Sunday, January 31, 2010

ජීවිතය

මේ දවස් වල මම සැහෙන්න හිතනවා මම මේ ජීවතයේ ගත්ත එක තීරණයක් හරිද වැරදිද කියලා.කෝම නමුත් ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු අද්දවන්න බැනේ මොනවා කරන්නද බෙරේ බැද ගත්තනම් බෙර පද ගහන්නම එපයි


ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද ?  සතුට , දුක ප්‍රශ්න වල එකතුවක් කියලා කියුවොත් මම හිතන්නේ හරි කියලා.


ඇත්තටම අපි ජීවිතය විදිනවාද විදවනාවාද ? මම හිතන්නේ අපි හුගක් අය දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා සතුට කියලා දුක් විදමින් දුවන්නේ තවත් දුක් කන්දක් පස්සේ.මීට අවුරුදු කීපයකට කලින් ඒ ගෙව්ව ජීවිතය නැවතන් උදා වෙනවානම් ! ඇත්තටම පාසල් කාලය හරිම සුන්දරයි නේද ?
දැන් මගේ ජීවිතය හරිම සංකීර්ණ වෙලා එදා තිබ්බ ඒ සරල ජීවීතය කෝ එක නැති කලේ කවුද ? මමම තමා. දේදුනු පාට හීනයක් වෙනුවෙන් මම ගත්ත තීරණය අද නැවත සලකා බලන්න වෙනවා.........


මේ සම්බන්ධව මාගේ ගුරුවරයෙක් කියුව දෙයක් මතක් කරන්න ඔනේ
 
 
 
 
 
"ජීවිතය ගත කල යුත්තේ තමන් කැමති දෙවල් කීරීමටය"

Tuesday, January 26, 2010

මාගේ ඡන්දය !




ඔන්න හාපුරා කියලා ජීවිතයේ පලමුවතාවට අද තමා ඡන්දේ දැම්මේ. උදේ නැගිට්ට ගමන්ම ඉතින් හොදට නාගේන කොට කලිසමත් ගහගෙන ( මොකද ගෙදරින් බර බරේ සරම ඇදන් යන්න එපා කියලා මොකෝ හදිස්සියෙන් කඩන් වැටුනොත් එහෙම :) )

ඔන්න ඉතින් ඡන්ද මධ්‍යස්ථානය තිබ්බේ පන්සලක. ඉතින් උදේ පාන්දරම පන්සලට ගියා මම ඉතින් කොමත් අලියා වගේ මහතයිනේ කොට කලිසමත් ගහ ගත්තම සකල බුජං කොට කලිසම් වගේමයි.


ඉතින් මුලින්ම හම්බ උන ගැනු ලමයා දැම්මේ මරු මුරුස් බැල්මක් මොනවා කරන්නද උපන් කැතනේ !

කොමෙන් කොම හරි විනාඩි 3 4 ක් පොලිමේ ඉදලා ගියා ඇතුලට එතන හිටිය ඡන්ද නිළධාරිනිය මගේ ඡන්ද කාඩ් එකයි ජාතික හැදුනුම් පතයි බලාලා මගේ මූණ දිහා නිකම් කන්න වගේ බැලුවා අම්මට හුඩු රැවුල කැපුවේ නැනේ සුමාන දෙක් තුනකින් අහන්නත් දෙයක් නැ මුලින් හම්බ වෙච්ච කෙනා කන්න වගේ බැලුවේ ඇයි කියලා.......... රැවුලත් තියෙන හින්දා නිකම් බමුණා වගේ ඇතිනේ............

ඔන්න ඉතින් හදුනා ගැනීමේ පරික්ෂනයෙන් සමත් වෙලා ගියේ  වෙන තැනකට එයා මොක්ක්ද අංකයකුයි මගේ නමයි කියලා කැ ගහනවා තව එක්කෙනෙක් හරි කියලා කැ ගහනවා..... ඊට පස්සේ කාඩ් එක ඉරලා යන්න කියනවා


ඔන්න ඉතින් මම ගියා මෙන්න බොලේ තව ගැනු කෙනෙක් මගේ අත ගත්තා( නිකම් නෙම ඇදලා ගත්තේ) ගත්තා පැනක් ඔන්න ඉතින් ඒ නිළධාරිනිය උඩ පැන පැන පෑනෙන් තින්න ගානවා ඔන්න ඕක තමා එපා වෙන්නේ. ඇයි වදේ නිකම් ඇගිල්ල අල්ලන් ඉන්නේ මම පැනලා යයි වගේ

එකත් හරි ඔන්න ඉතින් මට දුන්න කොලයක් ටිකක් විතර දිග එකක් මමත් අර කාඩ් බොඩ්වලින් වට කරපු පෙට්ටිය ඇතුලට ගිහින් හිතේ හැටියට වෙලා අරන් ඡන්දේ සලකුණු කරා මොකද මුල්ම එකනේ.....
 
ඒකත් හරි ඇති යන්තම් ඡන්දේ දැන්මා බලමු මාගේ ඡන්දෙන් මොකක් හරි වැඩක් උණාද කියලා එකත ඉතින් තව අවුරුදු 6ක් තියෙනවානේ මම ගත්ත තීරණය හරිද නැද්ද කියලා බලන්න



හැබැයි මට හිතුනා මේක මීට වඩා විධිමත් විදියට නවීන තාක්ෂණයත් මුසු කරලා කරන්න පුලුවන් නේද කියලා එතකොට වියදමත් අඩුයි ප්‍රතිපලත් ඉක්මනින් දෙන්න පුලුවන්නේ හැබැයි ඉතින් රැ එලිවