Friday, April 30, 2010

මම දැන් ට්විටරේ

මමත් දැන් ට්විටරේට ජොයින් වුණා.
මම බලාපොරොත්තු වෙනවා කලවමේ පොස්ට් අනාගතයෙදී ට්විට් කරන්න.

ඉතින් කැමතියි ඔයගොල්ලොත් ට්විටරයේදී හමුවන්න.
මෙන්න මගේ ට්විටර් පිටුව

http://twitter.com/gaishara

- තායිලන්තේ සංචාරේ II - ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - II

කවුරුවත් ජීප් ටැක්සි වල ගිහින් තියෙනවාද ? තායිලන්තයේ චාන්දබුරිවල තියෙන්නේ ජීප් ටැක්සි.චාන්දබුරිවල තියෙන්නේ බැන්ග්කොක් වල ඉදන් පැය 5 - 6 ක් විතර දුරින්(බස් එකේ-මෙතන තියෙන බස් එකනම් පතාය යන එකක් .). බැන්ග්කොක්වල චානදබුරි යන්නේ අපේ රටේ ටුවරිස්ට්ලා අරන් යන ජාතියේ බස්. මේ බස් නිකම් ගුවන් යාන වගේ.කොන්දොස්තර සහයක් ඉන්නේ ගැණු කෙනෙක්.ගුවන් සේවිකාවන් අදින වේ කොට ඇදුමක් ඇදලා ඉන්නේ. ඇත්තෙන්ම සැහෙන්න පිලිවෙලයි.ටිකට් ගන්න වෙනම කවුන්ටර්ස් තියෙනවා.හුගක් වෙලවාට මේ කට්ටියට අපේ අවශ්‍යතාව කියුවම මේ ගොල්ලෝ අපිට උදව්කරවා ටිකට් එක ගන්න.බස් එකේදි කන්න බොන්න දේවල් හුගක් අඩුවට එලියෙදි ගන්න පුලුවන්.චිප්ස් , ශීතකල තේ වගේ දෙවල්.බස් එකදී අපිට චොකලට් සහ කොකාකෝලා දෙනවා.බහින්න ලං වෙලා මුහුණ පිහදා ගන්න හොට් ටවල්ස් එහෙමත් දෙනවා.ඇත්තෙන්ම ශ්‍රි ලංකාවේ නාගරාන්තර බස් සේවය මතක් වෙන්නේ මෙන්න මේ වෙලාවටයි.


ඉතින් අපි දවසක් ගියා චාන්දපුරීවල එහේ මැණික් විකුණන්නේ අපිට ටිකක් අමුතු විදියකට.මුලින්ම මිලදී ගන්නා ගිහින් තැරැව්කාර මධ්‍යස්ථානයකට අවශ්‍ය ගල්වර්ග වල නම් ලිස්ට් එක දෙනවා.ඊට පස්සේ ඒ තැරව්කාර මධ්‍යස්ථානයේ ඒ ගොල්න්ගේ දැන්වීම පුවරුවේ ඒ ක දානවා.එතකොට මැණික් විකුණන්නෝ ( මේ ගොල්ලොත් එක්තරා ආකාරයක තැරව්කාරයෝ ) තමන් ගාව තියෙන මැණික් ඉදිරිපත් කරනවා.

මේ ජංගම මැණික් ඉදිරිපත්කරනන් පස්සේ තියෙන්නෙත් ඉතාමත් දුක්බර කතාවක් , මේ ගොල්ලෝ ඉදිරිපත් කරන්නේ වෙන වෙලෙද්දෙක් දෙන මැණික් ඉතින් මේ ගොල්ලෝ විකුණන මැණික් අනුව තමා මේ ගොල්ලන්ට කොමිසන් එක හම්බ වෙන්නේ.මැනික් විකුණ ගන්න බැරි උනොත් ඉතින් සල්ලී නැ.මේ ව්‍යාපාරේ ඉන්නේ හුගක් ගැහුණු කට්ටිය.මම හිතන්නේ තායිලන්තයේ ස්ත්‍රි ප්‍රතිශතය හුගක් ඉහල ඇති.

