Thursday, January 24, 2013

හලාල් , මුස්ලිම් සහ දේශප්‍රේමි සිංහලයා | Halal , Muslims and Patriotic Sinhaleese

හලාල් යනු කැප දෙය , මුස්ලිම් වර්ගයා ආරාබියෙන් ආවේද ඉන්දියාවෙන් ආවේද , සිංහලා දේශප්‍රේමිද ජාතිවාදිද ? පිලිතුරු නැති ප්‍රශ්ණ , කෙලවරක් නැති විසදුම් , ඒ අස්සේ ජීවිතය ලස්සනයිලු , ඔක්කොම සුජාතලු.හැබැයි මේ ඔක්කොම කුජීතයි.

මම හාලාල් යන්න ගැන පැහැදිලි නොකරන්නෙමි.නමුත් අද බොහොමයක් සිංහල තරුණ පරම්පරාවත් සඟරුවනත් හලාල් වර්ජනය කරමින් සිටිති.

ඇයි මේ ?

මෙයට හේතු රාශියක් ඇත නමුත් ආසන්නම ප්‍රකාශිත හේතුව ලෙස පවසන්නේ හලාල් අනවශය පාරිභෝගිකයන් පවා වෙනම බද්දක් මුස්ලිම්වරුනට ගෙවන බවය.ඒ සල්ලි ත්‍රස්තයන් අතට යන බවය.කන්න ගන්න ආහාරයටත් ඇතුලුව මුලික මනුෂ්‍ය අයිතිවාසිකම් භුක්ති විදීමටත් අසීමන්තික වශයෙන් රජයට බදු ගෙවන අපි රුපියක් 400 - 500 වෙනුවෙන් අරගල කිරිම විහිලුවකි.පැත්ත ගියත් ඇත්ත කිව්වොත් සිංහල අපිට ඇත්තේ පැහදිලි ඊර්ෂියාවකි.එනම් තම වර්ගයා වඩා වේගයෙන් බෝ කිරිමට ඇති නොහැකියාවේ හෙලුව වසා ගන්නා කරන තවත් කෙප්පයකි.පෙර මාපිය පරම්පරාවල සහෝදරු දුසිමක් දෙකක් සිටි දරු පරුපරට ඇත්තේ දරුවන් එකෙකි නැත්තම් දෙන්නෙකි.

මෙය අද ඊයේ ඇති වූ දෙයක් නොවේය.සුද්දන්ගෙන් පිනට හම්බ වූ නිදහස ගත් විගස ඒ නිදහසත් ගන්න උර දුන් පොන්නම්බලන් රාමනදන් ආදී සිංහල නොවන්නන්ගේ මැදිහත් වීම් අමතක කර මෙය සිංහල ජාතියට සින්නක්කර ලියා ගැනීමට යැමෙන් රට අවුරුදු තිහක යුද්ධයකට මුල පිරීය.පොඩිකාලේ ජාතික වීරවරයන් වශයෙන් කාටපාඩම් කරපු ටී.බී ජයා මුස්ලිම් බව අද කාටත් අමතකය.

සුද්දා සිංහලයන්ගේ කුහකත්වයෙන් ප්‍රයෝජන ගත්තේය.එකදාස් අටසිය පහලොවේදි සිංහලුන්ගේ අසමගිය නිසා රට සුද්දට සින්නකර ගියේය.වෙල්ලසේදී මුස්ලිමෙකුට කෙලින්න ගොස් අන්තිමට මුලු වෙල්ලසම කෙලවිය..

එයින් මට්ටු නොවු අපි අදත් ශ්‍රී ලාංකිකයෝ, ජාති වශයෙන් බෙදී සිටිති. උප්පැන්න සහතිකයෙන්ම කොටස් කරන අපේ ජාතිය ඊලගට කොටස් වෙන්නේ පාසලිනි , එකම විෂය මාලව "කස්ටමයිස්" කර එකම රටේ සිංහල පාසලේ එක විදියකට , මුස්ලිම් පාසලේ එකවිදියටත් හින්දු පාසලේ එකවිදියටත් උගන්වති.එපමනක් නොව පාසලෙන්ම පටන් ගන්නා ජාති භේදයට පෝර දමමින් දේශපාලුවෝ  ආගමික නායකයෝ සාක්කු පුරවා ගනිති.

සරපයින් රෙද්ද අස්සේ දමාගෙන කැවෝ කැවෝ කියා කෑ ගැසිම හැර අද සිංහලයකුට කල හැකි දෙයක් නැත.

සිංහලයා කවදත් උද්ද්ච්චය , ආඩම්බරය සුද්දාට කත් ඇදීමට බැ කියු සිංහලයා අන්තිමට නතර වුයේ සුද්දගේ දෙපුතුල යටය.සමානත්වය , එකමුතුකම නිසරු වදන් නොවන බව අපි අදවත් තේරුම් ගත යුත්තෝය.මේ සිංහල රට යයි පාරම් බැම අදවත් අවසන් කලයුතුය,දැන්වත් අපි හැදිය යුතුය.

