Friday, January 25, 2013

ලිංගික අතවරවලින් බේරෙන්න අපේ ඇයොන්ටත් පිහියා

ඉන්දියාව යනු විශාල ජනග්‍රහනයක් සිටින ඒ වගේම ලොව විශාලතම ප්‍රජාතන්තවාදී ජනරජයයි.පසුගිය මාස කිහිපය තුල ඉන්දියාව තුල ඉතා විශාල උද්ගෝෂණ රැල්ලක් ව්‍යාප්ත වුණා.මේකට මූලිකත්වය ගත්තේ බොහොම වෙලාවට විශ්වවිද්‍යාල තරුණ පිරිස්.මේ උද්ගෝෂණ පැවැත්තුවේ කිසිම දේෂණපාලනමය හේතුවකට නොවේ.ඔවුන්ගේ එකම ඉල්ලිම උනේ සාධාරණයයි.



ඉන්දියාවේ නීති පද්ධතියේ ශක්තිය අමුතුවෙන් කිව යුතු නැත අපරාධකාරයින් ගෞරව පිට ගෙදර යවනේ අපේ රටේ නිලධාරි පද්ධතිය තරම්ම එය සාධාරණය.

ටික කලක් යනවිට අතරවරයට පත් වූ කාන්තාව තමාටම අතවර කර ගත්තා යයි පැවසුවොත් මම පුදුම නොවෙමි. ලංකාවෙත් වන්නේ එයය.සිව්සේනා යනු ඉන්දියාවේ පවතින හින්දු පක්ෂයකි. මේ පක්ෂේ ක්‍රියා හුගක් අන්දෝලාත්මකයි.හුගක් බුද්ධිමත් ඉන්දියානුවන් හුගක් වෙලාවට මොවුන් මග හැර යාමට පෙලෙබෙනවා.

පසුගියදා සිවසේනා අපුරු පියවරක් ගෙන තිබුණා එනම් කාන්තාවන්ට පිහි ලබා දිමයි.එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එමගින් කාන්තාවන් ආරක්ෂා වෙයි කියලා.

මොනවා වුණත් ඉතින් ඉන්දියාවේ බලධාරින් කියනවාලු ඒව භයානක නෑ කියලා.

අනේ අපේ රටේ බලධාරින්ට කියන්නේ රටේ සමාන්‍ය ජනතාවට ආරක්ෂාව සපයන්න බැරිනම් අඩුම ගානේ පිහියක්වත් දෙන්න කියලා බඩ පලාගෙන සියදිවි නසා ගන්න !




2 comments:

  1. සිව සේනා ඉන්දියාවේ දේශපාලන මලසමයම් වලින් ලෝකෙටම පෙන්න ඉහලින්ම තියන එකක් , එයාලගේ පිහියා කෙසේ වෙතත් අර කිව්වත් වගේ මෙහෙම ගියොත් තව ටික කාලෙකින් බඩ කපාගන්න පිහියත් ණයට තමයි ගන්න වෙන්නේ

    ReplyDelete
  2. විහිලු නෙමේ ගම්මිරිස් විදිනයවත් ඔපන් මාර්කට් එකේ තියෙන්න ඔනේ පිරිමින්ටත් ගන්න පිලිවන් විදියට

    ReplyDelete