ඊට පස්සේ මිලදිගන්නා ගෙන මැණික්වල තත්වය බලලා මිල කීනවා හුගක් වෙලාවට මෙහේ මැණික් ගලක් ගන්න ගානට එහේ මැණික් ලොට් එකක් ගන්නවා.ඊට පස්සේ තැරව්කාර මධ්‍යස්තානයේ ඉන්න වෙලද නියෝජිතයා ඒ මැණික් සහ මිල පැකට් එකක දාල සීල් කරලා විකුණුම්කරුට දෙනවා. ඊට පස්සේ විකුණුම්කරුවා ඒක ඔවුන්ගේ ප්‍රධාන වෙලෙන්දා ගාවට ගිහින් ඉදිරිපත් කරනවා(හුගක් වේලවාට කරන්නේ ගාන ටැලිපොන් කරලා කියන එක ) ඉතින් වෙලෙන්දා කැමතිනම් ගානට එක් තැරව්කාර මධ්‍යස්තානයෙන් මිලදී අරන් වෙනම තියාගන්නවා.මේ වගේ රුපියල් ලක්ෂ ගනන්වල වෙලදාම් වෙනවා. 

අහ් තව දෙයක් මිලදි ගන්නාට ( ඒ කියන්නේ අපිට ) කන්න බොන්න ඔක්කොම නොමිලේ.ඔනේ වෙලවාක අරක ඔනේ මේක ඔනේ කියුවාම ඕන දෙයක් දෙනවා.

තව කියුවොත් තැරව්කාර මධ්‍යස්තාන එක එක විදියට තියෙන්වා මේ පිංතුරේ තියෙනවා වගේ පදික වේදිකාවේ ඉදන් හොදට ඒ සී කරපු තැන් දක්වා.මේවයේ හුගක් වේලවාට සිය ගාණක් ඉන්නවා හැබැයි මම දැක්ක දෙයක් තමා කිසිම ආරක්ෂක භටයෙක් නැ.පොලිසියත් නැ.

ඔන්න ඔහොම පුරා දවස ගානේ අපි මිලදී ගන්නා මැණික් තැරව්කාර මධ්‍යස්ථානයේ එකතුවනවා.හවසට අපි මැණික්වල වටිනාකමට අමතරව තව කොමිසන් එකක් ඒ තැන්වලට ගෙවන්න ඔනේ.හුගක් වේලාවට සියයට දහයක් වගේ.ඔය ගාන එක එක තැන් අනුව වෙනස් වෙනවා.

ඔන්න ඔය අවස්ථාවේ මැණික් මිලදී ගන්නා හොද සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ.මොකද කියනවානම් මේ වේලවාට තමා ගත්ත ගල්ම ගත්තද නැද්ද කියන එක ඉතා වැදගත් වෙනවා.නැත්නම් වෙන ගල් දෙන්න පුලුවන්.හැබැයි එහෙම වෙනවා සැහෙන්න අඩුයි.


ඔන්න ඉතින් එක දවසක් ඉවරයි.ඊට පස්සේ එන්නේ රැ දවස .ඒක එක්තරා ආකාරයක ඉතාමත් විනොදශිලී අත්දැකීමක්.

ඒ ටික සහ තව විස්තර ඊලග ලිපියෙන්
මේ ජායාරුප මා විසින් ගත් ඒවා නොවේ.මා ගත් ඒවයේ මධ්‍යයේ තඩි වලසෙකු සිටින බැවින් ඒ වා මෙහි දැමීමේන් ඔබලා බිය වන බැවින් මා ඒවා මෙහි දැමීමෙන් වලකිමි.

Wednesday, April 28, 2010

මම වී මම ත්‍රස්තවාදියෙක් නොවේ. | My name is V and I'm not a terrorist

ඔන්න අද තමා මම My Name Is Khan බැලුවේ.උදෙන්ම බයිස්කෝප්  සිංහලෙන් අරන් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා.මුලින්ම අපේ පොතේ ගුරා ඇතුලු  දිනුෂ්ක උදාර ( රොකියා ),  වාසල සහ රොයිලි ප්‍රනාන්දු  ට මම ස්තුති කරන්න කැමතියි මේ වගේ දෙයක් කලාට.

ඇත්තෙන්ම මේ ෆිල්ම් එක ඔය ගොල්ලෝ ඔක්කොම බලන්න ඔනේ.කරන් ජොහාර් මහත්මයාගේ ඉතාමත් හොද කෘතියක්.තව දෙයක් මතක් කරන්න කැමතීයි අපේ රටේ මේ වගේ කාලයක් තිබුන බව දෙමල වචනයක් තියා ටිකක් කලු පුද්ගලයෙක් දැක්කත් අපේ සමහර අය මේ චිත්‍රපටියේ සිදුවූ දේම කල බව.තාමත් කරන්න උත්සහ කරන බව.

