Sunday, May 9, 2010

[පොඩිහිටියන්ට තහනම් ]නිකරුනේ දඩුවම් විදින අපේ විවාභයකයෝ

මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.ඉතින් මේ කතාවේ කතා නායිකාව සහ නායකයා යන දෙනාම ශ්‍රී ලංකාවේ අකුරු හතරක බැංකු ජාලයකට සම්බන්ධයි.ඉතින් මේ දෙන්නා එකට වැඩ කරද්දී පලමු බැල්මෙන්ම ආදරයේ වැටුනා කියමුකෝ.අවුරුද්දක් විතර කී නොකි දේවල් කරලා දෙන්නාට ඊලග අවස්තාවට යන්න හිතුනා.ඒ කියන්නේ විවාහය.
ඔන්න ඉතින් ගෙදර කට්ටියගේ කැමත්ත මත ( ඇත්තෙන්ම අකමැති වෙන්න හේතුවක් කාටවත් තිබුනේ නැ.දෙන්නමා ඉලක්කම් පහේ පඩියක් ගන්නවා උගත්, කෙල්ලත් නිකම් හින්දී නිලයක් වගේ ( මේ කැල්ලනම් මගේ අදහසක් හොදේ )) සතර වරිගෙටම කියලා තරු හොටෙලෙක් මගුලක් ගත්තා.

මාසයක් විතර හනු මූනුත් ගියා.දැක්කාම ලෝබ කමේ බැ.කුරුල්ලායි කිරිල්ලියි වගේ.ඉතින් දෙන්නම කෙල්ලගේ මහ ගෙදර ඉදන් වැඩට ගියා මොකද වැඩට යන්න එන්න පහසු නිසා.කෙල්ලගේ දෙමව්පියන් ඇතුලු පවුලේ ඔක්කොමටත් කිසි ප්‍රශ්නයක් නැ.හැබැයි ටික කාලයක් යද්දී කොල්ලගේ කට්ටියට ඔනේ වුණා කොල්ලගේ ගෙදරට නව යුවල පදිංචියට එනවාට.මොන කොල්ලද තමාගේ අම්මාගේ තාත්තාගේ ඉල්ලිම අහක් දාන්නේ අනික තමාට උරුම දෙයනේ කියලා හිතලා වෙන්න ඇති නව යුවල ඉතින් කොල්ලගේ ගෙදර පදිංචියට ගියා.එත් අවුලකට තිබ්බේ කොළඹ රස්සාවට යන එන එක.ඔන්න ඉතින් දෙන්නාම උදේ හවස කොළව එනවා පැය දෙක තුනක් ( හතරක්ම කියමුකෝ ) පාරේ එන්නේ ඉතින් තමාගේ වාහනයෙන්.

ඔන්න ඉතින් ඕකට දුන්නා කොල්ලගේ වැඩිහිටියෙක් මරුම මරු සොලුශන් එකක්.කොල්ලා කොළඹ බෝඩිම් වෙලා.කෙල්ල රස්සාවෙන් අයින්වෙලා කොල්ලාගේ ගෙදරට වෙලා අම්මලා තාත්තාල . වතුපිටි , නැදැයෝ බලා කියාගෙන ඉන්න එක. මාර අදහස.කොල්ලත් හොදට කීකරුව හැදිච්ච එකා.ගත්කටටම කැමති වුණා වැඩේට.මොන එකාද තමාගේ අම්මාගේ තාත්තාගේ අදහස විරුද්ධව යන්නේ.හොද සිංහල ලැජ්ජ බය ඇතුව හැදිච්ච ලමයිනේ.ඔන්න ඉතින් පවුලේ කට්ටිය මෙක රත්තරන් ලේලි පොඩ්ඩට සුබ මොහොතින් කියුවා.ඉතින් ලෙලි පොඩ්ඩ ටිකක් විතර ලාමකයි වගේම පොඩ්ඩක් විතර කපටියි.තමාගේ ස්වාමියගේන් ඇහුවා මොකද කරන්නේ තමා තමාගේ රස්සවාට හුගක් ආදරේ බවත් ගෙදරට වී සිටීමට අකමැති බවත් කියුවා.ස්වාමියා ඉතින් තමාගේ ගැනි හින්දා පොඩ්ඩක් බුරුලක් දුන්නා.ඕක දැක්ක වැඩිහිටියෝ කොල්ලට තෙරුම් කරලා දුන්නා කොහොමද කෙල්ලන්ව පාලණය කරන්නේ කියලා.

