Sunday, January 31, 2010

ජීවිතය

මේ දවස් වල මම සැහෙන්න හිතනවා මම මේ ජීවතයේ ගත්ත එක තීරණයක් හරිද වැරදිද කියලා.කෝම නමුත් ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු අද්දවන්න බැනේ මොනවා කරන්නද බෙරේ බැද ගත්තනම් බෙර පද ගහන්නම එපයි


ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද ?  සතුට , දුක ප්‍රශ්න වල එකතුවක් කියලා කියුවොත් මම හිතන්නේ හරි කියලා.


ඇත්තටම අපි ජීවිතය විදිනවාද විදවනාවාද ? මම හිතන්නේ අපි හුගක් අය දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා සතුට කියලා දුක් විදමින් දුවන්නේ තවත් දුක් කන්දක් පස්සේ.මීට අවුරුදු කීපයකට කලින් ඒ ගෙව්ව ජීවිතය නැවතන් උදා වෙනවානම් ! ඇත්තටම පාසල් කාලය හරිම සුන්දරයි නේද ?
දැන් මගේ ජීවිතය හරිම සංකීර්ණ වෙලා එදා තිබ්බ ඒ සරල ජීවීතය කෝ එක නැති කලේ කවුද ? මමම තමා. දේදුනු පාට හීනයක් වෙනුවෙන් මම ගත්ත තීරණය අද නැවත සලකා බලන්න වෙනවා.........


මේ සම්බන්ධව මාගේ ගුරුවරයෙක් කියුව දෙයක් මතක් කරන්න ඔනේ
 
 
 
 
 
"ජීවිතය ගත කල යුත්තේ තමන් කැමති දෙවල් කීරීමටය"

13 comments:

  1. මමත් ඉන්නෙ ඔතනම තමා. උසස් අධ්‍යාපනය පටන් ගනිද්දි මම හිතුවේ වැඩිපුර සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියල විතරයි. දැන් මම පසු තැවෙනවා.

    ReplyDelete
  2. ජීවිතය ගත කල යුත්තේ තමන් කැමති දේවල් කීරීමටය කියලා කියන කාරනාවත් එක්ක මම එකඟ නෑ තම්බි.

    මම කැමති උනත් අකමැති උනත්, මම කරන දේ මත අනිත් කෙනා ලබන සතුටින් තෘප්තිමත් වෙන්න මටත් පුළුවනි. සමහර වෙලාවට ඒක ඉතිං හරිම අමාරුයි. මම බාගෙට මැරිලා වගේ. ඒත් අනික් කෙනාගේ හිනාව දැක්කාම මට සතුටුයි. එතකොට මමත් ජීවත් වෙනවා කියලා මට හිතෙනවා.

    ReplyDelete
  3. ත‍රිඳු

    ම්හ්
    ඇත්ත

    මමත් ඒ වගේම තමා

    ReplyDelete
  4. .::පිස්සා::. අයියාට

    අයියාම කියනවා ඔයා සතුටක් ලබනවා අනිත් අය සතුටු වෙන හැටි දැකලා

    මමත් එකගයි

    ඒ ඔයා කරන්න කැමති දේනේ

    මමත් අනිත් අයට උදව් කරන එකෙන් සැහෙන්න සතුටු වෙනවා

    ReplyDelete
  5. @පිස්සා

    මට සම්පූ‍ර්ණයෙන් ඒ ගැන එකඟ වෙන්න බෑ. මම මේ ඔක්කොම කලේ කෙනෙක්ව සතුටු කරන්න. එයාව සතුටු කරන්න මම මගේ ජීවිතේ අපායක් කරගත්ත බව දැනගත්තම එයාට කොහොම හිතෙන්න ඇතිද කියල හිතන්නකෝ. මම පොරොන්දු උනා එයාට මීට පසෙ කාවවත් සතුටු කරන්න මම වැඩ කරන්නෙ නෑ කියල.

    ReplyDelete
  6. @ තරිදු-
    අපි ඔක්කොම එක බෝට්ටුවේ තරිදු..
    එක්කෝ මේ හිතන ක්‍රමය වෙනස් කරගෙන, සාමාන්‍යය වෙන්න ඕනේ.. එහෙමත් නැත්නම් ඇත්තටම පිස්සු වැටෙන්න ඕනේ.. එකවෙලාවකට මැරෙන්න හිතෙනවා... මං දන්නේ නෑ බං..

    ඔයා එහෙම පොරොන්දු වුනු එක හොදයි මල්ලී.. එයාට ඇත්තටම දුක හිතෙයි නැත්නම්..

    ReplyDelete
  7. මම නම් කවදාවත් සල්ලි වලට එලවලා නැහැ. මගෙ දන්න යහලුවො ටික මට බනින්නෙ "තො නම් මහ බුරුවෙක් බන් තොට තියන දෙ මට තිබුනනම් මම මෙලහකටත් ..." කියලා. එත් මම එතනමයි. කොටි ගනන් සල්ලි ගොඩ ගහගන්න පුළුවන් අවස්ථා මම නැතිකරගෙන තියනවා..මගෙ ආදරය හා විනොදය වෙනුවෙන්.. එගැන මම ගොඩක් සතුටුයි. මොකද අපි අපිනෙ... හැබැයි මෙ කට සම්පුර්ණ්‍යෙන්ම වග කියන්න ඔනා මහගම සේකර මහත්තයා. එයා තමයි මට සල්ලි හොයන් නැතුව වෙනදෙයක් හොයපන් කිව්වෙ. ඔයාට එදෙ කියපු ගුරුවරයා ගොඩක් පොහොසත් කෙනෙක් නෙමෙ වෙන්න පුලුවන්,, නමුත් එයා ගොඩක් පොහොසත් කෙනෙක් එක් අතකින් හැර.

    ReplyDelete
  8. "ජීවිතය ගත කල යුත්තේ තමන් කැමති දෙවල් කීරීමටය"

    මමත් මේකට එකඟයි. හැබැයි බස්තම වැනීමේ නිදහස අනෙකාගේ නාස් තුඩගින් අවසාන වෙන කතාවත් සිහියේ තියාගන්න ඕනේ.

    ReplyDelete
  9. shaakunthala.com ta

    අනිවාර්යෙන්ම

    ReplyDelete
  10. රවා ta

    දුප්පත්ද පොසත්ද කියන එක මනින්න විදිය එක එක ආකායට අර්ථ දක්වන්න පුලුවන්නේ

    එයා මනුෂයෙක් වශයෙන්නම් ඉතා පොසත්

    ReplyDelete
  11. V මම එකනෙ කිව්වෙ එවගෙ මිනිස්සු ගොඩක් පොහොසත්....

    ReplyDelete
  12. රවාට
    ඔව් ඔව් ඔව්

    ReplyDelete
  13. අපි කැමතිදේ තමයි කරන්න ඕන, එකෙන් නෙ අපි සතු‍ටු වෙන්නේ..

    අපි සතුටින් ඉන්නකොට තමයි අපිට පුලුවන් තවත් කෙනෙකුත් සතු‍ටු කරන්න.. ;-)

    ReplyDelete