Sunday, February 7, 2010

ආගම ! අලුත් ආගම පවුලකට කොඩිවිනයක් වූ හැටි ! අද පත්තරෙන්

අද රිවිර පුවත්පතේ (2010-04-07) පලවු ලිපියෙන් සදහන් වන්නේ ආගම් ප්‍රශ්නයක් නිසා පවුලකට සිදුවූ අභාගය සම්පන්න සිදු වීමක් ගැනයී.

එහි සදහන් වන පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.


එක්තරා පවුලක් පියා එක් ආගමකුත් මව සහ දරුවනුත් තව ආගමක් අදහයි. මෙයට දිගු කාලයක් සිත් තැවුලෙන් පසු වන පියා තමාගේ පවුලටත් ගිණි තියා තාමාත් ගිනි තියගෙන සියදිවි නසාගනී.

තව දුරටත් එම පියා තම දරුවන්ට සහ බිරිදට ඉතා ආදරයෙන් පසුවූ බවද පවසයි.

මේ සිදුවීම පදනම් කරගෙන අද මම මාගේ මේ ලිපිය ලියන්න හිතුවා.

පුවත්පතේ ලිපිකරු පවසන පරිදි එම පියා බෞද්ධයකු බවත් මව යම් මූලධර්මවාදී ආගමක් අදහන බවත් පවසයි.ඇත්තෙන්ම මට මේ ලිපියේ මුලධර්මවාදී යනුවෙන් අදහස් කර ඇත්තේ කුමක්දැයි යන්න නොවැටෙහේ

එය ශබ්ද කෝෂයේ විස්තර කරන්නේ මෙසේය

A usually religious movement or point of view characterized by a return to fundamental principles, by rigid adherence to those principles, and often by intolerance of other views and opposition to secularism..


නමුත් මෙහි සදහන්වන පරිදි බෞද්ධ පියා මූලධර්මවාදියකු නොවන අතර ජේසුව අදහන මව ඇතුලු අන් අය මුලධර්මවාදි වේ.සමහර විට මාගේ අබ ඇටයක් වැනි මොලයට මෙවැනි කරුණක් තෙරුම් ගත නොහැකි වෙනවා ඇත.සමහර විට මෙහි මවගේ සහ පියාගේ ආගම් මාරු වී ඇත්නම් මෙය මිට වඩා වෙනස් කතාවක් ලෙස රිවිරේ ලියවනවා ඇත.

මේ ලිපියේම සදහන්වන පරිදි පියා තම පවුලෙහි අන්‍ය ආගම පිලිබදව දැඩිලෙස විරෝධය පලකරන අතර ඉතාමත් අසහනයෙන් පසුවී ඇත.


මේ අනුව මම මුලධර්මවාදින් යනු කවරෙක්ද යන්න තීරණය කීරීමට ඔබට බාර දෙමී.

ඇත්තෙන්ම අද සමහර පවුල්වල මේ ආගම් ප්‍රශ්නය ඔඩු දුවා ඇත්තේ පිලිලයක් මෙනි.


මෙයට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ අපේ රටේ ප්‍රජාවගේ තමාගේ අගම පිලිබද ඇති අධි තක්සේරුවත් , අන් අයගේ අදහස් පිලිගැනිමට තබා ඇසීමටත් ඇති අකමැත්තය.

විශේයෙන්ම බෞද්ධයකු වශයේ මා අත්දැක ඇත්තේ තමා හොද බෞද්ධයයි කියා ගනිමින් අන්ධ විශ්වාෂ මත කොවිල්වල ,දේවාලවල එසේ නැත්නම් පල්ලිවල ආතක් පාතක් නැතිව එහේ මෙහේ දුවන (අ )බෞද්ධයෝය.මෙයට ප්‍රධාන හේතුව වන්නේ සමාජයේ පැවැති පන්සල සමග සම්බන්ධය බිද වැටීමය එසෙත් නැත්නම් මිනිසුන් BZ වීමය.

