Tuesday, January 26, 2010

මාගේ ඡන්දය !




ඔන්න හාපුරා කියලා ජීවිතයේ පලමුවතාවට අද තමා ඡන්දේ දැම්මේ. උදේ නැගිට්ට ගමන්ම ඉතින් හොදට නාගේන කොට කලිසමත් ගහගෙන ( මොකද ගෙදරින් බර බරේ සරම ඇදන් යන්න එපා කියලා මොකෝ හදිස්සියෙන් කඩන් වැටුනොත් එහෙම :) )

ඔන්න ඉතින් ඡන්ද මධ්‍යස්ථානය තිබ්බේ පන්සලක. ඉතින් උදේ පාන්දරම පන්සලට ගියා මම ඉතින් කොමත් අලියා වගේ මහතයිනේ කොට කලිසමත් ගහ ගත්තම සකල බුජං කොට කලිසම් වගේමයි.


ඉතින් මුලින්ම හම්බ උන ගැනු ලමයා දැම්මේ මරු මුරුස් බැල්මක් මොනවා කරන්නද උපන් කැතනේ !

කොමෙන් කොම හරි විනාඩි 3 4 ක් පොලිමේ ඉදලා ගියා ඇතුලට එතන හිටිය ඡන්ද නිළධාරිනිය මගේ ඡන්ද කාඩ් එකයි ජාතික හැදුනුම් පතයි බලාලා මගේ මූණ දිහා නිකම් කන්න වගේ බැලුවා අම්මට හුඩු රැවුල කැපුවේ නැනේ සුමාන දෙක් තුනකින් අහන්නත් දෙයක් නැ මුලින් හම්බ වෙච්ච කෙනා කන්න වගේ බැලුවේ ඇයි කියලා.......... රැවුලත් තියෙන හින්දා නිකම් බමුණා වගේ ඇතිනේ............

ඔන්න ඉතින් හදුනා ගැනීමේ පරික්ෂනයෙන් සමත් වෙලා ගියේ  වෙන තැනකට එයා මොක්ක්ද අංකයකුයි මගේ නමයි කියලා කැ ගහනවා තව එක්කෙනෙක් හරි කියලා කැ ගහනවා..... ඊට පස්සේ කාඩ් එක ඉරලා යන්න කියනවා


ඔන්න ඉතින් මම ගියා මෙන්න බොලේ තව ගැනු කෙනෙක් මගේ අත ගත්තා( නිකම් නෙම ඇදලා ගත්තේ) ගත්තා පැනක් ඔන්න ඉතින් ඒ නිළධාරිනිය උඩ පැන පැන පෑනෙන් තින්න ගානවා ඔන්න ඕක තමා එපා වෙන්නේ. ඇයි වදේ නිකම් ඇගිල්ල අල්ලන් ඉන්නේ මම පැනලා යයි වගේ

එකත් හරි ඔන්න ඉතින් මට දුන්න කොලයක් ටිකක් විතර දිග එකක් මමත් අර කාඩ් බොඩ්වලින් වට කරපු පෙට්ටිය ඇතුලට ගිහින් හිතේ හැටියට වෙලා අරන් ඡන්දේ සලකුණු කරා මොකද මුල්ම එකනේ.....
 
ඒකත් හරි ඇති යන්තම් ඡන්දේ දැන්මා බලමු මාගේ ඡන්දෙන් මොකක් හරි වැඩක් උණාද කියලා එකත ඉතින් තව අවුරුදු 6ක් තියෙනවානේ මම ගත්ත තීරණය හරිද නැද්ද කියලා බලන්න



හැබැයි මට හිතුනා මේක මීට වඩා විධිමත් විදියට නවීන තාක්ෂණයත් මුසු කරලා කරන්න පුලුවන් නේද කියලා එතකොට වියදමත් අඩුයි ප්‍රතිපලත් ඉක්මනින් දෙන්න පුලුවන්නේ හැබැයි ඉතින් රැ එලිවෙනක්ම් ටීවී බලන ආතල් එකනම් නැති වෙනවා

5 comments:

  1. ඡන්දෙට තාක්ෂණය මුසු කලොත් වෙන්නෙ......
    මොකද මේ මූනුපොතේ මඩ පෝස්ටර් ගගහ ඉන්න කබ්බො ටික හැකිං ඉගනගන්න පෙලෙඹෙන එක......

    ReplyDelete
  2. මගෙත් මුල්ම ඡන්දේ.ඡන්දේ දීලා අවා විතරයි.

    ReplyDelete
  3. මම ජීවිතේට ඡන්දයක් දාලා නෑනෙ...මේ පාරත් මිස් වුණා :-(

    ReplyDelete
  4. සහන් ට

    මම නම් එහෙම හිතන්නේ නැ මොකද ලොකේ වෙන රටවලත් නවීන තාක්ෂනය ආශ්‍රයෙන් ඡන්දය දානවා

    හොදම උදාහරනය තමා අපේ අසල්වැසි ඉන්දියාව

    http://en.wikipedia.org/wiki/Indian_voting_machines

    ReplyDelete
  5. LG ට

    අහ්..... ඒ මොකද ?

    කොම නමුත් ඉතින් ලංකාවේ ඡන්දේ දාන විධිය වේලාවකට

    ReplyDelete