Wednesday, December 22, 2010

සමුගන්න දෙන්න මට අවසර

කාර්‍ය් බහුලතවය හා පෞද්ගලික හේතුන් මත බ්ලොග් ලිවිමෙන් ටික කාලයකට විශ්‍රාම ගන්න අදහස් කරනවා.


එහෙනම් පස්සේ හමුවෙමු.

Tuesday, November 23, 2010

නොදුටු සබද ........

හරියටම මසකට කලින් ඔබත් මේ මිහිතයේ ජිවන් වු තවත් එක් අයෙක්.


නමුත් ඔබගේ වෙන් විමත් සමග කල පරිත්‍යගයත් සමග ඔබ අමරණිය වුවා.

ඔබගේ නෙත් යුගලයෙන් අද මම සමග තවත් අයෙක් ලොව දකිනවා.

අපට ඔබ සමු නොවුනත් ඔබ අප තුල ජීවත් වෙනවා.
 
නොදැක්කත් ඔබ මගේ නෙතින් දකිමි ලොව මම දැන් ඔබේ නෙතින්,


සබද ඔබ අමරණියයි.............


Monday, October 18, 2010

අනේ සංසාරේ

අම්මෝ මාසයකට විතර පස්සේ ඔන්න ආයිත් ලිපියක් ලියන්න හිතුනා.මේ දවස් මහා එපා කරපුම දවස් ටිකක්.මමත් මාර විදියට කම්මැලි වෙලා.ඒ මදිවට ජම්බෝලේ වගේ මහත් වෙලා දැන් පිපෙරෙන්නත් ලගයි.එහෙම නොවී තියෙවී යයි වැඩක් නොකර තියෙනකොට.

පහුගිය දවස්වල මම ඉස්පිරිතාලෙත් නැවතිලා හිටියානේ. මන්දා ඒකෙන් මේකෙන් මම හිතා ගත්තා අයිත්නම් රජයේ ඉස්පිරිතාලවට යන්නේ නැ කියලා.මගේ නිකම්ම නිකම් මාසයක් කෑවා.අන්තිමට බලෙන් ටිකට් කාපාගෙන ගෙදර එන්න උනා.

ඒක හින්දා ඔන්න පෞද්ගලික ඉස්පිරිතාලයකට යන්නයි ගෙදර අයගේ කල්පනාව අයිත් ඔන්න ඊලග 21 ඇතුලත් වෙනවා.මේ පාරනම් ගෙයත් උගස් තියෙන්න වෙන එකනම් ෂුවර් ( ඒකයි මගේ ලැප්ටොප් එකයි විතරයි තාම උගස් නොකර තියෙන්නේ ).

ඉස්පිරිතාල කතාව ඉතින් වෙනම පොස්ට් එකකින් ලියන්නම්.හැබැයි ඉතින් එක දෙයක් ඉස්පිරිතාලේ හිටිය නර්ස් අක්කලා මතක් වෙනකොටත් දුකේ බෑ.
තාත්තාගෙනුත් බර බරේ බැ ජොබ් කට්ටක් හොයා ගන්න කියලා.මේ යන විදියටනම් තවත් උපාධියක් කරන්න වෙන පාටයි ජොබ් එකක් ගන්න.මන්දා මාර අප්සෙට් සීන් එක.එත් ඉතින් තව මාසයක් විතර ඉස්පිරිතාලේ ඉදලා ගෙදර ආවහම බලනවා.

කවුරු හරි යාලුවෙක් වැඩක් කියුවා ඒක මතක් කරගන්න ෆුල් ගේමක් දෙනවා තාම අමතකයි.කිව්ව එකාටත් මල පැනලා ඇත්තේ.අනේ සමාවෙන්න මචන්ග් පොඩ්ඩක් ආයිත් මතක් කරන්න.බලමු ඉතින් රාජ‍ය වෛද්‍ය සේවයෙයි , පෞද්ගලික වෛද්‍ය සේවයෙයි ගුණාත්මකතාවය.

එහෙනම් ඉතින් ලිපිය හමාර කරන්න වේලාව හරි.

එහෙනම් නැවත ටික කාලයකින් හම්බ වෙමු මගේ රෝහල් ජීවිතයේ ලිපි පෙලක් සමග(හුගක් දේවල් තියෙනවා ලියන්න ).

Friday, September 10, 2010

Eid Mubarak | රාමසාන් සුබ පැතුම්

අද ලොව පුරා වසන මුස්ලිම් බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී  දිනයක්. ඒ අද ඊඩ් (Eid ul-Fitr) දිනයයි.එනම් උපවාස සමයේ අවාසාන දිනයයි.
ඉතින් ඒ වෙනුවෙන් මම සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට  සුභ පතනවා.

Thursday, August 12, 2010

[කමු බොමු]කමුද බර්ගර් - රස හදුනන්ට පමණයි.

ලංකාවේ අපි දුප්පතාගේ කැම මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ කටපුරා "පාන්" කියලානේ.ඒ වගේ පිටරට(ඇමෙරිකාවේ තාමා වැඩියෙන්ම ) කියන්නේ "බර්ගර් " කියලා ලු. මොනවාද මේ බර්ගර් කියන්නේ සරල වශයෙන් කියුවොත් බර්ගර් කියන්නේ පාන් පෙති දෙකක් අතරට දාපු මස් කැල්ලක්.විශේෂයෙන් අද කාර්යබහුල සමාජයේ බර්ගර් එකක් තව තව විශේෂංග එකතු වෙල රස වෙලා තියෙනවා.ඉතින් මට හිතුනා අද බර්ගර් ගැන ලියන්න.මොකෝ ලංකාවේ අපිට රස ඔරිජිනල් බර්ගර් එකක් කන්න හම්බ වෙන්නේ කලාතුරකින් නිසා.

Wednesday, August 11, 2010

ළමා කාලයට මොහොතකට පිය නැගුවෙමි - නාර්නියා

මේ දවස්වල කියන්න තරම් වැඩකුත් නැති එකේ ඉතින් වැඩියෙන්ම කරන්නේ චිත්තරපටි බලන එක බයිස්කොප් සින්හලෙන් එකේ හුගක් චිත්තරපටි ඩවුන්ලෝඩ් කරලා බැලුවා.මේ ලගදී ගෝලයා දුන්න අපුරු චිත්තරපටියක් බැලුවා

Sunday, August 8, 2010

ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයට තේරිමට ඔබටත් වරම් ,පෙර සුදුසුකම් අවශය නැත. ,විදෙස් සංචාර

මෙතෙක් කොළඹ සුපිරි ක්‍රිඩකයන්ට පමණක් සිමා වී තිබු මේ අවස්ථාව ක්‍රිඩා අමාංතයාශය ප්‍රමුඛ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සාමන්‍ය ජනතාව වෙත ලබා දීමට තීරණය කර තිබේ.මින් පෙර මෙම අවස්ථාව ලබා දී තිබුණේ සුපිරි තරු පැලන්තියේ ක්‍රිඩකයන්ට පමණි.
 
මේ සදහා තව දුරටත් අදහස් දැක්වු මාරගස්ථ ප්‍රවාහනාධිකාරයේ වෙලාපත් සටහන්කරු මේ සදහා තෙරීම් පටි පාටියක් පවතින බවන් ඒ සදහා පවතින තේරිම් තරග මේ දිනවල පිටකොටුව බස්නැවතුමේ බෝ ගස අසල 120 බස් රථ නවතන මගී නැවතුමේ පවත්වන බව සදහන් කළේය.

Saturday, August 7, 2010

කාලෙකට පස්සේ නැවතත් ආවෙමි.

ඔන්න හුග කාලයක් නිහඩ වෙලා ඉදලා අයිත් බ්ලොග් අවකාශයට ආවා.පසු ගිය දවස්වල අධ්‍යාපන කටයුතුවලට "පලමු තැන" දීමට සිදුවීම නිසා බ්ලොග් ලියන්න බැරිවුණා.ඒ වගේම අතරින් පතර තමා බ්ලොග් කියෙව්වෙත්.

පසුගිය කාලය ගැන කිව්වොත් පසු ගිය අවුරුදු තුන ඇතුලට මාව පුද්ගලයෙක් වශයෙන් සැහෙන්න වෙනස් වුණා.සමාජයේ සම්මත හොද ගති ගුණ වගේම අසම්මත ගති ගුණ මේ කාලයේ ඇති නැති වෙලා ගියා.හෝව් හෝව් තාමත් පිස්සු හැදිලා වගේ කියව කියවගෙන යනවා නේද ?හුගක් කියන්න ලියන්න වගේම කියවන්නත් තියෙනවා.තව ජිවිත කාලයෙන් බාගයක්ම තියෙනවානේ බලමු එන හැටියට ජිවත් වෙන්න වාසනාවක් තිබුනොත් ඒවා හුවමාරු කරගමු බෙදා හදා ගමු.


ඒ වගේම මේ ලිපිය අපේ බ්ලොග් අවකාශයෙන් වගේම භෞතික ලෝකයෙන් සදහටම අපෙන් වෙන් වෙලා ගිය කුමුදුලාල් පින්තෝ මහතාට එතුමා අදහන දහම අනුව මරණයෙන් මතු උසස් තත්වයට පත්වේයායි පතමින් නිමා කරනවා.

Sunday, July 4, 2010

සිතන්නට යමක් !

අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ සිංහල දේශයේ වැසියන් සියලු දෙනාම සිංහලයන් කියලයි මා සිතන්නේ ආගම කුමක්වූවත් ඔවුන් සියල්ලම සිංහලයන්ය යන හැගිමෙන් කටයුතුකල යුතුය.එවිට මේ රට නගා සිටුවීමට පහසුයි.

වෛද්‍ය ෂභාන් අජ්මීර්

උපුටා ගැනීම රිවිර ජුලි මස සතර වන දින පලවු පුවතිකනි.

Tuesday, May 11, 2010

අනේ අපේ අම්මත් මල්ලිව ගගේ දැන්මානම් [සංවාදයට විවෘතයි]

මෙය ශ්‍රී ලංකාවේ අනාථ නිවාසල වෙසෙන අනාථ දරුවන්ගේ පටන් දුගී සියළු දරුවන්ගේ පැතුම විය හැක.මක් නිසාද යත් පසු ගිය දිනවල ලොව පුරා දැඩි අවධානයට ලක් වූ අමිල සදරුවන් දරුවාගේ සහෝදරයා හා නැගණියන් අද සිටින තත්ත්වය ඔවුන්ට හිනෙන්වත් හිතන්න බැරිය.අද ශ්‍රී ලංකාවේ අනාථ දරුවන් අනාථ නිවාසවල දුක් විදිද්දී විශේෂයෙන් මව්පිය සෙනහස අහිමිව තමා වැදු දෙමව්පියන්ට ශාප කරද්දී හා මව්පිය සෙනහස සපිරි ජීවිතයක් ඉල්ලා හුල්ලද්දී අමිල සදරුවන්ගේ සහෝදර සහෝදරියන්ට පමණක් අලුත් මවක් , අලුත් නිවසක් , අලුත් ඇදුම් ආදි මෙකි නොකී දේවල්වලට අමතරව ඉතාමත් හොද පාසලක් ලැබිමට හේතු වුයේ අමිලගේ ම්ව් තම දරුවා ගගට වීසී කිරිමය සහ  අමිල මිය යැමය.

කලක් කලුතරම මෘගයෝ පිරිසක් බාලිකා ලමා නිවාසයකට පැන අසරණියන් දුෂණය කල ආකාරය මතක ඇතියයි මම සිතමි.අමිල සදරුවන්ගේ සහෝදර සහොදරියන් වන් ජීවිතයක් අන් දරුවන්ට උරුම නැද්ද ? ඔවුන්ට එවැනි ජීවිතයක් උරුම වන්නේ එකෙකු ගගකට හෝ මුහදකට අතහැරිය විට පමණද ?

Monday, May 10, 2010

අම්මේ ! මම ඔබට ආදරෙයි

මේ ලියන්න යන්නේ ගෙවී ගිය මව්වරුන්ගේ දිනය සදහා පොස්ට් එකක් නෙමේ.ඒ කර හුගක් අය පොස්ට් ලියන්න ඇතිනේ.මම මේ ලියන්නේ මගේ ජීවිතේ සුවිශේෂි දිනයක් වෙන අද දවස මට උදාකරපු මගේ රත්තරන් අම්මාටයි.මේ ලිපියකින් අම්මාගේ ණය ගෙවන්න මට බැ.නමුත් මට මගේ හිතේ තියෙන දේ මුළු ලොකේටම කියන්න පුලුවන්.අම්මේ , මේ ලිපිය සමහර විට ඔයා කවමදාවත් කියවන්නේ නැති වේවි.සමහරවිට කියවාවි.

Sunday, May 9, 2010

[පොඩිහිටියන්ට තහනම් ]නිකරුනේ දඩුවම් විදින අපේ විවාභයකයෝ

මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.ඉතින් මේ කතාවේ කතා නායිකාව සහ නායකයා යන දෙනාම ශ්‍රී ලංකාවේ අකුරු හතරක බැංකු ජාලයකට සම්බන්ධයි.ඉතින් මේ දෙන්නා එකට වැඩ කරද්දී පලමු බැල්මෙන්ම ආදරයේ වැටුනා කියමුකෝ.අවුරුද්දක් විතර කී නොකි දේවල් කරලා දෙන්නාට ඊලග අවස්තාවට යන්න හිතුනා.ඒ කියන්නේ විවාහය.

Saturday, May 8, 2010

[කමුබොමු] සුදුළුණු පාන් - සුදුළුණු ගද අය නොබැලුවාට කම් නැත.

හුගක් අයට සුදුළුණු ගදයිනේ.මම දන්න ගැණු ලමයෙක් ඉන්නවා සුදුළුණු කියුවොත් පැත්ත පාලතේ නැ.කෝමත් ඉතින් එයා කුස්සියට යන්නේ නැති එක්කෙනෙක් ඒක හින්දා එච්චරම අවුලක් නෑ.මම මේ කියන්නේ යන්නේ අද අපේ රැ කැම පිලියෙල වුණ විදිය ගැන.

