Monday, May 3, 2010

සිංහලයෙනි අවදි වෙව්, ජිවිතය පුදව් ( පුදන්න බැරිනම් ගනිව් )



සිංහලයෙනි තොපේ රට ජාතිය ආගම විනාශ කරන විජාතික කුමන්ත්‍රනයක් ලෙස එලෙඹෙන ජුනී මාසයේ කොලොම්පුරේ මහා සිද්ධියක් වීමට නියමිතය.මේ සදහා මහරජතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලෙන් සහයෝගය ලැබෙන බව පෙනී යයි.උපතින් බුද්ධාගම්කාරයන් වන තොප ආගම වෙනුවෙන් ඕන දෙයක් දෙන බව ප්‍රකටය එම නිසා ආගමේ නාමයෙන් මරපියව් , කොටපියව් , කපපියව්.මහරජතුමා කපා කොටා ඇබෙණියට වටහා දියව්.

කවදත් අපට වින කල පර ඉන්දියනුවන් මෙවරත් අපිට වින කරන්න එන පාටයි ගියවර රටේ ජාතියේ ආරක්ෂකයා සෝම හමුදුරුවන් අපවත්කල සතුටට ඉන්දියනු අල කන්නාට ( කට්ටිය කියන්නේ ෂාරුක් කියලාලූ ) බොම්බ දෙකක් දි එලවු එකට ප්‍රතිචාරයක් වශයෙන් මෙවර එම අල කන්නාට සපොර්ට් එකක් වශයෙන් කන්නෝ ප්‍රමුඛ ඔක්කොම වන්නෝ මෙවර ලංකාවට රොක් වෙන්න යයි.තොපිලගේ ගැනු පරිස්සම් කරගනින්.උන්ට වශියක් කර ඇත.ඒ නිසා උනුත් විජාතික කුමන්ත්‍රණකරුවන් විය හැක. .

මුලින්ම ඉන්දියනු වන්නෝගේ පිංතුර පොත් අස්සේ කොට්ටේ අස්සෙ තබාගෙන වන්දනාකරන තොපේ ගැණුන් , දරුවන් මරපියව් උන් දේශදෝහියන්ය ආගම් විරෝධින්ය සධාචාරවිරොධින්ය.මුවහත් කරවු තොපිලගේ කඩු කිනිසි වීසී කරවු තොපිලගේ අල ගෙඩිවන් මොල.


මෙතෙක් ජාතිදෝහියන් , ආගම්විරොධි කුමන්තරන කාරයන් සැලකු ආකාරයට මෙවරත් සලකව්. තහනම් කරව් ඉන්දියනු වන්නගේ(කන්නන්ගේ ) සැනකෙලි , ගහපියව් බොම්බ , කුඩු කරපන් රජතුමාගේ මාලිගව , කලින් සැරේ අලහකොන්ගේ යාලු ඔලුව(SIRASA ) ට කලා මෙන්.

ජැක්ලීස් නංගිට තේරුම් කරහන් සිංහල කාන්තාවන් යනු තලෙයිබානුවන් වැනි ශේෂ්ඨ තොපට උපත දෙන්නන් මිස. වන්නන්ගේ කෙලියන් නොවන බව.

මරපියව් , කොටපියව් , බොම්බ ගහපියව් , රට ජාතිය ආගම බේර ගනිව්




සිංහලයෙනි පිබිදෙව් තොපේ ඔල මොට්ටල ගති ගුණ පෙන්නව්

10 comments:

  1. නියම කතාව!
    අනිවා ඕක වෙයි තමයි.....

    ReplyDelete
  2. එළකිරි. පල්ලෙහාම තියෙන්නෙ ජනමූල සංස්කෘතියෙ ආරක්ෂකයින්ගෙ පින්තූරයක් වෙන්න ඕන මයෙ හිතේ..........

    ReplyDelete
  3. freedom ට

    මාතලන් ට

    බොහොම ස්තුතියි ඔයාලගේ කොමෙන්ට්ස්වලට

    ReplyDelete
  4. freedom ට

    ඔව් ඔව් ඒ තමා දෙශභිමානයෙන් උදම් වෙච්ච දේශප්‍රේමියෝ

    ReplyDelete
  5. බුද්දාගම රැකුමට වහා එක්වව්!

    සාදු සාදු සා!

    ReplyDelete
  6. සැබවින්ම මෙම ලිපිය ඉන්දියානුවන්ට එරෙහිවද.... නැතිනම් ආන්ඩුවට එරෙහිවද......?

    ReplyDelete
  7. මේකත් මරු "දේශප්‍රේමය".......
    දේශප්‍රේමයෙත් එක එක BRANDS තියෙනව නේද ?
    එක එක දවටන වල එක එක විදිහට ඔතල......
    හුඟක්ම ආකර්ශනීය විදිහට "දවටනය" කරපු "දේශප්‍රේමය" තමයි වැඩියෙන්ම MARKET කරන්ඩ පුලුවන් වෙන්නෙ......
    ඒ කතාව පැත්තකින් තියමුකො......
    අනිත් අතට "දේශප්‍රේමයේ" එක එක අවධි තියෙනව.......
    මට හිතෙන විදිහට මේක "දේශප්‍රේමයේ"
    "ගන්ධබ්බ" අවස්ථාව.....

    ReplyDelete
  8. මන්දා ඕක ඕපාතිකව නෙමේනේ ඇති වෙන්නේත් !

    ReplyDelete