බොද්ධ දර්ශනය ආගමක් ලෙස නොව දර්ශනයක්, ජීවිත පිලිවෙතක් ලෙස ඕනැම ආගමක කෙනෙකුට පාවිච්චි කල හැක.එය මගේ විශ්වාශයයි ඒ වගේම බුදුරජානන්වහන්සේ දේශනා කර ඇත්තේ බෞද්ධයකු තුල තිබිය යුත්තේ භක්තිය නොව ශුද්ධාව යන්නයි

අන් ආගම් මුලික වූ සමාජවලද මේ කාරනය අඩු වැඩියෙන් ඇති බව මට විශ්වාෂයි


නමුත් අද මේ (අ )සිංහල රටේ බහුතරයක් වූ (අ )බෞද්ධයන්ට වෙන දේවල් පිලිබද සලකා බලන කල මට පෙන්නේ දුක් විදින අපේ අනාගතයයි.

11 comments:

  1. මාත් මේ ගැන ලිව්වා. බලන්න.

    http://anewasika.blogspot.com/2010/02/blog-post.html

    අනේවාසික

    ReplyDelete
  2. 1) මේ මනුස්ස්යා බෞධ්දයෙක් කීවාට, වෙද කම් ගත යූතුව තිබුනු පිස්සේක්. (පිස්සෙකු වීම වරදක් නොවෙයී. පිලිනොගත්තාට අපි හැමෝටම ශාරික ආබාද වාගේම මානසික ආබාදත් තියනවා.)

    2) මේ කතාව ආගමික කාරනයක් පමනක් විදිහට පෙන්වාපු පත්තර වාර්තා කරු වෙන රස්සාවක් හොයා ගන්නවානම් හැමෝටම හොදයී. (වාර්තා කිරීමයී කතාන්දර කීමයී දෙයක්.)

    3) මේක මෙහම වෙනකම්, හාමුදුරුවෝ කොහෙද හිටියේ. මේක මරාගෙන මැරෙනකම් වැඩි දියූනු කිරීමට හාමුදුරුවෝ කොතරම් දායක වුනාද.

    4) මේ මනුස්සයා මේ තත්වයට පත් වෙනකම් පවුලෙ අනෙකුත් අය කොතරම් සැලසුම් සහගත මානසික වඳයන්ට පත් කරන්න ඇත්ද. (සැලසුම් සහගතව අන්‍යාගමිකයන් වදයට පත්කිරීම බොහෝම ආගම් වල බොදු ලක්ශණයක් - තලෙයීබානු බුදාගම්කාරයනුත් ඇතුලුව)

    ReplyDelete
  3. @ sam

    4 කාරණේ අනික් පැත්ත ගැන කියන එක අමතක උනාද මන්දා?

    ReplyDelete
  4. To Sam and Migara

    මේ ලියපු කෙනා අනිවාර්යෙන්ම පක්ෂග්‍රහිව ලියලා තීයෙනවා නමුත් ලිපියේ අවසාන කොටසේ ඇය තරමක් දුරට අසර්ථක උත්සහයක් අරන් තියෙනවා අපක්ෂපාතිව විග්‍රයක් ඉදිරිපත් කරන්න

    නමුත් අර පවුලේ කට්ටිය මිත්‍යාදෘෂ්ටිකයන් කියලා ලේබල් කල විටම ඇයගේ කෝණය ප්‍රක්ෂග්‍රාහි කියලා ඔප්පු වෙනවා.