Monday, May 3, 2010

සිංහලයෙනි අවදි වෙව්, ජිවිතය පුදව් ( පුදන්න බැරිනම් ගනිව් )



සිංහලයෙනි තොපේ රට ජාතිය ආගම විනාශ කරන විජාතික කුමන්ත්‍රනයක් ලෙස එලෙඹෙන ජුනී මාසයේ කොලොම්පුරේ මහා සිද්ධියක් වීමට නියමිතය.මේ සදහා මහරජතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලෙන් සහයෝගය ලැබෙන බව පෙනී යයි.උපතින් බුද්ධාගම්කාරයන් වන තොප ආගම වෙනුවෙන් ඕන දෙයක් දෙන බව ප්‍රකටය එම නිසා ආගමේ නාමයෙන් මරපියව් , කොටපියව් , කපපියව්.මහරජතුමා කපා කොටා ඇබෙණියට වටහා දියව්.

කවදත් අපට වින කල පර ඉන්දියනුවන් මෙවරත් අපිට වින කරන්න එන පාටයි ගියවර රටේ ජාතියේ ආරක්ෂකයා සෝම හමුදුරුවන් අපවත්කල සතුටට ඉන්දියනු අල කන්නාට ( කට්ටිය කියන්නේ ෂාරුක් කියලාලූ ) බොම්බ දෙකක් දි එලවු එකට ප්‍රතිචාරයක් වශයෙන් මෙවර එම අල කන්නාට සපොර්ට් එකක් වශයෙන් කන්නෝ ප්‍රමුඛ ඔක්කොම වන්නෝ මෙවර ලංකාවට රොක් වෙන්න යයි.තොපිලගේ ගැනු පරිස්සම් කරගනින්.උන්ට වශියක් කර ඇත.ඒ නිසා උනුත් විජාතික කුමන්ත්‍රණකරුවන් විය හැක. .

මුලින්ම ඉන්දියනු වන්නෝගේ පිංතුර පොත් අස්සේ කොට්ටේ අස්සෙ තබාගෙන වන්දනාකරන තොපේ ගැණුන් , දරුවන් මරපියව් උන් දේශදෝහියන්ය ආගම් විරෝධින්ය සධාචාරවිරොධින්ය.මුවහත් කරවු තොපිලගේ කඩු කිනිසි වීසී කරවු තොපිලගේ අල ගෙඩිවන් මොල.


මෙතෙක් ජාතිදෝහියන් , ආගම්විරොධි කුමන්තරන කාරයන් සැලකු ආකාරයට මෙවරත් සලකව්. තහනම් කරව් ඉන්දියනු වන්නගේ(කන්නන්ගේ ) සැනකෙලි , ගහපියව් බොම්බ , කුඩු කරපන් රජතුමාගේ මාලිගව , කලින් සැරේ අලහකොන්ගේ යාලු ඔලුව(SIRASA ) ට කලා මෙන්.

ජැක්ලීස් නංගිට තේරුම් කරහන් සිංහල කාන්තාවන් යනු තලෙයිබානුවන් වැනි ශේෂ්ඨ තොපට උපත දෙන්නන් මිස. වන්නන්ගේ කෙලියන් නොවන බව.

මරපියව් , කොටපියව් , බොම්බ ගහපියව් , රට ජාතිය ආගම බේර ගනිව්




සිංහලයෙනි පිබිදෙව් තොපේ ඔල මොට්ටල ගති ගුණ පෙන්නව්

Sunday, May 2, 2010

පිටකොටුව ,පදික වේදිකාව,හා රට

මේ දවස්වල පිටකොටුවේ කඩ කඩලා මාර ටොක්ස් යන්නේ.ගමේ වගේම නගරේ අයත් ඔය ගැනමයි කතාව සමහර අය කියනවා හොදයි කියලා තව සමහර කියනවා නරකයි කියලා ඇත්තටම මේක නරකද එහෙම නැත්නම් හොදද ?

මම දකින විදියට මෙක ප්‍රධාන වශයෙන් රාමු දෙකක් තුල සිට නීරීක්ෂනය කල හැක.සුලුතර පදික වේදීකා වෙලෙන්දන්ගේ කෝණයෙන් බලන කල මේ සිදුවීම තුලින් ඔවුන්ට සිදුවූ අයහපත අතිවිශාලය.සුළු ලාභයක් තබාගේන අරුමෝසම් (මනි බඩු ) වල පටන් ඉතා විශාල වපසරියක් තුල විසිරී තිබු මෙමගින් ඉතා විශාල පුද්ගලයන් ප්‍රමාණයක් දිවි ගැට ගසා ගන්නා ලදී.

රට වැසියකුගේ එසේ නැත්නම් පදිකයකුගේ කෝණයෙන් බලන කල මා සිතන්නේ පදික වේදිකා තිබිය යුත්තේ පදිකයාට ආරක්ෂා සහිතව යැමට මිස වෙලදාම් කිරීමට නොවන බවය.

නමුත් දිනපතා පිටකොටුවේන් බස් එකට නගින්නෙකු වශයෙන් මම දකින්නේ බහුතරයක් පදික වෙලෙන්දෝ ඉතාමත් උත්සහවන්ත බවත් ක්‍රියාශ්‍රිලී බවත්ය.මේවැනි මානව සම්පතක් රටේ පදික වේදිකා මත්තෙහි නැසෙන්නට හැරිය යුතු නොවේ. ඔවුන්ගේ දක්ෂතා විධිමත් ලෙස ප්‍රයෝජනයට ගත හැකිනම් එයම අප වැනි රටකට ඉතාමත් වැදගත්ය.

පිංතුරය උපුටා ගන්නා ලද්දේ 

පිටකොටුව - Article of Townsman

Friday, April 30, 2010

මම දැන් ට්විටරේ

මමත් දැන් ට්විටරේට ජොයින් වුණා.
මම බලාපොරොත්තු වෙනවා කලවමේ පොස්ට් අනාගතයෙදී ට්විට් කරන්න.

ඉතින් කැමතියි ඔයගොල්ලොත් ට්විටරයේදී හමුවන්න.
මෙන්න මගේ ට්විටර් පිටුව

http://twitter.com/gaishara

- තායිලන්තේ සංචාරේ II - ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - II

කවුරුවත් ජීප් ටැක්සි වල ගිහින් තියෙනවාද ? තායිලන්තයේ චාන්දබුරිවල තියෙන්නේ ජීප් ටැක්සි.චාන්දබුරිවල තියෙන්නේ බැන්ග්කොක් වල ඉදන් පැය 5 - 6 ක් විතර දුරින්(බස් එකේ-මෙතන තියෙන බස් එකනම් පතාය යන එකක් .). බැන්ග්කොක්වල චානදබුරි යන්නේ අපේ රටේ ටුවරිස්ට්ලා අරන් යන ජාතියේ බස්. මේ බස් නිකම් ගුවන් යාන වගේ.කොන්දොස්තර සහයක් ඉන්නේ ගැණු කෙනෙක්.ගුවන් සේවිකාවන් අදින වේ කොට ඇදුමක් ඇදලා ඉන්නේ. ඇත්තෙන්ම සැහෙන්න පිලිවෙලයි.ටිකට් ගන්න වෙනම කවුන්ටර්ස් තියෙනවා.හුගක් වෙලවාට මේ කට්ටියට අපේ අවශ්‍යතාව කියුවම මේ ගොල්ලෝ අපිට උදව්කරවා ටිකට් එක ගන්න.බස් එකේදි කන්න බොන්න දේවල් හුගක් අඩුවට එලියෙදි ගන්න පුලුවන්.චිප්ස් , ශීතකල තේ වගේ දෙවල්.බස් එකදී අපිට චොකලට් සහ කොකාකෝලා දෙනවා.බහින්න ලං වෙලා මුහුණ පිහදා ගන්න හොට් ටවල්ස් එහෙමත් දෙනවා.ඇත්තෙන්ම ශ්‍රි ලංකාවේ නාගරාන්තර බස් සේවය මතක් වෙන්නේ මෙන්න මේ වෙලාවටයි.


ඉතින් අපි දවසක් ගියා චාන්දපුරීවල එහේ මැණික් විකුණන්නේ අපිට ටිකක් අමුතු විදියකට.මුලින්ම මිලදී ගන්නා ගිහින් තැරැව්කාර මධ්‍යස්ථානයකට අවශ්‍ය ගල්වර්ග වල නම් ලිස්ට් එක දෙනවා.ඊට පස්සේ ඒ තැරව්කාර මධ්‍යස්ථානයේ ඒ ගොල්න්ගේ දැන්වීම පුවරුවේ ඒ ක දානවා.එතකොට මැණික් විකුණන්නෝ ( මේ ගොල්ලොත් එක්තරා ආකාරයක තැරව්කාරයෝ ) තමන් ගාව තියෙන මැණික් ඉදිරිපත් කරනවා.

මේ ජංගම මැණික් ඉදිරිපත්කරනන් පස්සේ තියෙන්නෙත් ඉතාමත් දුක්බර කතාවක් , මේ ගොල්ලෝ ඉදිරිපත් කරන්නේ වෙන වෙලෙද්දෙක් දෙන මැණික් ඉතින් මේ ගොල්ලෝ විකුණන මැණික් අනුව තමා මේ ගොල්ලන්ට කොමිසන් එක හම්බ වෙන්නේ.මැනික් විකුණ ගන්න බැරි උනොත් ඉතින් සල්ලී නැ.මේ ව්‍යාපාරේ ඉන්නේ හුගක් ගැහුණු කට්ටිය.මම හිතන්නේ තායිලන්තයේ ස්ත්‍රි ප්‍රතිශතය හුගක් ඉහල ඇති.

ඊට පස්සේ මිලදිගන්නා ගෙන මැණික්වල තත්වය බලලා මිල කීනවා හුගක් වෙලාවට මෙහේ මැණික් ගලක් ගන්න ගානට එහේ මැණික් ලොට් එකක් ගන්නවා.ඊට පස්සේ තැරව්කාර මධ්‍යස්තානයේ ඉන්න වෙලද නියෝජිතයා ඒ මැණික් සහ මිල පැකට් එකක දාල සීල් කරලා විකුණුම්කරුට දෙනවා. ඊට පස්සේ විකුණුම්කරුවා ඒක ඔවුන්ගේ ප්‍රධාන වෙලෙන්දා ගාවට ගිහින් ඉදිරිපත් කරනවා(හුගක් වේලවාට කරන්නේ ගාන ටැලිපොන් කරලා කියන එක ) ඉතින් වෙලෙන්දා කැමතිනම් ගානට එක් තැරව්කාර මධ්‍යස්තානයෙන් මිලදී අරන් වෙනම තියාගන්නවා.මේ වගේ රුපියල් ලක්ෂ ගනන්වල වෙලදාම් වෙනවා. 

අහ් තව දෙයක් මිලදි ගන්නාට ( ඒ කියන්නේ අපිට ) කන්න බොන්න ඔක්කොම නොමිලේ.ඔනේ වෙලවාක අරක ඔනේ මේක ඔනේ කියුවාම ඕන දෙයක් දෙනවා.

තව කියුවොත් තැරව්කාර මධ්‍යස්තාන එක එක විදියට තියෙන්වා මේ පිංතුරේ තියෙනවා වගේ පදික වේදිකාවේ ඉදන් හොදට ඒ සී කරපු තැන් දක්වා.මේවයේ හුගක් වේලවාට සිය ගාණක් ඉන්නවා හැබැයි මම දැක්ක දෙයක් තමා කිසිම ආරක්ෂක භටයෙක් නැ.පොලිසියත් නැ.

ඔන්න ඔහොම පුරා දවස ගානේ අපි මිලදී ගන්නා මැණික් තැරව්කාර මධ්‍යස්ථානයේ එකතුවනවා.හවසට අපි මැණික්වල වටිනාකමට අමතරව තව කොමිසන් එකක් ඒ තැන්වලට ගෙවන්න ඔනේ.හුගක් වේලාවට සියයට දහයක් වගේ.ඔය ගාන එක එක තැන් අනුව වෙනස් වෙනවා.

ඔන්න ඔය අවස්ථාවේ මැණික් මිලදී ගන්නා හොද සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ.මොකද කියනවානම් මේ වේලවාට තමා ගත්ත ගල්ම ගත්තද නැද්ද කියන එක ඉතා වැදගත් වෙනවා.නැත්නම් වෙන ගල් දෙන්න පුලුවන්.හැබැයි එහෙම වෙනවා සැහෙන්න අඩුයි.


ඔන්න ඉතින් එක දවසක් ඉවරයි.ඊට පස්සේ එන්නේ රැ දවස .ඒක එක්තරා ආකාරයක ඉතාමත් විනොදශිලී අත්දැකීමක්.

ඒ ටික සහ තව විස්තර ඊලග ලිපියෙන්
මේ ජායාරුප මා විසින් ගත් ඒවා නොවේ.මා ගත් ඒවයේ මධ්‍යයේ තඩි වලසෙකු සිටින බැවින් ඒ වා මෙහි දැමීමේන් ඔබලා බිය වන බැවින් මා ඒවා මෙහි දැමීමෙන් වලකිමි.

Wednesday, April 28, 2010

මම වී මම ත්‍රස්තවාදියෙක් නොවේ. | My name is V and I'm not a terrorist

ඔන්න අද තමා මම My Name Is Khan බැලුවේ.උදෙන්ම බයිස්කෝප්  සිංහලෙන් අරන් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා.මුලින්ම අපේ පොතේ ගුරා ඇතුලු  දිනුෂ්ක උදාර ( රොකියා ),  වාසල සහ රොයිලි ප්‍රනාන්දු  ට මම ස්තුති කරන්න කැමතියි මේ වගේ දෙයක් කලාට.

ඇත්තෙන්ම මේ ෆිල්ම් එක ඔය ගොල්ලෝ ඔක්කොම බලන්න ඔනේ.කරන් ජොහාර් මහත්මයාගේ ඉතාමත් හොද කෘතියක්.තව දෙයක් මතක් කරන්න කැමතීයි අපේ රටේ මේ වගේ කාලයක් තිබුන බව දෙමල වචනයක් තියා ටිකක් කලු පුද්ගලයෙක් දැක්කත් අපේ සමහර අය මේ චිත්‍රපටියේ සිදුවූ දේම කල බව.තාමත් කරන්න උත්සහ කරන බව.

ජාතිය ආගම අයුධයක් කරගෙන සිටින අපේ සම+හරක් උද්දච්ච මිනිසුනි දැන්වත් ඔය කජු ඇටයක් වන් ඔලුවට හිතන්න දීපල්ලා.

Tuesday, April 27, 2010

ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - I

මේක මම ටික කාලයක් තිස්සේ ස්ටඩි කරන ඒරියා එකක්.මම මේ කියන්න යන්නේ මගේ තායිලන්ත සංචාරයේදි මම අත්දැකපු දෙයක් ගැනයි.තායිලන්තය කියන්නේ සංචාරක පුරවරයක් කියලා ඔය ගොල්ලෝ දන්නවානේ. තායිලන්තේ සංචාරක පුරවරයක්ම විතරක් නෙමේ වෙලද මංසන්ධියක් කියලාත් කියන්න පුලුවන්.මොකද හුගක් දෙවල් මේවායේ වෙලදාම් කරනවා.මට වෙලාවකට හිතෙනවා යුද්ධෙයි අපේ මිනිස්සුන්ගේ පිස්සු වැඩයි නැත්නම් මේ ඔක්කෝම ලංකාවට ලැබෙන්න තිබ්බ දෙවල් කියලා.

අහ් පොඩ්ඩක් පිට පැන්නා වගේ කමක් නැ. ඔය ගොල්ලෝ ඉතින් ලංකාවේ අපලවලට මුද්දක් හදා ගන්න කියාම ගල් කැල්ලක් එහෙම ගන්න වෙන්වානේ එවයේ ගාණ ටිකක් සැරයි නේද ? ඔය ගොල්ලෝ හිතන්නේ මේවා බහුතරයක් ලංකාවේන්ම නිපදවන අපේම මැණික් කියලාද ? ඔන්න එහනයි අපිට වැරදුනේ.අපෙ මැණික් ලෝකයේ තත්වයෙන් උසස්ම මැනික් ඒව සමහරක් විට ඒ මිලට අලෙවි කරන්නවත් බැ.

ඉතින් අපේ හුගක් අය කරනනේ (ඔක්කොම නෙම්) පිට රටවල්වලින් ගෙන්වන කසල මැණික් ( තේරි ඉවත් කරනු ලබන ඒවා ) නැවත අරන් ඒවයෙනුත් හොද ඒවා විතරක් තෝරලා ගන්න එක.තායිලන්තය ගැන කියුවොත් තායිලන්තයේ ප්‍රධාන(මම දන්න හැටියට ) මැනික් හුවමාරු මධ්‍යස්තාන 3 ක් තියෙනවා.බැන්ග්කොක් , චන්ද්‍රබුරි , කන්චන්බුරි.මේවා තමා අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධ පොට්.මේවාවලට ලංකාව වගේ ආසියතික රටවලිනුත් , යුරෝපීය රටවලිනුත් වෙලෙන්දෝ එනවා මැනික් මිලදී ගන්න වගේම විකුණන්න.ඉතින් මේ අවට මේ සෙනගට අවශ‍ය හොටෙල්, මොටෙල් , සුපර්මාර්කට්,ක්ලබ්ස් තව අනං මනං ඔක්කොම සපයලා තියෙනවා.

තායිලන්තයේ මැනික් විකිණිම සහ මිලදී ගැනීම පිලිබද මගේ අත්දැකීම ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.


Monday, April 26, 2010

මමත් සිංඩියක් දාන්නද ?

දැන් හැම හැම තැනම සිංඩිනේ බ්ලොග් එකට එක සිංඩිය ගානේ තියෙනවා .හැබැයි මොකක් හරි එකක පරහක් තියෙනවා.


මමත් මේ බැලුවේ මගේ බ්ලොග් එකට සිංඩියක් දාන්න කියලා ?



මොකද කට්ටියගේ අදහස ?

මුස්ලිම් මිතුරෙක් ඔවුන්ගේ වර්ගයාගේ ලංකාව තුල ආරම්භය පිලිබද කල ප්‍රකාශයක්

මේ දවස්වල අපේ සමහර අය සැක පලකරනවා ප්‍රභාකරන් ප්‍රමුඛ දෙමලුන්යයි කියාගත් මිනීමරුවන්ට කරන්න බැරි වූ සටන මුස්ලිම්වරු ජිහාඩ් ප්‍රමුඛ කරන් කරගෙන යාවි කියලා. මම මේක කියුවේ කතාවට ආරම්භයක් ගැනීමට මිසක් මේක සනාථ කරන්නවත් එහෙම නැත්නම් මේක බොරුවක් කියලා කියන්නවත් නෙමේ.ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් සිංහල , දෙමල ,මුස්ලිම් වගේම මැලේ ,බර්ගර්,චීන , සින්ධු වගේ වෙනත් ජාතිනුත් ලංකාවේ ජීවත් වෙනවා.මේවායෙන් සමහර ජාතින්ට ශ්‍රී ලංකාව තුල වසර 2000 වැනි දිගු ඉතිහාසයක් තිබුණත් තවත් සමහරු මැත අතීතයේ ශ්‍රී ලංකාව සංක්‍රමණය වුණු අයයි.එයිනුත් මුස්ලිම් එහෙම නැත්නම් ඉස්ලාම් භක්තිකයන් සංක්‍රමනය වීම පිලිබද විවිධ මත තියෙනවා.සමහරු කියනවා මුස්ලිම්වරුන් ලංකාව පැමිණියේ ඉන්දියාවේ සිට වෙළදාම් සදහා කියලා තවත් අය කියනවා ඒ ගොල්ලෝ අරාබියෙන් පැවත එනවා කියලා.

මේ සම්බන්ධව මාගේ පියගේ මුස්ලිම් මිතුරෙක් සමග මා පැවති සංවාදය මම හිතනවා ඔබ සමග බෙදා ගැනීම වැදගත් කියලා.

ඔහුට අවුරුදු 68 ක් විතර වන විශ්‍රාමික විදුහල්පතිවරයෙක් දරුවන් 20 ගණනක් වන ඔහුගේ පවුලේ එක් පුතෙක් මුස්ලිම් පුජකයකුද වේ.භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසරවිය හැකි ඔහු සිංහල ගීත ඇසිමට ඉතාමත් ආසය.ඔහු පවසනා පරිදි ශ්‍රිලංකාවේ මුස්ලිම්වරුන් තුල ඇත්තේ 98 % සිංහල ලේය.ඔවුන් මුලින්ම ශ්‍රි ලංකාවට කැදවා ඇත්තේ කන්ද උඩරට රජුන් විසින්ය.ඒ රජුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහාය. එහිදි එලෙස පැමිණි ආරබී මුස්ලිම්වරුන්ට සිංහල කාන්තාවන් සරණපා දී ඇත. මෙලෙස නැවත නැවතත් සිංහල ජාතින් සමග මිශ්‍ර වීමේන් ඔවුන් විශ්වාෂ කරන පරිදි ඔවුන් තුල දුවන්නේද සිංහල ලේය.

ඊට අමතරව දකුණු ඉන්දියවේන් වෙළදාමේ ආ මුස්ලිම්වරුන්ද පසුව ශ්‍රී ලංකාවේ පදිංචි වී ඇත.පසුව මරක්කල මුස්ලිම් ආදී වශයෙන් වෙන් වෙන්ව ඔවුනොවුන් හදුන්වාගේන ඇත.

සැ.යු
මෙය මාගේ පෞද්ගලික අදහස නොව මුස්ලිම්වරයකු දැක්වු අදහස් සංශිප්තයක් ලෙස ගෙන හැර පෑම පමණය.

Picture has taken form http://www.rootsweb.ancestry.com/~lkawgw/sri_la5.jpg

Sunday, April 25, 2010

[තහනම් කතා -.Taboo Talks] මියුලැසිය................. [18+]

මට මේ ගැන ලියන්න හිතුනේ අද බස් එකේ යද්දි මැදිවියේ සිටින ගැහැණුන් දෙදෙනෙක්ගේ කතාවක් ඇහිලා. අනුන්ගේ කතාවලට හොරෙන් කන් දෙන එක වැරදියි තමා.නමුත් ඉතින් ස්පිකරේ වගේ උන්හිටි තැන් අමතක කතාකරන අය හින්දා ඉතින් එහෙම වෙනවා තමා.සිද්ධිය සිදු වුනේ බම්බා - කොල්ලුපිටිය හරියේ.මම ගියේ ඒ සී බස් එකක.ඉතින් බස් එකේ සෙනග වැඩිය නැ.බම්බා හරියෙන් ටිකක් බටහිර මොස්තරයට ඇද ගත්ත තරුනියක් ගොඩ වුනා.ඉතින් අපේ කතාකාරියන් දෙදෙනාගේ සිවුකන්(ඇත්තෙන්ම බස් එකේ පස්සේ හිටිය අපි ඔක්කොමටම ඇහුනා )මන්ත්‍රය වුනේ අර අලුතෙන් ගොඩ වුන තරුනිය නගර සොබිකාවක් බවයි - කෙලින්ම කියුවේ නැති උණත් වටින් ගොඩින් කතා වුනේ එක තමා.(මුන්ට පිස්සුද මන්දා ටිකක් විතර ඇග පේන්න ඇන්ද ගමන් මේ වගේ කියන්නේ.) ඉතින් ඕකේ සිංහල වචනේ කියන්න ඕනේ නැනේ.ඇත්තෙන්ම මම ඔය වචන ටික පිරිමියෙක්ගේ කටින් ඇහුවනම් පුදුම වෙන්නේ නැ.නමුත් ගැහැණියක් වෙලා තවත් ගැහැණියෙක්ට මෙහෙම කියන්න පුලුවන්ද ?

මම කලින් පොස්ට් එකක කියුවා වගේ අපේ කට්ටිය ගැහැණියක් කොටට ඇන්ද පලියට ඒ ගැනි හොද නැ.ඒ විතරක් නොමේ ලොකේ පැරණිම වෘත්තිය(job) එක වන මේක නැති නොවුනේ ඇයි ? ඒ කියන්නේ ඒ ජොබ් එකට ඉල්ලුම තිබ්බ හින්දානේ සැපයුම තියෙන්නේ.අනික ඔය ජොබ් එක කරන කට්ටිය බහුතරයක් කැමැත්තකින් කරනවා කියලා හිතන්න බැ.එක හින්දා අපී මීට වඩා මේ කාරණා කෙරෙහි සංවේදි වෙන්න ඔනේ.

මට මේ සමග අමරසිරි පිරිස් මහත්මයා ගායනය කරපු "ලදුනේ" ගීතය මතක් වෙනවා.

ළදුනේ - ළදුනේ
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ - ළදුනේ
දෙනෝ දහල් අත ගත්තද - සැමියකු නැති ළදුනේ
නැයෙක් නැකම් නොකියන - විදි සරණ ලදුනේ
තෙල් මල් ගෙන - දොත පුරා මුණි කුටියට - පියමං වන
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ - ළදුනේ
බුදූන් දැක නිවන් දකිමැයි දෙව් රම යන පාර අහන
ඔබද පටාචාරවකි - ඔබද කිසා ගොතිමියකි
පිරිමින්ගේ පාප කදට - දෝස විදින ළදුනේ
අදුරේ පව් කරන දනා - එළිය රවන ළදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ළදුනේ
කුහුබුවකුටවත් වරදක් නැති - වැරදි කාර ළදුනේ
සින්දුව ලියන ලද්දේ රන්බන්ඩා සෙනවිරත්න.
ගායනය අමරසිරි පීරිස්
සංගීතය ප්‍රේමසිරි කේමදාස.



අමරසිරි පීරිස් මහතාම මේ සිංදුව නිර්මාණය වුණ විදිය කියුවා.එකේ  විඩියෝ එක කා ගව හරි තියෙනවානම් ලින්ක් එක දාන්න.

ලංකාවේ සිංඩි කුමණ්ත්‍රනය

මට අද උදේ ලාංකීය සිතුවිලි බලනකොට චතුරංග රූපසිංහ ලියපු "ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ " ලිපියට පිලිතුරක් ලෙස ලියපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ ඉන්දරේ සහෝදරයා ලියුව මේ ලිපිය "SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය " දැක්කා.

ඇත්තෙන්ම මම හිතන්නේ මේකනම් හොද ප්‍රවනතාවක් නෙම්.මොකෝලංකාවට ඉතාමත් වටිනා සේවයක් දෙන ඔය දෙගොල්ලොම එකිනෙකාට සාපෙක්ෂව තරගකරුවෝ.නමුත් එසේ වූ පලියට මේ වගේ අවස්ථා විශාල කාරණාවක් නොකර ගත යුතුයි කියන එකයි මගේ අදහස.

මොකෝ ඔබලාගේ ඔය වගේ ක්‍රියාකාරකම් කවදා හරි උඩු දුවලා දෙපැත්තටම පිලිලයක් වන්න පුලුවන්.මම පාර්ථනාකරනවා එසේ වන්න එපා කියලා.

තව දෙයක් මේ සම්බන්ධව දෙපසම වගකිවයුතු කට්ටිය මීට වඩා සැලකිලිමත් ලෙස කටයුතුකරයි කියලා හිතනවා.

Thursday, April 8, 2010

මම ආදරෙයි මුලු ලොවටත් වඩා.............

ඔන්න ඉතින් චන්දෙත් ඉවරයි. මම මේ ලියන්න යන්නේ චන්දේ ගැනවත් දේශපාලනය ගැනවත් නෙමේ.ආදරය ගැන. ආදරය මහ පුදුම දෙයක් නේද !

මේක ඔබ මා හොදට දන්න පුද්ගයෙක් ගැන.නම් වශයෙන් කියන්න ඔනේ නැ. ආදරය ගැන ලොකු ලොකු දාර්ශනිකයෝ විවිධ මත පලකරලා තියෙනවානේ. ඒ වගේම විවිධ සංකෘතින්වල ආදරය ගැන විවිධ ප්‍රබන්ධ වගේම සත්‍ය කතාවලුත් ගොඩක් තියෙනවා.රොමියෝ ජුලියට් ,ශා ජහන් සහ මුප්තාස්මහල් , ලයිලා මජ්නු , සාලිය අශෝක මාලා සහ තව ගොඩක් තියෙනවානේ. 
හැබැයි ඉතින් පොත්වල , නාට්‍යවල ආදරය මෙච්චර සුන්දර දෙයක් කියුවට ඇත්ත ජීවිතයේ මෙච්චරම සුන්දරද ? ඒක ඉතින් ආදරය කරන කට්ටියනම් කියන දේ දන්නේ නැ.නමුත් ආදරය නොකරන ( තාම තනිකඩ ) ඇත්තෝ කියාවී එක එක කතා(මෙතන කියුවොත් ගුටි කන්න වෙයිද).

අහ් මම මේ කියන්න ආපු දේ නෙම් නේ මේ කියවන්නේ.මම ඔයාල හොදට දන්න යාලුවෙකුට ආදර සිනූ හැඩවිලා.සැහෙන්න සතුටුයි නේද ! ඔන්න මම හින්ට් එකක් දෙන්නම් එයාත් බ්ලොග් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2009 දෙසැම්බර් මාසේ. .මම හිතන්නේ දැන් ඔයාල කවුද කියලා දන්නවා ඇති.

