Sunday, December 20, 2009

තුන් වෙනි ශික්ෂා පදය | කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමී

තුන් වෙනි ශික්ෂා පදය කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමී

කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමී
ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද ?

පොඩි කාලේ කාගෙන් හරි අහුවම කියුවේ ඒක හරිම නරක දෙයක් එක කරන්න එපා විතරයි. ටිකක් ලොකු උනාම කියුවා විවාහ වයෙන් පිට කයික සබදතා පැවැත්වීමලු
මටනම් මේක අපං බංශයක් !
ඒක හින්දා හිතුවා අන්තර්ජලයේ පොඩි ගවේශනයක් කරන්න. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකිම් ඉංගිසියෙන්නම් “I undertake the precept to refrain from sexual misconduct.”
මොකක්ද මේ කියන්නේ !!!

මේ වෙබ් අඩවිය අනුව බුදුරජානන්වහන්සේ කාමයේ වරදවා හැසිරිම මෙහෙම විස්තර කරලා තියෙනවා.


"Sexual misconduct" is defined by the Buddha as follows:
A man\women indulging in sexual intercourse with a man\women who is under the protection of -
a. a husband
b. a mother, father, brother, sister or other rightfully entitled guardian
c. the laws of the land or by convention

ඒ කියන්නේ පුරුෂයෙක් හෝ ස්ත්රිoයක් පහත ගනයට වෙටෙන වෙනත් පුරුෂයෙක් හෝ ස්ත්රිmයක් සමග විවාහයෙන් පිට කායික ඇසුරක් පවත්තනාවනම් එය වරදකි.
පහත අයගේ යටතේ සිටින

• ස්වාමි පුරුෂයකුගේ
• පියකුගේ / මවකගේ / සහදෝරයකුගේ / සහදරියකුගේ හෝ වෙනත් බාර කරයකුගේ
• නිතියේ හෝ සමාජයේ

ස්ත්රිතයක් සමග කායිකව හැසරීම

මෙය සරලව කියනාවනම් විවාහයෙන් පිට ඕනෙම පුරුෂයෙක් හෝ ස්තියක් සමග කයිකව එකතු වීම වරදකී

නමුත් අවසානයේ මට අහන්න තියෙන්නේ අද අපි මෙය පිලිපදිනවද ?

අනික තම නොපෙනන ඊලග ජන්මයේ සැපත වෙනුනෙන් මේ ජන්මයේ සැපත දන් දීම සුදුසුද කියන එකයි
තිරනය තියෙන්නේ ඔබේ අතේය !!


More information visit
http://www.beyondthenet.net/thedway/extra_re.htm

12 comments:

  1. මේ ශික්ශා පදයට අදාලව....

    විවාහය අනිවාර්ය කිරියාවක්ද?

    බින්න බැහීම, එක ගෙයී කෑම වාගේ දේවලුත් විවාහයට අදාලද?
    සමලිංගික විවාහයන් ගැන මොකද?

    විවාහයෙන් පෙර කායික ක්‍රියාවන්ගේ හැසිරීම වැරදිද?

    කායිකව නොහැසිරී, මානසික තෘප්තියක් ලබා ගැනීම වැරදි නැද්ද? ඒ කියන්නේ රාගික නිලියන්ගේ නිරුවත් නැටුම් බැලීම වාගේ දේවල්.නැත්තම් කාමුක කතා බහ වාගේ දේවල්.

    කායිකව එක් නොවී, සම්බන්දයන් පවත්වාගෙන යාම යෙහෙකිද?

    විවාහ වී සිටිනවානම්, තමගේ යටතේ ඉන්න පුද්ගලයාට කායික අස්වාදය සදහා අතවර කරනවානම්, එය මේ පදයට ඇතුල් වන්නේ නැද්ද.

    විවාහයේ එක පුද්ගලයෙකු කායික කිරියා ප්‍රතික්ශේප කරනවානම්, එය මේ ශික්ශා පදයට ඇතුල් වන්නේ නැද්ද.

    විවාහයේ දෙදෙනාටම වෙනත් උදවියත් සමග කායිකව හැසිරීම ගැන උලව්වක් නැත්තම්, දෙදෙනාවම් මේ ශික්ශාපදය හවුලේ කඩනවාද?