    මේ අවස්ථාවේදි මම ලෙඛකයා විවේචනය කරන්න යන්නේ නැ

    නමුත් ඒ ලිපියෙන් පිලිබිබුවන අදහසට මම සපුර විරොධය පල කරනවා

    වැරද්ද කවුරු කලත් කුමක්නිසා කලත් වැරැද්ද වැරැද්දමයි.ඒ වැරදිකරුවා ඒ තත්වයට පත්වෙන්නේ ඇත්තේ ඇයි කියලා හොයගෙන ඒ කට පිලියම් යෙදිම තමා කලයුත්තේ(හැබැයි කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ නේමේ)


    හතර වෙනි කරුණ සම්බන්දයෙන් මගේ අදහස මෙහි ප්‍රධාන පාර්ශව තුනක් පැහිදිලිව ඇති බවයි
    1. පියා
    2.මව සහ දරුවන්
    3.සමාජය

    ඔය පාර්ශව තුනම එකිනෙකාව දැඩිලෙස පිඩනය ලක්කාලා.පියා එම පිඩනයට ප්‍රතිචාර දැක්කුවේ මරාගෙන මැරීමෙනි

    මොකද ඔහු දැනැන්හිටියේ නැ තමා මානසික වශයෙන් ඉතා දුර්වලව හරි වැරද්ද තෙරුම් ගත නොහැකිව සිටින බව.ඒ බව වටහාගන්න වෙන කිසිම කෙනෙක් හිටියෙත් නැ

    ඒ වගේම සමාජයේ සම්මතය (සමහර තබේකට වැඩක් නැති ), සමජයේ ගැරහුම් , අපලාද අඩු වැඩි පමණින් මේකට සහාභාගී වෙන්න ඇති

    ReplyDelete
  5. මිගාර ,
    //4 කාරණේ අනික් පැත්ත ගැන කියන එක අමතක උනාද මන්දා? // වැරදීමක්. "ආගම් වල බොදු ලක්ශණයක්" නොවෙයී, "ආගම් වල පොදු ලක්ශනයක්" වෙන්න ඕනේ.
    මූලදර්මවාදීන් බොහොම සැලසුම් සහගතව පවුලෙ අනෙකුත් අය තමාගේ පිලට හැරෙනකම් පීඩාවට පත් කරනවා මම දැකලා තියනවා. පිලට හරවා ගැනීමට බැරි උනහම දාලා යනවා, අපහාස කරනවා මම දැකලා තියනවා.


    V,
    //ඒ වගේම සමාජයේ සම්මතය, සමජයේ ගැරහුම් , අපලාද අඩු වැඩි පමණින් මේකට සහාභාගී වෙන්න ඇති //
    මෛත්‍රිය කරුණාව ආදරය ඔක්කොම පැත්තකින් තියලා තමාට වඩා වෙනස් පුද්ගලයාට පොලු පහර ගැහීම හැම ආගමකම සිරිතනේ. ගෑනි හොර මිනිහෙක් එක්ක ගියායී කියලා, විවාහෙන් පිට ලමයෙක් ලැබෙන්න ඉනවායී කියලා, ඔය වාගේ වැඩගට නැති කාරනා නිසා ලංකාවේ කී දෙනෙක් සිය දිවි නසා ගන්නවාද.

    ReplyDelete
  6. සැම් ට
    ඔව් සහොදරයා

    ඕක හුගක් අය පොඩිකාලේ ඉදලා හිතන්න පුරුදු වුණ විදිය ඒ කියන්නේ බහුතරයක් මව්පියන්ගේන්( වාසනවාට අපේ දෙමව්පියන් චුට්ටක් හරි වෙනස්ව හිතුව නිසා අද අපිට මේ වගේ ප්‍රශ්න දෙස පොදු කොණයෙන් නැතුව අපේම වූ කොණයකින් බලන්න පුලුවන්)මේ හිතිමි පැතිමේ විදිය දායක කරගෙන තියෙනවා අවට සමාජය ඒක තවත් ඒ ඒ ආකාරයට ඔප මට්ටම් කරනවා

    "මෛත්‍රිය කරුණාව ආදරය ඔක්කොම පැත්තකින් තියලා තමාට වඩා වෙනස් පුද්ගලයාට පොලු පහර ගැහීම හැම ආගමකම සිරිතනේ"

