Wednesday, December 22, 2010

සමුගන්න දෙන්න මට අවසර

කාර්‍ය් බහුලතවය හා පෞද්ගලික හේතුන් මත බ්ලොග් ලිවිමෙන් ටික කාලයකට විශ්‍රාම ගන්න අදහස් කරනවා.


එහෙනම් පස්සේ හමුවෙමු.

Tuesday, November 23, 2010

නොදුටු සබද ........

හරියටම මසකට කලින් ඔබත් මේ මිහිතයේ ජිවන් වු තවත් එක් අයෙක්.


නමුත් ඔබගේ වෙන් විමත් සමග කල පරිත්‍යගයත් සමග ඔබ අමරණිය වුවා.

ඔබගේ නෙත් යුගලයෙන් අද මම සමග තවත් අයෙක් ලොව දකිනවා.

අපට ඔබ සමු නොවුනත් ඔබ අප තුල ජීවත් වෙනවා.
 
නොදැක්කත් ඔබ මගේ නෙතින් දකිමි ලොව මම දැන් ඔබේ නෙතින්,


සබද ඔබ අමරණියයි.............


Monday, October 18, 2010

අනේ සංසාරේ

අම්මෝ මාසයකට විතර පස්සේ ඔන්න ආයිත් ලිපියක් ලියන්න හිතුනා.මේ දවස් මහා එපා කරපුම දවස් ටිකක්.මමත් මාර විදියට කම්මැලි වෙලා.ඒ මදිවට ජම්බෝලේ වගේ මහත් වෙලා දැන් පිපෙරෙන්නත් ලගයි.එහෙම නොවී තියෙවී යයි වැඩක් නොකර තියෙනකොට.

පහුගිය දවස්වල මම ඉස්පිරිතාලෙත් නැවතිලා හිටියානේ. මන්දා ඒකෙන් මේකෙන් මම හිතා ගත්තා අයිත්නම් රජයේ ඉස්පිරිතාලවට යන්නේ නැ කියලා.මගේ නිකම්ම නිකම් මාසයක් කෑවා.අන්තිමට බලෙන් ටිකට් කාපාගෙන ගෙදර එන්න උනා.

ඒක හින්දා ඔන්න පෞද්ගලික ඉස්පිරිතාලයකට යන්නයි ගෙදර අයගේ කල්පනාව අයිත් ඔන්න ඊලග 21 ඇතුලත් වෙනවා.මේ පාරනම් ගෙයත් උගස් තියෙන්න වෙන එකනම් ෂුවර් ( ඒකයි මගේ ලැප්ටොප් එකයි විතරයි තාම උගස් නොකර තියෙන්නේ ).

ඉස්පිරිතාල කතාව ඉතින් වෙනම පොස්ට් එකකින් ලියන්නම්.හැබැයි ඉතින් එක දෙයක් ඉස්පිරිතාලේ හිටිය නර්ස් අක්කලා මතක් වෙනකොටත් දුකේ බෑ.
තාත්තාගෙනුත් බර බරේ බැ ජොබ් කට්ටක් හොයා ගන්න කියලා.මේ යන විදියටනම් තවත් උපාධියක් කරන්න වෙන පාටයි ජොබ් එකක් ගන්න.මන්දා මාර අප්සෙට් සීන් එක.එත් ඉතින් තව මාසයක් විතර ඉස්පිරිතාලේ ඉදලා ගෙදර ආවහම බලනවා.

කවුරු හරි යාලුවෙක් වැඩක් කියුවා ඒක මතක් කරගන්න ෆුල් ගේමක් දෙනවා තාම අමතකයි.කිව්ව එකාටත් මල පැනලා ඇත්තේ.අනේ සමාවෙන්න මචන්ග් පොඩ්ඩක් ආයිත් මතක් කරන්න.බලමු ඉතින් රාජ‍ය වෛද්‍ය සේවයෙයි , පෞද්ගලික වෛද්‍ය සේවයෙයි ගුණාත්මකතාවය.

එහෙනම් ඉතින් ලිපිය හමාර කරන්න වේලාව හරි.

එහෙනම් නැවත ටික කාලයකින් හම්බ වෙමු මගේ රෝහල් ජීවිතයේ ලිපි පෙලක් සමග(හුගක් දේවල් තියෙනවා ලියන්න ).

Friday, September 10, 2010

Eid Mubarak | රාමසාන් සුබ පැතුම්

අද ලොව පුරා වසන මුස්ලිම් බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී  දිනයක්. ඒ අද ඊඩ් (Eid ul-Fitr) දිනයයි.එනම් උපවාස සමයේ අවාසාන දිනයයි.
ඉතින් ඒ වෙනුවෙන් මම සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට  සුභ පතනවා.

Thursday, August 12, 2010

[කමු බොමු]කමුද බර්ගර් - රස හදුනන්ට පමණයි.

ලංකාවේ අපි දුප්පතාගේ කැම මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ කටපුරා "පාන්" කියලානේ.ඒ වගේ පිටරට(ඇමෙරිකාවේ තාමා වැඩියෙන්ම ) කියන්නේ "බර්ගර් " කියලා ලු. මොනවාද මේ බර්ගර් කියන්නේ සරල වශයෙන් කියුවොත් බර්ගර් කියන්නේ පාන් පෙති දෙකක් අතරට දාපු මස් කැල්ලක්.විශේෂයෙන් අද කාර්යබහුල සමාජයේ බර්ගර් එකක් තව තව විශේෂංග එකතු වෙල රස වෙලා තියෙනවා.ඉතින් මට හිතුනා අද බර්ගර් ගැන ලියන්න.මොකෝ ලංකාවේ අපිට රස ඔරිජිනල් බර්ගර් එකක් කන්න හම්බ වෙන්නේ කලාතුරකින් නිසා.