කෙල්ලට දුන්නා ඔප්ෂන් දෙකක් එකක් කොල්ලගේ ගෙදර නතරවෙයන් නැත්නම් කසාදේ දාල ගෙදර පලයන්.ඉතින් කෙල්ලත් දුන්නා ෆුල් ට්‍රයි එකක් අවුරුදු දෙකක් විතර ලව් කරපු තමන්ගේ මහත්තයනේ.බැරිම තැන ගත්තා කාර් එක කෙලින්ම ගෙදර.ටික දවසකින් මහත්තයගේ ගෙදර අය කිව්වාලු එකී වල් ගැණියක් නැත්නම් මිනිහා දාල යන්න නැ කියලා.කොල්ලත් තමාගේ කෙල්ලට හුගක් ආදරේ හින්දා හැමදාම ඇවිත් කතා කරලා යනවා.එත් කෙල්ලට ජොබ් එක කරන්න දෙන්න බැ කියලමයි කියන්නේ.
ඉතින් ටික දවසක් ගියා.කොල්ලත් දැන් තමාගේ බිරිදගේ ගෙදර එන්නේ නැ.බිරිද අඩාගෙන තමා ගවට එනකම් ඉන්නවා.කෙල්ලට ගාණක්වත් නැ (ටිකක් විතර තිබ්බට එච්චරම අවුලක් නැ ).ඔන්න මාස කීපයක් ගිහින් කෙල්ලට තව කොල්ලෙක් හම්බ වෙනවා තමාගේ වැඩකරන තැනම හැබැයි අලුත් කොල්ලත් එක්ක එයාගේ  අවුරුදු 5 ක පුතත් ඉන්නවා.අලුත් කොල්ලගේ නෝනා නැති වෙලා.හැබැයි අන්තිමට මම දෙන්නවා දකිද්දී කිරියි පැණියි බතුයි(පොඩි එකා) වගේ හිටියේ.

ඔන්න ඉතින් දික්කසාදේ ගන්න ගියා.පරණ කොල්ලත් කැමතියි දික්කසාද වෙන්න. ඔන්න එතන තමා අවුල වුණේ.දික්කසාදේ අවාට ගියාට දෙන්නේ නැලු.

මොනවද කරුණු ඔප්පු කරලා පෙන්වන්න ඔනේලු.එකටත් ටික කලක් යනවාලු.

මම අහන්නේ ගැලපෙන්නේ නැත්තම් කල්යවන්නේ නැතුව දික්කසාද වෙන්න බැරිද නිකම් දුක් විදින්නේ නැතුව.අනික බිරිද විවාහයෙන් පස්සේ ගෙදරට වෙලාම ඉන්න ඔනේ මොකද ?

අනික නව යුවලකට තමාගේ හතර වරිගේ (මව පියා ඇතුලුව ) බලපැමකින් තොරව තීරණයක් ගත නොහැකි ඇයි ?

16 comments:

  1. මේ විවාගෙටත් වෙලා තියෙන්නේ ආඬී හත් දෙනාගේ කැඳ හැලියට උන දෙයම කියලයි මට හිතෙන්නේ. විවාහය ඇතුලට යුවලට ඕනෙ ඕනෙ විදියට රස නිරස එකතු කරනවා මිසක් තව තව අයව ආදා ගැනීම නම් හොඳ දෙයක් නෙමේ කියලයි මම හිතන්නේ. මොනතරම් දුක් විඳලා දරුවන් හදපු දෙමාපියන් උනත් ඒක තේරුම් ගත යුතුමයි.එහෙම උනොත් නිකරුනේ විනාස වෙලා යන්නෙත් මේ වගේ දහස් බලාපොරොත්තු තියාගෙන එකට කූඩු උන පවුලක්මයි

    ReplyDelete
  2. මම හිතන්නෙ මේ නම් කොල්ලගෙම වැරදි. මම දන්න තරමට නම් කෙල්ලන්ට ඉක්මනින් හිත් හදා ගන්න ලේසි (මටත් පුලුවන්)...
    ඉතින් .. දෙන්නම වෙන්වෙන්න සූදානම් නම් ඈයි දික්කසාදය දෙන්න ප්‍රමාද වෙන්නෙ.
    තවත් පවුලකට ආලෝකයක් වෙන්න තියෙන කාලය නේද මේ කන්නෙ.
    වැරුද්ද කාගේද?
    පවුලක් නම් දෙන්න වෙනම ඉන්න ව නම් ගැටුම් ගොඩක් අඩුයි.
    ඒක තමයි කියන්නේ තමන්ට ගැලපෙන කෙනා හමුවෙන විදිහ හරිම අහඹුවක්.
    ෴කභි අල්විදා නා කෙහෙනා ෴ කියන හින්දි චිත්‍රපටිය මේ වගේ සම්බන්ධතා වල ඈතුලත හෙලි කරනව කියල මට හිතෙනව.
    (පූරිව ප්‍රචාරක දැන්වීමක් නොවෙයි)