තවමත් ශ්‍රී ලාංකික්යන්ට ගොඩ යා හැකිය ඒ එක් එක් ජාති වෙනම නොව එක් ජාතියක් වශයෙනි.වෙන වෙන එක එක ජාතින්ගේ පාසල්වල උගන්වන ආගම එකක් කල යුතුය , එනම් ආගම පාසල් විෂය මාලවෙන් ඉවත් කල යුතුය ඒ වෙනුවට පොදු හරයන් ඉගැන්විය යුතුය.ආගම ඉගෙන නොගත යුත්ත යන්න මාගේ තර්කය නොවේ.ඒදා විභාග ගොඩ දා ගැනීමට කටපාඩම් කරපු ආගම අද කාටවත් මතකද කියා ඇසිය යුතුය.එයින්ම පාසලේ ඉගෙන ගන්නා ආගමේ ඇති ප්‍රයෝජනය පැහිදිලි වේ.පාසල හා ආගම , ජාතිය වෙන් විය යුතුය.සැම දෙනාටම සමාන නිල ඇදුමකුත් සමග එකම භාෂාවකින් ඉගෙනුම ලැබීමට සැලස්විය යුතුය.

සියලු ජාතින්ට මේ අපේ රට කියා කියන්න පුලුවන් වූ දවසට එදා සුද්දා පිගානක් මත තියා හිගා දුන් නිදහසට තේරුමක් අත්වෙනවා ඇත.එදාට සමහරක් මුස්ලිම්වරු පකිස්ථානය හොයියා නොකරනු ඇත , දමිලයා ඊලමක් නොයිල්ලනු ඇත , සිංහලයා පම්පොරි නොකියනු ඇත.

රටේ නීතිය හෝ ව්‍යවස්තාවා එක ආගමකට ප්‍රක්ෂාගහි නොවිය යුතුය. කොටින්ම රටේ ව්‍යවස්තාව සියලු දෙනාටම පොදු විය යුතුය.

මේ මොකක් නොකලත් , ඇත්තටම අපි හීන දැකිම නවතා දැන්වත් අවදි විය යුතුය.


34 comments:

  1. ඉරිසියාව ඇත්ත තොරතුරු මත පදනම් වුනානම් තව කමක් නෑ කියල හිතන්න තිබුන. ඒත් මේ කියන කතා වල පදනමක් නැති එකයි දුක. මුස්ලිම් ජනගහනය වර්ධන වේගය වැඩියි කිව්වුවත් අන්තිම ජන සංගණනය වෙනකම් ජන වර්ධන වේගය වැඩිවුණේ සිංහල ජනතාවගේ. 2012 මුද්‍රණය කරපු ජන සංගණන වාර්තා වල හැටියට මුස්ලිම් ජනගහන වේගය සිංහල ජනගහන වර්ධන වේගයට වඩා වැඩි වෙලා තියෙන්නේ 0.1%කින්. සංඛ්‍යානමය වශයෙන් මේක වැඩිවීමක් නොවේ. නමුත් කියන්නේ තව අවුරුදු 30-40කින් මේ රටේ මුස්ලිම් රටක් වන බවයි.
    හලාල් බද්ද ගැන කියවෙන්නත් බොරුවක්. ව්‍යාපාර වල දෘෂ්ටිකෝණයෙන් බලන කොට හලාල් සහතිකය කියන්නේ ඉල්ලුම වැඩිකර ගන්න තියෙන උපක්‍රමයක්. ඉල්ලුම වැඩිවෙනවා කියන්නේ නිෂ්පාදනය වැඩිවෙලා භාණ්ඩවල නිෂ්පාදන මිල අඩුවෙන එකයි. ව්‍යාපාර වෙළඳ දැන්වීම් වලට දශ ලක්ෂ ගණන් වියදම් කරන්නෙත් මේ නිසයි. හලාල් සහතිකේ නිසා මිල වැඩිවෙනවානම්, වෙළඳ දැන්වීම් නිසාත් බඩුමිල වැඩිවෙන්න ඕනේ.

    මහා ජාතියට හෝ සුළු ජාතියකට අසාධාරණයක් වෙනවනම් ඒ ගැන කතා කරන්න ඕනේ. ඒත් මේ ඇතිවෙලා තියෙන මුස්ලිම් භීතිකාවනම් මහා විකාරයක්. සීයට අනුවක්ම බොරු. මේවා ගැන කතා නොකලොත් මේ රටේ සංඝ තලිබානයක් ඇතිවෙලයි අහවර වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

      Sinhalese 1981- 73.95 , 2011- 74.88 (2011-1981)= ~1%
      Muslims 1981- 7.05% , 2011 - 9.23% (2011-1981)= ~2%

      අවුරුදු 30කින් හතලිහකින් නැතත් කවදා හෝ මුස්ලිම්වරුන් සැලකියුතු බලයක් අත්කරගන්නවා කියන එක නිසැකයි මේ විදිහට . මේකට උත්තරේ සිංහලයොත් පැටව් ගහන එක නම් නෙවෙයි . රටේ සියලුම පුරවැසියන්ට බලපාන ලෙස උපත් පාලන නිති ගේන එක

      Delete
    2. මගේ සංඛ්‍යාව දශමස්තානයකින් වැරදිලා. නිවැරදි කරාට ස්තුතියි.

      එත් කවද හරි මුසල්මානුවන් සැලකිය යුතු බලයක් ඇත කර ගන්නවා කියන එක පිළිගන්න අමාරුයි. අවුරුදු දහස් ගණනක් සිංහල රටක් ලංකාව. ඔය විකිපීඩියාවෙන් අවුරුදු සීයක දත්ත වලින් පෙන්නන්නේ සිංහල ජාතිය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන බවයි. ඒක වෙනස් වෙන්න හේතුවක් නෑ. මුස්ලිම් රටක් වෙනවා කියන එක මෝඩ මිනිස්සු බයකරලා කොස් ඇට බාවගන්න කියන කතාවක්.