ඉතින් මම මගේ යාලුවාට සුභ පතනවා. ඔයාලත් අමතක නොකර සුභ පතන්න.

අහ් තව දෙයක් එයා මම ආස කරනම සිංදුවක් දාල තිබ්බා එයාගේ මුණ පොතේ.මම හිතනවා ඔයාලත් ආස වෙයි කියලා.

Darling this is how i feel about you

Wise men say only fools rush in
But I can't help falling in love with
you
Shall I stay
Would it be a sin
If I can't help falling in
love with you

Like a river flows surely to the sea
Darling so
it goes
Some things are meant to be
Take my hand, take my whole
life too
For I can't help falling i...n love with you

Like a
river flows surely to the sea
Darling so it goes
Some things are
meant to be
Take my hand, take my whole life too
For I can't help
falling in love with you
For I can't help falling in love with you

 





Friday, April 2, 2010

[Exclusive]ප්ර්භාකරන්ගේ රහසිගත ලිපිගොනුවක් ඇමෙරිකානු ප්රමමුඛ ඒකාබද්ධ විශේෂඥ්යි කණ්ඩායමක් සොයාගනී.

මියගිය LTTE නායක වේලුපිල්ලේ පිරුබාහරන්ට අයත් රහසිගත ලිපිගොනුවක් ඇමෙරිකාව ප්ර මුඛ ඒකාබද්ධ පරික්ෂණ කන්ඩායමක් විසින් මාස 3 දින 6 පැය 4 යි තත් 15 ක් තිස්සේ සිදුකරන ලද පරික්ෂණවල අතුරු ප්රඩතිපලයක් ලෙස මෙම සොයගැනිම කර ඇත.මේ සදහා මුලික වී ඇත්තේ පිරුබාහරන්ගේ අප්පච්චිගේ බිරිදගේ නැන්දම්මගේ ලෙලිගේ පුතගේ ගෝලයෙක් විසින් දෙන ලද තොරතුරුය. තව දුරටත් ඇදහස් දැක්වු එකාබද්ධ ප්රිකාශකයා පැවසුයේ පරික්ෂණ කණ්ඩායමේ ප්රිමුඛයා ඇමෙරිකාව වුවත් ඔවුන් මෙම පරික්ෂණය ඉදිරියට ගෙන යැමට හැකි වුයේ ශ්රිය ලාංකාවේ නිවැරැදි මග එලිකර භුමියට යැමට ඉඩ දුන් නිසා බවය.එම නිසා මෙම සොයා ගැනිමේ සම්පුර්ණ අයිතිය හිමිවිය යුත්තේ ලංකාවට මිස ඇමෙරිකාවට නොවන බවය.

තවදුරටත් ඔහු පැවසුයේ මිටර් අඩි 117 අගල්මිටර් 1562 කැන පිර්බකරන් විසින් තම මරණයෙන් පසුව පලකරන ලෙස ඉල්ලා සිටි ලිපියක් සොයා ගත් බවය. ප්රරජාතාන්තවාදය අගයන මානව නිදහස ( මානව අයිතිවාසිකම්නම් නෙමෙ OK ) මිනිසුන් සිටින රටක් ලෙස එම ඉල්ලිම තමා විසින් ඉටුකරන බවත්.පිරුබහරන්ගේ ලිපියේ පිටපතක සිංහල පරිවර්තනය මේ සමග නිදහස්කරන බවත්ය.

සකල ශ්‍රි ලංකාවාසි මාගේ යටහත් පහත් ජනතාවෙනි,
මේ කියවන අවස්ථාව වන විට මා අනිවාරියෙන්ම අපගේ ආගම්වල විස්තරවන පරිදි අපායට වී සිටිනවා ඇත. කලින් මාගෙන් ඉල්ලුම්කර ඇති පරිදි මාහට පැවරි ඇත්තේ ලංකාවෙන් අපායට විසා නොමැතිව පැමිණෙන්නහට සැලකීමය කොමත් මාගේ ප්‍රියතම රාජකාරිය එය වන බැවින් නීතිය අකුරටම ඉෂ්ඨ කරන බව සලකන්න.

මා අධ්‍යනය කල ඇති ආකරයට මේ කියවන මොහොත වන විට ශ්‍රි ලංකාව තුල පහත සිදුවිම් සිදු වී හමාරය.

  • මිනිසුන්ට යුද්ධයක් තබා අපේ දෙපසම කොල්ලෝ තම තමන්ගේ රටවල් වෙනුවෙන් මැරුණු බව අමතක වීම.
  • සිංහලයන් දිනුවාම යුධ ජයග්‍රහනය බෙදා ගැනිමට නොහැකිව ඔබලා පිල් බෙදි ඇන කොටා ගැනිම සිදු වූවත් අවසානයේදි ඇණ කොටා ගැනිමට සිදු වූ හේතුව අමතක විම.
  • රාවණාව පාව දුන් විභිෂණයා රාමාට සහ වදුරන්ට ලොකු වුවා මෙන් මා පාවා දුන් කරුණා සිංහලයාට ලොකු වීම ( කරුණා මලයා ඇති වෙන්න සිංහලාගේන් වැඩ ගනින් මොකෝ එකා මෝඩයා ).
  • මාගේ අසු කෙලක් වටින ධනය වාෂ්ප වීම. ( මා නම් එවා සමග අපායට චුත වුයේ නැ ඔන් හොදද ).
  • ලගදිම ලංකාව දෙකට හෝ තුනට බෙදිම ( මක්නිසාද යත් යුද්ධය දිනු සිංහලයා සිතන්නේ සිංහල දහම අනුව අන් ජාතින් ජීවත් වීය යුතුය ).
  • ලංකාව සමග අන්තර්ජාතින්ට කතා කිරිම සදහා තිබු දොරටු වසා අපේ සදාන් හුසෙන් අයියගේ න්‍යායට අවතිර්ණ වීම.
එහෙනම් අපි අපායෙදි සෙට් වෙමු. මතක් ඇතුව තල් රා මුට්ටියකුත් අරන් එන්න හොදේ.

Wednesday, March 31, 2010

[කමු බොමු]ඉතාමත් රහ දුරියන් | Only for Durian lovers

ඊයේ හවස මට ඉතින් දුරියන් ගෙඩි 3 ක් හම්බ උණා. ඉතින් බලන් ඉන්නේ නැතුව මව්තුමියයි මමයි පියතුමයි දුන්නා වැඩේ ගෙඩි දෙකකටම. අපේ ගෙදර ඉන්න හතර දෙනාගේන් නංගිට දුරියන් පෙන්වන්න බැ. නිකම් ගැරඩියාට ( කොමත් ඉතින් ගැරඩියෙක්ම තමා : ) ) භුමි තෙල් වගේ.

ඉතින් මම කියන්නේ අපේ කමු බොමු බ්ලොග් එකට අදාල ලිපියක්.
 
මම ඉතින් තායිලන්තය සංචාරය කරපු අවස්තාවක තාම ඇති වෙන්න දුරියන් කැවේ , කැවා කිව්වට කැව විතරක්ම නෙම්.


දුරියන් මදුලු


මුලින්ම කැවේ දුරියන් මදුළු එවා විදි දෙකකින් ගන්න තියෙනවා එකක් සමහර පාරවල්වල ( බැන්ග්කොක්වලනම් දැක්කේ නැ ) පාර දෙපැත්තේ මේ දවස්වල අපේ පිට කොටුවේ පෙර කපලා දෙනවා වගේ තියෙනවා.

හැබැයි ඉතින් අපේ වගේ දුවිලි නාගෙන නෙමේ තියෙන්නේ. ගෙඩිය පෙන්නුවාම වෙනම හොදල(ගෙඩිය මදුලු හොදන සිරිතක් නැනේ ) හොදට පිරිසිදුවට කපලා දෙනවා.


දෙවැනි විදිය තමා කපාපු මදුළු වෙනම පැක් කරලා තියෙනවා.ඕන කෙනෙකුට මදුලු බලලා ගන්න පුලුවන්.

දුරියන් යුෂ


මේවා හදලා තියෙන්නේ දුරියන් මදවලින් හරිම රහයි උකුයි. නිකම් අලිගැට පෙර බොනවා වගේ.










දුරියන් ටොෆි

එවාත් මාර රහයි. ඒ වුණාට වැඩිය කෙලලා අරින්න බැ. ටික වෙලාවක් කටේ තියන් ඉන්නකොට ටිකයි අමුතුයි වගේ.









දුරියන් චිප්ස්

මගේ ප්‍රියතම දුරියන් ප්‍රොඩක්ට් එක. මාර රහයි. මම එහෙ හිටිය කාලෙට කිලෝ 2 ක් විතර වැඩෙ දුන්නා. මේ ගොල්ලො මේවට දුරියන් මදුලු අරන් කපලා හදන්නේ මම හිතනේ මේ ගොල්ලෝ මේවා අව්වේ වෙලනවා මොකො තෙල් දැන්මනම් කහපාට වෙලා කලු වෙනවානේ. මම කාපු එවා එච්චර කලු නැ.


මේව නිකම් හපනකොට කටට එන්නේ කිරි රහක්.දුරියන් කියලවත් ගෙස් කරන්න බැ. කිසිම දුරියන් සුවදක් නැ ( සමහරුන්ට ගද )


මේවයේ ගණන් කියුවොත් මම චන්දපුරි කියන හරියෙන් දුරියන් මදුලු කැවා බාත් 150 කට විතර. කිලෝ 2 3 ක් විතර අල්ලන්න ඇති.


එතකොට මට ටොෆිවල සහ ජුස්වල ගනන්නම් මතක නැ.

චිප්ස්නම් කිලෝ එකක් බාත් 125 යි.


තව දෙයක් තමා සමහර මිනිසුන් ගැවෙසෙන තැන්වලට දුරියන් ගෙනියන්න තහනම් (පැන්තිප් ප්ලාසා , මාර්බල් පෝන් , බිග් සි ............... ) ඒ ගොල්ලේ ඒක මේ වගේ බොර්ඩ් ගහලා කියලා තියෙනවා.





මම හිතන්නේ මිට වඩා ගොඩක් දේවල් දුරියන්වලින් හදනවා කියලා. ඊලග සැරේ අනිවාර්යෙන් ඒ වා ඔක්කොම කන්න ඔනේ.


අහ් තව දෙයක් මම ඉතින් දුරියන් විකුණන එකෙක්ගෙන් ( එකෙක් කියුවට එකියක් ) ඇහුවා ඇයි මෙච්චර කට්ටිය දුරියන්වලට කැමති කියලා. මෙන්න බොලේ එකි කිඋවේ නැතැයි අර නිදි යහනේ කරන වැඩේට දුරියන් මාර පිකප් එකක් දෙනවා කියලා ( ලංකාව වගෙනම් කෙල්ලෙක්ගෙන් මෙහෙම ඇහුවොත් ඉතින් දු+රියන්ම තමා ) . අනික තව දෙයක් ඔය ගොල්ලේ තායි යනවානම් එහේ ඉන්ග්‍රිසි දන්න කට්ටිය හුගක් අඩුයි.ඒක හින්දා ගණන් අහන්න ගියාම මාර කේස් අපිව හොදට අන්දනවා. මමනම් එකෙන් බේරෙන්න කලේ කැල් එකක් අරන් ගිහින් තායි අය ලවාම ගාණ කැල් එකේ ගහ ගන්න එක.
ඉතින් වෙලාවක් තිබ්බොත් යන්න ට්‍රයි එකක් දෙන්න.

bath 1 = Rs 3 -4.
මේ පොටෝ එකක්වත් මම ගත්ත එවා නෙමේ.

අපේක්ෂකතුමෝ



මේ අපේ පරණ උන්නැහේ කෙනෙක් කියුව කවියක් හිතුවා නැවතත් මතක් කරන්න ඔනේ කියලා.

සිය දැය සමය රට වෙනුවෙන්         මැතිකමට

මහ ලොකු වැඩකරමි යනු පවසා          සොදට

වහ වහ රිංගා ගත් මුත් රජ සබ               තුලට

මහ තද වැරද්දකි නොකලොත් වැඩ        එමට
                                      (Veerasekara,2010)
 
ඔබට ජය පතමි.
 
Reference
Veerasekara , V. (2010). Chanda paracharanayata sandhesa kathuvaki yodha gani. Divaina. 22nd March. .Image .(උපුටා ගැනීම : http://www.tisrilanka.org/wp-content/uploads/2009/10/camila_tokka1.jpg)

Tuesday, March 30, 2010

SLUTS ! අපේ සභ්‍යත්වය වනසන වල් (වේX) කෙල්ලෝ

මේ සටහන නිසා යම් යම් අයගේ හිත් අමනාපයක් සිදුවෙනවානම් මම ඔබගෙන් සිදුවු අපහසුතාවය පිලිබද කනගාටු වෙමි.

ලාංකීය සමාජයේ බහුතරයකගේ ( පහල හා මධ්‍යම පාන්තිකය ) අර්ථ දැක්වීම අනුව වල් කෙල්ලන් මෙලෙස හදුනාගනී.






  • ස්වාධින තීරණ ගන්නා අනයගේ තිරණවලට හේතු සහිතව අභියෝගයට ලක්කරන්නා.
  • ශරිරය සම්පුර්ණයෙන් ආවරණය කරන සාම්ප්‍රදායික ඇදුම් වෙනුවට තමාට පහසු විලි වැසෙන / නොවැසෙන ඇදුම් ප්‍රසිද්ධියේ අදින්නන් ( නිවස තුල අවුලක් නැත ) .
  • තාමාට වංචාකරන කොල්ලන්ට කනේ පාර දී පාරට එලවා දමන්නන්.
  • එවිට සියදිවිනසා ගන්නා උන්මත්තකයන් ගේ පෙම්වතියන් වී සිටි අය.
  • කොල්ලන්ට තහනම් නැති මත්පැන් සිගරට් පානය කරන්නියන්.
  • තම ලිංගික කරුණු ගැන වැඩිහිටියන් සහ ( මව පියා සමග නෙමේ) අන් අය ( විශේෂයෙන් සැමියා හෝ ප්‍රෙමවන්තයා ) සමග විවෘතව සාකච්චා කරන්නියන්.
  • ස්වධින, පිරිමියා මත නොයැපෙන්නන්.
  • සමජයේ විවාහ නොවි දිගු කලක් තනිකඩ ගත කරන්නියන්,
  • ප්‍රෙමවත්තයා හැර දාම ගියවුන් හෝ දික්කසාද වුවන් ( පිරිමියා ගැහිණිය හැර යන්නේ ගැහැණිය වැරදි බැවනි ? )
  • සැමියා මියගිය පසු වෙනත් විවාහයක් කර කරන්නියන්. 
  • විවාහයෙන් පසු නැන්දා මාමා ප්‍රමුඛ හතරවරිගේ නැදැපරපුරේ ඕපදුප සංගමයේ සාමජිකත්වය නොකරන්නියන්.
  • පිරිමියා වෙන ගැහැණුන් පසුපස දුවද්දි අසහනයෙන් පසුවන්නියන්.( පිරිමියා වෙන අයගේ පහස ලබන්නේ ගැහැණිය වල් නිසාය )
  • වෛශාවන් ( ලොව පැරණිම රැකියාව කරන්නියන් )

    මෙය තවදුරටත් සම්පුර්ණ කලයුතු ලයිස්තුවකි.
මෙය සමස්ත සමාජයෙම මතය නොව නමුත් බොහෝ උගතුන් සහ සමාජයේ සම්මත් පුද්ගලයන් යයි කියාගන්නා අයගේ  අදහස් (ඔවුන් විසින් පවසන පරිදි ( වාචිකව සහ නිර්වාචිකව )) සමස්තයක් ලෙස ගත්කල මෙසේය.