    ආගම් වශයෙන් ගතහොත් ආගම කියන්නේ එක ආකාරයක ජිවන විලාශයක් ආගම පදනම්වෙලා තියෙන්නේ පුද්ගලයකුගේ ලෞකික හා ලෝකාන්තර ජිවිත ( අපි නිවන, විමුක්තිය යන සංකල්ප පොඩ්ඩකට පැත්තකින් තියමු ) වඩා විධිමත් කීරීමට මිස විනාශ කිරීමට නේමේ.නමුත් අපේ සිටින ඉතා උගත් ආගම්වාදින්(ජාතිවාදිනුත්) කරන්නේ ආගමේ නාමයෙන් තම තමාගේ විකෘති අර්ථදැක්වීම් සාධාරණීකරනය කරන එකනේ.

    ඒකට අපිට ආගමට චොදනාකරන්න බැ කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  7. ඇයී ආගමට චෝදනා කරන්න බැරී?
    //ආගම් වශයෙන් ගතහොත් ආගම කියන්නේ එක ආකාරයක ජිවන විලාශයක් ආගම .... වඩා විධිමත් කීරීමට මිස විනාශ කිරීමට නේමේ.//
    තාර්කිකව එහෙම කියන්න පුලුවන් උනාට ප්‍රායෝගික තත්වය වෙනස් නේද. අපිට මේ ලෝකෙ තියන සහ තිබුන යුද්ද වලින් වැඩි ප්‍රමානයකට හේතුව ආගම. ඔය බෝහොමයක් ආගම්වල ම්ත්‍යාදුශ්ටිකයන්ට, ඒ කියන්නේ අපිට, වෙන දේ අපූරුවට කියලා තියනවා.
    ඇමරිකානු කාරයා ඇෆ්ගනිස්තානෙට බයීබල් තුවක්කු යවන්නෙත්, ඉරාකෙට කෙලියෙත්, අල්කයීඩා කාරයා යුරෝපයේ බෝම්බ පුපුරවන්නේත් ආගම් නිසා මිසක වෙන දෙයකට නොවෙයී.

    salvation lies within කියලා තිබුනාට ආගම් කඳ බැදගෙන වෙන වෙන රටවලට ගිහිල්ලා ප්‍රචාරයේ යෙදෙන්නේ තමාගේ ලෞකික / ලෝකාන්තර ජිවිතය ගොඩ දා ගන්න නොවෙයී.

    ReplyDelete
  8. ඔබ කියන කතාවේත් ඇත්තක් ඇත නමුත් එය නිවැරදි විය යුතුය

    ආගම පදනම් කරගෙන යුද්ධ ඇති වුනා වෙනවා ලෙස ( සමහරවිට මේ සදහා පුජකයන් අනුබල දෙනවා ඇත )

    නමුත් ඉතින් ප්‍රායොගිකව බැලුවොත් ඉතින් අද හුගක් අය කරන්නේ ආගම අනුව ජීවත් නොවන නමුත් ආගම තමා අනුව ජීවත් කීරීමනේ

    ReplyDelete
  9. අපේ රටේ ගොඩ දෙනෙක්ට පටලැවිල්ලක් වෙලා තියෙන දේවල් ටිකක් තේරුම් කරලා දෙන්න කැමතියි.