      Delete
    3. සිංහලයින්ගේ වැඩි වීමට සාපේක්ෂව මුස්ලිම් වරුන්ගේ වැඩි වීම ඉහල බව පේනවානේ . අනික සිංහල උගත් ජනතාව අතර පවුල් සැලසුම් ක්‍රම ආදීය ක්‍රියාත්මක වෙනවා , නමුත් මුස්ලිම් වරුන් අතර ඒකත් නෑ . ඒ නිසා ඉදිරියේදී මුස්ලිම් වර්ධනය එහමම තියෙත්දි සිංහල ජනඝහන වර්ධනය අඩුවෙන්න පුලුවන් , මොකද පවුල් සැලසුම් ක්‍රම ජනතාව අතරට සක්‍රියව ගමන් කරන්න ඉදිරිකාලයේදී ඉඩකඩ වැඩියි

      Delete
    4. ඉතිහාසයේ පලවෙනි වතාවට මුස්ලිම් අයගේ වැඩිවීමක් පේනවා තමයි, එකත් සීයට 1කින්. එක විශාල අන්ජයක් නෙවේ. අනෙක මුස්ලිම් අය අතර පවුල් පාලන ක්‍රම භාවිත වෙන්නෑ කියන එක වැරදි බව මම පුද්ගලිකවම දන්නවා කොළඹ මුස්ලිම් උදවිය අඳුරන නිසා. නැගනහිර පළාත තව දියුණු වුනහම එතෙන්ටත් ඔය උපත් පාලන ක්‍රම එහෙම යයි. තව බංගලිදේශයේ, ඉන්දුනීසියාවේ එහෙම මුස්ලිම් ජනගහනේ අපූරුවට උපත් පපාලනය කරන්නේ.

      Delete
    5. ඉන්දුනිසියාවෙ මුස්ලිම් වරුන් අන්තවාදීන් නෙවෙයි , නමුත් ඉස්ලාමය ඕනිවට වඩා ඔලුවට ගහපු අය එහෙම කරන්නේ නෑ ,මම දන්න උගත් මුස්ලිම් පවුල් සහ සිංහල පවුල් සංසන්දනයකින් තමා මම ඔය කාරණය කීවේ . 1%කින් හෝ වැඩි වෙලා තියනවා කියන්නේ දිගු කාලිනව ප්‍රශ්නයක් තියනවාය කියන එක

      Delete
  2. රජයට බදු ගෙවන එක ඕනිම පුරවැසියෙකුගේ වගකීම. නමුත් රටේ 9%ක් ඉන්න ආගමිකයින්ගේ වුවමනාවක් වෙනුවෙන් ඉතුරු 92% අතිරේක මුදලක් දරනවා නම් ඒක සම්පූර්නයෙන් අසාධාරණ දෙයක් . ඊලඟට එහෙම මුදලක් නොගියාත් මුස්ලිම් වරුන්ට "අනුමත " කරපු , ඔවුන්ගේ දෙවියන්ගේ නාමයෙන් මරන ලද කැම පමණක් වෙලඳ පොලේ තියන එකේ සාධාරණත්වය මොකක්ද , ඊලඟට හලාල් සහතික ගන්න වියදමක් කරන්න බැරි කුඩා පරිමාණ අමුද්‍රව්‍ය නිශ්පාදකයින්ට වෙන්නේ මොකක්ද ? මුස්ලිම් සුලු තරයක් වෙච්ච ලෝකේ අනික් රටවලත් ඔක්කොම බඩු හලාල් කරපුවද ? අනික් රටවල හලාල් කියන්නේ මුස්ලිම් අයට අවශ්‍ය නම් ගන්න තියන විශේෂිත ආහාර . මෙහේ 9%ක් ඉන්න මුස්ලිම් වරු වෙනුවෙන් ඔක්කොම හලාල් , ඒක සාධාරණී කරණය කිරීම සම්පූර්‍නයෙන් වැරදියි . හලාල් මුස්ලිමුන් ගේ අයිතියක් නම් හලාල් නොවන කැම මුස්ලිම් නොවන අයගේ අයිතියක්

    ReplyDelete
    Replies
    1. හලාල් සහතිකේ නිසා අතිරේක මුදලක් යනවා කියල ඔයා ආයේ ආයෙත් කියන්නේ බොදු බල සේනාවේ බොරුවනේ. ආර්ථික විද්‍යාව අධ්‍යනය කරන්න. ඉල්ලුම වැඩිවන විට නිෂ්පාදන වියදම අඩුවෙනවා. ව්‍යාපාර හලාල් සහතිකේ සල්ලි දීල ගන්නේ ඉල්ලුම වැඩි කරගන්නයි.

      හලාල් සහතිකයෙන් කියන්නේ මුස්ලිම් උදවියට තහනම් අමුද්‍රව්‍ය ඒ නිමි ආහාර භාණ්ඩයේ නැති එකයි. මෙතන සතුන් මරණ ක්‍රමය අදාළ නෑ. මස් ගන්නවන් ඔයා කියන එක හරි. මස් ගන්නකොට හලාල් ගන්න එපා.

      අනෙක් රටවල වුනත් හලාල් තියනවා. හරියටම කියනවනම් හලාල් සහතිකය තියෙන්නේ මුසල්මානුවන් සුළුතරය ඉන්න රටවල තමයි. මුස්ලිම් බහුතරයක් ඉන්න රට වල by default ඔක්කොම කෑම හලාල් තමයි. උදාහරණ කියනවනම් ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව දක්වන්න පුළුවන්. ඒ රටවල අනෙක් සුළුජාතීන්ගේ අවශ්‍යතාවය මත වෙනත් සහතික තියෙනවා. යුදෙව්වන් කෝෂර් සහතිකය ලබා ගන්නවා. හින්දු ආගමිකයන් vegetarian සහතිකය ලබාගන්නවා. මේක තමයි විවිධ ජාතීන් ඉන්න රටවල තත්වය.

