Wednesday, December 30, 2009

යාහු පනිවුඩකරුවාගේ භාෂා පරිවර්තකය | Language translator in yahoo


මෙච්චර කල් යාහු පනිවුඩකරුවාගේ වෙබ් අතුරු මුහුනත පවිච්චි කරපු මට හිතුනා පරිගනක මෘදුකාංගය පාවිච්චි කරලා බලන්න.
ඉතින් කෝමේන් කෝම හරි යාහූ පනිවුඩකරුවා බාගත කරගෙන ස්තාපනය කලා


බැලින්නම් නරකම නැ.යාහූ පනිවුඩකරුවාගේ 10.0.0.1102-US සංස්කරනය වේගවත්.

ඉතින් මම මේක අත්හදා බලමින් ඉන්නකොට මට මේකේ ක්‍රියකාරකම් මෙනුවේ(Activities) පරිවර්තකය දැක්කා

ගූගල් එකේ මෙහෙම එකක් තියෙනව කියලා දැනම් හිටියට යාහූ එකෙත් මේ වගේ එකක් තියෙනවා කියලා දැනම් හිටියේ නැනේ.

අනික දැන් මට යාහු සංවාද කාමරවලදි හමු වෙන පිටරට යහළුවන්ට විශේෂයෙන්ම යෙහෙලියන්ටත් එ ගොල්ලන්ගෙම භාෂාවේන් කතා කරන්න පුලුවන්නේ........

පහලින් තියෙනවා මම කරපු පොඩි මගපෙන්වීමක් ඔය ගොල්ලොත් අදම උත්සහ කරන්න
Step 1




















Step 2

















Step 3





හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා එ කියන්නේ සමහර භාෂාවලට( සිංහල වගේ) තාම උදව් කරන්නේ නැ.ඒ වගේම සමහරක් කෙටි යෙදුම්වලටත් උදවි කරන්නේ නැ

අනික ස්වයංකිය භාෂා හදුනා ගැනීමේ පහසු කමත් තිබ්බානම් මරේ මරු

Tuesday, December 29, 2009

අපට අමතක වුනු අපේ දෙයක්

මට මේ ගැන ලියන්න හිතුනේ අපේ LG සහොදරියගේ මේ පොස්ට් එක කියුව්වාට පස්සේ

ඇත්තටම අපේ විශ්වවිද්‍යාලායේ ඉන්න දමිල දේශකයෙක් ඇහුවා හරි සිංහලයෙක් නම් සිංහල භාශවේ අංක ගැන කියන්න කියලා වෙලාවට ඊට කලින් දවසේ අපේ යලුවෙක් මුණ පොතටයි ඩොට් නෙට් සංසදයටයි මේ අංක ටික දාල තිබ්බ හින්දා වෙලාවට සිංහල ජාතියේ නම බේර ගන්න පුලුවන් උනා.

අපේ අංක පද්ධතියේ තිබුන අවාසිය තම බින්දුව නැති කම ඒක හින්දා 10 100 1000 වෙනම අංක තිබුනා මේක හුගක් වේලාවට සංකීර්න ගනිත කර්මවලට අමරු වුනාලු.එක හින්දා තමා කට්ටිය හින්දු අරාබි ක්‍රමයට පුරුදු උනේ හුගක් කට්ටිය කියනවා මේක යුරෝපිය අංක පද්ධතිය කියලා එක වැරදියි යුරොපයේ බාවිතා කලේ රොම ඉලක්කම් පද්ධතියයි

පහල තියෙනවා අපේ අංක පද්ධතිය හොදට බලන්න මොකද කවදා හරි අපේ දරුවෙකුටත් අඩම්බරයෙන් කියන්න පුලුවන් අපේම ඉලක්කම් පද්ධතිය ගැන.



Source http://www.omniglot.com

ඊට අමතරව මෙන්න මේ වෙබ් අඩවිය සින්හල අංක නිර්මානය කරලා දෙනවා

http://www.sinhala-online.com/sinhala-digits-number-page.html

පසු සටහන

මම මෙක ලියුවේ LGගේ බ්ලොග් එකේ අපේ ඉලක්කම් ගැන වැඩි විස්තරයක් දාලා ටිබ්බ නැති හින්දයි :)

ඊට අමතරව මට මේ සයිට් දෙක ගැනැත් කට්ටිය දැනුවත් කරන්න උවමනාවක් තිබ්බා

කොහොම නමුත් මුල් බ්ලොග් සටහන LG ලියුවේ නැත්නම් මම මේක ලියන්නේ නැ. ඒක හින්දා LG ට බොහොම ස්තුතියි

Wednesday, December 23, 2009

සුනාමිය , යුද්ධය, චන්දය සහ අපේ අය

සුනාමිය , යුද්ධය, චන්දය සහ අපේ අය

මොකද මේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති සුනාමිය , යුද්ධය සහ චන්දය පටලවාගේන මේක කියවන කට්ටියට හිතෙනවා ඇත.
නැත මේහි සම්බන්ධයක් ඇත.මේ සියල්ල පිස්සා කියනවා වගේ මිනිස්සු ඉන්න අමුතු ඇටේ සිදුවුයේය සිදු වෙමින් පවති.


