Tuesday, April 27, 2010

ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - I

මේක මම ටික කාලයක් තිස්සේ ස්ටඩි කරන ඒරියා එකක්.මම මේ කියන්න යන්නේ මගේ තායිලන්ත සංචාරයේදි මම අත්දැකපු දෙයක් ගැනයි.තායිලන්තය කියන්නේ සංචාරක පුරවරයක් කියලා ඔය ගොල්ලෝ දන්නවානේ. තායිලන්තේ සංචාරක පුරවරයක්ම විතරක් නෙමේ වෙලද මංසන්ධියක් කියලාත් කියන්න පුලුවන්.මොකද හුගක් දෙවල් මේවායේ වෙලදාම් කරනවා.මට වෙලාවකට හිතෙනවා යුද්ධෙයි අපේ මිනිස්සුන්ගේ පිස්සු වැඩයි නැත්නම් මේ ඔක්කෝම ලංකාවට ලැබෙන්න තිබ්බ දෙවල් කියලා.

අහ් පොඩ්ඩක් පිට පැන්නා වගේ කමක් නැ. ඔය ගොල්ලෝ ඉතින් ලංකාවේ අපලවලට මුද්දක් හදා ගන්න කියාම ගල් කැල්ලක් එහෙම ගන්න වෙන්වානේ එවයේ ගාණ ටිකක් සැරයි නේද ? ඔය ගොල්ලෝ හිතන්නේ මේවා බහුතරයක් ලංකාවේන්ම නිපදවන අපේම මැණික් කියලාද ? ඔන්න එහනයි අපිට වැරදුනේ.අපෙ මැණික් ලෝකයේ තත්වයෙන් උසස්ම මැනික් ඒව සමහරක් විට ඒ මිලට අලෙවි කරන්නවත් බැ.

ඉතින් අපේ හුගක් අය කරනනේ (ඔක්කොම නෙම්) පිට රටවල්වලින් ගෙන්වන කසල මැණික් ( තේරි ඉවත් කරනු ලබන ඒවා ) නැවත අරන් ඒවයෙනුත් හොද ඒවා විතරක් තෝරලා ගන්න එක.තායිලන්තය ගැන කියුවොත් තායිලන්තයේ ප්‍රධාන(මම දන්න හැටියට ) මැනික් හුවමාරු මධ්‍යස්තාන 3 ක් තියෙනවා.බැන්ග්කොක් , චන්ද්‍රබුරි , කන්චන්බුරි.මේවා තමා අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධ පොට්.මේවාවලට ලංකාව වගේ ආසියතික රටවලිනුත් , යුරෝපීය රටවලිනුත් වෙලෙන්දෝ එනවා මැනික් මිලදී ගන්න වගේම විකුණන්න.ඉතින් මේ අවට මේ සෙනගට අවශ‍ය හොටෙල්, මොටෙල් , සුපර්මාර්කට්,ක්ලබ්ස් තව අනං මනං ඔක්කොම සපයලා තියෙනවා.

තායිලන්තයේ මැනික් විකිණිම සහ මිලදී ගැනීම පිලිබද මගේ අත්දැකීම ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.


2 comments:

  1. මෙවා ගැන හොයන්න ඔනා මනුස්සයො.. මෙ ගැන අවබොදයෙන් ඉන්නවද කියලා මට නම් සැකයි. එ වුනත් එකතු කරගත් දැනුම බෙදාගන්න එනවට ස්තුති...

    ReplyDelete
  2. රවා
    අපේ කට්ටිය හොදට දන්නවා.නමුත් මොනවාත් කරන්නේ නැ.

    ReplyDelete