      Delete
    2. අතිරේක මුදලක් යනවා හෝ නොයනවා මුස්ලිම් වරුන්ට අනුමත ආහාර අනික් ආගමිකයින්ට අනිවාර්ය වෙන එක වරදක් . ඔයා කියනවා මට හලාල් නොවන මස් ගන්න කියනවා . කෝ කොහෙද තියෙන්නේ හලාල් නොවෙන මස් ලංකාවේ ගන්න ? මැක්ඩොනල්ඩ්ස් , කේඑෆ්සී ත් ලංකාවේ හලාල් . පහල මම ලින්ක් එකක් දාල තියනවා . කියවලා බලන්න . එංගල්න්තයේ , ඇමරිකාවේ හලාල් , කෝශර් වගේ ඒවා "විශේෂිත " ආහාර කාණ්ඩ . එහෙම නැතුව තියන ඔක්කොම හලාල් කරලා මිනිස්සුන්ට හලාල් නොවන ආහාර ගන්න තියන නිදහස නැති කරලා නෑ . නිර්මාංශ ආහාර කියන්නේ හින්දුන්ට ආවේණික දෙයක් නෙවේ . සත්ව කරුණාව , වෛද්‍ය උපදේස් වගේ දේවල් නිසා නිර් මාංශ ආහර ගන්න අය ඉන්නවා . ඒ නිසා ඒක ආගමික දෙයක් නෙවෙයි . හලාල් සහ හලාල් නොවන භාණ්ඩ ආකාර දෙකම වෙලඳ පොලේ තිබිය යුතුයි . හලාල් ආහාර විකුණන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වගේම හලාල් නොවන ඒවා විකුණන අවන්හලුත් තියෙන්න ඕනි . එහෙම නොකර සියලුම දෙනාට හලාල්ම කන්න සිදුවෙන එකටයි මම විරෝධය පලකරන්නේ

      Delete
    3. නිමි මස් ආහාර සම්බන්ධයෙන්නම් කියන කතාව හරි. හැබැයි ඉල්ලුමේ හැටියට තමයි සැපයුම. ඔය කියන අවන්හල් වල හලාල් නොවන මස් ඉල්ලුම ඇති කලොත් ඒවා ලබා දෙන්නේ සිදුවේවි. හැබැයි හලාල් සහතිකේ සම්බන්ධයෙන් බොරු කියා කියා ජාතිවාදය අවුස්සන එක වැරදියි.

      අතුරු ප්‍රශ්නයක්. වෙන විදියකට මස් කිරීමට වඩා හලාල් මස් සම්බන්ධයෙන් විරුද්ධ ඇයි?

      Delete
    4. හලාල් නොවන මස් වලට ඉල්ලුමක් ඇති වෙන්නෙ හලාල් ගැන හලාල් අවශ්ය නොවන මිනිස්සු දැනුවත් වීමෙන් , ඒක තමා මේ දවස් වල සිද්ධ වෙන්නේ (ඒක අන්තවාදයක් කරා යන වෙලාවල් තියනවා තමයි ) . නමුත් දැනුවත් නොවී ඉන්න තාක් කල් එහෙම ඉල්ලුමක් හැදෙන්නේ නෑ

      ඔබ මුස්ලිම් කෙනෙක් නොවේ නම් halal slaughtering කියල ගුගල් ඉමෙජ් සර්ච් එකක් කරන්න , මම හලාල් මස් එපා කියන පලවෙනි හේතුව ඒක . දෙක දෙවියෙක්ගේ නමට කැප කරපු මස් කන්න මගේ තියන අකමැත්ත

      Delete
    5. අතුරු ප්‍රශ්නයක්. වෙන විදියකට මස් කිරීමට වඩා හලාල් මස් සම්බන්ධයෙන් විරුද්ධ ඇයි?

      ----------------------
      මුලින්ම කියන්න ඕනි මම බවුද්දයෙක් නෙවි ... මම හලාල් වලට විරුද්ද සත්තු මරණ විදිහ ඉතාම අමානුෂික සහ වනචාරී ක්‍රමයකට නිසා ... ලෝකේ සමහර රටවල හලාල් තහනම් කරලා තියෙන්නෙත් මේ නිසා

      Delete
  3. මෙතුමාට පේන්නේ තමාගේ මාතෘකාවට අදාල කාරණා විතරයි...

    කූරගල මහා බෞද්ධ උරුම විනාශයෙන් පටන් ගත්තාම දෙවනගල, මුහුදු මහා විහාර, කුවේණි මාලිගය, මහා දුටුගැමුණු සෑය, මේවා මේ මාතෘකාවට පාදක නෑ. මොකද එතකොට එයාගේ විෂය දේශප්‍රේමී සිංහලයාට බනින එක මගහැරෙනවානේ... ඔයා පිම්පියෙක්ද?

    උම්බල වගේ උන්ට, හෙල විරුවො කියලා දෙයක් නෑ... එයාලා කරල තියෙන්නෙ මිනී මරපු එක වෙන්නැති නේද? මේ රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන්ගේ ජීවිත අපරාධක් වෙන්නේ මේ වගේ නිවට බෙලහීන අදහස් තියන අමනයන්ගෙන් නිසාදෝ කියලත් හිතෙනවා.
    ලැජ්ජයි..