අදට සුනාමි ඇතිවී අවුරුදු පහක් ගෙවී යමින් ඇත.පිස්සා කියනවා මෙන් මේ අමුතු අටේ සිටින්නේ අමුතු මිනිස්සුය. සුනමියෙන් ගහගෙන යන තරුනියක් ගොඩට ගෙන දුෂණය කර දැමු අයුරුත්,වෙන තරුනියකගේ රන් ආභරන ගෙන මරා දැමු අයුරුත් , මල කදන් වලින් සිරුරු කොටස් කපා රන් අභරන ගත් අයුරුත් ඔබට මතක ඇතියයි මම සිතමි.

තවද මුලු රටේම මිනිසුන් අත්වැල් බැදගෙන අධාර එකතු කර සුනාමියෙන් බැට කෑ මිනිස්සුන්ට උදව් කල හැටිත් මතකය. අවතැන් කදුවරු පිහිටවා මිනිසුන්ට නිවාස ලබා දුන් හැටිත් මතකය. සමහරුන් අවතැන් කදවරු වල තවමත් දිවි ගෙවීමත් , සමහරුන් නිවාස දෙක තුනකට උරුම කම් කීමත් වෙනම කතාවක්ය.

යුද්ධෙත් ඉවරය. රටම බය ගැන්වු දෙමව්පියන්ට දරුවන් අහිමි කරපු, දරුවන්ට දේමව්පියන් අහිමි කරපු ඒ මෘගයා මරා දැමුවාට පක්ෂ ජාති අගම් භෙද නොසලකා එකට වැලද ගෙන දවස් හතක් කිරි බත් කැ හැටිත් මතකය.දේශ දොහියෝ දේශ ප්රේගමියෝ උන අකාරයත් දේශ ප්රේුමියෝ දේශ දොහියෝ උන අකාරයත් මතකය.


සුනාමිය සිදුවී අවුරුදු පහක් ගේවී යන තැනත් යුද්ධය නිමා වී වසරකට ආසන්න වෙන මේ කාලයේ ජන්දයක් ඇත.ජනාධිපතිවරනය, උන් මුට ගහනවාය මු උන්ට ගහනවය. ගම් පිල් බෙදිලාය. දෙමලයා,මුස්ලිමයා, සින්හලයා එක එකාටය, පොඩ්ඩක් බැරි උන තැන කෙල ගයි

කෝ අනේ එදා සුනමියේදියි, යුද්ධයේදි තිබ්බා අපේ කම, සහොදර කම............

මිනිවලේ ඉදන් මේවා දැකලා සුනාමි මියගියන් සතුටු වෙනවා ඇති මේවා දකින්න ජිවත් නොවුන එක ගැන,ප්‍රභාකරන් මේවා දැක ************ත් හිනවේනවා ඇති ..............


Photo Link 1

Photo Link 2

Tuesday, December 22, 2009

චිත්තරපටි හෝල් එකේ පෙම් පලහිලව්ව

මම අද ගෙදර එද්දි මේ මුණ පාන්න උන සිදුවීමක්
හැමෝම දන්නවා වගේ මම තාම උසස් අධයාපනය හදාරන කෙනෙක් මම අපේ නගරයට ආවම අපේ වාහනය නතර කරලා තියෙන්නේ නගරේ තියෙන සිනමා ශාලාවේ.මොකද මුලු නගරෙම වඩාත්ම අරක්ෂාකාරී තැන තමා සිනමා ශාලාව නගරේ නමවත් මම වාහනය නතර කරන්නේ ඈයි කියලාවත් මේ කතාවට අදාල වෙන්නේ නැ.