ජාතිය ආගම අයුධයක් කරගෙන සිටින අපේ සම+හරක් උද්දච්ච මිනිසුනි දැන්වත් ඔය කජු ඇටයක් වන් ඔලුවට හිතන්න දීපල්ලා.

Tuesday, April 27, 2010

ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - I

මේක මම ටික කාලයක් තිස්සේ ස්ටඩි කරන ඒරියා එකක්.මම මේ කියන්න යන්නේ මගේ තායිලන්ත සංචාරයේදි මම අත්දැකපු දෙයක් ගැනයි.තායිලන්තය කියන්නේ සංචාරක පුරවරයක් කියලා ඔය ගොල්ලෝ දන්නවානේ. තායිලන්තේ සංචාරක පුරවරයක්ම විතරක් නෙමේ වෙලද මංසන්ධියක් කියලාත් කියන්න පුලුවන්.මොකද හුගක් දෙවල් මේවායේ වෙලදාම් කරනවා.මට වෙලාවකට හිතෙනවා යුද්ධෙයි අපේ මිනිස්සුන්ගේ පිස්සු වැඩයි නැත්නම් මේ ඔක්කෝම ලංකාවට ලැබෙන්න තිබ්බ දෙවල් කියලා.

අහ් පොඩ්ඩක් පිට පැන්නා වගේ කමක් නැ. ඔය ගොල්ලෝ ඉතින් ලංකාවේ අපලවලට මුද්දක් හදා ගන්න කියාම ගල් කැල්ලක් එහෙම ගන්න වෙන්වානේ එවයේ ගාණ ටිකක් සැරයි නේද ? ඔය ගොල්ලෝ හිතන්නේ මේවා බහුතරයක් ලංකාවේන්ම නිපදවන අපේම මැණික් කියලාද ? ඔන්න එහනයි අපිට වැරදුනේ.අපෙ මැණික් ලෝකයේ තත්වයෙන් උසස්ම මැනික් ඒව සමහරක් විට ඒ මිලට අලෙවි කරන්නවත් බැ.

ඉතින් අපේ හුගක් අය කරනනේ (ඔක්කොම නෙම්) පිට රටවල්වලින් ගෙන්වන කසල මැණික් ( තේරි ඉවත් කරනු ලබන ඒවා ) නැවත අරන් ඒවයෙනුත් හොද ඒවා විතරක් තෝරලා ගන්න එක.තායිලන්තය ගැන කියුවොත් තායිලන්තයේ ප්‍රධාන(මම දන්න හැටියට ) මැනික් හුවමාරු මධ්‍යස්තාන 3 ක් තියෙනවා.බැන්ග්කොක් , චන්ද්‍රබුරි , කන්චන්බුරි.මේවා තමා අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධ පොට්.මේවාවලට ලංකාව වගේ ආසියතික රටවලිනුත් , යුරෝපීය රටවලිනුත් වෙලෙන්දෝ එනවා මැනික් මිලදී ගන්න වගේම විකුණන්න.ඉතින් මේ අවට මේ සෙනගට අවශ‍ය හොටෙල්, මොටෙල් , සුපර්මාර්කට්,ක්ලබ්ස් තව අනං මනං ඔක්කොම සපයලා තියෙනවා.

තායිලන්තයේ මැනික් විකිණිම සහ මිලදී ගැනීම පිලිබද මගේ අත්දැකීම ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.


Monday, April 26, 2010

මමත් සිංඩියක් දාන්නද ?

දැන් හැම හැම තැනම සිංඩිනේ බ්ලොග් එකට එක සිංඩිය ගානේ තියෙනවා .හැබැයි මොකක් හරි එකක පරහක් තියෙනවා.


මමත් මේ බැලුවේ මගේ බ්ලොග් එකට සිංඩියක් දාන්න කියලා ?



මොකද කට්ටියගේ අදහස ?

