Wednesday, August 11, 2010

ළමා කාලයට මොහොතකට පිය නැගුවෙමි - නාර්නියා

මේ දවස්වල කියන්න තරම් වැඩකුත් නැති එකේ ඉතින් වැඩියෙන්ම කරන්නේ චිත්තරපටි බලන එක බයිස්කොප් සින්හලෙන් එකේ හුගක් චිත්තරපටි ඩවුන්ලෝඩ් කරලා බැලුවා.මේ ලගදී ගෝලයා දුන්න අපුරු චිත්තරපටියක් බැලුවා

පොඩි කාලේ මතකනේ අපි හැමෝටම අපුරු අපුරු හීන තිබ්බා.හුගක් වේලාවට ඒ හීන ලෝක තුල අපි ජීවත් වුණා.මතකනේ ඇලිස්ගේ අපුරුලන්තය !ඒ වගේ ලස්සන ලෝකවල් අපට තිබ්බානේ.මේ කතාවෙත් වෙන්නේ ඒ වගේ දෙයක් .එක යුද්ධකාලයකදී ජීවත් වන අයියා නගෝලා හතර දෙනෙක් ඉන්නවා.මේ ගොල්ලන්ගේ ආරක්ෂාව සදහා මේ අයව රට ඇතුලේ පිහිටි ප්‍රදේශයකට යවනවා.ඉතින් මේ ගොල්ලෝ යන්නේ ලොකු මන්දිරයකට මේ මන්දිරයේ තියෙනවා ලොකු අල්මාරියක් ඉතින් අපේ කතාවේ වීරයෝ හතර දෙනා සෙල්ලම් කරන ගමන් අහම්බෙන් මේ අල්මාරිය ඇතුලෙන් වෙන ලොකේකට යනවා.මේ ලොකේ නම නාර්නියා.

මේ ලොකේ ලස්සන ලෝකයක්.කතාකරන සත්තු, විශාල ලස්සන නුවණැති සිංහයෙක් , අශ්ව මිනිසුන් , පියඹන සිංහයන් ම්හ් අහ් තව නත්තල් සීයා ඔය වගේ ලස්සන ලෝකයක් හැබැයි මේ ලෝකේ ඉන්නවා දුෂ්ඨයකුත් හිම කුමාරි !

හිමකුමාරි හරිම නපුරුයි,සතුන්ව ගල් කරනවා. අපේ කතාවේ වීරයෝ එන්නේ මේ හිම කුමාරිගෙන් ඒ ලස්සන ලෝකය බේර ගන්න.

අපේ බයිස්කොප් සින්හලෙන් අඩවිය ලස්සනට මේ ගැන ලියලා තියෙනවා.එතන තියෙනවා මේ චිත්තරපටිය ගන්න විදිහත්.


මේ සබැදුමෙන් ගිහින් එක බලන්න.

තව මම කැමතියි ගෝලයාට ස්තුති කරන්න මේ වගේ ලස්සන ෆිල්ම් දෙනවට බොහොම ස්තුතියි.හව එවා දෙන්න පුලුවන්නම් සිංහල සබ් දාලම දෙන්න.

තව දෙයක් මේක දිග කතා මාලවක් පලවෙනි කතාව.මෙයි කතා දෙකක් චිත්තරපටි ලෙස නිපදවලා තියෙනවා.ඉතින් මේ ගැන කියනකොටම මට මතක් වෙන්නේ හැරී පෝටර් කතා මාලාව එකේ මුල් කතාව හුගක් ලස්සනයි හැබැයි පහු වෙන්න වෙන්න කතාවේ ගුණාත්මක භාවය අඩු වෙනවා.මම හිතනවා ඒ නස්පැත්තියම මේකටත් සිදු නොවේවායි කියලා.වෙලාවක් තිබ්බොත් මේ කතාවේ දෙවන කොටස ඔය ගොල්ලන්ට ලැබෙන්න සලස්වන්නම්.





ඊලගට....................................................................

7 comments:

  1. මමත් බලපු ලස්සනම ලස්ස්න සිනමාවක්.....

    ඕ කොටස් දෙක්ක ආවා..හරිම ලස්ස්නයි,,,

    ReplyDelete
  2. Shadow/හේමලයා

    Thank you

    ReplyDelete
  3. ඉලංදාරියා ta
    ඔව් දෙවන කොටසත් මරු

    ReplyDelete
  4. ස්තූතියි මචෝ පෝස්ට් එක ගැන ලිව්වට. කැමතිනම් දෙවෙනි කොටස ගැන ලිපියක් ලියලා එවන්න. බයිස්කෝප් සයිට් එකේම දෙමු.

    ReplyDelete
  5. roylyfernando
    බොහොම ස්තූතියි බලන්න ඔයාගේ ඊ මේල් මම ඔන්න මේල් කලා.

    ReplyDelete
  6. http://inetquotations.blogspot.com/
    කියවන්න දැනගන්න

    ReplyDelete