Saturday, May 8, 2010

[කමුබොමු] සුදුළුණු පාන් - සුදුළුණු ගද අය නොබැලුවාට කම් නැත.

හුගක් අයට සුදුළුණු ගදයිනේ.මම දන්න ගැණු ලමයෙක් ඉන්නවා සුදුළුණු කියුවොත් පැත්ත පාලතේ නැ.කෝමත් ඉතින් එයා කුස්සියට යන්නේ නැති එක්කෙනෙක් ඒක හින්දා එච්චරම අවුලක් නෑ.මම මේ කියන්නේ යන්නේ අද අපේ රැ කැම පිලියෙල වුණ විදිය ගැන.


අද කාලෙකට පස්සේ පොඩි අලුත් කැමකට ටර්යි එකක් දුන්නා.කොච්චර පොජෙක්ට්ස් ගොඩ ගැහිලා තිබුනත් ඒ මොනවහ් කරන්න බැරි උනේ දවස පුරාම ගෙදර වත්ත අස්පස් කරන්න උදේ පාන්දරම අම්මා මාව අල්ල ගත්ත හින්දා.ඉතින් හවස් වරුව පාඩම් වැඩ නොකර පොඩි රෙස්ට් එකක් ගත්තා.

ගිය සුමානේ සෙට් එකත් එක්ක පීසා (පිස්සු ) හට් ගිහින් ගාර්ලික් බ්‍රෙඩ් ගන්න ගිහින් රු 240 දිලා කෙලකරගෙන කාංචනයාට බැන බැන ආවනේ . ඒක හින්දා මම හිතුවා මේ පාර මම තනියම ගෙදර හදලා බලන්න.ඉතින් ඔන්න ටවුන් ගිහින් අවශ‍යකරන බඩුයි.ගෙදර තිබ්බ බියර් කැන් දෙක තුනකුත් ලං කරගෙන  මම වැඩේ පටන් ගත්තා.

 ඉතින් පල්ලෙහා තියෙනවා හදපු විදිය

අවශ‍ය කරන ද්‍රව්‍ය
  • පාන් ගෙඩියක් (සිනියට පෙති කපාපු - මැෂින් එකෙන් කපන සයිස් ඇති )
  • සුදුලුණු බික් 8 ( රස පමණට)
  • ඇන්කර් බටර් ග්‍රැම් 250
  • ලුණු ස්වල්පයක්
  • පාස්ලි කොල ( මටත් කාගිස්ල් එකෙන් ගන්න බැරි වුණා.එක හින්දා මම කරපිංචා කොල ටිකක් ගත්තා )
  • ගම්මිරිස් ටිකක්
  • චිස් ක්‍රීම් ටිකක් ( නැතිනම් හැපිකව් වීස් ටිකක් අරන් බීට් කරගන්න )
සාදන විදිය

මුලින්ම සුදුලුණු ටික හොදට සොදලා කපලා වන්ගෙඩියේ දාලා කොටලා ගන්න.ඊට පස්සේ ඒ ටික ලුණුයි , ගම්මිරිසියි ටිකක් එක්ක (රස පමණට ) බටර්වලට දාල විනාඩි දෙකක් විතර හොදට කලවම් වෙනකම් බීට් කරගන්න.

ඊට පස්සේ හැදෙන ක්‍රීම් එක අර පාන් පෙතිවල දෙපැත්තෙම ගාන්න.
ටොස්ටරයට දාලා ටිකක් කර වෙනකම් පාන් ටික තියන්න.ඊට පස්සේ අර චීස් ක්‍රීම් ටික උඩින් ගාල තව තත්පර 15 - 20 තියලා ගන්න. දැන් ඉතින් ඉවරයි.

පිසාහට් එකේ තරම් තත්ත්වයට මට හදන්න බැරි වුණා.පලවෙනි පාරනේ.ඒ වුණත් ජින්ජර් බියර් එකත් එක්ක මරු( මම ඉතින් ත්‍රි කොයින් එක්කත් ටර්යි කලා නරකම නැ ).හැබැයි මතක ඇතුව පාන් ටික හැපෙන ගාන වෙනකම් ටොස්ට් කර ගන්න.තව දෙයක් ඊලග සැරේ ටොස්ටරය වෙනුවට මම මයික්‍රෝ එකට දාල බලන්න ඔනේ.සුදු ලුණු ටිකක් පොඩ්ඩක් වැඩියෙනුයි , පාස්ලි ටිකකුයි අරන් ඊලග සැරේ හදලා විස්තර කියන්නම්.
.
හැබැයි ඉතින් ටොස්ටරේට දාල ටිකක් වෙලා යනකොට හරි අමාරුවෙන් ඉවසන් හිටියේ.මාර සුවදයි.කටට් කෙල උනනවා.පලවෙනි එක බාන්නත් කලින් ඉවරයි.කරපිංචා පුලුවන් තරම් අඩුවෙන් ගන්න තරමට හොදයි.මොකෝ පාස්ලිවලට කරපිංචා හොද ආදේශකයක් නෙමේ.එත් ඉතින් නරකම නෑ.

ඔය ගොල්ලොත් හදලා විස්තරේ කියන්න.