    මුල්ම දේ තමයි කතෝලික සහ ක්‍රිස්තියානි අතර තියෙන වෙනස.
    කතෝලික ආගම කියන්නෙ ජේසු තුමන්ගෙ සිට පැවත එන මුල් ආගම. ක්‍රිස්තියානි කියන්නෙ කතෝලික ආගමේ තියෙන යම් යම් නීති රීති වත් පිළිවෙත් වෙනස් කරගෙන කැඩිලා ගිය පොඩි පොඩි ආගම්. සංසන්දනාත්මක කිව්වොත් හරියට තේරවාද සහ මහායන යන බෞද්ධ සම්ප්‍රදායන් වගේ. එහෙම කැඩිලා යද්දි වෙනස් වෙච්ච නීතිරීති වලට උදාහරණයක් කිව්වොත් කතෝලික පල්ලි වල පියතුමන්ලට විවාහ වෙන්න බෑ. කළු පටිය සමග සුදු ලෝගුව අඳින්නෙ ඔවුන්. ක්‍රිස්තිනියානි ආගමේ ඉන්න පාස්ටර් වරුන්ට විවාහ වෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට ජේසු තුමන්ට කියන්නෙ 'ජේසු' කියලා නෙමෙයි 'යේසු' කියලා. අර පහුගිය දා සුව කරනවයි කියලා දෙදෙනෙකුව මරණය උරුම කරලා දීලා තිබ්බෙ අන්න ඒ වගේ පාස්ටර් කෙනෙක්. ‍‍

    මූලධර්මවාදීන් විදියට සැලකෙන්නෙ ඔය ක්‍රිස්තියානි ආගම් වල යම් යම් කොටස්. ඔවුන් තමයි යම් යම් ක්‍රම මගින් කතෝලිකයන්ව සහ බෞද්ධයන්ව ඔවුන්ගේ ක්‍රිස්තියානි මූලධර්මවාදී ආගම් වලට හරවගැනීම කරන්නෙ. අර කලින් කිව්ව සුව කිරීම් වගේ දේවල් ඔවුන් ආගමට හරවගන්න යොදන උපායවල්. තව මුදල්, වාහන, ගෙවල් හිටං දීලා කතෝලිකයන්ව සහ අන්‍යාගමිකයන්ව ඔවුන්ගෙ මූලධර්මවාදී ආගම් වලට හරවගන්න උත්සහ කරනවා.

    මෙතනදි අපි සැලකිලිමත් වෙන්න ඕනා මෙන්න මේ දේ ගැන. අපේ රටේ ඉන්න කිතුනුවන්ගෙන් 99%ක් කතෝලික අය. මේ ක්‍රිස්තියානි මූලධර්මවාන්ගෙ අත්තනෝමතික වැඩ වලින් බොහෝ විට පීඩා විඳින්නෙ මේ 99% වන කතෝලිකයින්. මොකද අපේ රටේ බහුතර බෞද්ධ ජනතාව කතෝලික ඔවුන් සහ ක්‍රිස්තියානි මූලධර්වාදීන් අතර වෙනස හරිහැටි නොදන්නා නිසා, ඔවුන් දෙගොල්ලන් ගැනම හිතාගෙන ඉන්නෙ එක විදියට. බහුතරය හිතං ඉන්නෙ මේ බෞද්ධයන්ව අන්ආගම් වලට හරවන්නෙ කතෝලිකයො කියලා. බහුතරය දන්නෑ කතෝලිකයොත් ඉන්නෙ මේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙ අන්‍යාගමිකකරණ තර්ජනයට යොමු වෙලා කියලා. මේ ගැන නොදන්න බෞද්ධයන්වත් දැනුවත් කිරීම අපේ යුතුකමක්.

    ReplyDelete
  10. බොහොම ස්තුතියි ඔයා කතෝලික සහ ක්‍රිස්තියානි සහ කතොලික අය අතර වෙනස කියා දුන්නාට
    හැබැයි මම ඔබත් සමග "මූලධර්මවාදීන් විදියට සැලකෙන්නෙ ඔය ක්‍රිස්තියානි ආගම් වල යම් යම් කොටස්" මෙන්න මේකට එකග වෙන්නෙනම් නැ ක්‍රිස්තියානි හෝ කතොලික හෝ බෞද්ධ හෝ ඉස්ලාම් හෝ හින්දු වේවා හැම ආගමකම මුලින් කියුව විදියට දැඩිමතධාරී මූලධර්මවාදින් ඉන්නවා.ඒක කවදාවත් නැති වෙන්නේ නැ නැති කරන්නත් බැ.

    ReplyDelete