    ReplyDelete
    Replies
    1. මේ තත්වයට වගකිව දුත්තේ හම්බයන්ද එසේ නැත්නම් නීතිය ක්‍රියාකිරිමට නොහැකිව කට වසා ගෙන සිටින ආයතනද ? එසේ නැත්නම් එම ආයතනවල නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස බලපැම් කරන ලොකු පුටුවලටද ? එහෙමත් නැත්නම් ඒ පුටුවලට මේ ගොයියෝ යවපු , උන්ගේ වැඩවල උල්පන්දම් දෙන විරුද්ධ නොවන අපිමද ?

      Delete
    2. ගොඩක් වෙලාවට මේකට වගකියන්න ඕනි වර්ගවාදී මුස්ලිම් දේශපාලුවන් .. ඔවුන් තමන්ගේ ජන පදනම ඇපයට තියල ඕනෑම ආණ්ඩුවක් එක්ක හෙට්ටු කරනවා ... ඔවුන් වර්ගවාදී විදිහට කටයුතු කරන එක නවත්තනකන් මේ ප්‍රශ්නෙට විසදුමක් නෑ

      Delete
    3. දැන් අපි කටයුතුකරන විදියෙන් එක සිදු වෙනවාද ? අන්න එතනයි ප්‍රශ්නේ / මේ යන විදියට සිංහලුන්ද වර්ගවාදි මුස්ලිමුන්ද වර්ගවාදී වගේ පේන්නේ ?

      Delete
    4. වර්ගවාදි මුස්ලිමුන්ද// - මේක බයි ඩිෆෝල්ට් තත්වයක් නේ . සාතිශය බහුතරයක් මුස්ලිමුන් වර්වගවාදියි. ලෝකෙ ඉන්න බහුතරයක් ත්‍රස්ථවාදි සංවිධාන මුස්ලිම් සහ ඉස්ලාමය පදනම් කරගත්ත ඒවා වෙන්නේ ඒකයි

      Delete
    5. මුස්ලීම්වරුන්ට එකිනෙකාට ඔවුන්ගේ ආගම තුලින්ම බැදිමක් තියෙනවා. අපි අද මෙහෙම කැ ගැහුවට එදා චීනය ටිබෙටය ආක්‍රමනය කරද්දි අපේ නායකයෝ කෑ ගැහුවද ? තායිලන්තයේ හාමුදුරුවරු මුස්ලිම්වරු මරද්දි අපි කැ ගැහුවද කෝ අපේ හාමුදුරුවෝ ඒවෙලාවේ ? කෝ අපේ සිංහල බෞද්ධ රජතුමා ඒ වේලාවේ ? කොටින්ම දැනුන් බංගලාදේශයේ ගමක බෞද්ධයන් සමූල ගාතනය වෙනවා ඇති ? එවට කෝ අපේ එක ඊනියා බෞද්ධයෙක් කැගහනවද ?

      අන්‍රටවල් වල මුස්ලිම් අය එහෙම වුණා කියලා අපි හැම මුස්ලිම් කෙනෙක්ම ත්‍රස්තවාදින් කරන එකද විසදුම ? එහෙම නැත්නම් අපේ ඊලග පරම්පරාවට මේ ප්‍රස්ණය අරන් යන්නේ නැති එකද කරන්න ඕනේ ?
      කෙනෙක්ගේ මනස වෙනස් කරන එක කරන්න ඕනේ ක්‍රමානුකූලව , මේක සමාජයකට කරන්න ගියාම අපි ඊටත් වඩා ප්‍රවේශම් වෙන්න ඕනේ. අපිටත් වඩා මුස්ලිම්වරුන්ට සමානාත්වයක් දක්වන ඉන්දීයාවත් , සමහර මුස්ලිම්වරු සමාජයට අනුගත කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමා ඉන්දියාව කලින් අනුගමනය කරපු හින්දු මිත්‍රශිලි ප්‍රතිපත්තිය.

      මේකට යම්තාක් දුරට පිලිතුරක් සොයාගෙන තියෙන්නේ ප්‍රංශය. රටේ නීතිය ව්‍යවස්තාව තුලින් කටයුතු කිරීම මගින්.ඇයි අපේ නීතිය අපිට වෙනස් කරන්න බැරි ?

      Delete
    6. අන් රටවල මුස්ලිම් අයයි මෙහෙ අයයි කියලා මහා ලොකු වෙනසක් නෑ . අපේ එදිනෙජා ජිවිතයේදී කතෝලිකයෙක් බෞද්ධයෙක්ගෙන් ලේසියෙන් වෙන් කරලා අඳුනගන්න පුලුවන්ද ? නමෙන් සහ භාෂා විලාශයෙන් වෙනස් වුනත් දෙමල කෙනෙක් එක්කේ අපේ පැහීමේ කිසිම බාධාවක් තියනවද? , මුස්ලිම් වරුන් බහුතරයකගේ ඔය තත්වය නෑ . ඔවුන්ගේ ආගමෙන්ම ඔවුන් රටක ප්‍රධාන සංස්කෘතික ධාරාවෙන් වෙන් කරලා හිතන්න පුරුදු කරලා තියනවා . බ්‍රිතාන්‍ය සමීක්ෂනයකින් හෙලිවෙලා තියනවා මුස්ලිම්වරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පලමුව මුස්ලිම් දෙවනුව ජාතිකත්වය වශයෙන් හිතන අය කියලා . මැතක ඉඳන් ලංකාවේ මුස්ලිම් වරුන් මේ අන්තවාදයට දක්වන නැඹුරු තාව වැඩියි , මේ ප්‍රශ්න වල ආරම්භය තියෙන්නේ එතන . ප්‍රංශය වගේ නීතිගෙන ආ යුතුයි .. ඒක ඔබටවත් මටවත් කරන්න බෑ . මේ ඇතිවන කතිකාව සමහර විට පාලකයින් එවැනි නිතියක් ගේන තැනට පත් කලොත් මිසක් (ප්‍රංශයෙත් නිති සකස් වුනේ ඇති වුනු විරෝධාවන් එක්ක , එකම වෙනස ලංකාවේ විරෝධතාවන් හිංසාවාදි ස්ථාවරයකට යන්න තියන අව්ධානම )

