Sunday, January 20, 2013

ඉන්දියාවේ සංචාරේ -මා ගිය ගුවන්තොටුපලවල්

ඔන්න මටත් ඉතින් ජොබ් එකක් කාරිය එහෙම සෙට් වෙලා රට රාජ්ජවල යන්න ලැබුනයි කියමුකෝ , මහ ලොකු රට රාජ්ජ කිව්වට ගියේ අල්ලපු රටට විතරයි.එකත් ඉතින් වැඩපොලෙන් යැව්වේ මට ඇති ආදරයකට නෙමේ , ඒ ගොල්ලන්ගේ වැඩ කරව ගන්න.

ඉතින් පහුගිය මාස හයට කිහිපසැරයක් මම එහාට මෙහාට ගිහින් තියෙනවා. හිතා ගන්නකෝ , දැන්නම් ඉතින් උදේ හවස ගෙදර යනවා වගේ පුරුදුයි.


මුලින්ම මම කියන්නන්කො මම මොන මොන ගුවන් තොටුපොලවලටද ගියේ කියලා.මුලින්ම ඉතින් ශ්‍රී ලංකාවේ අපේ කටුනායක ගුවන් තොටුපල,ඊලගට චෙන්නායි ඊලගට හයිඩ්‍රාබාඩ් ඊලගට මුම්බායි ආයිත් ඔය චක්‍රයම තමා.

බණ්ඩාරණායක  ජාත්‍යන්තර ගුවන්තොටුපල - කටුනායක

සිරිලක දේ සිරිසැප දේ කියලා තියෙනවානේ.සාපෙක්ෂව හොද ගුවන්තොටුපලක් , මම ගිය අනිත් ගුවන්තොටුපොලවල් (හයිඩ් , මුම්බායි ) සාපේක්ෂව ටිකක් පරණයි වගේ , නමුත් පහසුකම් අතින් ඉතා හොදයි. ගුවන්තොටුපලේ පිටවීමේ හා ඇතුලුවීමේ පර්යන්තය ගාව තියෙන බුදුපිලිමේ දැක්කාම ගෙදර වගේ හැගීමක් එනවා  මම දැකලා තියෙනවා හුගක් ලංකාවේ  මිනිස්සු වරක් දෙවරක් බුදු පිළිමේ දිහා බලලා යනවා.

Buddha Statue at the  Entrance of BAP. (Taken from here)   

Duty Free එක ගැනත් කියන්න ඕනේනේ පොඩ්ඩක් , Departure එකේ තියෙන ශොප්ස් ගොඩක් හොඩයි Arrival එකේ තියෙන ශොප්ස් වලට සාපේක්ෂව , හුගක් Offers තියෙනවා.ඒ වගෙම මතක තියා ගන්න , මොනවා හරි බඩුවක් මිලදී ගන්නකොට තමාට නිකුත් කරන ප්‍රමාණය නිවැරදිද කියලා බලලා ගන්න.

උදාහරණයක් වශයෙන් තීරු බදු රහිතව ලංකාවට ගෙන්න පුලුවන් මත්පැන් ලීටර් තුනක් විතරයි , හදිස්සියේදි රේගුවෙන් පරික්ෂා කලොත් ඔයගොල්ලෝ ගාව ඊට වඩා තිබ්බොත් දඩ සමග තීරු බදුත් ගෙවන්න වෙයි.

රාජිව් ගාන්ධි ජාත්‍යන්තර / අභ්‍යන්තර  ගුවන්තොටුපල - හයිද්‍රාභාඩ්

ඉන්දියාවේ මම ගිය හොදම ගුවන්තොටු පොල , පොඩියි ඒ වුණාට පිලිවෙලයි.ඉන්දියාවේ තියෙන හොදම ගුවන්තොටුපලක් , නිළධාරින් ඉතා හොදයි කියන්න බැරි වුණත් , හොද සේවාවක් සපයනවා ඒ වගේම අනවශ්‍ය පරිදි මහින් සමග මැදිහත් වෙන්නේ නෑ.මේක Domestic Airport එකකුත් නිසා හුගක් ඉන්දියානුවන් ඉන්නවා.

අනික ගුවන්තොටුපලේ හොදට කන්න බොන්න තැන් තියෙනවා , ඒ වගේම තමා ගුවන්තොටු පලෙන් එලියේ ප්‍රෝකාටින් වගේ සෙල්ලම් තියෙනවා කැමතිනම් සල්ලි ගෙවලා යන්න පුලුවන්. හොදම දේ තමා මේ ගුවන්තොටුපොල හුගක් පිරිසිදුයි.එකෙන්ම හිතා ගන්න පුලුවන් මේකේ කොච්චර හොදට කටයුතු කෙරෙනවද කියලා.

මට මේකට ගියාම මතක් වෙන්නේ තායිලන්තයේ ස්වර්නඕම් ගුවන්තොටුපොල ප්‍රමාණයෙන් ඇරුණාම මේ දෙකේ එච්චර වෙනසක් නෑ.