18 comments:

  1. හ්ම්ම් කටට කෙළ උනනවා බං...මමත් ට්‍රයි කරල බලන්න ඕන මගෙත් හොඳ විනෝදාංශයක් කෑම හදන එක ගෑනුන්ට විතරද උයන්න පුළුවන්!

    ReplyDelete
  2. තිසර ප්‍රියංකර

    මන්දා මමනම් ප්‍රසිද්ධියේ ඕක කියන්න යන්නේ නැ.මොකෝ අපිට මොකක් හරි උයා ගන්න බැරි උන දවසට අපීටම ඕක ආපසු එනවානේ.

    ReplyDelete
  3. අපිට නම් සුදු ලූණු සුවඳයි. අපේ හැම කෑමකටම වාගේ ඒවා යොදා ගන්නවා. අපේ කෑම වලට තක්කාලි සහ සුදුලූණු අනිවාර්යයයි.....

    ReplyDelete
  4. දෙන්න ඕනෙ වැඩක් බලන්න. ස්තූතියි ඔබට

    ReplyDelete
  5. මමත් මෙක හදන්න බලන්න ඔනේ....හැබැයි....කනක්ම්ම..මෙකේ නමනම් කිය්න්නේ නැ..ගොඩගියොත්...කිය්නවා..නැත්නම්..අලුතෙන්..නමක් දානවා..හිකිස්......

    ReplyDelete
  6. මාරයි නේ, මම නම් Pizza Hut එකෙන්ම තමයි Garlic Bread කාලා තියෙන්නේ. හෝම් මේඩ් එකක් ගැන ඇහුවමයි.
    :D
    වෙලාවක පොඩි ට්‍රයියක් දාලා බලන්න හිතුනා මේක දැක්කම.
    ස්තූතියි.

    ReplyDelete
  7. kumaraya

    ඔව් ඔව් මමත් එහෙම තමා හැබැයි මට තක්කාලි උයලා කන්න බැ.අමුවෙන් තමා කන්නේ.

    ReplyDelete
  8. හෙළයා

    උත්සහයක් දීලා මටත් කියහන්

    ReplyDelete
  9. ඉලංදාරියා

    :)

    ReplyDelete
  10. Ansh Lucky Sri Jay

    එල එල

    බොහොම ස්තුතියි කොමෙන්ට් එකට

    ReplyDelete
  11. ට්‍රයි කරල බලන්න හිතෙනවා.

    ReplyDelete
  12. නියමයි....හැබැයි මීට වඩා වෙනස් විදියකටත් හදන්න පුළුවනි. පසුව ඒ ගැන කියන්නම්...

    තව දෙයක් Pizza hut එකේ Garlic Bread වලට පාවිච්චි කරන්නේ Garlic seasoning එකක් මිසක් නියම Garlic නෙමේ. අනික නියම පානුත් නෙමේ. ඉතින් කෘතිම ගර්ලික් වලින්ග් නියම රස කොහොමත් ගන්න බෑ...

    ReplyDelete
  13. Praසන්ன
    විස්තර කියන්න

    උත්සහයක් දීලා මටත් කියහන්

    දිල්
    එහෙමද බොහොම ස්තුතියි.ඒ හදන විදිය ගැන කියන්නකෝ

    ReplyDelete
  14. මමත් හදල කාලා තියෙනව.

    මාරම මාර රහයි...

    ප්‍රසිද්ධ කලාට ස්තූතියි....

    තනියම කන්නෙ නැතුව.. (හෙහ් හෙහ්)

    ReplyDelete
  15. ම්ම්......මම නම් හරිම ආසයි සුදු ලූණු වලට!yum.garlic bread මරු.......thanks හදන විදිහ දැම්මට.try කරල බලන්න ඕනෙ.

    ReplyDelete
  16. poppy
    ඔයාටත් බොහොම ස්තුතියි

    ReplyDelete
  17. මමත් පොඩි කාලෙනම් සුදුලූනු දැක්කත් දුවනවා. ඒත් දැන්නම් මාරම රස කෑමක්. මම මේකට පුරුදු වුන හේතුවත් අමුතුම එකක්. මම පොඩිකාළෙ ඉදලම රුසියානු නවකතා සහ කෙටිකතා කියවන්න ආසයි. කියවපු අය දන්නව ඇතිනේ, ඒ පොත්වල කෑම බීම ගැන කොච්චර ලස්සනට විසිතර කරල තියෙනවද කියල, ඒකෙනුත් සුදුලූණු වලට ලොකු තැනක් තියෙනවා. සුදුලූණු බැදෙන සුවද වගේ දේවල් ලස්සනට විස්තර කරල තියෙනවා.

    ඉතින් මට දවසක් හිතුනා උත්සහ කරල බලන්න. එදත් එදයි දැන් නම් සුදුලූණු පෙන්නන්න බෑ, කාගෙන කාගෙන යනවා!

    ReplyDelete
  18. KAS

    :)

    තාමත් මට පොඩි කාලේ අර කොල පාට ඔඉට කවරයක් දාල තිබ්බ වසීලිස්සා පොත මතක් වෙනවා.අයිත් කියවන්න ආසයි.අලුත් පොත අරන් දාල ආවා පරණ පොත තරම් ලස්සන පින්තූර පිලිවෙලකට නැ.ඔක්කොම බලිගූත වගේ.

    ReplyDelete