      Delete
    7. මෙච්ච්ච්ර කලෙකටත් ලංකාවේ මුස්ලිම් අය ත්‍රස්තවාදීන් උනේ නැත්තේ ඔවුන්ගේ විශේෂ හොදකමකට නෙවි , සිංහලයාගේ අන්මත ඉවසන ගැටුම් වලට නොයන ගතිය නිසා, අනික් රටවල ගැටුම් ඇති වෙන්නේ ඒ රටවල ජනතාව මුස්ලිම් අය කියන දේවල් නොඉවසන නිසා .. නමුත් සින්හලයගේත් ඉවසීමේ සීමාවක් තියෙනවා

      Delete
    8. බුවා , ඇයි ලාංකාවේ මුස්ලිම් වරු එකපාරටම අන් රටවල්වල මුස්ලිම්වගේ ත්‍රස්තවාදි නැඹුරුතාවකට පෙලෙබුණේ ?

      අපි මීට අවුරුදු දහයකට කලින් දෙමල අය ගැන කතා කලෙත් මේ විදියටම නේද පොඩ්ඩක් මතක් කරලා බලන්න. ලංකා බැංකුවට බෝම්බ ගහද්දි අපේ සිංහල මිනිහෙක්ට දෙමලෙක් පෙන්වන්න බැරි කාලයක් තිබ්බා. කලු ජූලියේදි අපි දෙමල මිනිස්සු පන්න පන්න මැරුවා.

      මම කියන්නේ මේ පවතින කතිකාවත ප්‍රක්ෂගාහියි ඒ වගේම විනිවිද භාවයෙන් තොරයි කියන එක.රටේ කිසිම ප්‍රධාන දේශපාලන ප්‍රභවයක් ප්‍රසිද්ධියේ මේකට සහය දෙන්නේ නෑ.සමාජයේ එක තලයක සිටින ආගමික නායකයන් විතරයි මේකට මැදිහත් වී ඇත්තේ.

      එකම වෙනස ලංකාවේ විරෝධතාවන් හිංසාවාදි ස්ථාවරයකට යන්න තියන අව්ධානම මේක තමා මට තියෙන ප්‍රශ්ණෙත් අපි මේ කරන වැඩේ නිසා වෙන්නේ මොකක්ද ? සිංහලා අපි ජාතියක් වශයෙන් රැවෙටෙන සුලුයි. යුද්ධේ ඉවර වූ පලියට අපි රට පෞද්ගලික බූදලයක් විදියට එක මිනිසෙකුට ලියලා දෙන්න කටයුතු කල ජාතියක්.අපි මේ වගේ කාරණයක් සම්බන්ධයෙන් මීට වඩා සංවේදි වගේම උපායශීලි විය යුතුයි.

      Delete
    9. මහාචාර්ය කැල්ක්යුලස්,කැරට් කැමෙයි , අන්‍යන්ගේ මත ඉවසිමයි දෙකක් , සිංහලයන් කැරට් කන්න සූරයෝ , හැබැයි අන්‍යමත ඉවසීමනම් මම හිතන්නේ නෑ.සිංහලයා ගැටුම්වලට යන්නේ තමාගේ බත් පතට කෙල වෙනවා නම් විතරයි එහෙම නැත්නම් ලොකු කැරට් අලයක් ගිලලා.ඇයි අපි මේ ඉහල නගින බදු බරට , එහෙම නැත්නම් මිනිමැරුම්වලට එහෙහිව ගැටුම් වලට නොයන්නේ.මොකෝ ඒවා සිංහලයන්ට හලාල් හින්දාද ? අද මිනිහෙකුගේ උපයන ප්‍රමානය යන්තම් ජීවත් වෙන්නවත් මදී , සැපවත් ජීවිතයක් ගත කරන්න තියා බඩ පුරව ගන්නත් අමාරුයි. කිසිම දාක රටින් පිට නොගිය වෙන රටක මිනිහෙක් ජීවිතේ විදින හැටි නොදැක්ක අයට අපි බහුතරයකට අපි විදින දුක තේරෙන්නේ නෑ. මාධ්‍ය මගින් අපේ සිතීමේ නිදහස පාලනය කිරීමක් කරන්නේ. ගරිල්ලා මාකටින් පාලනයක් තියෙන්නේ.

