Saturday, February 13, 2010

ලංකාවට නුහුරු නුපුරුදු ඔලිම්පික් | Vancouver Olympic games 2010


ඔන්න ඉතින් 2010 සිසිර ඔලිම්පික් උලෙළත් ආරම්භ විය.ගිම්හාන(Summer) ඔලිම්පික් උලෙළට වඩා මෙහි සාමාජික රටවල් පිරිස අඩු වුණත් මෙම උත්සවය ඉතාමත් චමත්කාර ඒකක් බව මුලාශ සදහන් කරති.මෙවර විසි එක් වැනි සිසිර ඔලිම්පික් උලෙළ පැවැත්වන්නේ කැනඩාවේ වැන්කුවර් කියන ප්‍රදේශයේය.

කවුරුහරි මේක බලන්න යනවානම් ඔබගේ අත්දැකීම අප සමග හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලා සිටමි.

ලංකාවේ වෙසෙන අපිට සියසැන් මෙම අවස්ථා දැක ගත නොහැකි වූවත් විද්යුත් මාධ්‍ය භාවිතා කරලා නරඹන්න හැකිය.

නමුත් අන්තර්ජාල නොමිලේ ලබාදෙන සජීවි දර්ශන සදහා අවස්ථාවනම් නොලැබී යා හැක.නමුත් ඔවුන්ගේ නිල අඩවියට ඇතුලත් කරන දර්ශනනම් අපට නැරඹිමට හැකියාව ඇත.


නිල වෙබ් අඩවිය


http://www.vancouver2010.com/

නිල මුණපොත පාඨක පිටුව

http://www.facebook.com/olympics

ට්විටර් පිටුව
 
http://twitter.com/2010tweets

4 comments:

  1. ඕනේම කෑලි ටික බලාගත්තොත් ඇති නෙව...
    ඔක්කොම ඕනේ නෑ..

    ReplyDelete
  2. ඔව් මතකනේ ගිය පාර චයිනාවල ඔලිම්පික් එක

    ReplyDelete
  3. වැන්කුවර් නගරය ඉතා සුන්දරය. පැත්තකින් මුහුදත් පැත්තකින් හිම කඳුවැටිත් ඇති එය කැනඩාවේ අනිකුත් නගර තරම් සීතල නොවේ. වසර දෙකහමාරක් එහි වාසය කළ නිසා මතක් වූ දෙයක් ලියන්නම්. අභිසරුලියන්ට නිතියෙන් තහනමක් නැතිව රාජකාරියේ යෙදෙන්නට වැන්කුවර් නගරයේ හැකිය. මා එය දන්නේ අප විශ්ව විද්‍යාලයේ සිටි සුදු මහාචාර්යවරයෙකුගේ දියණියක් ද වසරක් එම ජීවිතය අත් දකින්නට ගිය නිසාය. මේ දිනවල ඔලිම්පික් නරඹන්නට එන අයගෙන් ඔවුනට බිස්නස් හොඳ ඇති යයි සිතමි. ඔවුන්ගේ යුනියන් එකක් ද ඇත. කෙසේ වෙතත්, හිම හිඟයක් ඇත්තේ යයි ද දැන ගන්නට ලැබුණි.

    ReplyDelete
  4. @aruni Shapiro,
    කැනඩාවේ බොහෝ ප්‍රදේශවල (Qubecහි ඇතැම් තැන් හැරෙන්නට) අභිසරුලියන්ට බාධාවක් නැති අතර වැන්කුවර්හී වෙනස හුදෙක් වැඩි සංඛාවක් සිටීහ පමණි.

    ඇත්තෙන්ම වැන්කුවර් යනු කැනඩාවේ බොහෝ තැන්වලට සාපේකෂව වාසනාවත්තම තැනයි.

    මෙවර ඔලිම්පික් තරඟාවලියේ විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ පසුගිය ඔලිම්පික් තරඟාවලිය ආරම්භ වුණ ඒකට එක් අතින් සමාන නමුත් ත්‍රිමාන තාක්ෂණය හා සංගීතය මුසු කොටයි. විවෘත කිරීමේ තරඟයක් ලෙසින් කියනවාට වඩා සංගීත හා නර්තන සංදර්ශණයක් ලෙසින් දැනෙන අයුරටයි කළේ.

    ඒ තුළින් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඒ මොහොතට හෝ සන්සුන් කරන්නටයැයි අදහසින් කළත් ඊට ඇකැමති චෝදනා එල්ල කළ අයත් ඉන්නවා.

    ඒත් මේ උළෙල කැනඩියානු වැසියන්ගේ තම ශක්තිය හා සංස්කෘතියට (විශේෂයෙන්ම රතු ඉන්දියානුවන්ට) ගරු කීරීම හා එදින උදෑසන පුහුණු වීමකදී මිය ගිය ක්‍රීඩකයෙකු වෙනුවෙන් උපරිම ආචාරය හා ශෝකය පුද කිරීම දැක්වුවා.

    ReplyDelete