මුස්ලිම් මිතුරෙක් ඔවුන්ගේ වර්ගයාගේ ලංකාව තුල ආරම්භය පිලිබද කල ප්‍රකාශයක්

මේ දවස්වල අපේ සමහර අය සැක පලකරනවා ප්‍රභාකරන් ප්‍රමුඛ දෙමලුන්යයි කියාගත් මිනීමරුවන්ට කරන්න බැරි වූ සටන මුස්ලිම්වරු ජිහාඩ් ප්‍රමුඛ කරන් කරගෙන යාවි කියලා. මම මේක කියුවේ කතාවට ආරම්භයක් ගැනීමට මිසක් මේක සනාථ කරන්නවත් එහෙම නැත්නම් මේක බොරුවක් කියලා කියන්නවත් නෙමේ.ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් සිංහල , දෙමල ,මුස්ලිම් වගේම මැලේ ,බර්ගර්,චීන , සින්ධු වගේ වෙනත් ජාතිනුත් ලංකාවේ ජීවත් වෙනවා.මේවායෙන් සමහර ජාතින්ට ශ්‍රී ලංකාව තුල වසර 2000 වැනි දිගු ඉතිහාසයක් තිබුණත් තවත් සමහරු මැත අතීතයේ ශ්‍රී ලංකාව සංක්‍රමණය වුණු අයයි.එයිනුත් මුස්ලිම් එහෙම නැත්නම් ඉස්ලාම් භක්තිකයන් සංක්‍රමනය වීම පිලිබද විවිධ මත තියෙනවා.සමහරු කියනවා මුස්ලිම්වරුන් ලංකාව පැමිණියේ ඉන්දියාවේ සිට වෙළදාම් සදහා කියලා තවත් අය කියනවා ඒ ගොල්ලෝ අරාබියෙන් පැවත එනවා කියලා.

මේ සම්බන්ධව මාගේ පියගේ මුස්ලිම් මිතුරෙක් සමග මා පැවති සංවාදය මම හිතනවා ඔබ සමග බෙදා ගැනීම වැදගත් කියලා.

ඔහුට අවුරුදු 68 ක් විතර වන විශ්‍රාමික විදුහල්පතිවරයෙක් දරුවන් 20 ගණනක් වන ඔහුගේ පවුලේ එක් පුතෙක් මුස්ලිම් පුජකයකුද වේ.භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසරවිය හැකි ඔහු සිංහල ගීත ඇසිමට ඉතාමත් ආසය.ඔහු පවසනා පරිදි ශ්‍රිලංකාවේ මුස්ලිම්වරුන් තුල ඇත්තේ 98 % සිංහල ලේය.ඔවුන් මුලින්ම ශ්‍රි ලංකාවට කැදවා ඇත්තේ කන්ද උඩරට රජුන් විසින්ය.ඒ රජුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහාය. එහිදි එලෙස පැමිණි ආරබී මුස්ලිම්වරුන්ට සිංහල කාන්තාවන් සරණපා දී ඇත. මෙලෙස නැවත නැවතත් සිංහල ජාතින් සමග මිශ්‍ර වීමේන් ඔවුන් විශ්වාෂ කරන පරිදි ඔවුන් තුල දුවන්නේද සිංහල ලේය.

ඊට අමතරව දකුණු ඉන්දියවේන් වෙළදාමේ ආ මුස්ලිම්වරුන්ද පසුව ශ්‍රී ලංකාවේ පදිංචි වී ඇත.පසුව මරක්කල මුස්ලිම් ආදී වශයෙන් වෙන් වෙන්ව ඔවුනොවුන් හදුන්වාගේන ඇත.

සැ.යු
මෙය මාගේ පෞද්ගලික අදහස නොව මුස්ලිම්වරයකු දැක්වු අදහස් සංශිප්තයක් ලෙස ගෙන හැර පෑම පමණය.

Picture has taken form http://www.rootsweb.ancestry.com/~lkawgw/sri_la5.jpg

Sunday, April 25, 2010

[තහනම් කතා -.Taboo Talks] මියුලැසිය................. [18+]

