවක උන්නාසෙ කීවේ, හිරවෙච් බට සුද්ද කොරන්න පයීප බාස් කෙනෙකුට කතා කොරන්න කියලායී.

    වන්ගියකට උඩදී මේ වගේම කාරනයක් ගැන මම මෙතන අටුවාවක් ලීවා.

    ReplyDelete
  6. @සෑම්

    බුදුන්, දහම්, සඟුන් ගැන වැරදි කියවන අය, අපහාස කර්න අය නිවැරදි කරන්න උත්සාහ කරන්න කියල බුදුහාමුදුරුවො කියල තිබ්බ මට මතකයි. කොතනද කියල මතක නෑ. මම මේ හෝ ගාල හොයනව.

    නිවැරදි කරන්න උත්සාහ කිරීම සහ නීති පැනවීම කියන්නෙ දෙකක්. මට ඉරක් ගහල වෙන් කරන්න බෑ සීමාව. බෞද්ධයෙක් හැටියට මොනාද කරන්න පුලුවන් කියල තමන් තීරණය කරන්න ඕනෙ. තමන්ට පෑගුන බෙට්ට තියෙන තැන අනිත් උන්ට කිව්වොත් අඩුම තරමේ අනිත් මිනිස්සුවත් නොපාගා ඉඳීනෙ. ඒකට ඇඟ පුරාම ගා ගන්න ඕනෙ නෑ. එහෙම කරන්නෙ ගොන් කමට.

    ඔබතුමා ලියපු අටුවාවත්, ඒක ලියන්න හේතු උනු අටුවාවත් ඒවට ලියවුනු ටීකාත් මම කියෙව්ව. ඔබතුමා කියන හැම දේටම එකඟ නොවුනත් ලෝකය දිහා බලන විදියට මම ගරු කරනවා.

    ReplyDelete
  7. තරින්දු ට

    "නිවැරදි කරන්න උත්සාහ කිරීම සහ නීති පැනවීම කියන්නෙ දෙකක්. ........... බෞද්ධයෙක් හැටියට මොනාද කරන්න පුලුවන් කියල තමන් තීරණය කරන්න ඕනෙ. තමන්ට පෑගුන බෙට්ට තියෙන තැන අනිත් උන්ට කිව්වොත් අඩුම තරමේ අනිත් මිනිස්සුවත් නොපාගා ඉඳීනෙ. ඒකට ඇඟ පුරාම ගා ගන්න ඕනෙ නෑ. ............."

    ඇත්ත !

    ReplyDelete
  8. SAMට

    "ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා මමටත් අසූචී දැක්කහම කේන්ති යනවා. අසූචී ඉල්ලාගෙන ඇග පුරාම ගා ගන්නවා. අනිත් අයටත් පෙන්නනවා. අනිත් අයගෙත් ඇගේ ගානවා. මම එහෙම දේවල් අනන්තවක් කරලා තියනවා.
    "

    ඔබේ මේ අදහස මම තෙරුම් ගත හැක.

    මාගේ අදහස වන්නේ

    අප උත්සහ කලයුත්තේ මේ පිලිබද කතිකාවතක් ගොඩ නැංවීම මිසක් ඒ පිලිබද හැගිම්වලට වහල් වී ක්‍රියා කිරීම නොවේ නමුත් යම් දෙයක් කෙරෙහි අදහස් නොදැක්වීම මාගේ විධිය නොවේ.ඒ වගේම අන් අයව අපිව හැකි පමනින් දැනුවත් කලයුතුයි කියල මම හිතනවා

    ReplyDelete
  9. නෙදකින් මේ පට්ට බැල්ලියෝ....
    මට කියන්න වචන නෑ....


    බිඟුවා...!

    ReplyDelete
  10. @ තරිදු- මට නම් හිතෙන්නේ මේක බෙට්ටකට ආදේශ කර ගතිපු එක වැරදියි.. එතනයි අවුල් උනේ.
    මේක නිකංම නිකං පඩයක්..

    ඕනේ නම් වැසිකිලියකට නොයා හිතෙන තැනක ඔය වැඩේ කරලා හත් පොලේ නෙමෙයි, දහ පොලක හරි ගූ ගාගන්නත් පුළුවන්නේ... හෙ හේ....

    ReplyDelete
  11. මම හිතන්නේ තරිදු මේ රූප නැවත පල කෙලේ, මේ රූපවලින් බුදුන්ට අපහාසයක් වෙන්නේ නැතැයී කියලා යටි හිතින් දන්නා නිසා කියලායී. කියමුකො යාලුවෙක්ගේ, ගෑනු ලමයෙකුගේයී කියමුකෝ ඕන්, අපහාස වෙන රූපයක්, නාන කාමරේ රූපයක් කියමුකො ඕන්, හන්දියේ කඩේ ලග එල්ලලා තිබුනෝති අපි ඒක අරගෙන පත්තරේ දාන්නේ නැහැහේ. වෙබ් පිටුවල පල කොරන්නෙ නැහැනේ. ඕන් පුලුවන්නම් ඒ රූපෙත් ගලවාල කාරවත් නොකිය යන්නේ අපහාසෙට ප්‍රසිද්දියක් දෙන්නෙන් නැතිවයී.