      Delete
    10. අද මිනිහෙකුගේ උපයන ප්‍රමානය යන්තම් ජීවත් වෙන්නවත් මදී , සැපවත් ජීවිතයක් ගත කරන්න තියා බඩ පුරව ගන්නත් අමාරුයි. කිසිම දාක රටින් පිට නොගිය වෙන රටක මිනිහෙක් ජීවිතේ විදින හැටි නොදැක්ක අයට අපි බහුතරයකට අපි විදින දුක තේරෙන්නේ නෑ.
      --------------
      තාවකාලික ආර්ථික අමාරුකම් නිසා අනාගත පරමපරවල උරුමය පාවාදිය යුතු ද ? අනික් අතට ලංකාව බවුද්ද රටක් ගොඩක් මිසිනිස්සු තමන් දුප්පත් නම් පෙර කල පවු කියල හිතල හිත හදාගෙන ඉන්නවා මිසක් රුසියාවේ වගේ විප්ලව කරන්න යන්නේ නෑ ... අන්න එතනය් ගොඩක් දෙනෙක් ට වැරදුනු තැන

      Delete
    11. මම කියන්නේ උරුමය දඩමීමා කරගෙන ජනතාවගේ අමාරුකම් අපහසුතා මග හැරීම විසදුමක් නෙම්. අපි අපේ තියෙන ප්‍රශ්ණවලට දිගුකාලින විසදුම් හොයන්න ඕනේ හැබැයි ප්‍රශ්ණය තව ඔඩුදුවන්න දෙන එකයි නරක. කිසිම මිනිසෙක් දුප්පත් නොවිය යුතුයි.ඒකට තමා රජයන් ,සමාජයන් තියෙන්නේ මිනිස්සුන්ගේ දුප්පත් කමට පිලිතුරු සොයලා විසදුම් දෙන්න.අපේ මිනිස්සු හිතන් ඉන්නේ පොසත් කම අතට ගෙනත් දෙනකම් මිසක් උපයාගන්න නෙමේ , හැබැයි ඒ කියලා කටවහගෙන ඉන්න ඔනේ නැනේ.

      Delete
  4. හලාල් වර්ජනය මුවාවෙන් මුස්ලිම් වර්ජනය නිකම් අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක් , මෙයට මූලික හේතුව මොකක්ද ? අන්න එතෙන්නට පිලියම් දැමීමයි අප කල යුත්තේ. මොහමඩ් , තගවේලු , සිරිපාල කියන්නේ ශ්‍රී ලාංකිකයන් යන හැගිම අපි අතරේ නෑ. ඇත්තේ සිංහලා මහා ජාතිය අනිකුන් කුඩා ජාතිය යන සංකල්පය විතරයි.මහ ලොකුවට අවුරුදු දෙදහක් පරණ සංස්කෘතියත් , අවුරුදු දෙදහාක් පරණ ආගම පට්ට හැහුවට වැඩක් නැත අප ඉන් දෙයක් ඉගෙන නොගන්නවානම් ,

    මහලොකුවට වර්ජනය කලාට , කැගැහුවට ඊලට අවස්ථාවට යෑමට තරම් සිංහලයාට මොලය නැත නැතහොත් අවශ‍ය නැත . සයිබරයේ වීරයන් වුවට වැඩක් නැත.තත්‍ය ලෝකයේ සිවලෙක් වෙනවානම්.

    ලංකාවේ බහුතරයකට හලාල් අවශ්‍ය නැත එසේනම් කල යුත්තේ පෙලපාලි යැම නොව , නීතියාණුකූල ලෙස හලාල් නොවන ආහාර වර්ග වෙළදපොලට ගෙන ඒමය ඒ සදහා හම්බයන්ගේ කඩ ඉදිරියට ගොස් වර්ජනය කිරිම නොව පාර්ලිමේන්තුවට යැවූ මහ හරක් ගේ ගෙදරට ගොස් වර්ජනය කිරීමය.

    පන්සලේ කොටස දුප්පතුන්ට බෙදා දීමට තරම් අපේ චීවරධාරින් පහන් වී නැත.කෝටි ප්‍රකෝටී ගනන් වියදම් කර දේවලවලට පෙරහැරවල් යා හැක. ඉන් සමාජයට කෙතරම් දෙයක් කල හැකිද

    මේ හම්බ විරෝධි වර්ජන ලගදීම අවසන් වෙනු නිසැකය , මොකෝ මේ අවශ්‍යතාව ඇති වන්නේ බංකොලොත් දේශපාලුවන්ගේ ජන්ද ගොඩ වැඩි කර ගැනීමත් , බංකොලොත් පන්සල්වල වෙසෙන චීවරධාරින්ගේ මඩිය තර කරගැනීමටත්ය. එසෑ නැතුව ලංකාව තුල යහ පාලනය , හරවත් සමාජයක් ඇතිකිරිම මෙහි අරුමුණ නොවන බැවිනි.

    ReplyDelete
    Replies
    1. හලාල් වර්ජනය සාමකාමිව සිදුකරනවා නම් එයට කාටවත් දොසක් කිව නොහැක .. එය ප්‍රජාත්රන්තික අයිතියකි !!

      Delete
    2. වර්ජනය ප්‍රජාතහ්තික අයිතියකි, එකගයි

      Delete
    3. වර්ජනයේ අවුලක් නෑ. hate speech එක තමයි අවුල්.

      Delete
    4. මෙහෙම දෙයකුත් තියනවා. ඒකාලෙත් හම්බයා අපිට සුදදාගෙ බලය පාවිච්චි කරලා කෙනෙහිලිකම් කරලා තියනවා. ඒවට උත්තර දීල තියෙන්නෙත් කඩ වර්ජනයෙන්.
      දැනුත් කරන්න ඕනත් ඒකමයි.
      http://si.wikipedia.org/wiki/%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B6%BD

      Delete
  5. සුලුජාතිය සමුල ඝාතනය එසේ නැතිනම් රටෙන් නෙරපා හැරීම ප්‍රයෝගික නොවේ.එසේ වනවානම් බොහෝ රටවල් මෙලහකට එය කර හමාරය.

