Thursday, August 12, 2010

[කමු බොමු]කමුද බර්ගර් - රස හදුනන්ට පමණයි.

ලංකාවේ අපි දුප්පතාගේ කැම මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ කටපුරා "පාන්" කියලානේ.ඒ වගේ පිටරට(ඇමෙරිකාවේ තාමා වැඩියෙන්ම ) කියන්නේ "බර්ගර් " කියලා ලු. මොනවාද මේ බර්ගර් කියන්නේ සරල වශයෙන් කියුවොත් බර්ගර් කියන්නේ පාන් පෙති දෙකක් අතරට දාපු මස් කැල්ලක්.විශේෂයෙන් අද කාර්යබහුල සමාජයේ බර්ගර් එකක් තව තව විශේෂංග එකතු වෙල රස වෙලා තියෙනවා.ඉතින් මට හිතුනා අද බර්ගර් ගැන ලියන්න.මොකෝ ලංකාවේ අපිට රස ඔරිජිනල් බර්ගර් එකක් කන්න හම්බ වෙන්නේ කලාතුරකින් නිසා.

Wednesday, August 11, 2010

ළමා කාලයට මොහොතකට පිය නැගුවෙමි - නාර්නියා

මේ දවස්වල කියන්න තරම් වැඩකුත් නැති එකේ ඉතින් වැඩියෙන්ම කරන්නේ චිත්තරපටි බලන එක බයිස්කොප් සින්හලෙන් එකේ හුගක් චිත්තරපටි ඩවුන්ලෝඩ් කරලා බැලුවා.මේ ලගදී ගෝලයා දුන්න අපුරු චිත්තරපටියක් බැලුවා

Sunday, August 8, 2010

ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයට තේරිමට ඔබටත් වරම් ,පෙර සුදුසුකම් අවශය නැත. ,විදෙස් සංචාර

මෙතෙක් කොළඹ සුපිරි ක්‍රිඩකයන්ට පමණක් සිමා වී තිබු මේ අවස්ථාව ක්‍රිඩා අමාංතයාශය ප්‍රමුඛ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සාමන්‍ය ජනතාව වෙත ලබා දීමට තීරණය කර තිබේ.මින් පෙර මෙම අවස්ථාව ලබා දී තිබුණේ සුපිරි තරු පැලන්තියේ ක්‍රිඩකයන්ට පමණි.
 
මේ සදහා තව දුරටත් අදහස් දැක්වු මාරගස්ථ ප්‍රවාහනාධිකාරයේ වෙලාපත් සටහන්කරු මේ සදහා තෙරීම් පටි පාටියක් පවතින බවන් ඒ සදහා පවතින තේරිම් තරග මේ දිනවල පිටකොටුව බස්නැවතුමේ බෝ ගස අසල 120 බස් රථ නවතන මගී නැවතුමේ පවත්වන බව සදහන් කළේය.

Saturday, August 7, 2010

කාලෙකට පස්සේ නැවතත් ආවෙමි.

ඔන්න හුග කාලයක් නිහඩ වෙලා ඉදලා අයිත් බ්ලොග් අවකාශයට ආවා.පසු ගිය දවස්වල අධ්‍යාපන කටයුතුවලට "පලමු තැන" දීමට සිදුවීම නිසා බ්ලොග් ලියන්න බැරිවුණා.ඒ වගේම අතරින් පතර තමා බ්ලොග් කියෙව්වෙත්.

පසුගිය කාලය ගැන කිව්වොත් පසු ගිය අවුරුදු තුන ඇතුලට මාව පුද්ගලයෙක් වශයෙන් සැහෙන්න වෙනස් වුණා.සමාජයේ සම්මත හොද ගති ගුණ වගේම අසම්මත ගති ගුණ මේ කාලයේ ඇති නැති වෙලා ගියා.හෝව් හෝව් තාමත් පිස්සු හැදිලා වගේ කියව කියවගෙන යනවා නේද ?හුගක් කියන්න ලියන්න වගේම කියවන්නත් තියෙනවා.තව ජිවිත කාලයෙන් බාගයක්ම තියෙනවානේ බලමු එන හැටියට ජිවත් වෙන්න වාසනාවක් තිබුනොත් ඒවා හුවමාරු කරගමු බෙදා හදා ගමු.


ඒ වගේම මේ ලිපිය අපේ බ්ලොග් අවකාශයෙන් වගේම භෞතික ලෝකයෙන් සදහටම අපෙන් වෙන් වෙලා ගිය කුමුදුලාල් පින්තෝ මහතාට එතුමා අදහන දහම අනුව මරණයෙන් මතු උසස් තත්වයට පත්වේයායි පතමින් නිමා කරනවා.