මම වාහනය ගන්න සිනාමා ශාලවට යනකොට නානා සිදුවීම් දකිනවා තරුණ යුවලවල් , එතකොට ලමයි වල පන්ති ගිහින් දාලා තාවකාලික පෙම්වතුන් සමග පෙම් කෙලින්න එම අම්මලා , පාසල් පන්ති කට් කරලා සුදු ඇදුමට උඩින් වෙනත් ඇදුමක් ඇදන් ඇවිත් ඉන්න මගේම ඉස්කෝලේ නංගිලා මල්ලිලා , මේ ඔක්කොම සිනමා ශාලාවේත් ඒ වටේටත් යහමින් මදි නොකියන්න පෙම් කෙලති

උන් කරන දේවල්ට ඇගිලි ගහන්න මට උවමානාවකුත් නැත අයිතියකුත් නැත.එය උන්ගේ නිදහසය.
මේ සිදුවීම මට අදාල වන්නේ මෙහි සිටිය තැනත්තිය නිසාය
මම වාහනය අසලට යන විට ඒ අසල ත්‍රිවිලයක් නවත්වා තිබුනි.
ත්‍රිවිලයේ සියලුම කවර වසා තිබුනත් වාහානය දෙසට විවාරව තිබු ආවරනය විවෘත කර තිබුනේ වාහනයේ එය ආවරණය වන නිසා විය හැක. වාහනය පිටත් වීමට පෙර මම නිකමට මෙන් ත්‍රිවිලය දෙස බැලුවෙමි
ඇදිවතත් සිරුරෙන් ( සාරියක්) බාගයට ඉවත්ව තමාගෙන් වයසෙන් අඩක්වත් වයස නැති කොලු ගැටයෙක් සමග අඩ සිහියෙන් පෙම් කෙලියේ යෙදි සිටියේ මට අයනු ආයනු කියා දුන් මාගේම ගුරුවරියක්. ....
ගුරු ගෞරවය හිතෙන් මතක් කර මම ගෙදර අවෙමි
මම දන්නා පරිදි ඇය විවාහ වි තරුණ දරුවන් සිටින සාර්තක විවාහ ජීවිතයයි ගත කළාය
මේ පිලිබදව පාශ්වාත් මරණ පරික්ෂණයක් මම කරන්න නෝයෙමි
සැම දෙනාටම යම් දෙයක් කීරීමට සාධරණ හේතු ඇත.....
නමුත් ආදරය ගැන තියා ලොකේ මෙලෝ හසරක් දන්නා නැති එවුනුත් කරගන්නා අපරාදය දැක මට කිසිවක් කල මොහැකී වීම ගැන දුකය.................


P:S නොගැලපේයයි සිතනා නිසාත් ප්‍රතිචාර නිසාත් සමහර කොටස් කපා හරින ලදී
නමුත් මේය සතයක් බව ප්‍රකාශ කරමි
සිදුවු අපහසු තාවයට සමාවන්න

Monday, December 21, 2009

සිංහල බ්ලොගර්ස් යුනියන් | කොත්තු.ඔර්ග් බෝහෝම ස්තුතියි

මේක ලියන එක මගේ යුතුකමක්

අද මාව අපේ කාලිංග සහෝදරයා සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගත්තා ඒ වගේම අපේ ඉන්දි සමරජීව සහෝදරයා කොත්තු බ්ලොග් කියවනයට ඇතුලත් කර ගත්තා.
මේ ඔක්කෝටම සහ මේ පසු පස සිටින ඔක්කෝම අයට මේ සලසන සේවයට බොහොම ස්තුතියි.





Sunday, December 20, 2009

තුන් වෙනි ශික්ෂා පදය | කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමී

තුන් වෙනි ශික්ෂා පදය කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමී

කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමී
ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද ?

පොඩි කාලේ කාගෙන් හරි අහුවම කියුවේ ඒක හරිම නරක දෙයක් එක කරන්න එපා විතරයි. ටිකක් ලොකු උනාම කියුවා විවාහ වයෙන් පිට කයික සබදතා පැවැත්වීමලු
මටනම් මේක අපං බංශයක් !
ඒක හින්දා හිතුවා අන්තර්ජලයේ පොඩි ගවේශනයක් කරන්න. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකිම් ඉංගිසියෙන්නම් “I undertake the precept to refrain from sexual misconduct.”
මොකක්ද මේ කියන්නේ !!!

මේ වෙබ් අඩවිය අනුව බුදුරජානන්වහන්සේ කාමයේ වරදවා හැසිරිම මෙහෙම විස්තර කරලා තියෙනවා.


