Friday, January 1, 2010

අනුරාධපුර යුගයෙන් එහා ගිය අපේම ශිෂ්ඨාචාරයක් | රාවණා !

මම හිතන්නේ කට්ටිය ඔක්කොම ඊයේ රුපවාහිනියේ (31-12-2009) ගිය අබා බලන්න ඇති... මටනම් ඉතින් බලන්න බැරි උනා හේතුව මෙතනට සම්බන්ධ නැති නිසා මම කියන්නේ නැ.

මට ඊයේ අපේ තරිදු ලියපු " ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා " ලිපිය කියව්වාට පස්සේ කවදත් ඇගේ තියෙන ඉතිහාස උන පොඩ්ඩක් වැඩි උනා

ඊයේ එලියට ගියත් මේ ගැන ටිකක් විතර කල්පනා කලා. මෙහෙම ඉන්නකොට රිවිර පත්තරේ ගිය ලිපියක් මතක් උනා.

ඉතින් පොඩ්ඩක් හොයල බැලුවම එක ලිපියක් නෙමේ දෙකක්ම හම්බ උනා. ඉතින් ඇත්තටම අපිට අනුරාධපුරයෙන් එහා ගිය අතීතයක් තිබ්බද ? මීට ටික දවසකට කලින් ඇහුවනම් කියන්නේ එහෙම කියන්න බැ මොකද මහාවංශයේ සදහන් වෙන විදියට ක්‍රි පු 6 ට කලින් මෙහේ එතරම් දියුනු සමාජයක් තිබිලා නැ විජය කුමාරය එන්න කලින් මෙහේ තිබිලා තියෙන්නේ ප්‍රථමික සමාජයක් ( මහාවංශයේ කතුවරයා(යන්) ලංකාවේ ප්‍රාග් අයිතිහාසික යුගය ගැන නොලියුවේ ඇයි ? එවා දැන් ඉන්න උගත් මොඩයෝ වගේ නුගත් බුද්ධිමත් ගැමියන්ගේ කතා කියලා අහක දැමුවද ? )

අපේ රාවණා රජතුමා ගැන මම මේ අවස්ථාවේ සම්බන්ධ කරන්නේ නැ නමුත් ලංකාව මුලු ලොකෙමත් එක්ක බලද්දි සැහෙන්න හොද ඉතිහාසයක් තියෙන රටක්

රිවිර පුවත්පතේ රවී ජයන්ත සදහන් කරන අකාරයටනම් අචාර්ය දැරණියගල , ආචාර්ය නිමල් පෙරේරා ,මහාචාර්ය නෝට් කියන පුද්ගලයන් විසින් ඔහුට පවසනවා අනුරාධපුර ඇතුලු නුවර ප්‍රදේශයෙන් ක්‍රි පු 9 ට කලින් සාධක හමුවෙලා තියෙනවා කියලා.

පුදුමයි නේද ?

ඒ එක්කම රිවිර පුවත්පතේ ධර්මප්‍රිය ලියනාරච්චි ලේඛකයා කියන විදියට අනුරාධපුරයෙන් නොවුනත් රංග මඩල ප්‍රදේශයේ මාහාචර්ය රාජ් සෝමදේව කියන විදියට එම ප්‍රදේශයෙන් වසර 3000 කට වඩා පැරණි ඉතා දියුනු මට්ටමේ ජීවත් වුන මිනිස් සමාජයක සාධක හොයා ගෙන තියෙනවා

මේ අනුව අපිට හිතන්න පුලුවන් ලංකාවේ හතර දිග් බාගයේම දියුනු ප්‍රාග් අයිතිහාසික ශිෂ්ඨාචාරයක් තිබුනා කියලා..........
පොඩ්ඩක් තව ටිකක් හොයලා බලන්න ඔනේ නිවඩු පාඩු වෙලාවක

බලගෙන ගියම තව ටික කාලේකින් අපේ රාවණා රජතුමාගේ රාජධානිය ගැනැත් හොයා ගන්න පුලුවන් වෙයි.සමහර විට මේ කියන දේවල් වැලලීලා ඇත්තේ අපේ කකුල් දෙක යටම වෙන්න පුලුවන් නේද ?

