Tuesday, May 11, 2010

අනේ අපේ අම්මත් මල්ලිව ගගේ දැන්මානම් [සංවාදයට විවෘතයි]

මෙය ශ්‍රී ලංකාවේ අනාථ නිවාසල වෙසෙන අනාථ දරුවන්ගේ පටන් දුගී සියළු දරුවන්ගේ පැතුම විය හැක.මක් නිසාද යත් පසු ගිය දිනවල ලොව පුරා දැඩි අවධානයට ලක් වූ අමිල සදරුවන් දරුවාගේ සහෝදරයා හා නැගණියන් අද සිටින තත්ත්වය ඔවුන්ට හිනෙන්වත් හිතන්න බැරිය.අද ශ්‍රී ලංකාවේ අනාථ දරුවන් අනාථ නිවාසවල දුක් විදිද්දී විශේෂයෙන් මව්පිය සෙනහස අහිමිව තමා වැදු දෙමව්පියන්ට ශාප කරද්දී හා මව්පිය සෙනහස සපිරි ජීවිතයක් ඉල්ලා හුල්ලද්දී අමිල සදරුවන්ගේ සහෝදර සහෝදරියන්ට පමණක් අලුත් මවක් , අලුත් නිවසක් , අලුත් ඇදුම් ආදි මෙකි නොකී දේවල්වලට අමතරව ඉතාමත් හොද පාසලක් ලැබිමට හේතු වුයේ අමිලගේ ම්ව් තම දරුවා ගගට වීසී කිරිමය සහ  අමිල මිය යැමය.

කලක් කලුතරම මෘගයෝ පිරිසක් බාලිකා ලමා නිවාසයකට පැන අසරණියන් දුෂණය කල ආකාරය මතක ඇතියයි මම සිතමි.අමිල සදරුවන්ගේ සහෝදර සහොදරියන් වන් ජීවිතයක් අන් දරුවන්ට උරුම නැද්ද ? ඔවුන්ට එවැනි ජීවිතයක් උරුම වන්නේ එකෙකු ගගකට හෝ මුහදකට අතහැරිය විට පමණද ?

Monday, May 10, 2010

අම්මේ ! මම ඔබට ආදරෙයි

මේ ලියන්න යන්නේ ගෙවී ගිය මව්වරුන්ගේ දිනය සදහා පොස්ට් එකක් නෙමේ.ඒ කර හුගක් අය පොස්ට් ලියන්න ඇතිනේ.මම මේ ලියන්නේ මගේ ජීවිතේ සුවිශේෂි දිනයක් වෙන අද දවස මට උදාකරපු මගේ රත්තරන් අම්මාටයි.මේ ලිපියකින් අම්මාගේ ණය ගෙවන්න මට බැ.නමුත් මට මගේ හිතේ තියෙන දේ මුළු ලොකේටම කියන්න පුලුවන්.අම්මේ , මේ ලිපිය සමහර විට ඔයා කවමදාවත් කියවන්නේ නැති වේවි.සමහරවිට කියවාවි.

Sunday, May 9, 2010

[පොඩිහිටියන්ට තහනම් ]නිකරුනේ දඩුවම් විදින අපේ විවාභයකයෝ

මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.ඉතින් මේ කතාවේ කතා නායිකාව සහ නායකයා යන දෙනාම ශ්‍රී ලංකාවේ අකුරු හතරක බැංකු ජාලයකට සම්බන්ධයි.ඉතින් මේ දෙන්නා එකට වැඩ කරද්දී පලමු බැල්මෙන්ම ආදරයේ වැටුනා කියමුකෝ.අවුරුද්දක් විතර කී නොකි දේවල් කරලා දෙන්නාට ඊලග අවස්තාවට යන්න හිතුනා.ඒ කියන්නේ විවාහය.

Saturday, May 8, 2010

[කමුබොමු] සුදුළුණු පාන් - සුදුළුණු ගද අය නොබැලුවාට කම් නැත.

හුගක් අයට සුදුළුණු ගදයිනේ.මම දන්න ගැණු ලමයෙක් ඉන්නවා සුදුළුණු කියුවොත් පැත්ත පාලතේ නැ.කෝමත් ඉතින් එයා කුස්සියට යන්නේ නැති එක්කෙනෙක් ඒක හින්දා එච්චරම අවුලක් නෑ.මම මේ කියන්නේ යන්නේ අද අපේ රැ කැම පිලියෙල වුණ විදිය ගැන.

Monday, May 3, 2010

සිංහලයෙනි අවදි වෙව්, ජිවිතය පුදව් ( පුදන්න බැරිනම් ගනිව් )



සිංහලයෙනි තොපේ රට ජාතිය ආගම විනාශ කරන විජාතික කුමන්ත්‍රනයක් ලෙස එලෙඹෙන ජුනී මාසයේ කොලොම්පුරේ මහා සිද්ධියක් වීමට නියමිතය.මේ සදහා මහරජතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලෙන් සහයෝගය ලැබෙන බව පෙනී යයි.උපතින් බුද්ධාගම්කාරයන් වන තොප ආගම වෙනුවෙන් ඕන දෙයක් දෙන බව ප්‍රකටය එම නිසා ආගමේ නාමයෙන් මරපියව් , කොටපියව් , කපපියව්.මහරජතුමා කපා කොටා ඇබෙණියට වටහා දියව්.