    මට දන්නා හැටියට ඉස්කෝලෙ ගුරුවරයා පමනක් නොවෙයී බුදු හාමුදුරුවෝ පවා මේ ශික්ශා පදයට මායීම් දීලා නැහැ. හැබැයී ප්‍රාණ ගාතයටනම් අලංකාරෙට ඉරි ගහලා මායීම් දීලා තියනවා. මම හිතන්නේ මේ ශික්ශාපදයටන් මායීම් දීලා නැත්තේ හේතු ඇතුවයී. මේ මායිම අනුව ගැනු හැම තිස්සේම කාට හරි යටවෙලා ආරක්ශාව යටතේ ඉන්න ඔනේ. එහෙම නොවන අවස්තාවක (උදාහරනයක් විදිහට චන්දිරිකා නෝනා ) මේ ශිෂ්‍යාපදයම දෝයී ගාල කගා හැලෙනවා.

    ReplyDelete
  2. සැම්ට

    සහෝදරයා
    මටත් ඔය ප්ර ශ්න ටික ඔහෝම්ම තියෙනවා.
    මම ටිකක් ඔය ගැන කියුව්වා
    සමලිංගිකතාව ගැන මට විස්තර හම්බ උනා ඒ පිලිබද බෙල්ලන්විල සුදන්ත කියලා ස්වමින්වහන්සේ කෙනෙක් ලිපියක් ලියලා තිබ්බා මම එකට ඔබව සම්බන්ධ කරන්නම්
    ඊට අමතරව මෙන්න මේ 1 ලිපිය කියවන්න.මම පසුව නිවාඩු පාඩු වෙලාවක පොඩි ගවේෂනයක් කරලා වැඩි විස්තර දෙන්නම් මට එක පාර මාගේ අදහස කියන්න බැ මොකද එය නිවැරදි විය නොහැකි නිසා
    ඔබට ජය

    1 ලිපිය http://www.accesstoinsight.org/lib/authors/walshe/wheel225.html

    ReplyDelete
  3. තුන් වන සිල් පදය කියන්නෙ බොහොම වරදවා වටහා ගත්තු සිල්පදයක්. මේ වගේ කමෙන්ට් එකකින් විස්තර කියන්න බැරි දෙයක්. මම පොඩි දෙයක් කියන්නම්. මට මතා කතාවක්. එක දවසක් නගර ශෝභිනියක් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ල ඇහුවා එයාට පන්සිල් රකින්න පුලුවන්ද කියල. බුදු හාමුදුරුවන්ගේ උත්තරේ උනේ ඔව් කියන එක. එකෙන්ම පැහැදිලි වෙනවා සෑම් කිව්ව වගේ මේකට ඉරක් ගහල නැති බව. මගේ අදහස නම් මේක තීරණය වෙන්නෙ පෞද්ගලික සදාචාරය මත. මගේ ගෑණි දන්නවනම්, එකඟනම් මම තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක මම හිතන්නෙ ඒක වැරැද්දක් නෑ කියල. නමුත් මම මගේ ගෑනිට හොරෙන් කරනවනම් ඒක වැරදී. මෙතනදි හරි වැරැද්ද්ය තීරණය කරන්න සාධනය උනේ ලිංගික ක්‍රියාව හෝ කාත් එක්කද කලේ කියන එක නෙමේ. අවංක බව. බොරු නොකීම. ඒ නිසා. කාමයේ හැසිරීම තනි කරල හරි වැරැද්ද නිශ්චය කරන්න බෑ.

    ReplyDelete
  4. තරිදු
    ඇත්ත මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ මොකද කියුවෝත් බුදු දහම කියන්නේ දර්ශනයක් ඉතින් .........................

    මම ඔයාට අරධනාකරනවා හොද ලිපියක් කරන ලෙසට................

    මම හිතන්නේ ඔයාට එකට ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා කියලා...........

    ReplyDelete
  5. මේක බුදුහාමුදුරුවෝ දේශනා කළ නැති බණ රජ කරන කාලයක් නිසා, ධර්මය මොකද්ද කියලා හොයන අය නොමග යනවා කියලා හිතෙනවා.

    ඉතින්, මේ වගේ බුද්ධිමත් විදිහට මේ කරුණු විශ්ලේෂනය කරන එක ගොඩක් වැදගත්!

    තුන්වෙනි ශික්ෂා පදෙයි, සමලිංගිකත්වයයි ගැන ටිකක් මේ ලිපියේ තියෙනවා.

    http://not-straight.blogspot.com/2009/12/homosexuality-buddhism-2.html

    ReplyDelete
  6. LG,
    බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට මම මේ ලිපිය ලිවිමෙන් බලා පොරොත්තු වු එක් කාරනවක් වන්නේක් මෙයයි
    එනම් අද සමජයේ හැන්ගි හොරා කතාකරන දේවල් පිලිබද පුළුල් කතිකාවතක් මට හැකි පමනින් ඇති කරන්න. එය මීට කලින් ඉටු වෙලා තියෙන එක ගැන මට සැහෙන්න සතුටුයි.

