Friday, January 8, 2010

අරවානා ------ අ ර වා නා

අ ර වා නා මේ කුණුහරුපයක්නම් නෙමේ අපේ පොඩ්ඩා සහොදරයාට කලා වගේ මම අසභය දේවල් කතා කලා කියලා බොරුවට පැමිණිලි කරන්නනම් එපා හොදේ.අපේ සමහර කට්ටිය හිතන් ඉන්නේ සමාජයේ හැංගිලා කතා කරන දේවල් විවෘතව කතා කලාම එවා අසභයයි කියලා


අහ් කතාව පොඩ්ඩක් වැරදි පැත්තට ගියා නේද කමක් නැ කියන්න ඔනේ දේ මම කියුවනේ




මේ දවස්වල ටිකක් විතර මඤ්ඤං ගහලා ඉන්න හින්දා පරන අපාය සහය මිත්‍රයකුගේ ගෙදර ගියා.ඉතින් ආ ගිය දේවල් එහෙම කතා කරල මිත්‍රයා එයගේ නවතම සොයා ගැනීම මට පෙන්නුවා
 
ඒක මාලුවෙක් ඇත්තටම පොඩි කලේ අපි කොල්ලෝ හැමෝටම තිබ්බනේ මාලු උණ හැබැයි මූට තියෙන්න සල්ලි උණ




අරවාන( මගේ ගාවත් හිටියා මේ ජාතියේ මාලුවෙක් හැබැයි   මගේයි උගේයි දෙන්නගෙම වාසනවාට ඌව මගේ වෙන යාලුවෙක් ගත්තා)


කට්ටිය අහලා ඇතිනේ පෙන්ශුයි චීන වාස්තු විදයාව ගැන.ඉතින් ඒ අනුව අරවානා කියන්නේ වාසනව ගෙන දෙන මලුවෙක්
 
ඉතින් මේ මාලුවා ඉන්න තැනට වාසනාව ලැබෙනවාලු




ඉතින් ලස්සනම වැඩේ එක නේමේ.මේ මාලුවා කන්නේ මාංශ.මට මතකයි මම ඒ කාලේ එ මාලුවට දුන්නේ කඩෙන් ගේනාපු මස් මාලුයි (අපරදේ) ඉතින් ඒ වුනාට මේ මාලුවා වඩා කැමති පණ පිටින් මාලු කන්නලු.
ඉතින් මගේ යාලුවා කරන්නේ ගප්පි මලුවේක්(පණ පිටින්) අර මාලුවාට කන්න දෙන එක
 
මේ යකා ඉතින් පණ පිටින් මාලු දිදිම මාලුවාව ගේ ඉස්සරහින්ම තියන් ඉන්නවා අනේ ඉතින් පණ බේර ගන්න අර දාන ගප්පියා ටැංකිය වටේ පීනනාව එත් ඉතින් අන්තිමට අරවානා ගප්පියව ටිකෙන් ටික කොටලා කනවා
 
මාරයි නේද ?


මගේ යාලුවා බෞද්ධ ඉතින් මම ඇහුව මාලුන්ව මරන එක පවු නැද්ද කියලා එතකොට මේකා කියනවා ෆෙන්ෂුයි කියන්නේ බුදු දහමේම කොටසක් ඒක හින්දා පවු නැලු.මමත් ඉතින් ෆෙන්ෂුයි ගැන කියවලා තියෙනවා ආසිරි වනිගරත්නගේ ඉදන් සමහර සත්‍ය චින ආචාර්යවරු දක්වා එහේම එකක් ඇහුවෙත් අදමයි කරන්න දෙයක් නැ සොරි ඩොට් කොම් මගේ යාලුවා සත්‍ය තේරුම් ගන්න ලැස්තිත් නැ.


බලන්න අපේ මිනිස්සුට තියෙන පිස්සුවක මහත, බෞද්ධ දර්ශනයේන්(මම මේ කියන්නේ ආගමක් ලෙස නොව දර්ශනයක් ලෙස ) කොච්චර දේවල් තියෙනවද අපේ ජීවිතය සාර්ථක කර ගන්න .අනික ෆෙන්ෂුයි දර්ශනයේත් කොච්චර හොද දේවල් තියෙනවාද ඉගෙන ගන්න.




නමුත් අපේ අය කරන්නේ මේවායේ කොන පටලවාගෙන දගලන එකයි.ඔක්කොම හොද දේවල් ටික අහක දාල අනවශය දේවල් අපි ගන්න කොව්වර අපි දක්ෂද ?


හංසයාට කිරි මිශ ජලය දුන්නාම කිරි ටික විතරක් බීලා ජලය වෙන කරනවා කියල අහලා තියෙනවා.නමුත් මට පෙන විදියට දැන් කට්ටිය කරනවා ඇත්තේ ඒකේ අනිත් පැත්ත.........................

6 comments:

  1. යකෝ ගොනෝ.... මේ දවස් වල හංසයා ගැන කතා කරල කිඩ්නැප් වෙන්නද හදන්නෙ ?

    ReplyDelete
  2. බෞද්ධ මිනිස්සු ගෙඩක් ත්‍රිපිටකය පරිහරනය කරන්නෙ නැහැ.කතොලික මිනිස්සුත් එහෙමයි. හමුදුරුවරු, පුජකයො කියකිය ඉන්න දෙවල් අහගෙන සාදු සාදු කියනව මිසක් හොයලා බලන්න නැහැ. අර යාලුවා කරලා තියන්නෙ ලොකු අකුසලයක්. අනිත් එක මෙ මිනිස්සු බුද්ධ ධර්මය ගැන මුකුත්ම දන්නෙ නැහැ නෙ... ෆෙන්ෂුයි මගින් දියුනු වෙන්න ඔනා නැහැ. පිහියක් අරගෙන පාලු පාරක් ලග ඉදලා මිනිස්සුන්ගෙන් හොරකන් කරන්න එක ඉට වඩා වටිනවා.. ඔවගෙ පිහිට පතනවට වඩා...

    ReplyDelete
  3. කව්ද බන් මෙකා කොහෙ ඉන්න එකෙද්ද මුන් බෞද්ධ නම් බුද්දාගම නැති වෙලා ඉවරයි...

    ReplyDelete
  4. රාවා ට
    ඇත්ත අපේ බෞද්ධ කියෙන් කී දෙනාද ත්‍රිපිටකය කියවලා ඇත්තේ.ඇත්ත ත්‍රිපිටකය කියන්නේ ඉතා විශාල ග්‍රන්ථ එකතුවක්.................
    බොරු කියන්න ඔනේ නැ මම ත්‍රිපිටකය ඇස්(ත්‍රිපිටක වහන්සේ) ඇස් දෙකටවත් දැකලා නෑ.
    කාලයක් ධම්ම පදය කියවන්න ට්‍රයක් දුන්නා වැඩෙ ටිකක් සාර්ථන උණා එත් ඉතින් ලොකුම ප්‍රශ්නය භෂා විලාශය තමා

    ReplyDelete
  5. ඉන්න තැන ඉතින් රටේ මුල් පුරVඇසියගේ ප්‍රධාන ගෝලයේක්ගේ ආසනයේ

    ReplyDelete
  6. තරිදු හංසයා, අහ් සුදු වැන් එන්නැති වෙයි කියල හිතනවා

    ReplyDelete