නුගත් කතුවරයා සිතන්නේ තමාගේ සත්‍ය ආශවල් ( සමාජයේ සම්මත හෝ අසම්මත ) සගවාගෙන දෙබිඩි ජිවිතයක් ගතකරන තමා මෙන් වෙනත් ගැහිණියකුගේ පෞද්ගලිකත්වය හෙලා දැක වල් නොවල් වශයෙන් වර්ග කිරීමට දායකවන්නා වල් යන්නය ( මෙහිදි සමාජය වල් යනුවෙන් අර්ථ දක්වන්නේ කුමක්ද යන්න පිලිබද ප්‍රශ්නයක් ඇත. )

Monday, March 29, 2010

රටේ සභ්‍යත්වය , සාරධර්ම විනාශකරන සීගිරිය පොලවට සමතලා කිරීමට යයි



වංශේ කලින්දා රැම මහරජතුමාගේ යහන යටට රිංගා ගත්තේ පසුවදා උදෙන්ම රජතුමා කකුලෙන් හෝ අන් අවයවයකින් අල්ලා ගැනිමේ තිර අදිටනකි.තම අත්ලට අසුවු රෝමවලින් තොර සුකොමල පය මහරැජිනගේ විය යුතුයැයි වටහා ගැන්මට ඔහුට මහ වේලාවක් ගත නොවීය.බෙල්ලෙන් ඇද එලියට ගනු ලැබු ඔහු දුටුවේ තමා අල්ලාගත් පය මහරැජිනගේ නොව.අන් මානවිකාවකගේ බවය.පිරිපුන් කයක් සහිත ඇය යහනේ අන්පසින් බැසු මෙහෙසිය සමග නානකාමරයට වැදුනේ ඔහුව මහරජතුමා ගේ මිට මෙලවු අතේ පසු කරමිනි.ඒ සමග ඔහුට පසක්වුයේ මහරජතුමාගේ අත්ල මතම තමාට සුලුදිය පහවී ඇති බවය.

මහරජතුමාගේ ගොරණාඩුවෙන් යන්තම් පණ ආ ඔහු තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නට විය. "පස්වහන්දහසට බුදුවන්න දේවයන්වහන්ස , ගැත්තාට අනුකම්පා කරන සේක්වා " ඒ සැනෙන්ම " නවත්තපිය ජඩ බල්ලා තොගේ !"$%£ , තා මගේ සිරියහන් ගබඩාවට රිංගා ඇට ගනන් කලාද යකෝ " මහරජතුමගේ කෝපාවිශ්ඨ වාග් මාලව සමගා තව තවත් සුලුදිය පහව යන බව දැනුනත් මරණ බිය පෙරටුකොටගෙන " කුමණ්ත්‍රනය " යන්න කිමත් සමගම ඔහුගේ ගලනාලය ලිහිල් විය. " හා හා කියපිය කියපිය,තා මගේ සිරියහන යට රිංගුවේ යහනේ පොලු ගැලවිමේ අන්තර්ජාතික කුමණ්ත්‍රනයට නේද" රජතුමා පැවසීය.

"නැත නැත දේවයන් වහන්ස මා ඇද යටට රිංගුවේ මාට ඉසබුවක් ලබගැනිමට ඔබවහන්සේගේන් අවසර ගැනීමටය." වංශේ සහෝදරයා පැවසීය.
" ඇ බොල ඒ මක්කේටයි ඒ " රජතුමාගේ පැනයත් සමගම තම ඇබෙනිය ප්‍රමුඛ අන්තඃපුර ල්මිසියන්ගේ දුක්මුසු මුහුණවල් මතක්විය. " දේවයන්වහන්ස මා මේ සිගිරිය වන්දනවේ යැම සදහා ඔබවහන්සේගේ අවසරය පතමි " වංශේ කිවේය.
 
ඉතින් බොල එකේයි කුමණත්‍රණයහි ඇති සම්බන්දය මොක්ක්ද "


"රජතුමනි සිගිරි අප්සරවෝ නිරුවතින් සිට අපේ රටේ සංකෘතිය කෙලෙසනවා කියා කුමන්ත්‍රන ජොදනාවක් තියෙනවා ඒක නිසා සිරියි රතනේයි සිගිරිගල සමතලා කරනවා." වංශේ පැවසුයේ මොහොතකට කලින් පිටවු අප්සරාවත් ගෙන්වුයේ මොනගිරියෙන්දැයි අසම්දෝ නොඅසම්දෝයි සිතමිනි.
 
" අනේ බොල ඇත්ත නෙන්නම් මෙක කුමන්ත්‍රනයක් ! " රජතුමා පැවසීමත් සමගම වංශේ සැනසුම් සුසුම් හෙලිය.
" එතකොට වංශේ ඔය කුමණ්ත්‍රනය මොකගෙද ? අන්තර්ජතික ප්‍රජවගෙද !"
"නැ දේවයන්වහන්ස "
 
"හරි හරි අහුවුනා දෙමළ ඩයස්පොරුවේ"
" නැ "
එහනම් " අනිවර්යෙන් අන්‍යාගමික බලවේගවලින් "
" නැ "
 
" එහෙනම් කිං පැරකුම් ප්‍රමුක දේශ+ඩො+යන්ගේද "


"නැ ඕයි"
" එහෙනම් කවුද යකෝ " රජතුමා ඇසීය.

" හිටහන් මම රතනේට කොල් එකක් දාල අහන්න " මදවේලවකින් අනතුරුව රතනෙට ගත් ඇමතුම අවසන් කල වංශේ පැවසුයේ රජවාසල පනිවිඩකරුවා විසින් රතනගේ කාරණා දක්වා කෙටි පණිවිඩයක් ගෙන එන බවය.

ඒ කෙනෙහිම රජවාසල පණිවුඩකාර බල්ලා රජතුමාගේ දෙපාමතට සැපැත් විය.


සිංහල සෞභාගය , සභ්‍යත්වය වැනසිමේ කුමණත්‍රනයට එරෙහි ජාතික සංධානය

අවුරුදු 1001 ආයුවලදන මාගේ රජතුමනි.

සිගියේ ලලනවෝ සිංහල ජාතියට අපහස කරයි.මක්නිසද යත් දඹුල්ල , අනුරාධපුර වැඩ වාසය කරන බුදුපිලිම වහන්සේලා ඉදිරියේ නිරුවති අනග නැටුම් නැටිම බොදු සංකෘතිය විනාශකරන බැවියි. මෙමගින් අපේ තරුණ ලමයින් නොමග යා හැකිය. මේ කුමණත්‍රණයේ පෙරමුණෙහි සිටින්නේ මින් පෙර කුවේර නමින් හැදින්වු සිගිරිය වාසබවන කරගත් කිං කාශ්‍යප බව හදුනාගෙන ඇත. මින් පෙර මෙවැනි උත්සහයන් හක්ගෙඩි න්‍යාය අනුව සාර්ථක ලෙස මැඩ ඇත.

ඒ වානම්


අන්තර්ජාතික අසභය වෙබ් අඩවි ප්‍රමුඛ රාජ්‍ය විරෝධි අඩවි මැඩවිම.

අලහකොන් ප්‍රමුඛ අන්තර්ජාතික බලවේග පැරදවිම.

එම නිසා මෙවරත් රටේ උන්නතිය උදේසාත් , ඔබතුමාගේ ආරක්ෂාව සදහත් , ධර්මරාජ්‍ය රක්ෂා කිරීමටත් අප පියවර ගන්නේමු.


මින් ප්‍රථම පියවර ලෙස සිගිරිගලේ බඹරු පලවා හැරිමට පියවර ගෙන ඇත්තෙමු.

ඉන්පසුව අන්තර්ජාතික ආධාර යටතේ සිගිරිය බිමට සමතලා කර ඉන් ලැබෙන කලුගල් උපයොගි කරගෙන ඔබතුමාගේ පිලිම නෙලිමට පියවර ගන්නේමු.

මීට යටහන් පහත් ,


ජාතිහිතේශි ධර්මවාදි,

රතනේ.

රටේ සභ්‍යත්වය , සාරධර්ම විනාශකරන සීගිරිය පොලවට සමතලා කරන වගනම්



වංශේ කලින්දා රැම මහරජතුමාගේ යහන යටට රිංගා ගත්තේ පසුවදා උදෙන්ම රජතුමා කකුලෙන් හෝ අන් අවයවයකින් අල්ලා ගැනිමේ තිර අදිටනකි.තම අත්ලට අසුවු රෝමවලින් තොර සුකොමල පය මහරැජිනගේ විය යුතුයැයි වටහා ගැන්මට ඔහුට මහ වේලාවක් ගත නොවීය.බෙල්ලෙන් ඇද එලියට ගනු ලැබු ඔහු දුටුවේ තමා අල්ලාගත් පය මහරැජිනගේ නොව.අන් මානවිකාවකගේ බවය.පිරිපුන් කයක් සහිත ඇය යහනේ අන්පසින් බැසු මෙහෙසිය සමග නානකාමරයට වැදුනේ ඔහුව මහරජතුමා ගේ මිට මෙලවු අතේ පසු කරමිනි.ඒ සමග ඔහුට පසක්වුයේ මහරජතුමාගේ අත්ල මතම තමාට සුලුදිය පහවී ඇති බවය.
ØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØ
ØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØ
ØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØ
ØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØ
ØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØØ







ස්තුතියි

Sunday, March 28, 2010

ලංකාව ගැන විදේශික මිතුරෙක්ගෙන් රෙකමදෝරුවක්


ලාංකියන් (ඒදා ceylon නාමයෙන් හදුන්වන සහ පාශ්වාත් නිදහස් සමයේ ) බටහිර සමාජයේ චිරාත් කාලයක් ප්‍රසිද්ධව සිටියේ අල්පෙජ්ජ( සරල ) ජිවිතයක් ගතකරන විනෝදකාමි මිත්‍රශ්‍රිලි ඒ වගේම ආඩම්බර ප්‍රෞඩ්‍ර ජනතාවක් ලෙසය.

බහුතරයක් විදේශිකයෝ ලංකාවට පැමිණුනියේ ඒ ජනතාවත් , පරාදිසයක්වන් ශ්‍රි ලංකාවේ පරිසරයත් නිසාය නමුත් සුලුතරයක් විදේශිකයෝ ලංකාවේ වර්ණ සමැති කෙල්ලේක්ගේ කොල්ලෙක්ගේ පහස බලාපොරොත්තුවෙන් නොපැමිනණවාත් නොවේ.

ඔවුන් ජර්මන් සහ ඔස්ට්‍රියානු ජාතික පෝසත් යුවලකි.අවුරුදු 60 -70 වයස් සිමාවන්හි පසුවු ඔවුන් ලංකාවට පැමිණිමට පටන් ගත්තේ අසුව දශකයේ මුල් භාගයේ සිටය.යුධ ගැටුම් මධ්‍යයේ වුවද ඔවුන් අඩුම තරමේ අවුරුද්දකට ලංකාවේ මාස 3 ක් වත් ගතකලේ සමහරුන්ට මෙන් ඔවුන්ට මුදල් සහ කාලය ප්‍රශ්නයක් නොවු බැවිනි.

නවීන පරිගණක මධ්‍යස්ථානයක් සහිත පුස්තකාලයක් සාදා දුන්නේ මේ යහපත් මිනිස්සුන්ට ඉගෙනුමයන දෙය ඉතාමත් වැදගත් නිසාය. මට මොවුන්ව මුණ ගැසුනේ මේ අවස්ථාවේය. එනම් ඔවුන් ඔවුන්ගේ පරිගණක මධ්‍යස්ථානය ගැන අන්තර්ජාලයේදි තොරතුරු හුවමාරු කරගැනීමත් සමහය.
 
කෝම නමුත් ඔවුන්ගේ සතුටට හෙනහුරා පහලවුයේ ලංකාවේ තමාගේ කියා තැනක් සැදිමට පටන්ගත් කලය.මේ ඔවුන්විසින් මට එවන ලද අවසන් ඊ මේල් ලිපියයි
 
High V,
I got your new email adress as well as your adress at the university. Thanks. Hope you are doing well and that you still like your studies.
Concernig our stay in Sri Lanka, we will come by the end of april or early may, and would be happy to invite you and your father, mother and sister at our home. In January we intended to invite you but we heard that you granmother died. Our sincerely condoleances.

Maybe it will be our last stay in SriLanka because we intend to sell our house and never come back to Sri Lanka. Europeans are harrassed in SriLanka by corrupted politicians and policemen, so we give up and move to Thailand or Mauritius where tourists are welcome.
Hope to see you soon.


My best regards to your father and mother.

R.
ඇත්තෙන්ම මේ ලිපිය කියවු වහාම මට සිහිකැදවුයේ මාගේ ඔලමොට්ටල වැඩක්ය ....
ඒ ප්‍රභාකරන් පරලෝ සැපැත් වු දවසය.ඕස්ට්‍රේලියාවේ පදිංචි ( ඇය එහි පදිංචියට ගියේ ඇය අවුරුදු 8 දිය එනිසා ඇය ලාංකිකයකුට වඩා ඕස්ට්‍රේලියානුවකු ලෙස හදුන්වා දිමට ඇය කැමතිය. මෙයින් ඔබට ඇගේ මානසික තත්වය වටහා ගත හැකිය. )මාගේ න්‍යති සහදොරියකු සහ ඇගේ ඕස්ට්‍රේලියානු මිතුරියන් , ලංකාවේ සිටින අනෙක් න්‍යති සහෝදරයන් සමග සෙට් වුණ විටකය.
 