    ReplyDelete
  7. මෙවැනි මාතෘකා ගැන තවදුරටත් අපි කතා කරන්න ඕන.. ඔයා වගේ තවත් කෙනෙක් බ්ලොග් අවකාශයට එක් වුණ එක ගැන සතු‍ටුයි!

    දිගටම ලියන්න..ජය!

    ReplyDelete
  8. මේ ලිපිය ගැන නම් කොයි විදිහට හිතන්වාද කියලා තාම හිතා ගන්න බෑ . . කිව්වත් වගේ හරියට දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ . ..

    ReplyDelete
  9. මේකයි වැඩේ. හරි වැරැද්ද කියන දේත් සාපේක්ෂයි..

    සිද්ධාර්ථ කුමාරයා කරන්න පුලුවන් හැම දේම ඒකාලේදී කොරලා කොරලා තමා අන්තිමේදී ගිහි ගෙයින් නික්මිලා, ගිහිං භාවනා කරේ.ඒත් අපිට එහෙම නිවී සැනසිල්ලේ ඉන්න බෑ..
    මම දන්න විජ්ජාවෙන් කියනවා නම්, ඒක හරියට ලුණු කැට වතුරට දාලා දියකරනකොට වෙන සිද්ඬිය වගේ.. අපි ඉන්නේ අසංතෘප්ත(unsaturated) අවස්ථාවේ. ඒත් සිද්ධාර්ථ කුමාරයා හිටියේ අධිසංතෘප්ත අවස්ථාවේ. (Super saturated). කොයිතරම් ලුණු දැම්මාත් දියවෙන්නේ නැති අවස්ථාවේ..

    ජීවියෙක් උනාම හැගීම් දැනීම් තියෙනවා.. ඒක වැරදි දෙයක් නෙමෙයි.. ඒත් අපිට හැගීම් පාලනය කරගන්න බැරි, අපි තාම unsaturated නිසායි.

    කොහොම උනත් මට නම් හිතෙන්නේ තමුන්ගේ taste එක දන්නේ තමුන්මයි.. අනුන්ට ඕනේ විදියට තමුන්ගේ හැගීම් පාලනය කරන්න වුනොත් අපිට ඉන්න වෙන්නේ දුකින්.. ඒක නිසා ඉරි ගහලා කියන්න බෑ, මේක තමා මායිම කියලා.. ඒක තමාගේ නැණ නුවණ අනුව බොහොම පරිස්සමින් කරන්න ඕනේ දෙයක්.. ගැස්සුනොත් ගැස්සුනාමයි..
    හෙ හේ, පරිස්සමින් බොලං...

    ReplyDelete
  10. සැන්ටා වරෙන්කො හෙට කැම්පස් මම නංගිට කියන්නම් අයියා මේ දවස් වල තුන් වෙනි සිල් පදේට තේරුම් හොයනව කියල.

    ReplyDelete
  11. .::පිස්සා::. සඉඩ්...
    "දෙසෙම්බෙර් 21, 2009 8:24 ඇM මේකයි වැඩේ. හරි වැරැද්ද කියන දේත් සාපේක්ෂයි..
    ...................................... "
    ඇත්ත බුදු දහම කියන්නේ සීමා මායිම් ගහලා වෙන් කරන්න පුලුවන් දෙයක් නේමේ.අනික කිසිවකුට යම් දෙයක් බලෙන් කරන්න කියාලා කියන්නේත් නේ
    කොහොම නමුත් අපි පෘතෘග්ජන මිනිස්සුනේ එක් හින්දා හුගක් ගිහි ජීවිතයට ඇලී ගැලී ඉන්නවා. තෙරීම සහ ගැලවීම තියෙන්නේ අපේ අතේ මිස වෙන කිසිවෙක් අතේ නෙමේ

    ReplyDelete
  12. To ත‍රිඳු
    “සැන්ටා වරෙන්කො හෙට කැම්පස් මම නංගිට කියන්නම් අයියා මේ දවස් වල තුන් වෙනි සිල් පදේට තේරුම් හොයනව කියල. “
    සැන්ටා මේ දවස්වල උත්තර ධ්රැපවයේ වැඩ වගයකට ගියා කියලා අරංචියි. මම එයාට පනිවිඩය කියන්නම්කෝ

    ReplyDelete