මුලාශ

http://www.rivira.lk/2009/09/27/rividahara1.htm
http://www.rivira.lk/2009/09/20/rividahara4.htm

7 comments:

  1. හොඳ වැඩක්. අපිට අපේ අතිකය මතක් කරලා දෙනවා. එත් එතින් මෙවා දැනගන්න ඔනා අර දියවන්නාවේ ඉන්න කට්ටිය තමයි

    ReplyDelete
  2. හරි වචනේ රාවණා. රාවනා නෙමේ.

    මම දන්න තරමින් නමේ තේරුම් රා - හිරු, වණ - වර්ණය කියන එක. රාවන කිව්වොත් තේරුම රා -හිරු, වන - කැලෑව

    ReplyDelete
  3. බොහොම ස්තුතියි

    දියවන්නා ඔයේ කට්ටිය කරනවද මන්දා ටික දවසක ඉදන් රාවණාව විකුනම් කනවා අපේ සංචාරක කර්මාන්තයේ කට්ටිය

    මේ බලන්න

    http://www.totaltravel.lk/tour_srilanka_tour.php?id=49

    සල්ලි හොයන එක ප්‍රශ්නයක් නැ නමුත් අපේ දෙවල් විකෘති කරලා පෙන්වනාවනම් ඒක නරකයි නෙද

    ReplyDelete
  4. තරිදු

    එය එසේනම් මම නිවැරදි කරන්ම්

    බොහොම ස්තුතියි වැරැද්ද පෙන්නුවාට

    ReplyDelete
  5. ඔය වාරියපොල කියන්නේ ඔහුගේ දඩුමොනරයේ ගුවන් තො‍ටුපොල. ඔහු ගැන වැරදි විදිහට වාල්මිකී රාමට පක්ෂව රාමායණය ලියල තියෙන්නේ.
    රාවණ කියන්නේ අතිදක්ෂ පාලකයෙක් වගේම විද්‍යාදාරියෙක්. මම අහල තියෙනවිදිහට පුලතිසි ප්‍රතිමාව පැරකුම්බා රජතුමා නෙවෙයි. මාහා රාවණාගේ ගුරුවරයෙක්.
    ඔය සිතා එලියේ දී සිතා පතිවත පෙන්විමට ගිනි ගොඩට පැන්නට ඒක රාවණාගේ ගිනිසිසිල් මන්ත්‍රයේ හාස්කමක්. රාවණා සමග සිතා පසු කලක මිතුරුවි තිබෙනවා. ඉන්දියානුවන් පවසන ආකාරයට සීතා හා රාම අවසාන කාලේදි මතබේද ඇතිවි වෙන්වි තිබෙනවා

    ReplyDelete
  6. Muthunayake

    ඔව් මමත් අහලා තියෙනනවා ඔය වා+රිය+පොල කියන්නේ රාවණා රජතුමාගේ විමාන(අහසින් යන යානාවන්) නතර කරපු තැන් කියලා

    වාල්මිකී කියන්නේ ඉන්දියානු සෘෂි වරයෙක් ඉතින් එයා එක ලියන්නෙ ඇත්තේ හින්දු දහමේ අභාෂය ඇතුවයි
    කෝම නමුත් මේ සම්බන්ධව විධිමත් පරේෂණයක් කරලා නැති නීසා ඒ සම්බන්ධව අපිට උපකල්පිත මත පදනම්ව තමා පිලිතුරු දෙන්න වෙන්නේ....

    ඇත්තෙන්ම ඔබ කියපු සමහර කරුණු මම අහලා නැ.
    මම මේ පිලිබධව වඩා විස්තරාත්මක් ලිපියක් ලියන්න හිතන් ඉන්නේ රාවණා රජතුමා ගැන.තාම කරුණු රැස් කරනවා

    බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට

    ReplyDelete
  7. තරිඳුට..මං නම් හිතන්නේ රාවන හරී කියලා
    වන යනු වංශයයි සූර්‍ය වංශය

    ReplyDelete