 අවස්ථාවේදි ඇය ප්‍රකාශ කලේ ලංකාවේ සිටින සමහර මිනිසුන් යනු ම්ලෙජ්ජයන් බවත් මිනිස්සුන් ඉතාමත් කපටි බවත්ය. ඒ සමග ඇය සමග උරණ වු අපි නොයකුත් තර්ක ගෙන හැර පා අපේ රට බේරාගත්තත් ඇගේ මිතුරන් සිනාවුයේ අපි වැරද්දක් කර මවගෙන් එම දඩුවම්විදිමට අකමැතිව බොරුකියනා ළදරුවන් ලෙසය.


ඇත්තෙන්ම මෙයද ලංකාවේන් පිට අපට දක්වන ආකල්පය ?
 
ඔබගේ අදහස් උදහස් සාදරයෙන් පිලිගනිමි.

Friday, March 26, 2010

අලහකොන්(AKA Akon) වෙත ලියමි


අලහකොන් ,

ඉතින් කොහොමද සැප දුක් ?අපිනම් සුපුරුදු පරිදි අලයක් තම්බාගෙන කා වැඩක් බලගෙන ඉන්නවා.ඉතින් ඉතින් කොමද ඔබතුමාගේ ලංකා ගමන ? මම මේ ලියන්න හිතුවේ ඔබගේ වීසා අවසර දුන්නේ නැති වුණත් අපේ ලංකාව ගැන අහිතක් හිතන්න හොද නැති නිසයි.

ලංකාව කියන්නේ මුතු ඇටයක් විතර චුට්ටන් රටක් අපේ සුනිල් පෙරේරා උන්නැහේ කියුවා වගේ අපේ රට ඔබලගේ බටහිර රටවලට වඩා සැහෙන්න දියුණුය.කොටින්ම ඔබලාට අවශ්‍ය ආධාර ලාබා දෙන්නේත් අපිනේ.

ලක්වැසියෝ වනහි ඉතාමත් හික්වීමක් තියෙන ජාතියක්.කොටින්ම මේ ලගදි ප්‍රභාකරන් උන්නැහෙටත් අපේ වුන් හික්වෙන හැටි කියලා දුන්නා.විශ්වාෂ කරන්න ඕන් ඊට පස්සේ වචනයක්වත් කතා කලේ නැ ඒකා.
ඊට අමතරව අපේ රටේ ඔබෙ රටේ වගේ පුවත්පත් කතුවරයන්ට අම්බානේකට නෙලන්නෙවත් , අන්තිමටම හික්මවන්නේවත් නැ.මිනිසුන්ගේ අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය මේහේ උපරිමයි.

කොටින්ම කියනවානම් නිදහස්මත ප්‍රකාශකරන්නන්ව උස්සන් ගිහින් හොදටම සලකනවා. එතකොට නොමිලේ දිව්‍ය ලොකේ සුපොගබෝගී සවාරියක් යවනවා. හැබැයි ගිය කට්ටියම අකමැත්තෙන් උණත් එහේ නතර වුනා මොකද සක්‍ර දෙවියෝ ඒ ගොල්ලන්ගේ සේවය ලංකාවට වඩා එහෙට අවශයි කියන හින්දා.

ඔහේ වගේ නෙමේ මෙහේ සාරධර්ම සුරකීම අන්තිම හොදයි.මිනිස්සු සැහෙන්න හොදට සාරධර්ම සුරකිනවා. කොටින්ම කියනවානම් මේහේ දෙවුන්දර තුඩුවේ ඉදන් පෙදුරු තුඩුව දක්වා ඕනැම ගැහැණියකට රත්තරන් ගොනියක් අරන් යන්න පුලුවන්.මිනිස්සු සලකන විදිය කියුවොත් අපේ මිනිස්සු අර ගැනු කෙනාට ලේසි වෙන්න රත්තර්න් ගොනියත් අරන් රස්නේ වැඩි හින්දා ඇදුම් ටිකත් ගලවලා තමා අර ගැනු කෙනා යවන්නේ. බලන්නකෝ ඔයී ඔය ගොල්ලන්ගේ රටවල් වගෙද අපේ එවා මාරයි නේද ?

අපේ රටේ ආගම්වලට මාර විදියට ගරු කරනවා එකනේ ඔයාට ඔය ප්‍රශ්ණ උනේ.මොනව උනත් ඉතින් ප්‍රගිතිස්‍රිලි අපේ ජනතාව හැමොටම සමාව දෙනවා.

හැබැයි ඉතින් මටත් වඩා හොදට විස්තර අපේ ෂාරුක් අයියා කියයි.මිනිහට අපේ කට්ටිය කොච්චර කැමතිද කියනවානම් සැරයක් ගෙදර අරන් යන්න බෝම්බ දෙකක්ම පාර්සල් කරලා දුන්නා. පොඩ්ඩක් කොල් කරලා බලන්න.නම්බරේ අපේ මහ රජතුමාගෙන ඉල්ල ගන්න.
 
මම ඉතින් මේ ගැන තව ටිකක් විස්තර වෙනත් ලිපියකින් ලියන්නම්.
ලොකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි !


මීට
V

Saturday, March 20, 2010

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ තමා බ්ලොග් එකේ ලියන්නේ.මේ දවස්වල කැම්පස් එක ප්‍රොජෙක්ට් සබ්මිසන් තිබ්බා.ඉතින් මාර කට්ටක් කැවේ.තාමත් අමාරුයි.එත් ඉතින් මොනවා කරන්නද ? බැද ගත්තනම් බේරේ ගහන්නත් එපැයි.

ඉතින් මේ ගමන්ම මට ලියන්න හිතුනා. මට මගේ යාලුවන්(සම හරක්), එහෙම නැත්නම් වෙන කට්ටිය මුණට නොකිව්වත් වටින් ගොඩින් අගවන කාරණයක් ගැන.

මම යන්නේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න තැනකට , ඉතින් එකින් කියන්නේ නැ මම සල්ලි කාරයෙක් කියලා එහෙම , මමත් ගමේ ඉස්කොලෙට ගිය ගමේ කොල්ලෙක් කැම්පස් යන්න බැරි උන හින්දා යන්තම් ලොන් එකක් ගහලා මේකට පැන්නා. ඉතින් මම කියපු යාලුවෝ(මමත් එක්ක දැන් ඉගෙන ගන්න කට්ටිය නෙමේ ) හිතන් ඉන්නේ මම සල්ලි ගෙවලා ඉන්න නිසා උපාධිය නිකම් අහසින් ගෙදරටම වැඩම කරනවා කියලා.ඇත්තෙන්ම ඒ ගොල්ලෝ හුග දෙනක් පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙන ගන්න අපේ මහන්සිය සැහෙන්න අවතක්සේරු කරනවා.සමහරක් වෙලාවට හොම්බට දෙකක් අනින්න හිතෙනවා කියන කතාවලට.

ඇත්තෙන්ම සමහරක් වේලවට අපි රාජය අංශයේ ඉගෙන ගන්න අයට වඩා කටු කනවා.අපිට තියෙන්න සීමිත සම්පත් ( ද්‍රවමය වගේම දැනුම ). අනික පෞද්ගලික අංශයේ හුගක් වෙලාවට උපාධි ප්‍රදාන ආයතන වෙන රටක ඉතින් ඒ රටවල් අපේ වගේ නෙමේ හුගක් වෙලාවට දෙන දෙය ගුණාත්මකව බලනවා. ඉතින් අපේ සුලු වැරද්දක්වුනොත් අපි ඉවරයි.
 
තව දෙයක් , ඇත්තෙන්ම මම සැහෙන්න සතුටුයි මගේ යලුවෝ ගැන විශේෂයෙන්ම අපේ එකිනෙකාට උදව් කරගන්නා විදිය. ඇත්තෙන්ම මම මේ දවස්වල ප්‍රොජෙක්ට් ටික ගොඩ දාගත්තේ ඒ ගොලන්ගේ උදව්වලින්.

නම් වශයෙන් නොකිව්වත් ඒ උදව්වලට බොහොම ස්තුතියි.ඒ ගැන මම අමතක කරන්නේ නැ.

Saturday, February 13, 2010

ලංකාවට නුහුරු නුපුරුදු ඔලිම්පික් | Vancouver Olympic games 2010


ඔන්න ඉතින් 2010 සිසිර ඔලිම්පික් උලෙළත් ආරම්භ විය.ගිම්හාන(Summer) ඔලිම්පික් උලෙළට වඩා මෙහි සාමාජික රටවල් පිරිස අඩු වුණත් මෙම උත්සවය ඉතාමත් චමත්කාර ඒකක් බව මුලාශ සදහන් කරති.මෙවර විසි එක් වැනි සිසිර ඔලිම්පික් උලෙළ පැවැත්වන්නේ කැනඩාවේ වැන්කුවර් කියන ප්‍රදේශයේය.

කවුරුහරි මේක බලන්න යනවානම් ඔබගේ අත්දැකීම අප සමග හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලා සිටමි.

ලංකාවේ වෙසෙන අපිට සියසැන් මෙම අවස්ථා දැක ගත නොහැකි වූවත් විද්යුත් මාධ්‍ය භාවිතා කරලා නරඹන්න හැකිය.

නමුත් අන්තර්ජාල නොමිලේ ලබාදෙන සජීවි දර්ශන සදහා අවස්ථාවනම් නොලැබී යා හැක.නමුත් ඔවුන්ගේ නිල අඩවියට ඇතුලත් කරන දර්ශනනම් අපට නැරඹිමට හැකියාව ඇත.


නිල වෙබ් අඩවිය


http://www.vancouver2010.com/

නිල මුණපොත පාඨක පිටුව

http://www.facebook.com/olympics

ට්විටර් පිටුව
 
http://twitter.com/2010tweets

Sunday, February 7, 2010

ආගම ! අලුත් ආගම පවුලකට කොඩිවිනයක් වූ හැටි ! අද පත්තරෙන්

අද රිවිර පුවත්පතේ (2010-04-07) පලවු ලිපියෙන් සදහන් වන්නේ ආගම් ප්‍රශ්නයක් නිසා පවුලකට සිදුවූ අභාගය සම්පන්න සිදු වීමක් ගැනයී.

එහි සදහන් වන පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.


එක්තරා පවුලක් පියා එක් ආගමකුත් මව සහ දරුවනුත් තව ආගමක් අදහයි. මෙයට දිගු කාලයක් සිත් තැවුලෙන් පසු වන පියා තමාගේ පවුලටත් ගිණි තියා තාමාත් ගිනි තියගෙන සියදිවි නසාගනී.

තව දුරටත් එම පියා තම දරුවන්ට සහ බිරිදට ඉතා ආදරයෙන් පසුවූ බවද පවසයි.

මේ සිදුවීම පදනම් කරගෙන අද මම මාගේ මේ ලිපිය ලියන්න හිතුවා.

පුවත්පතේ ලිපිකරු පවසන පරිදි එම පියා බෞද්ධයකු බවත් මව යම් මූලධර්මවාදී ආගමක් අදහන බවත් පවසයි.ඇත්තෙන්ම මට මේ ලිපියේ මුලධර්මවාදී යනුවෙන් අදහස් කර ඇත්තේ කුමක්දැයි යන්න නොවැටෙහේ

එය ශබ්ද කෝෂයේ විස්තර කරන්නේ මෙසේය

A usually religious movement or point of view characterized by a return to fundamental principles, by rigid adherence to those principles, and often by intolerance of other views and opposition to secularism..


නමුත් මෙහි සදහන්වන පරිදි බෞද්ධ පියා මූලධර්මවාදියකු නොවන අතර ජේසුව අදහන මව ඇතුලු අන් අය මුලධර්මවාදි වේ.සමහර විට මාගේ අබ ඇටයක් වැනි මොලයට මෙවැනි කරුණක් තෙරුම් ගත නොහැකි වෙනවා ඇත.සමහර විට මෙහි මවගේ සහ පියාගේ ආගම් මාරු වී ඇත්නම් මෙය මිට වඩා වෙනස් කතාවක් ලෙස රිවිරේ ලියවනවා ඇත.

මේ ලිපියේම සදහන්වන පරිදි පියා තම පවුලෙහි අන්‍ය ආගම පිලිබදව දැඩිලෙස විරෝධය පලකරන අතර ඉතාමත් අසහනයෙන් පසුවී ඇත.


මේ අනුව මම මුලධර්මවාදින් යනු කවරෙක්ද යන්න තීරණය කීරීමට ඔබට බාර දෙමී.

ඇත්තෙන්ම අද සමහර පවුල්වල මේ ආගම් ප්‍රශ්නය ඔඩු දුවා ඇත්තේ පිලිලයක් මෙනි.


මෙයට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ අපේ රටේ ප්‍රජාවගේ තමාගේ අගම පිලිබද ඇති අධි තක්සේරුවත් , අන් අයගේ අදහස් පිලිගැනිමට තබා ඇසීමටත් ඇති අකමැත්තය.

විශේයෙන්ම බෞද්ධයකු වශයේ මා අත්දැක ඇත්තේ තමා හොද බෞද්ධයයි කියා ගනිමින් අන්ධ විශ්වාෂ මත කොවිල්වල ,දේවාලවල එසේ නැත්නම් පල්ලිවල ආතක් පාතක් නැතිව එහේ මෙහේ දුවන (අ )බෞද්ධයෝය.මෙයට ප්‍රධාන හේතුව වන්නේ සමාජයේ පැවැති පන්සල සමග සම්බන්ධය බිද වැටීමය එසෙත් නැත්නම් මිනිසුන් BZ වීමය.

බොද්ධ දර්ශනය ආගමක් ලෙස නොව දර්ශනයක්, ජීවිත පිලිවෙතක් ලෙස ඕනැම ආගමක කෙනෙකුට පාවිච්චි කල හැක.එය මගේ විශ්වාශයයි ඒ වගේම බුදුරජානන්වහන්සේ දේශනා කර ඇත්තේ බෞද්ධයකු තුල තිබිය යුත්තේ භක්තිය නොව ශුද්ධාව යන්නයි

අන් ආගම් මුලික වූ සමාජවලද මේ කාරනය අඩු වැඩියෙන් ඇති බව මට විශ්වාෂයි


නමුත් අද මේ (අ )සිංහල රටේ බහුතරයක් වූ (අ )බෞද්ධයන්ට වෙන දේවල් පිලිබද සලකා බලන කල මට පෙන්නේ දුක් විදින අපේ අනාගතයයි.