"Sexual misconduct" is defined by the Buddha as follows:
A man\women indulging in sexual intercourse with a man\women who is under the protection of -
a. a husband
b. a mother, father, brother, sister or other rightfully entitled guardian
c. the laws of the land or by convention

ඒ කියන්නේ පුරුෂයෙක් හෝ ස්ත්රිoයක් පහත ගනයට වෙටෙන වෙනත් පුරුෂයෙක් හෝ ස්ත්රිmයක් සමග විවාහයෙන් පිට කායික ඇසුරක් පවත්තනාවනම් එය වරදකි.
පහත අයගේ යටතේ සිටින

• ස්වාමි පුරුෂයකුගේ
• පියකුගේ / මවකගේ / සහදෝරයකුගේ / සහදරියකුගේ හෝ වෙනත් බාර කරයකුගේ
• නිතියේ හෝ සමාජයේ

ස්ත්රිතයක් සමග කායිකව හැසරීම

මෙය සරලව කියනාවනම් විවාහයෙන් පිට ඕනෙම පුරුෂයෙක් හෝ ස්තියක් සමග කයිකව එකතු වීම වරදකී

නමුත් අවසානයේ මට අහන්න තියෙන්නේ අද අපි මෙය පිලිපදිනවද ?

අනික තම නොපෙනන ඊලග ජන්මයේ සැපත වෙනුනෙන් මේ ජන්මයේ සැපත දන් දීම සුදුසුද කියන එකයි
තිරනය තියෙන්නේ ඔබේ අතේය !!


More information visit
http://www.beyondthenet.net/thedway/extra_re.htm

කූබි කතාව


මේ කතාව ගැන මට කියන්න හිතුනේ මල් කුමාරයි මල් කුමාරියි ගැන කතාව කියුවට පස්සේ.


ඔන්න ඉතින් කුබි ලන්නයේ කොලම්පුරේ මල් වත්තක් ලග පුංචි පුද්ගලික කූබි සරසවියක් තිබ්බා.

ඔය කුබි සරසවියේ අලි කුබියායි, කං කුබියයි, ප්‍රා කුබියයි ම්හ් ම්හ් තව පූ කුබිච්චියි එයගේ යාලු කුබිච්චිලා තුන් කට්ටුවකයි හිටියාලු.ඔන්න ඉතින් ඔය සරසවියේ ඉගෙන ගන්න කුබි ගැටයන්ටයි ගැට්ස්සියන්ටයි එක එක ව‍යපෘති කරන්න ඕනෙලු.

එක දවසක් මේ ගොල්ලෝ ඔක්කොම අහම්බෙන් වගේ ඉගෙන ගන්න ලමයි ඉන්න කමරය එකට මුන ගැහුනා


ඉතින් ප්‍රා ගැටයාට පූ කුබිචි ගැන හිතක් පහල උනා.ඉතින් එද ඉදන් ප්‍රා ගැටයා අර කුබිච්චි දැක ගන්න යන්න අන්න පටන් ගත්තලු.ටික දවසක් ගියාම ප්‍රා කුබියා පූ කුබිච්චිට යොජන කලා.පූ කුබිච්චි ඉතින් හොද තැම්පත් කෙල්ල.ප්‍රා කුබියත් සැහෙන්න හොද විනීතව හැදිච්ච ගැටයා.

පූ ගැටිස්සියි ඒක පරටම වචනේ දුන්නේ නේ.හැබැයි ප්‍රා ගැටයාත් අත ඈරියේ නැ.කෝමෙන් කෝම හරි දවසට පැය 48 ක් විතර දුරකතනයේන් රැ පුරා සේපලිකා මල් කඩලා.අන්ති.මට ඉතින් වචනේ ගත්තා.


කෝමේන් කෝමේන් එද ඉදන් අපේ ප්‍රා කුබි ගැටයා හුගක් හොද උනාලු.හැබැයි ඉතින් එකෙන් මේකෙන් අලි ගැටයාට ඒ ව්‍යාපෘතිය තනිවම කරන්න උනලු.........................

------------------පසු සටහන--------------------
මේ කතාවෙ කිසිම චරිතයක් ජීවත්වන හෝ මියගිය කෙනෙකුට සම්බන්ධ නැත. :)

කලවම

"කලවම" නමේ හැටියටම කලවමක්,මේ බ්ලොග් එකේ මට හිතෙන හැටි , මම දකින හැටියට,මට වැටහෙන හැටියට මම යම් යම් කරුනු කාරණා ගැන ලියනවා.මම සර්ව සම්පුර්ණ මිනිසෙක් නෙමේ. එක හින්දා සමහර කරණාවලදි මම වැරදි ඇති නමුත් යමක් ඉගෙන ගන්න සැරයක්වත් වැරදෙන්න එපැයි.
එක හින්ද නුගත් මගේ වැරදි ඉවසා වදාලා මවා නිවැරදි කරන්න හොදේ.මම සමහර පුද්ගලයන් ගැන සමහර දේවල් ගැන මට සිතෙන දෙවල් ගැන ලියුවට ඒ ගැන මගේ පෞදගලික අමනාපයක් නැ.