මට මේ ගැන ලියන්න හිතුනේ අද බස් එකේ යද්දි මැදිවියේ සිටින ගැහැණුන් දෙදෙනෙක්ගේ කතාවක් ඇහිලා. අනුන්ගේ කතාවලට හොරෙන් කන් දෙන එක වැරදියි තමා.නමුත් ඉතින් ස්පිකරේ වගේ උන්හිටි තැන් අමතක කතාකරන අය හින්දා ඉතින් එහෙම වෙනවා තමා.සිද්ධිය සිදු වුනේ බම්බා - කොල්ලුපිටිය හරියේ.මම ගියේ ඒ සී බස් එකක.ඉතින් බස් එකේ සෙනග වැඩිය නැ.බම්බා හරියෙන් ටිකක් බටහිර මොස්තරයට ඇද ගත්ත තරුනියක් ගොඩ වුනා.ඉතින් අපේ කතාකාරියන් දෙදෙනාගේ සිවුකන්(ඇත්තෙන්ම බස් එකේ පස්සේ හිටිය අපි ඔක්කොමටම ඇහුනා )මන්ත්‍රය වුනේ අර අලුතෙන් ගොඩ වුන තරුනිය නගර සොබිකාවක් බවයි - කෙලින්ම කියුවේ නැති උණත් වටින් ගොඩින් කතා වුනේ එක තමා.(මුන්ට පිස්සුද මන්දා ටිකක් විතර ඇග පේන්න ඇන්ද ගමන් මේ වගේ කියන්නේ.) ඉතින් ඕකේ සිංහල වචනේ කියන්න ඕනේ නැනේ.ඇත්තෙන්ම මම ඔය වචන ටික පිරිමියෙක්ගේ කටින් ඇහුවනම් පුදුම වෙන්නේ නැ.නමුත් ගැහැණියක් වෙලා තවත් ගැහැණියෙක්ට මෙහෙම කියන්න පුලුවන්ද ?

මම කලින් පොස්ට් එකක කියුවා වගේ අපේ කට්ටිය ගැහැණියක් කොටට ඇන්ද පලියට ඒ ගැනි හොද නැ.ඒ විතරක් නොමේ ලොකේ පැරණිම වෘත්තිය(job) එක වන මේක නැති නොවුනේ ඇයි ? ඒ කියන්නේ ඒ ජොබ් එකට ඉල්ලුම තිබ්බ හින්දානේ සැපයුම තියෙන්නේ.අනික ඔය ජොබ් එක කරන කට්ටිය බහුතරයක් කැමැත්තකින් කරනවා කියලා හිතන්න බැ.එක හින්දා අපී මීට වඩා මේ කාරණා කෙරෙහි සංවේදි වෙන්න ඔනේ.

මට මේ සමග අමරසිරි පිරිස් මහත්මයා ගායනය කරපු "ලදුනේ" ගීතය මතක් වෙනවා.

ළදුනේ - ළදුනේ
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ - ළදුනේ
දෙනෝ දහල් අත ගත්තද - සැමියකු නැති ළදුනේ
නැයෙක් නැකම් නොකියන - විදි සරණ ලදුනේ
තෙල් මල් ගෙන - දොත පුරා මුණි කුටියට - පියමං වන
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ - ළදුනේ
බුදූන් දැක නිවන් දකිමැයි දෙව් රම යන පාර අහන
ඔබද පටාචාරවකි - ඔබද කිසා ගොතිමියකි
පිරිමින්ගේ පාප කදට - දෝස විදින ළදුනේ
අදුරේ පව් කරන දනා - එළිය රවන ළදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ළදුනේ
කුහුබුවකුටවත් වරදක් නැති - වැරදි කාර ළදුනේ
සින්දුව ලියන ලද්දේ රන්බන්ඩා සෙනවිරත්න.
ගායනය අමරසිරි පීරිස්
සංගීතය ප්‍රේමසිරි කේමදාස.



අමරසිරි පීරිස් මහතාම මේ සිංදුව නිර්මාණය වුණ විදිය කියුවා.එකේ  විඩියෝ එක කා ගව හරි තියෙනවානම් ලින්ක් එක දාන්න.

ලංකාවේ සිංඩි කුමණ්ත්‍රනය

මට අද උදේ ලාංකීය සිතුවිලි බලනකොට චතුරංග රූපසිංහ ලියපු "ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ " ලිපියට පිලිතුරක් ලෙස ලියපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ ඉන්දරේ සහෝදරයා ලියුව මේ ලිපිය "SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය " දැක්කා.

ඇත්තෙන්ම මම හිතන්නේ මේකනම් හොද ප්‍රවනතාවක් නෙම්.මොකෝලංකාවට ඉතාමත් වටිනා සේවයක් දෙන ඔය දෙගොල්ලොම එකිනෙකාට සාපෙක්ෂව තරගකරුවෝ.නමුත් එසේ වූ පලියට මේ වගේ අවස්ථා විශාල කාරණාවක් නොකර ගත යුතුයි කියන එකයි මගේ අදහස.

