Saturday, March 20, 2010

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ තමා බ්ලොග් එකේ ලියන්නේ.මේ දවස්වල කැම්පස් එක ප්‍රොජෙක්ට් සබ්මිසන් තිබ්බා.ඉතින් මාර කට්ටක් කැවේ.තාමත් අමාරුයි.එත් ඉතින් මොනවා කරන්නද ? බැද ගත්තනම් බේරේ ගහන්නත් එපැයි.

ඉතින් මේ ගමන්ම මට ලියන්න හිතුනා. මට මගේ යාලුවන්(සම හරක්), එහෙම නැත්නම් වෙන කට්ටිය මුණට නොකිව්වත් වටින් ගොඩින් අගවන කාරණයක් ගැන.

මම යන්නේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න තැනකට , ඉතින් එකින් කියන්නේ නැ මම සල්ලි කාරයෙක් කියලා එහෙම , මමත් ගමේ ඉස්කොලෙට ගිය ගමේ කොල්ලෙක් කැම්පස් යන්න බැරි උන හින්දා යන්තම් ලොන් එකක් ගහලා මේකට පැන්නා. ඉතින් මම කියපු යාලුවෝ(මමත් එක්ක දැන් ඉගෙන ගන්න කට්ටිය නෙමේ ) හිතන් ඉන්නේ මම සල්ලි ගෙවලා ඉන්න නිසා උපාධිය නිකම් අහසින් ගෙදරටම වැඩම කරනවා කියලා.ඇත්තෙන්ම ඒ ගොල්ලෝ හුග දෙනක් පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙන ගන්න අපේ මහන්සිය සැහෙන්න අවතක්සේරු කරනවා.සමහරක් වෙලාවට හොම්බට දෙකක් අනින්න හිතෙනවා කියන කතාවලට.

ඇත්තෙන්ම සමහරක් වේලවට අපි රාජය අංශයේ ඉගෙන ගන්න අයට වඩා කටු කනවා.අපිට තියෙන්න සීමිත සම්පත් ( ද්‍රවමය වගේම දැනුම ). අනික පෞද්ගලික අංශයේ හුගක් වෙලාවට උපාධි ප්‍රදාන ආයතන වෙන රටක ඉතින් ඒ රටවල් අපේ වගේ නෙමේ හුගක් වෙලාවට දෙන දෙය ගුණාත්මකව බලනවා. ඉතින් අපේ සුලු වැරද්දක්වුනොත් අපි ඉවරයි.
 
තව දෙයක් , ඇත්තෙන්ම මම සැහෙන්න සතුටුයි මගේ යලුවෝ ගැන විශේෂයෙන්ම අපේ එකිනෙකාට උදව් කරගන්නා විදිය. ඇත්තෙන්ම මම මේ දවස්වල ප්‍රොජෙක්ට් ටික ගොඩ දාගත්තේ ඒ ගොලන්ගේ උදව්වලින්.

නම් වශයෙන් නොකිව්වත් ඒ උදව්වලට බොහොම ස්තුතියි.ඒ ගැන මම අමතක කරන්නේ නැ.

10 comments:

  1. මල්ලී පුතා,
    මට කියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා.
    නමුත් ඒවා නොකියා මෙහෙම කියන්නම්.
    ඉස්සරලා ඉගෙන ගනින්කෝ...
    රස්සාවක් කරනකොට ඔය මම කියන්න හදපු එක උඹම කියාවි

    /බිඟුවා...!

    ReplyDelete
  2. mallio umbala katta nethiwa iganagatta honda porak hoyala deepan......man danna 1k innawa G L Peiris Proffessor awurudu 16 parlimant...... monawada kale....mukut ne....mokada minihata prashna cannot identified

    ReplyDelete
  3. මහන්සි නොවී ඉගන ගැනීම ගන නෙමේ මෙතන කතා කරන්නෙ. පෞද්ගලික වි.වි. වල ඉගන ගන්න අපිට කිසි මහන්සියක් නැතුව නිකම් උපාධි හම්බ වෙනව කියල රාජ්‍ය වි.වි. සමහර අය හිතන එක. අපි ලියන පොඩි රිපෝර්ට් එකේ ඉඳල දොරවල් ඇරෙන පැත්ත දක්වා ඔක්කොම ISO standard වලට යටත් වෙලා කරන්න ඕනෙ. assignment, project ඔක්කොම පැනෙල් 4 කින් පාස් වෙන්න ඕනෙ. හැම දෙයක්ම එංගලන්තේ තියෙන quality rules වලට යටත් වෙන්න ඕනෙ. ඔය ඔක්කොමත් එක්ක කට්ට කන අපිට සල්ලි ගෙවන නිසා නිකන් උපාධි හම්බ වෙනව කියන උන්ට ඉතින් හොම්බට අනින්නෙ නැතුව වෙන මොනා කරන්නද ?