    අනුරාධපුරය , මහනුවර , මඩකලපුව , යාපනය එක් එක් ජාතින්ගේ නගර නොව ශ්‍රී ලාංකික නගර විය යුතුබව මගේ පැතුමයි. අපිට ජාති භේද ආගම් භේද අවශ්‍ය නැත.

    සිංහල, බෞද්ධයි අඩුවෙනවට මමත් කැමති නැහැ.. මමත් මගෙ ජාතියට ආදරෙ කරන නිසා... එහෙම කියලා මේ යන විදියට වන සතුන් විදියට මොලේ පාවිච්ච් නොකර හැසිරීම අනුමත කරන්න බෑ.

    ReplyDelete
  6. මම පාසල් යන කාලේ ඉදල මුස්ලිම් මුතුරු මිතුරියන් ඇසුරු කරා.. ඔවුන්ට කිසිම ආකාරයකින් වෙනසක් කරේ නෑ .. ඔවුන් කරන සමහර දේවල් කොච්ච්ච්ර අතර්තිකද කියල හිතුවත් මොනවත් කියන්න ගියේ නෑ .. එක ඔවුන්ගේ අගම නේ කියල ... එවුන් උන්ගේ පාඩුවේ හිටිය අපි අපේ පාඩුවේ හිටියා මම දන්නා ගොඩක් සිංහලයන් එහෙමයි ... මේ ප්‍රශ්නය පටන්ගත්තේ හලාල් කරන්න ගත්තට පස්සේ ... දැන් 90% බඩු වලට හලාල් ගහල .. මේ සල්ලි යන්නේ කොහෙටද මොනවද කරන්නේ .. කිසිම විවුර්ත භාවයක් නෑ .. අනික් එක මම කැමති නැති (කොටින්ම පිළිකුල් කරන) ආගමකට සතයක් වත් දෙන්න මම කැමති නෑ . එක මගේ අයිතියක් නෙද ? (මෙතන පිළිකුල් කරා කියන්නේ මගේ පවුද්ගලික දෙයක් , එහෙම කියල එහාගෙදර ඉන්න මුස්ලිම් මනුස්සය මරාගෙන කන්නේ නෑ ... එක හරියට මම gay සම්බන්දකම් පිළිකුල් කරාට ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීහිටිනවා වගේ දෙයක්)

    ReplyDelete
    Replies
    1. හලාල් කියන දේ හුග කාලයක් ඉදලා තිබ්බා , මම මෙතන කියන්නේ මුස්ලිම් හරි කියලා නෙමේ . මුස්ලිම් අයගේ ක්‍රියාකලාපයට මමත් අකමැතියි, නමුත් මම කියන්නේ සිංහල අය මේ ගන්න ක්‍රියාමර්ගය තාත්තිකද කියන එකයි. මේ රටේ බහුතරය සිංහල , ඇයි අපිට වර්ජනය කිරිමේන් එහාට යන්න බැරි ? රටේ ජානධිපති මුස්ලිම්වරුන්ට ආසාධාරණයක් වෙන එක පරික්ෂා කරන්න වෙනම කොමිසමක් පත් කලා,ඇයි එතුමාට බැරි වුණේ රටේ මුස්ලිම් නොවන අයට සිදුවන අසාධාරනයට විරුද්ධව කොමිසමක් පත් කරන්න. මම කියන්නේ මේ ඔක්කොම මෙහෙයවන්නේ පෞද්ගලික වාසි ගන්න මිසක් රටට ඇති ආදරයකට නෙම් .

      හලාල් හෝ මුස්ලිම් වර්ජනය මේ රටේ පවතින ප්‍රශ්ණයට පිලිතුරක් නෙම්.

      Delete
    2. ඔබ යෝජනා කරන ප්‍රයෝගික විසදුම මොකක් ද ?

      Delete
    3. මේ සදහා මා යොජනා කරන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ආගම් සහ ජාතින්ගෙන් සමන්විත පුලුල් කතිකාවතක් ගොඩනැගිය යුතුය.සිංහලයන් හෝ බෞද්ධයන් පමණක් මෙය කරගැසිය නොයතුය.එය මෙහි විනිවිදභාවය තවත් තහවුරු කරනවා ඇත.

      ලංකාවේදී මුස්ලිම්බව අතහැරු වෙන් ආගම්වලට පරිවර්තනය වූ කොතෙකුත් මිනිසුන් සිටිනවා ඔවුන් විශේෂයෙන් මෙයට කොටස් කරුවන් කරගත යුතුය.

      මුස්ලිම් ගම්මාන අතර පන්සල් වල වෙසෙන හාමුදුරුවන් අන්‍ය ආගමික පූජකයන්ට සමහර විට වටීනා අත්දැකීම ඇති ඒ වගෙම මුස්ලිම්වරුත් මෙයට සහභාගි විය යුතුය.

      මේ තුලින් වඩා ශක්තිමත් මෙන්ම විවෘත පදනමකින් යුත්ත දිගුකල් පවත්තනා එමෙන්ම පෞද්ගලික මනදොල සපුරන්න ක්‍රියා නොකරන සංවාදයක් ඇරඹිය යුතුය.

      මෙය මේ ගැටුම සාමකාමි ලෙස විසදා ගැනීමට ඉවහල් වෙනවා ඇත.

      වසර තිහකට කලින් අපි මේ දේ කලානම් අවුරුදු තිහක ඊලම් යුද්ධය මගහැර ගන්න තිබුණා. අද මේක අපිට කරන්න පුලුවන්නම් ඉස්සරහට ඇතිවෙන යුද්ධ නවත්වා ගන්න පුලුවන් වේවි.

      Delete