කවදත් අපට වින කල පර ඉන්දියනුවන් මෙවරත් අපිට වින කරන්න එන පාටයි ගියවර රටේ ජාතියේ ආරක්ෂකයා සෝම හමුදුරුවන් අපවත්කල සතුටට ඉන්දියනු අල කන්නාට ( කට්ටිය කියන්නේ ෂාරුක් කියලාලූ ) බොම්බ දෙකක් දි එලවු එකට ප්‍රතිචාරයක් වශයෙන් මෙවර එම අල කන්නාට සපොර්ට් එකක් වශයෙන් කන්නෝ ප්‍රමුඛ ඔක්කොම වන්නෝ මෙවර ලංකාවට රොක් වෙන්න යයි.තොපිලගේ ගැනු පරිස්සම් කරගනින්.උන්ට වශියක් කර ඇත.ඒ නිසා උනුත් විජාතික කුමන්ත්‍රණකරුවන් විය හැක. .

මුලින්ම ඉන්දියනු වන්නෝගේ පිංතුර පොත් අස්සේ කොට්ටේ අස්සෙ තබාගෙන වන්දනාකරන තොපේ ගැණුන් , දරුවන් මරපියව් උන් දේශදෝහියන්ය ආගම් විරෝධින්ය සධාචාරවිරොධින්ය.මුවහත් කරවු තොපිලගේ කඩු කිනිසි වීසී කරවු තොපිලගේ අල ගෙඩිවන් මොල.


මෙතෙක් ජාතිදෝහියන් , ආගම්විරොධි කුමන්තරන කාරයන් සැලකු ආකාරයට මෙවරත් සලකව්. තහනම් කරව් ඉන්දියනු වන්නගේ(කන්නන්ගේ ) සැනකෙලි , ගහපියව් බොම්බ , කුඩු කරපන් රජතුමාගේ මාලිගව , කලින් සැරේ අලහකොන්ගේ යාලු ඔලුව(SIRASA ) ට කලා මෙන්.

ජැක්ලීස් නංගිට තේරුම් කරහන් සිංහල කාන්තාවන් යනු තලෙයිබානුවන් වැනි ශේෂ්ඨ තොපට උපත දෙන්නන් මිස. වන්නන්ගේ කෙලියන් නොවන බව.

මරපියව් , කොටපියව් , බොම්බ ගහපියව් , රට ජාතිය ආගම බේර ගනිව්




සිංහලයෙනි පිබිදෙව් තොපේ ඔල මොට්ටල ගති ගුණ පෙන්නව්

Sunday, May 2, 2010

පිටකොටුව ,පදික වේදිකාව,හා රට

මේ දවස්වල පිටකොටුවේ කඩ කඩලා මාර ටොක්ස් යන්නේ.ගමේ වගේම නගරේ අයත් ඔය ගැනමයි කතාව සමහර අය කියනවා හොදයි කියලා තව සමහර කියනවා නරකයි කියලා ඇත්තටම මේක නරකද එහෙම නැත්නම් හොදද ?

මම දකින විදියට මෙක ප්‍රධාන වශයෙන් රාමු දෙකක් තුල සිට නීරීක්ෂනය කල හැක.සුලුතර පදික වේදීකා වෙලෙන්දන්ගේ කෝණයෙන් බලන කල මේ සිදුවීම තුලින් ඔවුන්ට සිදුවූ අයහපත අතිවිශාලය.සුළු ලාභයක් තබාගේන අරුමෝසම් (මනි බඩු ) වල පටන් ඉතා විශාල වපසරියක් තුල විසිරී තිබු මෙමගින් ඉතා විශාල පුද්ගලයන් ප්‍රමාණයක් දිවි ගැට ගසා ගන්නා ලදී.

රට වැසියකුගේ එසේ නැත්නම් පදිකයකුගේ කෝණයෙන් බලන කල මා සිතන්නේ පදික වේදිකා තිබිය යුත්තේ පදිකයාට ආරක්ෂා සහිතව යැමට මිස වෙලදාම් කිරීමට නොවන බවය.

නමුත් දිනපතා පිටකොටුවේන් බස් එකට නගින්නෙකු වශයෙන් මම දකින්නේ බහුතරයක් පදික වෙලෙන්දෝ ඉතාමත් උත්සහවන්ත බවත් ක්‍රියාශ්‍රිලී බවත්ය.මේවැනි මානව සම්පතක් රටේ පදික වේදිකා මත්තෙහි නැසෙන්නට හැරිය යුතු නොවේ. ඔවුන්ගේ දක්ෂතා විධිමත් ලෙස ප්‍රයෝජනයට ගත හැකිනම් එයම අප වැනි රටකට ඉතාමත් වැදගත්ය.

පිංතුරය උපුටා ගන්නා ලද්දේ 

පිටකොටුව - Article of Townsman