Saturday, August 7, 2010

කාලෙකට පස්සේ නැවතත් ආවෙමි.

ඔන්න හුග කාලයක් නිහඩ වෙලා ඉදලා අයිත් බ්ලොග් අවකාශයට ආවා.පසු ගිය දවස්වල අධ්‍යාපන කටයුතුවලට "පලමු තැන" දීමට සිදුවීම නිසා බ්ලොග් ලියන්න බැරිවුණා.ඒ වගේම අතරින් පතර තමා බ්ලොග් කියෙව්වෙත්.

පසුගිය කාලය ගැන කිව්වොත් පසු ගිය අවුරුදු තුන ඇතුලට මාව පුද්ගලයෙක් වශයෙන් සැහෙන්න වෙනස් වුණා.සමාජයේ සම්මත හොද ගති ගුණ වගේම අසම්මත ගති ගුණ මේ කාලයේ ඇති නැති වෙලා ගියා.හෝව් හෝව් තාමත් පිස්සු හැදිලා වගේ කියව කියවගෙන යනවා නේද ?හුගක් කියන්න ලියන්න වගේම කියවන්නත් තියෙනවා.තව ජිවිත කාලයෙන් බාගයක්ම තියෙනවානේ බලමු එන හැටියට ජිවත් වෙන්න වාසනාවක් තිබුනොත් ඒවා හුවමාරු කරගමු බෙදා හදා ගමු.


ඒ වගේම මේ ලිපිය අපේ බ්ලොග් අවකාශයෙන් වගේම භෞතික ලෝකයෙන් සදහටම අපෙන් වෙන් වෙලා ගිය කුමුදුලාල් පින්තෝ මහතාට එතුමා අදහන දහම අනුව මරණයෙන් මතු උසස් තත්වයට පත්වේයායි පතමින් නිමා කරනවා.

4 comments: