Monday, March 29, 2010

රටේ සභ්‍යත්වය , සාරධර්ම විනාශකරන සීගිරිය පොලවට සමතලා කිරීමට යයි



වංශේ කලින්දා රැම මහරජතුමාගේ යහන යටට රිංගා ගත්තේ පසුවදා උදෙන්ම රජතුමා කකුලෙන් හෝ අන් අවයවයකින් අල්ලා ගැනිමේ තිර අදිටනකි.තම අත්ලට අසුවු රෝමවලින් තොර සුකොමල පය මහරැජිනගේ විය යුතුයැයි වටහා ගැන්මට ඔහුට මහ වේලාවක් ගත නොවීය.බෙල්ලෙන් ඇද එලියට ගනු ලැබු ඔහු දුටුවේ තමා අල්ලාගත් පය මහරැජිනගේ නොව.අන් මානවිකාවකගේ බවය.පිරිපුන් කයක් සහිත ඇය යහනේ අන්පසින් බැසු මෙහෙසිය සමග නානකාමරයට වැදුනේ ඔහුව මහරජතුමා ගේ මිට මෙලවු අතේ පසු කරමිනි.ඒ සමග ඔහුට පසක්වුයේ මහරජතුමාගේ අත්ල මතම තමාට සුලුදිය පහවී ඇති බවය.

මහරජතුමාගේ ගොරණාඩුවෙන් යන්තම් පණ ආ ඔහු තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නට විය. "පස්වහන්දහසට බුදුවන්න දේවයන්වහන්ස , ගැත්තාට අනුකම්පා කරන සේක්වා " ඒ සැනෙන්ම " නවත්තපිය ජඩ බල්ලා තොගේ !"$%£ , තා මගේ සිරියහන් ගබඩාවට රිංගා ඇට ගනන් කලාද යකෝ " මහරජතුමගේ කෝපාවිශ්ඨ වාග් මාලව සමගා තව තවත් සුලුදිය පහව යන බව දැනුනත් මරණ බිය පෙරටුකොටගෙන " කුමණ්ත්‍රනය " යන්න කිමත් සමගම ඔහුගේ ගලනාලය ලිහිල් විය. " හා හා කියපිය කියපිය,තා මගේ සිරියහන යට රිංගුවේ යහනේ පොලු ගැලවිමේ අන්තර්ජාතික කුමණ්ත්‍රනයට නේද" රජතුමා පැවසීය.

"නැත නැත දේවයන් වහන්ස මා ඇද යටට රිංගුවේ මාට ඉසබුවක් ලබගැනිමට ඔබවහන්සේගේන් අවසර ගැනීමටය." වංශේ සහෝදරයා පැවසීය.
" ඇ බොල ඒ මක්කේටයි ඒ " රජතුමාගේ පැනයත් සමගම තම ඇබෙනිය ප්‍රමුඛ අන්තඃපුර ල්මිසියන්ගේ දුක්මුසු මුහුණවල් මතක්විය. " දේවයන්වහන්ස මා මේ සිගිරිය වන්දනවේ යැම සදහා ඔබවහන්සේගේ අවසරය පතමි " වංශේ කිවේය.
 
ඉතින් බොල එකේයි කුමණත්‍රණයහි ඇති සම්බන්දය මොක්ක්ද "


"රජතුමනි සිගිරි අප්සරවෝ නිරුවතින් සිට අපේ රටේ සංකෘතිය කෙලෙසනවා කියා කුමන්ත්‍රන ජොදනාවක් තියෙනවා ඒක නිසා සිරියි රතනේයි සිගිරිගල සමතලා කරනවා." වංශේ පැවසුයේ මොහොතකට කලින් පිටවු අප්සරාවත් ගෙන්වුයේ මොනගිරියෙන්දැයි අසම්දෝ නොඅසම්දෝයි සිතමිනි.
 
" අනේ බොල ඇත්ත නෙන්නම් මෙක කුමන්ත්‍රනයක් ! " රජතුමා පැවසීමත් සමගම වංශේ සැනසුම් සුසුම් හෙලිය.
" එතකොට වංශේ ඔය කුමණ්ත්‍රනය මොකගෙද ? අන්තර්ජතික ප්‍රජවගෙද !"
"නැ දේවයන්වහන්ස "
 
"හරි හරි අහුවුනා දෙමළ ඩයස්පොරුවේ"
" නැ "
එහනම් " අනිවර්යෙන් අන්‍යාගමික බලවේගවලින් "
" නැ "
 
" එහෙනම් කිං පැරකුම් ප්‍රමුක දේශ+ඩො+යන්ගේද "


"නැ ඕයි"
" එහෙනම් කවුද යකෝ " රජතුමා ඇසීය.

