Thursday, August 12, 2010

[කමු බොමු]කමුද බර්ගර් - රස හදුනන්ට පමණයි.

ලංකාවේ අපි දුප්පතාගේ කැම මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ කටපුරා "පාන්" කියලානේ.ඒ වගේ පිටරට(ඇමෙරිකාවේ තාමා වැඩියෙන්ම ) කියන්නේ "බර්ගර් " කියලා ලු. මොනවාද මේ බර්ගර් කියන්නේ සරල වශයෙන් කියුවොත් බර්ගර් කියන්නේ පාන් පෙති දෙකක් අතරට දාපු මස් කැල්ලක්.විශේෂයෙන් අද කාර්යබහුල සමාජයේ බර්ගර් එකක් තව තව විශේෂංග එකතු වෙල රස වෙලා තියෙනවා.ඉතින් මට හිතුනා අද බර්ගර් ගැන ලියන්න.මොකෝ ලංකාවේ අපිට රස ඔරිජිනල් බර්ගර් එකක් කන්න හම්බ වෙන්නේ කලාතුරකින් නිසා.

මම දැනට කොලඹදි ප්‍රධාන වශයෙන් තැන් කීපයකින් බර්ගර් කාල තියෙනවා කෙ එෆ් සී , ඩයිනොමොර් , මැක් එකෙන් ඒ අතරින් ඊටත් වඩා රස බර්ගර් කාල තියෙන්නේ පේමන්ට් එකෙන් කියලා කිව්වොත් ඔය ගොල්ලෝ මොකද හිතන්නේ ? ඇත්තෙන්ම බර්ගර් කින්ග් එක ගැන ඔයගොල්ලෝ අහල ඇතිනේ.එහෙම නැත්නම් නානාගේ කඩේ ! ඇත්තෙන්ම ඔය ගොල්ලෝ එක සැරයක් හරි මේකට විසිට් කරන්න ඕනේ.

මෙන්න මෙහෙමයි ඔය කඩේ හොයා ගන්නේ ඔය ගොල්ලෝ එන්න ඔනේ කොම්පඤ්ඤවීදියට එතනින් මැලේ ස්ට්‍රිට් එකට එතන ඔනම කෙනෙක්ගෙන් ඇහුඅවහම තැන පෙන්නාවී බස් එකෙ එනවානම් ටවුන් හොල් එක ගාවින් 138 හරි 168 පිටකොටුවට අරන් නවලොකේට එහා හොල්ට් එකින් බහින්න(පාර්ක් එක ගාවින්) එතකොට කාගෙන් හරි අහන්න.එහෙම නැත්නම් ගාලු පාරෙන් එනවානම් මේ හොල්ට් එකෙන්ම බහින්න පුලුවන්(හැබැයි කොම්පඤ්ඤවීදිය හරහා යන එකක් වෙන්න ඕනේ).

ඔහොම ආවම ඔය ගොල්ලන්ට පේමට් එකේ පොඩි බක්කි කඩයක් පෙනෙයි බර්ගර් තියපු ඒ වගේම තව බාර්බකියු ලිපකුත් තියෙයි.එතන තමා පොට් එක


මෙතන සාමන‍යෙන් 4.30 ඉදන් තියෙනවාලු.මෙතන පාරේ ගමන් ගන්න මනුස්සයාගේ ඉදන් පාර්ඩෝ එකේ යන ලොකු සර්ලා දක්වා සෙනග එනවා.සමහරක් වෙලාවට ලොකු පොලිමක් තියෙන්නේ.බර්ගර්ස් වර්ග කීහිපයක් තියෙනවා රු 120 ඉදන් ඉහලට මට මතක හැටියට මම ගත්තෙ රු 170 එකක්.මාර රහයි.

චිකන්,බීෆ්,වෙජි බර්ගර්ස් තියෙනවා මස් ජාති හදන විදිහ අනුව තම බර්ගර් එකේ නම සහ ගණන තීරණය වන්නේ.මේ ගොල්ලෝ බර්ගර් එකට අවශ‍ය ටොපින්ස් චීස් එහෙම ඇති පදම් දානවා.මසුත් අලුත් , ක්‍රිම් ගතියක් තියෙනවා.හුගක් වෙලාවට බාර්බකියු කරපු එවා වල අර "දුම් ගතිය" තියෙනවා.මාර රහයි.තව බර්ගර් එකත් එක්ක ෆෙන්ච් ප්‍රයිසුත් දෙනවා ඇතිවෙන්න.


