Saturday, February 6, 2010

සාමය සහ උතුර

මේ ලගදී අපේ යාලුවෙක් යාපනේ ගියාලුනේ ඉතින් ආපු වෙලාවේ ඉදන් එයා කියුවේ යාපනේ මිනිස්සු දකුනේ මිනිසුන් කෙරෙහි දක්වන ඍන ආකල්පය සහ යාපනේ මිනිසුන්ගේ නිවාස යුද්ධයේ විපාක හැටියට විනාශ වෙලා තිබ්බ හැටියි.




තවත් එයා කියුවා යාපනේ සහ වන්නි ප්‍රදේශයේ සියලුම ගස් වැල් කාලතුවක්කු උණ්ඩ හෝ මල්ටි බැරල් නිසා සම්පුර්ණයෙන් විනාශ වෙලා තියෙන හැටි.තව දෙයක් යාපනේ තරුණ පරම්පාරව යුද්ධය මධ්‍යයේ වුවාත් ඉතාමත් බුද්ධිමත් බව(ඉතාමත් හොදයි )


ඇත්තෙන්ම දැන් තමා හොදම කාලේ උතුරු පලතේ සංචාරය කරන්න.හැබැයි යුද්ධය පැවැති සමය හා සටන් වීරාම සමයේ යාපනේ නොවුනත් මන්නාරම (මුරුන්කන් ) හී සතී කීපයක් ගත කල නිසා මම කැමතියි මේ සම්බන්ධව මගේ අදහස් කීපයක් කියන්න.


අද කට්ටිය යාපනේ යන්නේ නිකම් අපි සත්තුවත්තේ සතුන් බලන්න යනවා වගේ.පාර්ඩෝ එහෙම නැත්නම් සුපිරි වාහනවලින් ඒසී එකේ ගිහින් යාපනේන් බහින කොට යාපනේ මිනිසුන්ගේන් ඍන ප්‍රතිචාර ලැබෙන එක පුදුමයක්ද වැඩිය ඔනේ නැ කොලඹින්  ටිකක් දුර දකුනේ පලාතකට ගියොත් ඔය සමාන ප්‍රතිචාර දැක ගන්න පුලුවන්




1. උතුරේ මිනිසුන් අපේම මිනිසුන් ලෙස සලකන්න.ඒ වගේම ඔවුන්ට දකුනේ අපි ඔවුන්ට වඩා වෙනස් නොවන බව වැටෙහෙන පරිදි කටයුතු කරන්න
 
2.උතුරට යායුත්තේ විනොද වීම සදහා නෙමේ අපෙන් වෙන්වූ මිතුරන් සමග නැවත් එක් වීමටය


විනොද ගමන් යන කට්ටියට වෙන කොතෙකුත් තැන් ඇත


මම මන්නාරම විසූ සමය ඇත්තේන්ම ඉතාමත් විනොදකාමි සමයකි. පාරේ බස් එකේ  ගිහින් පොලිසියේ බංකර්වල මදුරුවෝ තල තලා ගත කරපු කාලය තුල අපේ මිනිසුන් වින්ද දුක මම දැක්කෙමි.




ඒ වගේම මන්නාරමේ මිනිසුන් අපේ සිංහල අයට දැක්වු ධනාත්මක ආකල්පයත් දැක්කෙමී.කොටි ත්‍රස්තයන් රජයේ පාලන ප්‍රදේශයේත් ඔවුන්ගේ ව්‍යාපර කරන හැටිත් මම දැක්කේමි. වෙලාවක වෙනම බ්ලොග් එකක ඒ ගැන මම දාන්නම්
 
යාපනේ කියන්නේ හාමුදාව මගින් ඉතා දිගු කලක් පාලණය වූ ප්‍රදෙශයක් ඉතින් ඔවුන්ටත් නිදහයේ ජීවිතය ගෙන යාමට ඉඩ දේන්න ඒ වගෙම ඔවුනුත් මනුශයන්ය

3 comments:

  1. "උතුරේ මිනිසුන් අපේම මිනිසුන් ලෙස සලකන්න."
    අපි එහෙම තමා හිතාන ඉන්නේ. මොකද ඒ මිනිස්සු අලි පු_ න් ඇවිල්ලද?
    මෙහෙමයි මචං. මම කැමති නෑ ඔය උතුර දකුණ කියන සීන් එකට. ඔතනමයි අපි වරද්දා ගන්නේ...
    ඉස්සරලාම් ඒක නවත්තන්න ඔනෑ..
    උතුරු වසන්තය, .... ඔය වගේ වචන සමහර දකුණේ අයට රිදෙනව.
    දකුණු නැගුම... මේවා උතුරේ අයට කේස්.

    මේවාට මාධ්‍ය වග කියන්න ඕනෑ ටිකක් හරි. කොහොම උනත් උඹ කියපු කතාව ඇත්ත.

    /බිඟුවා...!

    ReplyDelete
  2. ඇත්ත මචන් උතුර දකුණ කියලා මම වෙන් වෙන් වශයෙන් හදුන්වන එකට මම කැමති නැ

    නමුත් මම මෙතන එය යොදා ගත්තේ අපි ඔක්කොම එකම ඒකකයක් ලෙස අරගෙන මේක කතා කරන්න බැරි හින්දයි

    දෙපැත්තේම අය හිතන් ඉන්නේ දෙපැත්තම ගැන වැරදි විදියටයි.
    තව දෙයක් අපේ කට්ටිය එක එක කාලෙකට එක එක දේවල් ගැන මහ ලොකුවට කතා කරනවා සිංහලයනට වැඩි වරප්‍රසාද කියලා සිංහල නොවෙන අය හිතන් ඉන්නවා අනිතිමටම අපි ඔක්කොම එකම බොට්ටුවේ

    අපි ඔක්කොම එකම ජතියක් කියලා හිතන්න පුලුවන් වෙන දවසට ඔය ප්‍රශ්න විසදේනවා

    අනික දකුනේන් යන සමහර කොලබ 7 අය හැමදාමත් වගේ ප්‍රශ්න වන කරලා එන්නේ. ඒ කියන්නේ වැඩි ප්‍රශ්න ඇතිකරලා

    ඒ ගොල්ලන්ගේ විසදුම් වෙන ප්‍රශ්නවලට මුල පිරීමක්

    බලන්න අද ලංකාවේ කොලබින් වැඩි ලකුණු අරන් අපේ කොල්ලෝ කෙල්ලෝ කැම්පස් යන්න බැරිව දගලනකොට යන්තම් පාස් වෙච්ච දුෂ්කර පලාත්වල කට්ටිය කැම්පස් යනවා

    එක සමහරක් විට දුෂ්කර පාලාත් වල කට්ටියට සාධාරණ ඇති නමුත් බහුතරයකට අසාධාරණයක්

    මොකද සියලු දෙනාටම සමානව සලකනවා කියලා ඔය කරන්නේත් එකේ අනිත් පැත්තම නේද ?

    ReplyDelete
  3. එයාට කලින් බං මම යාපනේ ගියේ. ඔය එයා කිව්ව ඒව ඔක්කොම අතිශ්‍යෝක්තියෙන් කිව්වෙ. මම යන කාලේ සිංහල මිනිස්සු එක්කෙනෙක්ට දෙන්නෙක්ට වඩා එහේ හිටියෙ නෑ. ඔය කතාව කිව්ව කෙනා වගේ නෙමේ මම ඒ මිනිස්සුත් එක්ක සතියකට වඩා හිටියා. උඩින් හිනා උනාට ඒ මිනිස්සු ගොඩ දෙනෙක් අපට සාප කරනවා.

    ReplyDelete