    ReplyDelete
  3. කලින් කොල්ලයි කෙල්ලයි ආයෙම සෙට් වෙයි කියල නීතිය හිතනව...ආයෙ කලින් දෙන්න එකතු වෙලා කෙල්ලට අම්මලට පේන්න කොල්ලගෙන් ගුටිකන්න ඕනි...ඊටපස්සෙ...
    *හි0සා කලා කියල පොලෝසියෙ පැමිනිල්ලක් දමල යනව
    *කොල්ලගෙ අම්මලටත් ආතල් එකක් එනව...
    *චුට්ටක් ගුටි කෑවට අර මෝඩ පවුලෙන් නීතියෙන් නිදහස් වෙන්න චාන්ස් 1ක් කෙල්ලට ලැබෙනව....
    *ජාතක කතාවක තියනව ගෑනි දිවුල් ගහෙ නග්ගල ගිහිපු කෑල්ලක් ම0 හිතන්නෙ එයාගෙ පරපුරෙ පොරක්...................හපරාදෙ හින්දි නිලියක් වාගෙ ඉලක්කම් 5 පඩියක්.........මට දැන් සත්තු වත්තෙ සත්තු මදි අර 1st එකාට බනින්න

    ReplyDelete
  4. ara 1st kollanam napunsakayek ne thaniyama thiranayak ganna beri

    ReplyDelete
  5. ඔයාට ෂුවර්ද පළවෙනි එකා කොල්ලෙක්මද කියල......

    මම නම් හිතන්නෙ .... .... .... යෙක්.

    ReplyDelete
  6. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් තියෙනවද?
    මෝඩකම යවන්න බෑ...
    කොල්ලට කොන්දක් කඩෙන් ගන්න කියන්න
    කොල්ලගෙ අම්මලාට මනුස්ස දුවෙක් ගැලපෙන්නෙ නෑ...
    සත්තුවත්තෙන් හීලෑ කරපු සතෙක් අරගෙන ඇවිත් පුතාට බන්දන්න කියන්න :)

    ReplyDelete
  7. අනේ පව්... හ්ම්ම්ම්....

    ReplyDelete
  8. පලවෙනි කසාදේ වෙල තියෙන්නේ කෙල්ලෙක් සහ නපුංසකයෙක් අතරේ කියලයි මට නං හිතුනේ :)

    ReplyDelete
  9. දිල් සහ wath
    ට සහතික ඇත්ත

    ReplyDelete
  10. indi , mahima ,මාතලන් , මධු වීරකෝන් , ජංජාල චාමර ට
    ඒ වු හැදිච්ච හැටිනේ .හැබැයි ඒ අම්බරුවාගේ අනෙක් ගති ගුණ සැහෙන්න හොදයි.මම හිතන්නේ ඒ අම්බරුවගේ මහවුන්(අර හතරවරිගේ උන්) තමයි මේකට හේතුව.අනික අම්බරුවාට තිබ්බේ සමාජයේ ඉතාමත් හොද ගතිගුණයක්නේ වැඩිහිටියන්ට කීකරු වීම.

    තව දෙයක් කසාදයෙන් පස්සේ ඉතින් දෙමව්පියන් සහ තම පවුල යන දෙකටම නිසි තැන දෙන්න ඔනේ.ඔය දෙකේ ගැටුම් නැතිවෙන විදියට ඉන්න උත්සහ කරන එක තමා වඩා හොද.

    ReplyDelete
  11. කෙලින් තීරණයක් අරන් තමන්ගෙ ගෑනි එක්ක එන්න පින් නැති පො***ක් කියල තමා කියන්න තියෙන්නෙ..

    ReplyDelete
  12. මම අලුත් මාළු විකිණීමට තිබේ කියල ලිව්ව කථාවෙ පබිලිස් අයියගෙ නෑදෑ පරපුරේ කෙනෙක්ද ඔය විවාහෙ කොල්ලා?

    ReplyDelete
  13. nadeesthoughts
    ඔව් ටිකක් ඒ වගේ තමා ඒ වුණත් මූ ඊට වඩා අම්බරුවෙක්

    ReplyDelete
  14. කෙල්ලගෙ අම්මලාට තිබුනේ දැවැද්දර වැඩකාරියක් දෙන්න......හිකිස්.....

    මුන්ට පිස්සුබන්....
    ඉක්මනට බැදගන්නත් ඔනේ.....
    ඉක්මනට දික් කසදෙත්...ඔනේ....

    අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත්යි රාලේ...

    ReplyDelete
  15. ඉලංදාරියා

    තාමත් අපේ සමහර කට්ටිය හිතන්නේ ඉන්නේ කසාද බැදලා කැන්දන් එන ලේලි කරන්න ඔනේ ගෙදර ඉදගෙන ලමයි හදන එකයි කැම හදන එකයි කියලා.

    ReplyDelete