මොකෝ ඔබලාගේ ඔය වගේ ක්‍රියාකාරකම් කවදා හරි උඩු දුවලා දෙපැත්තටම පිලිලයක් වන්න පුලුවන්.මම පාර්ථනාකරනවා එසේ වන්න එපා කියලා.

තව දෙයක් මේ සම්බන්ධව දෙපසම වගකිවයුතු කට්ටිය මීට වඩා සැලකිලිමත් ලෙස කටයුතුකරයි කියලා හිතනවා.

Thursday, April 8, 2010

මම ආදරෙයි මුලු ලොවටත් වඩා.............

ඔන්න ඉතින් චන්දෙත් ඉවරයි. මම මේ ලියන්න යන්නේ චන්දේ ගැනවත් දේශපාලනය ගැනවත් නෙමේ.ආදරය ගැන. ආදරය මහ පුදුම දෙයක් නේද !

මේක ඔබ මා හොදට දන්න පුද්ගයෙක් ගැන.නම් වශයෙන් කියන්න ඔනේ නැ. ආදරය ගැන ලොකු ලොකු දාර්ශනිකයෝ විවිධ මත පලකරලා තියෙනවානේ. ඒ වගේම විවිධ සංකෘතින්වල ආදරය ගැන විවිධ ප්‍රබන්ධ වගේම සත්‍ය කතාවලුත් ගොඩක් තියෙනවා.රොමියෝ ජුලියට් ,ශා ජහන් සහ මුප්තාස්මහල් , ලයිලා මජ්නු , සාලිය අශෝක මාලා සහ තව ගොඩක් තියෙනවානේ. 
හැබැයි ඉතින් පොත්වල , නාට්‍යවල ආදරය මෙච්චර සුන්දර දෙයක් කියුවට ඇත්ත ජීවිතයේ මෙච්චරම සුන්දරද ? ඒක ඉතින් ආදරය කරන කට්ටියනම් කියන දේ දන්නේ නැ.නමුත් ආදරය නොකරන ( තාම තනිකඩ ) ඇත්තෝ කියාවී එක එක කතා(මෙතන කියුවොත් ගුටි කන්න වෙයිද).

අහ් මම මේ කියන්න ආපු දේ නෙම් නේ මේ කියවන්නේ.මම ඔයාල හොදට දන්න යාලුවෙකුට ආදර සිනූ හැඩවිලා.සැහෙන්න සතුටුයි නේද ! ඔන්න මම හින්ට් එකක් දෙන්නම් එයාත් බ්ලොග් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2009 දෙසැම්බර් මාසේ. .මම හිතන්නේ දැන් ඔයාල කවුද කියලා දන්නවා ඇති.

ඉතින් මම මගේ යාලුවාට සුභ පතනවා. ඔයාලත් අමතක නොකර සුභ පතන්න.

අහ් තව දෙයක් එයා මම ආස කරනම සිංදුවක් දාල තිබ්බා එයාගේ මුණ පොතේ.මම හිතනවා ඔයාලත් ආස වෙයි කියලා.

Darling this is how i feel about you

Wise men say only fools rush in
But I can't help falling in love with
you
Shall I stay
Would it be a sin
If I can't help falling in
love with you

Like a river flows surely to the sea
Darling so
it goes
Some things are meant to be
Take my hand, take my whole
life too
For I can't help falling i...n love with you

Like a
river flows surely to the sea
Darling so it goes
Some things are
meant to be
Take my hand, take my whole life too
For I can't help
falling in love with you
For I can't help falling in love with you

 





Friday, April 2, 2010

[Exclusive]ප්ර්භාකරන්ගේ රහසිගත ලිපිගොනුවක් ඇමෙරිකානු ප්රමමුඛ ඒකාබද්ධ විශේෂඥ්යි කණ්ඩායමක් සොයාගනී.