    ReplyDelete
  4. බිඟුවා...! අනේ සහෝදරයා , මටනම් දැන් ටික ටික තේරෙනවා.එත් හිතනවා මට ඒවායින් ගොඩ යන්න පුලුවන් වෙයි කියලා. හැබැයි ඉතින් මට ඕයලා වගේ අයගෙන් ලැබෙන උපදෙස් සැහෙන්න වටිනවා.

    ReplyDelete
  5. indi,

    mama methana kiyanna adahas kale , private campus wala igena ganna api kiyanneath anith aya wagema kattiyath kiyana akai.mama kiyanne ne mata me katta wedie adui kiyala moko kawada hari samajaye api meeta wada katta kana welawal thiyenwane.

    namuth tharindu kiuwa wage "මහන්සි නොවී ඉගන ගැනීම ගන නෙමේ මෙතන කතා කරන්නෙ"

    ReplyDelete
  6. චතුරංග,

    ඔයාත් පෞ.වි.වි ද යන්නේ ?

    ReplyDelete
  7. "අනික පෞද්ගලික අංශයේ හුගක් වෙලාවට උපාධි ප්‍රදාන ආයතන වෙන රටක ඉතින් ඒ රටවල් අපේ වගේ නෙමේ හුගක් වෙලාවට දෙන දෙය ගුණාත්මකව බලනවා. ඉතින් අපේ සුලු වැරද්දක්වුනොත් අපි ඉවරයි."

    ඒ කතාව ඔයා මොන අංශයක් ගැන කිව්වද කියල නම් මම දන්නෑ. ඒත් මම ඉගෙනගත්ත 'රජයේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු උපාධියට (පරිඝනක නොවේ)' නම් ඔය කතාව අදාල නෑ. අපෙන් සුළු වැරැද්දක් උනොත් අපි විතරක් නෙමෙයි ජීවිත හා දේපල දහස් ගනණක් විනාශයි! හැමෝම හිතනවා නම් ඒවා ගුණාත්මක අතින් පහලයි කියල ඒක වැරදි වැටහීමක්.

    ReplyDelete
  8. Kum ට

    ඇත්තෙන්ම මම මේ සටහනෙන් රාජ්‍ය වි.වි සහ පෞ.වි.වි ගැන සංසන්දනයක් කරන්න හිතුවේ නැ.මට ඕන උනේ සමස්තයක් ලෙස ගත් කල සාමාජයට පෞ.වි.වි ඉගෙනුම ලබන අපි වගේ මධ්‍ය පාංතිකයන් කෙරෙහි වපරැසින් බලන්නේ ඇයි කියලා සංවාදයක් ඇති කරන්නයි.

    ඒ වගෙම මට කියන්න ඔනේ වුනේ අපි රා.වි.වි සිසුන් වගේ පිකටින් නොකර ප්‍රගිතිශ්‍රිලී නොවුනත් , රැග් කරලා කාල සමාජශිලී නොවුනත් , රා.වි.වි තරම් විනය ගරුක නොවුනත් අපිත් ඒ සරසවි සිසුන්ම බවයි.

    ඇත්තෙන්ම මම සතුටුයි. ඔබත් අපි වගේම ඔබ ඉගෙනගන්න දෙයෙහි වටිනාකම, වගකිමසහිහ බව මතක් කලාට.

    "අනික පෞද්ගලික අංශයේ හුගක් වෙලාවට උපාධි ප්‍රදාන ආයතන වෙන රටක ඉතින් ඒ රටවල් අපේ වගේ නෙමේ හුගක් වෙලාවට දෙන දෙය ගුණාත්මකව බලනවා. ඉතින් අපේ සුලු වැරද්දක්වුනොත් අපි ඉවරයි."

    මම මෙයින් අදහස්කලේ අපේ රටේ හමස් පෙට්ටිවල පුස්කන නීති රීති , අරවද , මේ වද ඔය ඔක්කොම අපේ රටේ අයටත් වඩා පිටරටවල කට්ටිය ඒ ගොල්ලන්ගේ නීති රීති සමග ගලපාගෙන ඉන්නවා කියන එකයි.

    මම හිතන්නේ ඔයා තරිදුගේ අදහස කියෙව්වොත් වඩා පැහිදිලි වේවි.

    ඔබට ජය

    ReplyDelete