    මමනම් හිතන්නේ තමන්ගේ අදහසට ගැලපෙන බුද්ධ වචනය හොයනවාට වඩා බුද්ධ වචනයට ගැලපෙන තමන්ගේ අදහස හොයන එක ලේසියි කියලායී. වතාවක් ගම්මු බුදුහාමුදුරුවන්ට අම්බානට අපහාසෙ දාලා දානෙත් දුන්නෙ නැති වෙලාවක උන්නාසෙ කීවේ, අනේ ආනන්ද අපහාස වලට බයේ ගම් දාලා යන්නේ කවුද, අපි මේ ගමේම ඉමු. ඕවා ඉබේටම ඇරිලා යයී කියලානේ. කොටින්ම කියනවානම් උන්නාසෙව මරන්න ගල් පෙරලපු වෙලාවෙවත් උන්නාසෙ අඩුම ගානේ පොලීසියටවත් කීවාද. තමගේ පාඩුවෙ තමන්ගේ ගමන ගියා මිසක. අනේ එහෙම ඉන්න හැකියාවක් අපිටත් තියනවාන් කොච්චර වාසනාවක්ද කියලා මට වෙලාවක හිතෙනවා.

    මට මතක හැටියට මේ පිටුවේ Solving Conflict හෝ Tolerance Explored යටතෙ අජාන් බ්‍රහ්ම්මවන්සො හාමුදුරුවෝ ඔය ගැන අලංකාරෙට කියලා තියනවා. හරියටම නම නම් මතක නැහැ. හැබැයී මොකක් ඇහුවත් අඩුවක් වෙන්නෙ නම් නැහැ.

    ඕන් වෙනත් අදහස් කීවේ තරගෙකටවත් වෙනම මොකකටවත් නොවෙයී, යාලු කමටයී. වැදගත් විදිහට විවිද අදහස් කියන්න හැමෝටම ඉඩ දීලා තිබීමනම් මසුරන්.

    ReplyDelete
  12. @සෑම්

    පලමුවෙනි ඡේදයයි දෙවනි ඡේදයේ පලවෙනි වාක්‍යයයි මට මේ ගැන නැවත වතාවක් හිතන්න අසරණ කරනවා. මට වැරදුනා කියල දැනුනොත් නිහතමානීව ඒක පිලිගන්න මම ලෑස්තියි. මට හිතෙන්නෙ මට ටිකක් වැරදුනා තමා කියල.

    ReplyDelete
  13. ම්හ් සැම්

    ඔබ කියන දේයේ ඇත්තක් තියෙනවා
    මෙලෙස පින්තුර දැමිමේන් සිදුවන්නේ අප නොපතනම දේමයි නේද !

    ඇත්තටම මේක උඩ බලාගෙන තමන්ටම කෙල ගහා ගැනීම ව්ගේ වැඩක්

    මම මට හැකි පමණින් මගේ සටහන සංශොධනය කරන්නම්

    ReplyDelete
  14. V, කාලාම සුත්ත්‍රෙ කියලා තියනවානේ අනුන් කී පලියට අහන්නේ නැතිව තමන්ම තේරුම් ගන්න ඕනෙයැයී කියලා. මම කී නිසා ඕන් කිසි දෙයක් පිලිගන්න එපා. මම කියලා දන්නා කජ්ජක් නැහැ. හිතෙන දේ තමයී කීවේ.

    ReplyDelete
  15. නැ මචං මම ඔය කාරනාව ගැන ටිකක් හිතුවා මට හිතුන එක දෙයක් තමා මේ පිංතුර දාන එකෙන් කරන්නේ අප නොකල යුතු දෙයක් නේද කියලා

    " .................. පුලුවන්නම් ඒ රූපෙත් ගලවාල කාරවත් නොකිය යන්නේ අපහාසෙට ප්‍රසිද්දියක් දෙන්නෙන් නැතිවයී..................."

    ඇත්තෙන්ම්ම මම මේ අදහසට එකග වෙනවා ඒකයි මම පිංතුර ටික ඉවත් කලේ එකෙන් මට කියන්න ඔන අදහසට හානි වෙන්නේ නැ.අනික මේ පින්තුර පල කිරීමේන් වෙන්නේ ඒ දෙයට පරස්පර විරොධි දෙයක් නේ


    අන්න ඒ දේ තෙරුම් ගත්ත හින්දයි මම මේ පින්තුර ඉවත් කලේ

    ReplyDelete