Saturday, February 6, 2010

සාමය සහ උතුර

මේ ලගදී අපේ යාලුවෙක් යාපනේ ගියාලුනේ ඉතින් ආපු වෙලාවේ ඉදන් එයා කියුවේ යාපනේ මිනිස්සු දකුනේ මිනිසුන් කෙරෙහි දක්වන ඍන ආකල්පය සහ යාපනේ මිනිසුන්ගේ නිවාස යුද්ධයේ විපාක හැටියට විනාශ වෙලා තිබ්බ හැටියි.




තවත් එයා කියුවා යාපනේ සහ වන්නි ප්‍රදේශයේ සියලුම ගස් වැල් කාලතුවක්කු උණ්ඩ හෝ මල්ටි බැරල් නිසා සම්පුර්ණයෙන් විනාශ වෙලා තියෙන හැටි.තව දෙයක් යාපනේ තරුණ පරම්පාරව යුද්ධය මධ්‍යයේ වුවාත් ඉතාමත් බුද්ධිමත් බව(ඉතාමත් හොදයි )


ඇත්තෙන්ම දැන් තමා හොදම කාලේ උතුරු පලතේ සංචාරය කරන්න.හැබැයි යුද්ධය පැවැති සමය හා සටන් වීරාම සමයේ යාපනේ නොවුනත් මන්නාරම (මුරුන්කන් ) හී සතී කීපයක් ගත කල නිසා මම කැමතියි මේ සම්බන්ධව මගේ අදහස් කීපයක් කියන්න.


අද කට්ටිය යාපනේ යන්නේ නිකම් අපි සත්තුවත්තේ සතුන් බලන්න යනවා වගේ.පාර්ඩෝ එහෙම නැත්නම් සුපිරි වාහනවලින් ඒසී එකේ ගිහින් යාපනේන් බහින කොට යාපනේ මිනිසුන්ගේන් ඍන ප්‍රතිචාර ලැබෙන එක පුදුමයක්ද වැඩිය ඔනේ නැ කොලඹින්  ටිකක් දුර දකුනේ පලාතකට ගියොත් ඔය සමාන ප්‍රතිචාර දැක ගන්න පුලුවන්




1. උතුරේ මිනිසුන් අපේම මිනිසුන් ලෙස සලකන්න.ඒ වගේම ඔවුන්ට දකුනේ අපි ඔවුන්ට වඩා වෙනස් නොවන බව වැටෙහෙන පරිදි කටයුතු කරන්න
 
2.උතුරට යායුත්තේ විනොද වීම සදහා නෙමේ අපෙන් වෙන්වූ මිතුරන් සමග නැවත් එක් වීමටය


විනොද ගමන් යන කට්ටියට වෙන කොතෙකුත් තැන් ඇත


මම මන්නාරම විසූ සමය ඇත්තේන්ම ඉතාමත් විනොදකාමි සමයකි. පාරේ බස් එකේ  ගිහින් පොලිසියේ බංකර්වල මදුරුවෝ තල තලා ගත කරපු කාලය තුල අපේ මිනිසුන් වින්ද දුක මම දැක්කෙමි.




ඒ වගේම මන්නාරමේ මිනිසුන් අපේ සිංහල අයට දැක්වු ධනාත්මක ආකල්පයත් දැක්කෙමී.කොටි ත්‍රස්තයන් රජයේ පාලන ප්‍රදේශයේත් ඔවුන්ගේ ව්‍යාපර කරන හැටිත් මම දැක්කේමි. වෙලාවක වෙනම බ්ලොග් එකක ඒ ගැන මම දාන්නම්
 
යාපනේ කියන්නේ හාමුදාව මගින් ඉතා දිගු කලක් පාලණය වූ ප්‍රදෙශයක් ඉතින් ඔවුන්ටත් නිදහයේ ජීවිතය ගෙන යාමට ඉඩ දේන්න ඒ වගෙම ඔවුනුත් මනුශයන්ය

Sunday, January 31, 2010

ජීවිතය

මේ දවස් වල මම සැහෙන්න හිතනවා මම මේ ජීවතයේ ගත්ත එක තීරණයක් හරිද වැරදිද කියලා.කෝම නමුත් ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු අද්දවන්න බැනේ මොනවා කරන්නද බෙරේ බැද ගත්තනම් බෙර පද ගහන්නම එපයි


ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද ?  සතුට , දුක ප්‍රශ්න වල එකතුවක් කියලා කියුවොත් මම හිතන්නේ හරි කියලා.


ඇත්තටම අපි ජීවිතය විදිනවාද විදවනාවාද ? මම හිතන්නේ අපි හුගක් අය දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා සතුට කියලා දුක් විදමින් දුවන්නේ තවත් දුක් කන්දක් පස්සේ.මීට අවුරුදු කීපයකට කලින් ඒ ගෙව්ව ජීවිතය නැවතන් උදා වෙනවානම් ! ඇත්තටම පාසල් කාලය හරිම සුන්දරයි නේද ?
දැන් මගේ ජීවිතය හරිම සංකීර්ණ වෙලා එදා තිබ්බ ඒ සරල ජීවීතය කෝ එක නැති කලේ කවුද ? මමම තමා. දේදුනු පාට හීනයක් වෙනුවෙන් මම ගත්ත තීරණය අද නැවත සලකා බලන්න වෙනවා.........


මේ සම්බන්ධව මාගේ ගුරුවරයෙක් කියුව දෙයක් මතක් කරන්න ඔනේ
 
 
 
 
 
"ජීවිතය ගත කල යුත්තේ තමන් කැමති දෙවල් කීරීමටය"

Tuesday, January 26, 2010

මාගේ ඡන්දය !




ඔන්න හාපුරා කියලා ජීවිතයේ පලමුවතාවට අද තමා ඡන්දේ දැම්මේ. උදේ නැගිට්ට ගමන්ම ඉතින් හොදට නාගේන කොට කලිසමත් ගහගෙන ( මොකද ගෙදරින් බර බරේ සරම ඇදන් යන්න එපා කියලා මොකෝ හදිස්සියෙන් කඩන් වැටුනොත් එහෙම :) )

ඔන්න ඉතින් ඡන්ද මධ්‍යස්ථානය තිබ්බේ පන්සලක. ඉතින් උදේ පාන්දරම පන්සලට ගියා මම ඉතින් කොමත් අලියා වගේ මහතයිනේ කොට කලිසමත් ගහ ගත්තම සකල බුජං කොට කලිසම් වගේමයි.


ඉතින් මුලින්ම හම්බ උන ගැනු ලමයා දැම්මේ මරු මුරුස් බැල්මක් මොනවා කරන්නද උපන් කැතනේ !

කොමෙන් කොම හරි විනාඩි 3 4 ක් පොලිමේ ඉදලා ගියා ඇතුලට එතන හිටිය ඡන්ද නිළධාරිනිය මගේ ඡන්ද කාඩ් එකයි ජාතික හැදුනුම් පතයි බලාලා මගේ මූණ දිහා නිකම් කන්න වගේ බැලුවා අම්මට හුඩු රැවුල කැපුවේ නැනේ සුමාන දෙක් තුනකින් අහන්නත් දෙයක් නැ මුලින් හම්බ වෙච්ච කෙනා කන්න වගේ බැලුවේ ඇයි කියලා.......... රැවුලත් තියෙන හින්දා නිකම් බමුණා වගේ ඇතිනේ............

ඔන්න ඉතින් හදුනා ගැනීමේ පරික්ෂනයෙන් සමත් වෙලා ගියේ  වෙන තැනකට එයා මොක්ක්ද අංකයකුයි මගේ නමයි කියලා කැ ගහනවා තව එක්කෙනෙක් හරි කියලා කැ ගහනවා..... ඊට පස්සේ කාඩ් එක ඉරලා යන්න කියනවා


ඔන්න ඉතින් මම ගියා මෙන්න බොලේ තව ගැනු කෙනෙක් මගේ අත ගත්තා( නිකම් නෙම ඇදලා ගත්තේ) ගත්තා පැනක් ඔන්න ඉතින් ඒ නිළධාරිනිය උඩ පැන පැන පෑනෙන් තින්න ගානවා ඔන්න ඕක තමා එපා වෙන්නේ. ඇයි වදේ නිකම් ඇගිල්ල අල්ලන් ඉන්නේ මම පැනලා යයි වගේ

එකත් හරි ඔන්න ඉතින් මට දුන්න කොලයක් ටිකක් විතර දිග එකක් මමත් අර කාඩ් බොඩ්වලින් වට කරපු පෙට්ටිය ඇතුලට ගිහින් හිතේ හැටියට වෙලා අරන් ඡන්දේ සලකුණු කරා මොකද මුල්ම එකනේ.....
 
ඒකත් හරි ඇති යන්තම් ඡන්දේ දැන්මා බලමු මාගේ ඡන්දෙන් මොකක් හරි වැඩක් උණාද කියලා එකත ඉතින් තව අවුරුදු 6ක් තියෙනවානේ මම ගත්ත තීරණය හරිද නැද්ද කියලා බලන්න



හැබැයි මට හිතුනා මේක මීට වඩා විධිමත් විදියට නවීන තාක්ෂණයත් මුසු කරලා කරන්න පුලුවන් නේද කියලා එතකොට වියදමත් අඩුයි ප්‍රතිපලත් ඉක්මනින් දෙන්න පුලුවන්නේ හැබැයි ඉතින් රැ එලිවෙනක්ම් ටීවී බලන ආතල් එකනම් නැති වෙනවා

Monday, January 25, 2010

ත්‍රිපිටකය සිංහලෙන්

අපේ හොද යාලුවෙක් වෙන තරිදු ත්‍රිපිටකය සිංහලෙන් ලියනවා

ඇත්තටම හොද දෙයක් හොද දේවල් අපි අගේ කරන්න ඔනේනේ

මෙන්න මෙතනින් ත්‍රිපිටකය බ්ලොග් එකට යන්න


Saturday, January 23, 2010

විවාහය කියන්නේ කායික සම්බන්ධතා පැවිත්වීමට දෙන ලද තවත් එක් බලපත්‍රයක් ද !

මේ දවස්වල ඔන්ලයින් එන්නත් බැරි උනා හුගක් වැඩ තිබුනා අද තමා ටිකක් නිවඩු හම්බ උනේ....


ඉතින් මම පොඩ්ඩක් මූණ පොතේ රවුම් ගහද්දි මම මේක දැක්කා හිතුවා කට්ටියගේ අවධානය මේකට යොමු කරන්න මොකද මේක සැහෙන්න අද සමාජයට අනුකූලයි නේ...........


ඇත්තෙන්ම මේ දෙපාර්ෂවයම කියන දේ සතයක් තියෙනවා නේද ?


ඇත්තෙන්ම විවාහය කියන දෙය දෙස අපි සමාජීය හා සංස්කොතිකමය කෝණවලින් තොරව බැලුවාම එහි මුලික හරය වන්නේ නව පරම්පරවක් බෝ කිරීම නේද ?

සාමාජීය සහ සංස්කෘතික බලපැම මත නව පරම්පරවක් බො කීරීම වඩා විධිමත් සහ හරවත් ලෙස සිදු වෙනවාද ?

එසේ නැත්නම් විවාහය කියනේ ඊට වඩා දුර දිග ගිය අධ්‍යාත්මක් සම්බන්ධයක්ද ?

ඇත්තෙන්ම ආදරය කියන්නේ ඒ අධ්‍යාත්මක් සම්බන්දයද ?

ඇත්තටම අද ඒ කියන විවාහය පදනම් වෙලා තියෙන්නේ කයික අවශයතවා තෘප්ත කීරීම හෝ ඒ අධ්‍යාත්මක බන්ධනය හෝ සමාජීය හෝ සංස්කෘතික අගයන් මත පමණක්ද

ටිකක් හිතන්න සහ අදහස් දක්වන්න හොද පැත්තක් නේද


ඔබේ අදහස මොකක්ද ?

Saturday, January 9, 2010

පත්තරේට ගිය බ්ලොග්

ඔන්න ඉතින් අපේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් පත්තරේට ගියලු
කොච්චර සතුටුද ?

අද දින බෙදා හරින-හෙට පල වීමට නියමිත ඉරිදා(10-01-2010)ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ ලිපි පල වෙලා තිබුනා.

ඇත්තෙන්ම සැහෙන්න සතුටුයි ලංකාවේ පලවෙන ප්‍රධාන පුවත් පතක් අපේ බ්ලොග් අඩවි ගැන මෙලෙස සැලකිලිමත් වීම ගැන.


මෙතන තියෙනවා ඒ බ්ලොග් අඩවි සහ ඒවායේ ලිපි ගැන

අච්චාරු - මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි
කැටපත් පවුර  ඒ වගත් මෙසේම විය… එළුවාගෙ සවුදම
සිතූගේ සිතුවිලි  නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…
මනුසත් උයන   අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!
අරුණි ශපීරෝ‍ වෙතින් ගෙම්බාගේ දෘෂ්ටාන්තය 
සංකල්පනා   ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..