ඔය එක්කම අමතක කරන්න බැරි දෙයක් තියෙනවා චිකන් ශර්මා.චිකන් ශර්මා කියන්නේ තම්බපු මස් කැලි , තව එලවලු හොදට මික්ස් කරලා වයිට් සොස් (මියොනිස් වගේ රහ සහ පෙනුම ) දාපු  පෙස්ට් එකක් රොටියක් මැදට දාපු කැමක්, මාර රහයි, බර්ගර් එකට වඩා රහයි.

ඔය ගොල්ලන්ට අවශ‍ය නම් එතන දාල තියෙන පුටුවල වාඩි වෙලා කන්න පුලුවන් හැබැයි මම හිතන්නේ පාරේ තියෙන දූවිල්ලයි වාහනවල සාද්දෙයි පොලිමේ ඉන්න මිනිස්සුන්ගේ කන් කරච්චලයි එකතු වුණාම කැම හොදට රස විදින්න බැරි වෙයි කියලා.හොදම දේ අරන් කොහෙට හරි යන එක නිකම් මේ වගේ තැනකට


බීච් එකක් අයිනේ හිර බහින හැටි බල බලා බියර් එකකුත් එක්ක (බියර් බොන්නේ නැත්තම් ජින්ජර් බියර් වුණත් මරු ) මුහුදු හුලන් වැදි වැදි තව යලුවෙක් එක්ක චැට් එකක් දාගෙන කන්න තියෙනවානම් එල නෙද ?යාළුවා හුගක් ස්පෙෂල් නම් ඒක සුන්දර මතකයක් වේවි.

ඔය ගොල්ලෝ නොවැරැදීම ගිහින් කොහොමද කියලා කොමෙන්ට් එකකුත් දාන්න.

මම මෙතැන ගැන තොරතුරු හොයද්දි වෙනත් අඩවියක් මේ ගැන පින්තුර දාල තිබ්බා.ඒවා තමා මේ.


14 comments:

  1. උදේ හවහා කෙල ගිල ගිල මම ඔතනින් තමයි යන්නේ එන්නේ :D

    ReplyDelete
  2. අප්ප.. ඔතන එල!

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. කොම්පඤ්ඤවීදිය ශර්මා නම් මාර රහයි, මතක් වෙනකොටත් කටට කෙල උනනවා. ඉස්සර පුරුද්දක් විදියට අපි සතියට දවස් දෙක තුනක් ඔතනින් කෑවා මොකද ඕක තියෙන්නෙ අපේ ඔෆිස් එකට අතේ දුරින්. හැබයි පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක නැවත්තුවා.අපේ කට්ටිය දෙන්නෙකුටම හෙපටයිටිස් හැදුනා. ඔතනින් කාලම කියලා ඔප්පු කරන්න නම් බෑ. ඒත් ඒ දෙන්නම පිටින් කියලා කාලා තිබුනේ ඔතනින් තමයි.දොස්තර ප්‍රශ්න අහපු විදියට නම් හෙපටයිටිස් වෛරස් ඒක එන්න පුලුවන් කෑමක් කාලා තිබුනෙත් ඔතනින් තමයි.
    ඔය තැන ගැන කිසිම තරහක් නම් නෑ. ගොඩක් අය ඔතනින් කනවා මමත් දැකලා තියෙනවා. මමත් කාලත් තියෙනවා. අර සිද්දිය නිසා මමත් බොහොම අමාරුවෙන් ඔතනින් අහක බලාගෙන යනවා.ඒක නිසා පරිස්සමින්.

    ReplyDelete
  10. Manik
    අම්මෝ මම ඔය සිද්ධිය ගැන දැනන් හිටියේ නැ සහෝ,

    ඔය ලෙඩෙ හැදුනොත් බෙහෙතකටවත් හදිස්සියේ මනුස්සෙයෙකුට ලේ ටිකක්වත් දෙන්න බැ නේ.එක හින්දා කට පරිස්සම් කර ගන්න ඔනේ.ඔන්න කියවන අනිත් කට්ටියත් මේ ගැන සලකන්න.

    ස්තුතියි !

    ReplyDelete
  11. math ada gihin otahnin kawa .. oya kiyana tharam gathiyak nam neee ..

    ReplyDelete
  12. මම වෙජිටේරියන් මචං මට කන්න පුළුවන් යමක් ගැන ඊලග ලිපියෙන් දෙන්න ඕන

    ReplyDelete
  13. ssssssss.........niyamaaaaaaaaaaaaaaaaaai..

    ReplyDelete