Passenger Entrance of  Rajiv Gandhi Airport  ( Taken from here)  
ම්හ් තව මොනවද කියන්න තියෙන්නේ , මේකෙත් පොඩි ඩියුටි ෆ්‍රී ශොප් සෙට් එකක් තියෙනවා හැබැයි එච්චර ලොකු එකක් නෙමේ ඒ වගේම ලොකු offers එහෙමත් නෑ.පොඩි එයාපොර්ට් එකක් වුණත් මෙතනට ගොඩක් ජාත්‍යන්තර වගේම ගෘහස්ත ගුවන් යාන ගොඩබාන තැනක්.

ඊලගට ඉතුරු වෙලා තියෙන්නේ , මුම්බායි සහ චෙන්නායි ගුවන්තොටු පොලවල් ගැන ලියන්න.

චට්‍රපති ශ්‍රීවාජී ජාත්‍යන්තර ගුවන්තොටුපොල - මුම්බායි (බොම්බාය )

මුම්බායි ගුවන්තොටුපොල කියන්නේ ඉන්දියාවේ තියෙන දෙවැනියට ලොකුම ගුවන්තොටුපොල මේ ගුවන්තොටුපොලත් මම කැමතිම එකක් හැබැයි ඒ එයාපොර්ට් එකේ ලස්සනට නෙමේ , ඒකට එන මිනිස්සුන්ගේ ලස්සනට.

අපේ යන්තම් පාට ටිකක් වැටුනා කියලා, ඇග හැඩ වුණා කියලා අඩි හයක් හතක් උඩින් යන ඉටි කිරිස් අක්කලා නංගිලා ටික මෙහෙට ගෙනාවනම් සිය දිවි නසා ගන්නවා,මම හිතන්නේ ඉන්දියාවේ ලස්සනම මිනිස්සු ඉන්නේ මහාරෂ්ඨා වල.අනික මෙහේ හුගක් කෙල්ලෝ හුගක් විවෘතයි , ඒ වගේම වගකීම් සහිතයි .කොල්ලෙක් ඇගේ හැපුනා කියලා, කතා කලා කියල කිසිම විදියකින් මේ මිනිස්සු වරදවා හිතන්නේ නෑ . ඒ වගේම මම දැක්ක දෙයක් තමා අපේ කොල්ලෝ තරම් මෙහේ කොල්ලන්ට ගායක් නෑ කෙල්ලෝ පස්සේ දුවන්න. හැබැයි ඉතින් පසු ගිය දවස් වල වෙච්ච දේවල් වල හැටියට අපේ රටෙයි ඉන්දියාවේයි අමනුස්සයන්ගේ වැඩි වෙනසක් නෑ වගේ.

මුම්බායි ගුවන්තොටුපොල හයිඩ් සහ චෙන්නායි ගුවන්තොටුපොලවලට වඩා හුගක් සෙනග ඉන්න කාර්ය බහුල ගුවන්තොටුපොලක් ඒ වගේම ටර්මිනල් ගොඩක් තියෙනවා. ඩොමෙස්ටික් එකට යන්න වෙනම ශටල් සර්විස් එකක් තියෙනවා. ඒක තියෙන්නේ ජත්‍යන්තර ගුවන්තොටුපොලේ ඉදන් පොඩ්ඩක් දුරින්.ආරක්ෂාව සහ රේගුව අතින් ගත්තොත් උපරිම සේවයක් මෙහේ කට්ටිය කරනවා. ඒ වගේ ඉමිග්‍රේෂන් එකේ කට්ටියත් එහෙමයි.ඒක හින්දා ටිකක් දිග පෝලිමක ඉන්න බලාගෙන යන්න.

Inside Mumbai Airport (Taken from here)

හෙන සයිස් ඩියුටි ෆ්‍රී එකක් තියෙනවා , හැබැයි එච්චර offers නම් නෑ. මෙහේ ලංකාවේ කට්ටිය ගොඩක් මට හම්බ වෙලා තියෙනවා. හුගක් ලංකාවේ සිංහල , දෙමල සහ මුස්ලිම් කට්ටිය මේ ගුවන්තොටුපොල හරහා  ලංකාවට එනවා.අනික ලංකාවේ හමුදාවේ කට්ටිය හුගක් ඉන්දියාවට එනවනම් එන්නේ මෙතනින් තමා ඉන්දියාවේ වෙනගුවන්තොටුපොලවල භාෂා තුනක් හෝ වැඩි ගනකින් විස්තර කියද්දි මෙහේ කියන්නේ හින්දියෙන් සහ ඉංග්‍රීසියෙන් පමණයි.

චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොල - චෙන්නායි

ශ්‍රී ලංකාවේ අපිට ලග පාතම තියෙන ඉන්දියාවේ ගුවන්තොටුපොල තමා  චෙන්නායි ගුවන්තොටුපොල.මේ ගැන වැඩි විස්තර කියන්න තරම් දෙයක් නෑ.මම වඩා කැමතියි අනිත් ගුවන්තොටුපොලවල් දෙකට , මේ ගුවන්තොටු පොලේ වැසිකිලිකට ගියොත් පිටකොටුවේ පොදු වැසිකිලිය කොච්චර හොදද කියලා මතක් වෙනවා. අනිත් සේවානම් ටිකක් හොදයි. හොද offers තියෙන ඩියුටි ෆ්‍රී එකක්නම් තියෙනවා.

A Duty Free shop at Chennai Airport (Taken from here)


ඔන්න ඉතින් මම ගිය ගුවන්තොටුපොලවල් ගැන කෙටි විස්තරේ ඉවරයි. ඊට පස්සේ ලියන්න ඉන්නේ එයාර් ලයින් සහ ඔය ගොල්ලෝ කැමතිම මාතෘකා ගොඩක් ගැන :P.




6 comments:

  1. ලස්සන විස්තරයක්...වැදත් විදියට ලියලා තියෙනවා..

    ReplyDelete
  2. //අපේ යන්තම් පාට ටිකක් වැටුනා කියලා, ඇග හැඩ වුණා කියලා අඩි හයක් හතක් උඩින් යන ඉටි කිරිස් අක්කලා නංගිලා ටික මෙහෙට ගෙනාවනම් සිය දිවි නසා ගන්නවා,//

    ඔයිට ආසාන්න කථාවල් ඉන්දියාවේ ගිය ලංකාවෙ එකෙක්ගෙන් අහපු 5 වෙනි වතාව .

    ReplyDelete
    Replies
    1. බුවා , අප්පා ඒ ගැනනම් වෙනම පොස්ට් එකක් ලියන්න තරම් කරුණු තියෙනවා

      Delete
  3. mamath last year india giya ayye.api giye delhi.cmb walin nagala chennai transit wela giye.ape gamanata ahu una airport walin epama karapu,chaa ma airport eka chennai.aai kiyanna deyak na.oya kiwwa hari toilet ekakata yanna hithenneth na.aduma tharame ara wadi wenna thiyena putuwakwath pirisidu na.pus godawal ehem pitinma.chennai airport eka internationl and domestic nisa godakma cha wela thiyenne.domestic eka gannama na.
    bt ehe minissunta ape ayata wage newei.plane eke yanawa kiyanne simple deyak.api chennai indan delhi yaddi a flight eke giya samahara indians la short gahagena,rubber sereppu dagena giye.
    kohoma unath cmb and delhi airport eka develop karala thibba south asian games walatada koheda.a nisa supiriyatama thibba.a kohoma unath service eka athin cmb thamai supirima.api clearing karan enakota gaanata bags awilla.anith than dekedima api bags enakam balan hitiya..
    maath ida thibba welawaka liyannam mage airport athdakeemath :D

    ReplyDelete
  4. හුගක් කට්ටිය ලංකාවේ ඉදන් දිල්ලී යද්දී යන්නේ චෙන්නායි හරයි මොකෝ ඒක ඉක්මන් ඒ වගේ පොකට් එකට වාසියි.
    චෙන්නායි ගුවන්තොටුපොල කියන්නේ ඉන්දියාවේ තියෙන එපාම කරපු එකක් රේටින් හරිත් නෑ , හුගක් සාමන්‍ය සේවකයෝ ඉංග්‍රීසි තියා හින්දිවත් දන්නේ නෑ.

    චෙන්නායි ඉන්ටනැශනල් එක හොදයි බන්ග් ඩොමෙස්ටික් එකට වඩා , ඔය දෙක වෙන වෙනමනේ ඒකයි ඔය තරම්වත් තියෙන්නේ.

    bt ehe minissunta ape ayata wage newei.plane eke yanawa kiyanne simple deyak

    ඔව් අපිට ප්ලෙන් එකක යනවා කියන්නේ මැජික් වුණාට ඉන්දියාව වගේ ලොකු රටකට ප්ලෙන් කියන්නේ තවත් එක් පොදු ප්‍රවාහන ක්‍රමයක් විතරයි.

    දිල්ලි එයාපොර්ට් එකට මම ගිහින් නෑ. හැබැයි හොදයි කියලා හිතනවා මොකෝ ඉන්දියාවේ තියෙන ප්‍රධානම ගුවන්තොටුපලනේ.

    ohoma unath service eka athin cmb thamai supirima.api clearing karan enakota gaanata bags awilla.anith than dekedima api bags enakam balan hitiya..
    maath ida thibba welawaka liyannam mage airport athdakeemath :D

    ඔව් කොලඹ හොද සර්විස් එකක් තියෙනවා. ඒ වගේම ගමන් කරන කට්ටියට ලොකු වදයක් දෙන්නේ නෑ.

    ReplyDelete