සියලුම බ්ලොග් කරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම්


ඔන්න කට්ටියම හෙට පත්තරේ බලන්න හොදේ

Friday, January 8, 2010

අරවානා ------ අ ර වා නා

අ ර වා නා මේ කුණුහරුපයක්නම් නෙමේ අපේ පොඩ්ඩා සහොදරයාට කලා වගේ මම අසභය දේවල් කතා කලා කියලා බොරුවට පැමිණිලි කරන්නනම් එපා හොදේ.අපේ සමහර කට්ටිය හිතන් ඉන්නේ සමාජයේ හැංගිලා කතා කරන දේවල් විවෘතව කතා කලාම එවා අසභයයි කියලා


අහ් කතාව පොඩ්ඩක් වැරදි පැත්තට ගියා නේද කමක් නැ කියන්න ඔනේ දේ මම කියුවනේ




මේ දවස්වල ටිකක් විතර මඤ්ඤං ගහලා ඉන්න හින්දා පරන අපාය සහය මිත්‍රයකුගේ ගෙදර ගියා.ඉතින් ආ ගිය දේවල් එහෙම කතා කරල මිත්‍රයා එයගේ නවතම සොයා ගැනීම මට පෙන්නුවා
 
ඒක මාලුවෙක් ඇත්තටම පොඩි කලේ අපි කොල්ලෝ හැමෝටම තිබ්බනේ මාලු උණ හැබැයි මූට තියෙන්න සල්ලි උණ




අරවාන( මගේ ගාවත් හිටියා මේ ජාතියේ මාලුවෙක් හැබැයි   මගේයි උගේයි දෙන්නගෙම වාසනවාට ඌව මගේ වෙන යාලුවෙක් ගත්තා)


කට්ටිය අහලා ඇතිනේ පෙන්ශුයි චීන වාස්තු විදයාව ගැන.ඉතින් ඒ අනුව අරවානා කියන්නේ වාසනව ගෙන දෙන මලුවෙක්
 
ඉතින් මේ මාලුවා ඉන්න තැනට වාසනාව ලැබෙනවාලු




ඉතින් ලස්සනම වැඩේ එක නේමේ.මේ මාලුවා කන්නේ මාංශ.මට මතකයි මම ඒ කාලේ එ මාලුවට දුන්නේ කඩෙන් ගේනාපු මස් මාලුයි (අපරදේ) ඉතින් ඒ වුනාට මේ මාලුවා වඩා කැමති පණ පිටින් මාලු කන්නලු.
ඉතින් මගේ යාලුවා කරන්නේ ගප්පි මලුවේක්(පණ පිටින්) අර මාලුවාට කන්න දෙන එක
 
මේ යකා ඉතින් පණ පිටින් මාලු දිදිම මාලුවාව ගේ ඉස්සරහින්ම තියන් ඉන්නවා අනේ ඉතින් පණ බේර ගන්න අර දාන ගප්පියා ටැංකිය වටේ පීනනාව එත් ඉතින් අන්තිමට අරවානා ගප්පියව ටිකෙන් ටික කොටලා කනවා
 
මාරයි නේද ?


මගේ යාලුවා බෞද්ධ ඉතින් මම ඇහුව මාලුන්ව මරන එක පවු නැද්ද කියලා එතකොට මේකා කියනවා ෆෙන්ෂුයි කියන්නේ බුදු දහමේම කොටසක් ඒක හින්දා පවු නැලු.මමත් ඉතින් ෆෙන්ෂුයි ගැන කියවලා තියෙනවා ආසිරි වනිගරත්නගේ ඉදන් සමහර සත්‍ය චින ආචාර්යවරු දක්වා එහේම එකක් ඇහුවෙත් අදමයි කරන්න දෙයක් නැ සොරි ඩොට් කොම් මගේ යාලුවා සත්‍ය තේරුම් ගන්න ලැස්තිත් නැ.


බලන්න අපේ මිනිස්සුට තියෙන පිස්සුවක මහත, බෞද්ධ දර්ශනයේන්(මම මේ කියන්නේ ආගමක් ලෙස නොව දර්ශනයක් ලෙස ) කොච්චර දේවල් තියෙනවද අපේ ජීවිතය සාර්ථක කර ගන්න .අනික ෆෙන්ෂුයි දර්ශනයේත් කොච්චර හොද දේවල් තියෙනවාද ඉගෙන ගන්න.




නමුත් අපේ අය කරන්නේ මේවායේ කොන පටලවාගෙන දගලන එකයි.ඔක්කොම හොද දේවල් ටික අහක දාල අනවශය දේවල් අපි ගන්න කොව්වර අපි දක්ෂද ?


හංසයාට කිරි මිශ ජලය දුන්නාම කිරි ටික විතරක් බීලා ජලය වෙන කරනවා කියල අහලා තියෙනවා.නමුත් මට පෙන විදියට දැන් කට්ටිය කරනවා ඇත්තේ ඒකේ අනිත් පැත්ත.........................

Monday, January 4, 2010

ගුගල් එකෙන් ඇපල් කැඩීම

ඔන්න මම උදේ පාන්දර ගූගල් එකට යද්දි එක පාරටම ඇපල් ගෙඩියක් වැටුනනේ බැලින්නම් මෙන්න මේකයි වැඩේ .........අද කෙනෙක්ගේ උපන්දිනයක්ලු


කවුද මේ ?


"සැම ක්‍රියාවකට සමානවුත් ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාවක් ඇත"මෙන්න මේ වදන් පෙල අප දහස්වරක් නැවත නැවතත් කියවා ඇත.ඔව් නිව්ටන්ගේ තුන්වන නියමය




අද වර්ෂ 2010 ජනවාරි හතර වෙනිදායි මම මේ කියන්න යන්නේ මීට හරියටම අවුරුදු 367 කට කලින් 1643 වෙච්ච සිදුවීමක් ගැනයි

ඒ මහා විද්‍යනයකුගේ උපත


සර් අයිසෙක් නිව්ටන් උපන්නේ 1643 ජනවාරි හතර වෙනිදා ඉතින් එතුමා ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැනේ



ඔන්න මම ඔය ගොල්ලන්ට මතක් කලා පමණයි



මුලාශ

විකිපීඩියා

Sunday, January 3, 2010

අහෝ මොවුන් නොදුටු බුදුගුණ...............| සංශෝධිත

මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය යම් ආගමකටවත්, සමාජ කොටසකටවත්, ජීවන රටාවකටවත් , එසේ නැත්නම් බුදුගුණ වර්ණානා කරන්නවත් ලියපු ලිපියක් නෙමේ

කවුරු හරි මේ ලිපිය කියවලා කෝපයට හෝ හිත් තැවුලකට පත් වෙනාවානම් E පිලිබද මගේ කනකාටුව :)

මෙන්න මේ පින්තුර ටික මට මුණපොතේ කල්මරණ කොට හම්බ උන පින්තුර වගයක් බලන්නකෝ මෙකේ ඉන්න සුරිපිනියන්(භාහිරින් පමණක්) කරන වැඩ............

මම මේ පින්තුර ටික නුසුදුසු හින්දා ඉවත් කලා

ඒ වා බලන්න ඔනේ නම් මුලශ සටහන බලන්න

ඒ පින්තුර ගැන විස්තර කරනවානම් ඒවා යම් යම් පුද්සලයන් බුදු හාමුදුරුවන්ගේ මූර්තියක් යොදාගෙන අරන් තිබ්බ විකාර රූප ටිකක්.


ඇත්තෙන්ම එම පින්තුර යම් අකාරයක බුදුදහම පිලිබද දැනුමක් තිබ්බානම් ඔවුන් ගන්නේ නැ කියලයි මට හිතන්නේ


මට මේක බලද්දි පලමුව මේ ගැන කෝපයක් ඇති උනත් පස්සේ මේ ගැන අති උනේ මේ පුද්ගලයන් දැනුවත්ව හරි නොදැනුවත්ව කරන දේ අපි මොන මගුලට මල පැන ගන්නවාද කියන එකයි.මොකද බුදු දහම , බුදු හාමුදුරුවෝ ගැන ඒ භෞතිකව මනින්න බැනේ අනික අපි බුදුපිලිම වගේ සංකේතාත්මක දේවල්වලට පුජා කරනේ ඒ අසම සම බුදුරජානන්වහන්සේගේ ධර්මයට හා එතුමාට කරන ගරු බුහුමනක් මිසක් වෙන වෙන දේවල් බලා පොරොත්තුවෙන් නෙමේනෙ !( මම දන්නේ නැ මේ සම්බන්දව ඔබ මා සමග එකගද නැද්ද කියලා)

තව එක පින්තුරයක් ගැන මම කියන්න කැමතියි මේ පින්තුරය මට හම්බ උනේ ඩේලිනිව්ස් වෙබ් එකෙන් මෙකේ තියෙන්නෙ පිදුරංගල විහරේ තියෙන සැත්පෙන් බුදු පිලිමය




 බලන්න මේකෙට නිධන්හොරු කරලා තියෙන හානිය හුගක් ( බහුතරයක්) නිධන් හොරු බෞද්ධයන් එහේම නැත්නම් බොද්ධ චීවරධාරින් ඉතින් මේ ගොල්ලෝ කරන දේවල් එක බැලුවහම උඩ ඉන්න අබෞදධයන් ගැන මොකට ලත වෙනවාද ? අබොද්ධයන්ට ඒක නිකම්ම නිකම් තවත් පිලිමයක් විතරයි ..............

තව එකක් මම මේ පොටොස් ගත්ත මුනපොතේ පිටුවේ තිබ්බ විවීචේන පිලිබදවනම් ලැජ්ජ වෙනවා. එක තිබ්බ සමහර එවා බොද්ධයේක් කෙසෙවෙතත් ශිෂ්ඨ සමජයේ සත්වයේක් වශයෙන් වෙන පුද්ගලයෙක්ට අපහාස කිරිම සදහා භවිතා කලයුතුද යන්න නැවතත් සිතා බැලිය යුතුය..

අවසානයේ බලන්න මේ පින්තුරයත්






එක් රුපයකින් වචන දහසකින්වත් කිව නොහැකි අදහසක් පෙන්වන්න පුලුවන්

මුලාශ
මුණපොත

Save The Buddhism For the Future


ඩේලිනිව්ස් වෙබ්

පිදුරංගල

ලක්බිම වෙබ්

සමාධි බුද්ධ ප්‍රතිමාව

අසංශෝධිත සටහන

ඇමුනුම



පසු සටහන








මට මේ බ්ලොග් සටහනෙන් පවසන්න ඔන වුනේ අපි මේ දෙවල්වලට හැගිම්වලට වහල් නොවි කටයුතු කල යුතුය කියන එකයි







නමුත් පසුව සැම් හා තරිදුගේ තර්ක විතර්කවලට ක්න් දිමෙන් ඇත්තටම මම කර ඇත්තේ මා නොකල යුතු දෙයම බව මට අවබෝධ වුයෙමි







ස්තුතියි

Friday, January 1, 2010

අනුරාධපුර යුගයෙන් එහා ගිය අපේම ශිෂ්ඨාචාරයක් | රාවණා !

මම හිතන්නේ කට්ටිය ඔක්කොම ඊයේ රුපවාහිනියේ (31-12-2009) ගිය අබා බලන්න ඇති... මටනම් ඉතින් බලන්න බැරි උනා හේතුව මෙතනට සම්බන්ධ නැති නිසා මම කියන්නේ නැ.

මට ඊයේ අපේ තරිදු ලියපු " ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා " ලිපිය කියව්වාට පස්සේ කවදත් ඇගේ තියෙන ඉතිහාස උන පොඩ්ඩක් වැඩි උනා

ඊයේ එලියට ගියත් මේ ගැන ටිකක් විතර කල්පනා කලා. මෙහෙම ඉන්නකොට රිවිර පත්තරේ ගිය ලිපියක් මතක් උනා.

ඉතින් පොඩ්ඩක් හොයල බැලුවම එක ලිපියක් නෙමේ දෙකක්ම හම්බ උනා. ඉතින් ඇත්තටම අපිට අනුරාධපුරයෙන් එහා ගිය අතීතයක් තිබ්බද ? මීට ටික දවසකට කලින් ඇහුවනම් කියන්නේ එහෙම කියන්න බැ මොකද මහාවංශයේ සදහන් වෙන විදියට ක්‍රි පු 6 ට කලින් මෙහේ එතරම් දියුනු සමාජයක් තිබිලා නැ විජය කුමාරය එන්න කලින් මෙහේ තිබිලා තියෙන්නේ ප්‍රථමික සමාජයක් ( මහාවංශයේ කතුවරයා(යන්) ලංකාවේ ප්‍රාග් අයිතිහාසික යුගය ගැන නොලියුවේ ඇයි ? එවා දැන් ඉන්න උගත් මොඩයෝ වගේ නුගත් බුද්ධිමත් ගැමියන්ගේ කතා කියලා අහක දැමුවද ? )

අපේ රාවණා රජතුමා ගැන මම මේ අවස්ථාවේ සම්බන්ධ කරන්නේ නැ නමුත් ලංකාව මුලු ලොකෙමත් එක්ක බලද්දි සැහෙන්න හොද ඉතිහාසයක් තියෙන රටක්

රිවිර පුවත්පතේ රවී ජයන්ත සදහන් කරන අකාරයටනම් අචාර්ය දැරණියගල , ආචාර්ය නිමල් පෙරේරා ,මහාචාර්ය නෝට් කියන පුද්ගලයන් විසින් ඔහුට පවසනවා අනුරාධපුර ඇතුලු නුවර ප්‍රදේශයෙන් ක්‍රි පු 9 ට කලින් සාධක හමුවෙලා තියෙනවා කියලා.

පුදුමයි නේද ?

ඒ එක්කම රිවිර පුවත්පතේ ධර්මප්‍රිය ලියනාරච්චි ලේඛකයා කියන විදියට අනුරාධපුරයෙන් නොවුනත් රංග මඩල ප්‍රදේශයේ මාහාචර්ය රාජ් සෝමදේව කියන විදියට එම ප්‍රදේශයෙන් වසර 3000 කට වඩා පැරණි ඉතා දියුනු මට්ටමේ ජීවත් වුන මිනිස් සමාජයක සාධක හොයා ගෙන තියෙනවා

මේ අනුව අපිට හිතන්න පුලුවන් ලංකාවේ හතර දිග් බාගයේම දියුනු ප්‍රාග් අයිතිහාසික ශිෂ්ඨාචාරයක් තිබුනා කියලා..........
පොඩ්ඩක් තව ටිකක් හොයලා බලන්න ඔනේ නිවඩු පාඩු වෙලාවක

බලගෙන ගියම තව ටික කාලේකින් අපේ රාවණා රජතුමාගේ රාජධානිය ගැනැත් හොයා ගන්න පුලුවන් වෙයි.සමහර විට මේ කියන දේවල් වැලලීලා ඇත්තේ අපේ කකුල් දෙක යටම වෙන්න පුලුවන් නේද ?

මුලාශ

http://www.rivira.lk/2009/09/27/rividahara1.htm
http://www.rivira.lk/2009/09/20/rividahara4.htm

නව වසරට සුබ පැතුම්



ඔන්න හාපුරා කියල නව වසරේ අපේ කට්ටියට සුබ පතනවා

මේ නව වසරේ ඔබගේ සියලු පැතුම් ඉටුවේවායි මා හද පතුලෙන් පාර්ථනා කරනවා

සුබ නව වසරක් ඔබ සැමට






ඒ වගේම මේ අපේ පුංචි දිවයිනේ සියලුම ජාතින් සතුටෙන් සමගියෙන් චිරාත් කාලයක් ජීවත් වෙන්න ඔනේ කියන අහිංසක බලාපොරොත්තුවත් තියෙනවා