Sunday, April 25, 2010

ලංකාවේ සිංඩි කුමණ්ත්‍රනය

මට අද උදේ ලාංකීය සිතුවිලි බලනකොට චතුරංග රූපසිංහ ලියපු "ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ " ලිපියට පිලිතුරක් ලෙස ලියපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ ඉන්දරේ සහෝදරයා ලියුව මේ ලිපිය "SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය " දැක්කා.

ඇත්තෙන්ම මම හිතන්නේ මේකනම් හොද ප්‍රවනතාවක් නෙම්.මොකෝලංකාවට ඉතාමත් වටිනා සේවයක් දෙන ඔය දෙගොල්ලොම එකිනෙකාට සාපෙක්ෂව තරගකරුවෝ.නමුත් එසේ වූ පලියට මේ වගේ අවස්ථා විශාල කාරණාවක් නොකර ගත යුතුයි කියන එකයි මගේ අදහස.

මොකෝ ඔබලාගේ ඔය වගේ ක්‍රියාකාරකම් කවදා හරි උඩු දුවලා දෙපැත්තටම පිලිලයක් වන්න පුලුවන්.මම පාර්ථනාකරනවා එසේ වන්න එපා කියලා.

තව දෙයක් මේ සම්බන්ධව දෙපසම වගකිවයුතු කට්ටිය මීට වඩා සැලකිලිමත් ලෙස කටයුතුකරයි කියලා හිතනවා.

11 comments:

  1. ඇත්තටම SBU එකත් සමග ගැටුමක් ඇති කරගැනීමට අපි පොඩ්ඩක්වත් කැමති නෑ. සෑමවිටම සහයොගයෙන් සිටීමයි ලාංකීය සිතුවිලි වල බලාපොරොත්තුව වුනේ. නමුත් SBU එකෙන් මෙවර කල පහත් තුච්ඡ ක්‍රියාව හමුවේ නිහඩව සිටීමට නෙහැකි වූ නිසයි මේ ලිපිය පල කලේ.

    ReplyDelete
  2. මේකනම් එච්චර හොඳ ප්‍රවණතාවක් නෙමේ තමා :(

    ReplyDelete
  3. යුද්ධයක් පටන් ගනීද ??? හී හී‍... [Jolkr ;-)]

    ReplyDelete
  4. මේක මෙතනින් ඉවර කරලා සහයෝගයෙන් වැඩ කරමු ....

    ReplyDelete
  5. DJ Slash (ස්ලෑෂ්) said...
    April 25, 2010 10:36 AM
    මේක මෙතනින් ඉවර කරලා සහයෝගයෙන් වැඩ කරමු .../

    සහයෝගයක් ඕන නෑ අනුන්ගේ ඒවට ජැක් ගහන්නෙ නැතුව තමන්ටම කියල අනන්‍යතාවයක් ගොඩනගාගත්තනම් ඉවරයි නේ...දෙගොල්ලන්ම පාරවල් 2ක ගියත් සිද්දවෙන්න ඔන වැඩේ වෙනව නම් එච්චරයි එක පාරෙම යන්න ඕන නෑ

    ReplyDelete
  6. චතුරංග රූපසිංහ ta

    මචන්ග් මම දන්නවා ඔයා තමයි මේ පාර මෙහෙම එකක් කරමු කියලා මුලින්ම යෝජනා කලේ කියලා.මම මෙච්චර කලයක් මට තියෙන ප්‍රශ්නේ වුනේ ලාංකිය බ්ලොග් කරුවන්ගේ සංගමය කියන්නේ ඇත්තටම සංගමයක් ද කියන එක.නමුත් මම අදයි දැන ගත්තේ එක සංගමයක් නෙමේ කියලා.කෝම නමුත් ගිය දෙය ගියා.ඔයා ඔයගේ විරෝධය පලකරපු විදිය අගයන්න වටිනවා. හැබැයි ඉතින් තව දෙයක් සි.බ්.ස යනේ මේක සංවිධානය කලේ ඉතින් ඒක මෙහෙය වන අයට සම්පුර්ණ අයිතිය තියෙනවානේ අපිට ෆීඩ් එක දිම සහ නොදිම ගැන.

    හැබැයි ඉතින් මම හිතන්නේ නැ කාර්ය්‍ය බහුලතවය කියන එක පිලිගත හැකි හේතුවක් කියලා.

    ReplyDelete
  7. DJ Slash (ස්ලෑෂ්)

    එකගයි
    ගිය දේ ගියා.
    අනොන්‍ය සහයොගීතාව තමා වඩා වැදගත්

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. දෙගොල්ලොම අල්ලලා ගඟේ ඔබන්න ඕනේ..:)

    ReplyDelete
  10. දැන් මේ පක්ෂ විපක්ෂත් එකතු වෙන කාලෙනෙ බං... සිංහලෙන් ලියන්න, කියවන්න ඇවිත්, නිකං මරාගන්නේ නැතුව පාඩුවේ සමා‍දානෙන් කරගෙන යමු.........

    ReplyDelete
  11. හෙළයා
    මාව හිරේ දායිද ?

    ප්‍රබෝද මදුශාන්

    සහතික ඇත්ත.

    ReplyDelete