මෙතෙක් කොළඹ සුපිරි ක්‍රිඩකයන්ට පමණක් සිමා වී තිබු මේ අවස්ථාව ක්‍රිඩා අමාංතයාශය ප්‍රමුඛ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සාමන්‍ය ජනතාව වෙත ලබා දීමට තීරණය කර තිබේ.මින් පෙර මෙම අවස්ථාව ලබා දී තිබුණේ සුපිරි තරු පැලන්තියේ ක්‍රිඩකයන්ට පමණි.
මේ සදහා තව දුරටත් අදහස් දැක්වු මාරගස්ථ ප්‍රවාහනාධිකාරයේ වෙලාපත් සටහන්කරු මේ සදහා තෙරීම් පටි පාටියක් පවතින බවන් ඒ සදහා පවතින තේරිම් තරග මේ දිනවල පිටකොටුව බස්නැවතුමේ බෝ ගස අසල 120 බස් රථ නවතන මගී නැවතුමේ පවත්වන බව සදහන් කළේය.
සියලුම ක්‍රීඩකයන් සවස 6 න් පසු පිටකොටුව බස් නැවතුමට පැමිණිය යුතු අතර පහත සදහන් ඉසව්වලින් සමත් විය යුතුය.
- සවස 6 සිට 7 වන කාලය දක්වා අදුරු වැටෙන තුරු සිටගෙන ඩෙංගු(ඩෙංගී) ප්‍රමුඛ පේක්ෂක ජනතාව කුල්මත් කිරීම.
- බසයක් එනවිට දිවීමේ ඉරියව්වට පැමිණීම හා බසය ගිය පසු නැවත පෙර ඉරියව්වට පැමිණීම.
- ධාවනය වන බස් රථයේ දිව ගොස් එල්ලීම.
- බස් රථයේ දැනටමත් එල්ලී සිටින්නන් ඉන් ඉවතට ඇද විසී කිරීම.
- බස් රථයේ අසුන් ගැනිමට බලාපොරොත්තූ වී පැය ගාණක් පෙරමග බලා සිටින ආබධිතයන් , කාන්තාවන් සහ අනෙක් අයට බස් රථයට ගොඩවීමටවත් අසුන් ගැනීමටව ඉඩ නොදීම.
- වර්ග සෙන්ටීමීටරක් තුල දස දෙනෙකු සමග සංයුක්ත වීම.
- කොන්දොස්තර (තරග තීරක ) පොඩ්ඩක් කලබල නොවී සිටින්න කී විට "තොපේ අම් @#$#%$5" කිය සුද්ධ සිංහල උගැන්වීමේ හැකියව විශේෂ සුදුසු කමක් සේ සැලකේ.
- තරගය ජයග්‍රහකායට 120 බස් රථයේ ආසනයක් හිමි වන අතර ගමන් ගාස්තු දැරිය යුතුය.
- ජාතික සංචිතයට ඇතුලත් වීමට අවස්ථාවක් ලැබේ.(ඇමතිතුමාගෙන් ලියුමක් අවශය ).
- තරගය තුල සිදුවන අනතුරුවලට කිසිම වගකීමක් නොලැබේ.
- තරගය අතරතුර මිය ගියහොත් පුවත් පතක නොමිලේ මරණ දැන්වීමක් පලකරවා ගැනීමේ අවස්ථාව සැලසේ.
පරක්කු නොවී ඔබත් අදම ඉල්ලුම් කරන්න.අවස්ථා සිමිතයි.
පසු සටහන
මෙය මම පෞද්ගලිකව අත්විදින දෙයකි.ඊට අමතරව පසුගිය සුමානයේ මා බස් රථයක් පැමිණෙන තුරු සිටින විට අත්දැකුණු දෙයින් මම ඉතාමත් ශොකයට පත්වුයෙමි.
ඒ බණඩාරගම සුපෝගබොගි බස් රථයකි, බස් රථය නැවතුමට පැමිණීටත් පෙර මිනිසුන් දුව ගොස් එල්ලුනි.කිසිම පොලිමක් නැත.පැය ගාණක් තිස්සේ බස් රථයක් පැමිණෙන තුරු බලා සිටියේ කකුල දණ හිස ලගින් අහිමි පුද්ගලයෙකි.අත්වාරු සහිතව සිටි ඒ පුද්ගලයා බස් රථයට නැගීමට වෙර දැරුවත් මේ ධර්ම රාජ්‍යයේ ධර්ම දුතයෝ බස් රථයට ගොඩ වුයේ අර පුද්ගලයාවත් පෙරලාගෙනය.එපමණක් නොව බස් රථය ධාවනය වන විටත් ඔහු ඒ පසුපස අත්වාරුවලින් ගියේ එතකොටවත් අවස්ථාවක් හම්බ වේ යැයි සිතමින් විය හැක.මෙලෙස මීටර් සීයක් ගිය ඔහු නැවත හැරී අවේ කදුලු පිරි දෙනතිකනි.
මේ මුල සිටි බලා සිටි මා ලගින් ගිය ඔහු කිවේ "මල්ලි ඔහොම තමා ජිවිතේ".මගේ බස් රථය පැමිණි බැවින් මා එයට ගොඩ වුයෙමි.නමුත් මගේ හිතේ රැව්පිලි රැව් දුන්නේ සමහර විට අර අයියා හමුදාවේ යුද්ධයෙන් පාදය අහිමි වු අයෙකු විය හැක.ඔහු සිතනු ඇත්තේ කුමක්ද ?
ඔහු පාදය දන් දුන්නේ මෙවන් මිනිසුන් වෙනුවෙන්ද ?
0 comments:
Post a Comment