මියගිය LTTE නායක වේලුපිල්ලේ පිරුබාහරන්ට අයත් රහසිගත ලිපිගොනුවක් ඇමෙරිකාව ප්ර මුඛ ඒකාබද්ධ පරික්ෂණ කන්ඩායමක් විසින් මාස 3 දින 6 පැය 4 යි තත් 15 ක් තිස්සේ සිදුකරන ලද පරික්ෂණවල අතුරු ප්රඩතිපලයක් ලෙස මෙම සොයගැනිම කර ඇත.මේ සදහා මුලික වී ඇත්තේ පිරුබාහරන්ගේ අප්පච්චිගේ බිරිදගේ නැන්දම්මගේ ලෙලිගේ පුතගේ ගෝලයෙක් විසින් දෙන ලද තොරතුරුය. තව දුරටත් ඇදහස් දැක්වු එකාබද්ධ ප්රිකාශකයා පැවසුයේ පරික්ෂණ කණ්ඩායමේ ප්රිමුඛයා ඇමෙරිකාව වුවත් ඔවුන් මෙම පරික්ෂණය ඉදිරියට ගෙන යැමට හැකි වුයේ ශ්රිය ලාංකාවේ නිවැරැදි මග එලිකර භුමියට යැමට ඉඩ දුන් නිසා බවය.එම නිසා මෙම සොයා ගැනිමේ සම්පුර්ණ අයිතිය හිමිවිය යුත්තේ ලංකාවට මිස ඇමෙරිකාවට නොවන බවය.

තවදුරටත් ඔහු පැවසුයේ මිටර් අඩි 117 අගල්මිටර් 1562 කැන පිර්බකරන් විසින් තම මරණයෙන් පසුව පලකරන ලෙස ඉල්ලා සිටි ලිපියක් සොයා ගත් බවය. ප්රරජාතාන්තවාදය අගයන මානව නිදහස ( මානව අයිතිවාසිකම්නම් නෙමෙ OK ) මිනිසුන් සිටින රටක් ලෙස එම ඉල්ලිම තමා විසින් ඉටුකරන බවත්.පිරුබහරන්ගේ ලිපියේ පිටපතක සිංහල පරිවර්තනය මේ සමග නිදහස්කරන බවත්ය.

සකල ශ්‍රි ලංකාවාසි මාගේ යටහත් පහත් ජනතාවෙනි,
මේ කියවන අවස්ථාව වන විට මා අනිවාරියෙන්ම අපගේ ආගම්වල විස්තරවන පරිදි අපායට වී සිටිනවා ඇත. කලින් මාගෙන් ඉල්ලුම්කර ඇති පරිදි මාහට පැවරි ඇත්තේ ලංකාවෙන් අපායට විසා නොමැතිව පැමිණෙන්නහට සැලකීමය කොමත් මාගේ ප්‍රියතම රාජකාරිය එය වන බැවින් නීතිය අකුරටම ඉෂ්ඨ කරන බව සලකන්න.

මා අධ්‍යනය කල ඇති ආකරයට මේ කියවන මොහොත වන විට ශ්‍රි ලංකාව තුල පහත සිදුවිම් සිදු වී හමාරය.

  • මිනිසුන්ට යුද්ධයක් තබා අපේ දෙපසම කොල්ලෝ තම තමන්ගේ රටවල් වෙනුවෙන් මැරුණු බව අමතක වීම.
  • සිංහලයන් දිනුවාම යුධ ජයග්‍රහනය බෙදා ගැනිමට නොහැකිව ඔබලා පිල් බෙදි ඇන කොටා ගැනිම සිදු වූවත් අවසානයේදි ඇණ කොටා ගැනිමට සිදු වූ හේතුව අමතක විම.
  • රාවණාව පාව දුන් විභිෂණයා රාමාට සහ වදුරන්ට ලොකු වුවා මෙන් මා පාවා දුන් කරුණා සිංහලයාට ලොකු වීම ( කරුණා මලයා ඇති වෙන්න සිංහලාගේන් වැඩ ගනින් මොකෝ එකා මෝඩයා ).
  • මාගේ අසු කෙලක් වටින ධනය වාෂ්ප වීම. ( මා නම් එවා සමග අපායට චුත වුයේ නැ ඔන් හොදද ).
  • ලගදිම ලංකාව දෙකට හෝ තුනට බෙදිම ( මක්නිසාද යත් යුද්ධය දිනු සිංහලයා සිතන්නේ සිංහල දහම අනුව අන් ජාතින් ජීවත් වීය යුතුය ).
  • ලංකාව සමග අන්තර්ජාතින්ට කතා කිරිම සදහා තිබු දොරටු වසා අපේ සදාන් හුසෙන් අයියගේ න්‍යායට අවතිර්ණ වීම.
එහෙනම් අපි අපායෙදි සෙට් වෙමු. මතක් ඇතුව තල් රා මුට්ටියකුත් අරන් එන්න හොදේ.