" හිටහන් මම රතනේට කොල් එකක් දාල අහන්න " මදවේලවකින් අනතුරුව රතනෙට ගත් ඇමතුම අවසන් කල වංශේ පැවසුයේ රජවාසල පනිවිඩකරුවා විසින් රතනගේ කාරණා දක්වා කෙටි පණිවිඩයක් ගෙන එන බවය.

ඒ කෙනෙහිම රජවාසල පණිවුඩකාර බල්ලා රජතුමාගේ දෙපාමතට සැපැත් විය.


සිංහල සෞභාගය , සභ්‍යත්වය වැනසිමේ කුමණත්‍රනයට එරෙහි ජාතික සංධානය

අවුරුදු 1001 ආයුවලදන මාගේ රජතුමනි.

සිගියේ ලලනවෝ සිංහල ජාතියට අපහස කරයි.මක්නිසද යත් දඹුල්ල , අනුරාධපුර වැඩ වාසය කරන බුදුපිලිම වහන්සේලා ඉදිරියේ නිරුවති අනග නැටුම් නැටිම බොදු සංකෘතිය විනාශකරන බැවියි. මෙමගින් අපේ තරුණ ලමයින් නොමග යා හැකිය. මේ කුමණත්‍රණයේ පෙරමුණෙහි සිටින්නේ මින් පෙර කුවේර නමින් හැදින්වු සිගිරිය වාසබවන කරගත් කිං කාශ්‍යප බව හදුනාගෙන ඇත. මින් පෙර මෙවැනි උත්සහයන් හක්ගෙඩි න්‍යාය අනුව සාර්ථක ලෙස මැඩ ඇත.

ඒ වානම්


අන්තර්ජාතික අසභය වෙබ් අඩවි ප්‍රමුඛ රාජ්‍ය විරෝධි අඩවි මැඩවිම.

අලහකොන් ප්‍රමුඛ අන්තර්ජාතික බලවේග පැරදවිම.

එම නිසා මෙවරත් රටේ උන්නතිය උදේසාත් , ඔබතුමාගේ ආරක්ෂාව සදහත් , ධර්මරාජ්‍ය රක්ෂා කිරීමටත් අප පියවර ගන්නේමු.


මින් ප්‍රථම පියවර ලෙස සිගිරිගලේ බඹරු පලවා හැරිමට පියවර ගෙන ඇත්තෙමු.

ඉන්පසුව අන්තර්ජාතික ආධාර යටතේ සිගිරිය බිමට සමතලා කර ඉන් ලැබෙන කලුගල් උපයොගි කරගෙන ඔබතුමාගේ පිලිම නෙලිමට පියවර ගන්නේමු.

මීට යටහන් පහත් ,


ජාතිහිතේශි ධර්මවාදි,

රතනේ.

11 comments:

  1. මචං අර කොල්ලන්ගේ කකුල් දෙක මැද්දේ ඔන්චිලි පදින මොකද්ද එකෙනුත් ඔය සභ්‍යත්වයද මොකද්ද එක නැති වෙන්න පුලුවන් කියලා ඒක කපලා දන්න සංඝාඥාවක් ගේන්න කතා වුනා කියලත් කියනවා. . . හැබැයි ඔය කට්ටියම ඒක කොහොම හරි නතර කොරයි නේද . . ? hik hik

    ReplyDelete
  2. හේ හේ දුකා

    බොහොම ස්තුතියි

    ඔව් එක නොකරන්නත් බැරි කමක් නැ

    ReplyDelete
  3. මටත් ඕක ඔය විදියටම හිතුනා. නියම ලිපියක්

    ReplyDelete
  4. ළමයිනේ ඔය ශ්‍රද්ධාවන්ත බෞද්ධ ශ්‍රාවකයින් විසේකාර ගැටිස්සියො බුදු පිළිම ඉස්සරහ නටනවට බය හේතුව දන්නෙ නැහ්නං බලාගනින්කො පහත පින්තූරෙන්.

    http://img.metro.co.uk/i/pix/2007/10/buddhaPA_450x518.jpg

    මුන්ට බුදුන් හරියටම බුදු වෙලාද කියලවත් සහතික නෑ. උන් හිතාගෙන ඉන්නෙ උන්ට පහළවෙන කෙලෙස් සිතිවිලි බුදුන්ටත් පහළවෙනවාය කියලා.

    ReplyDelete
  5. සාදු සාදු සා! (වෙන කුමක් කියම්ද?)

    ReplyDelete
  6. රොකියා | Udara
    තැන්ක්යු

    ReplyDelete
  7. taboosubjects

    මලසේක

    ReplyDelete
  8. budhajeewa ta
    නඩුත් හාමුදුරුවනේ බඩුත් හාමුදුරුවන්ගේ

    ReplyDelete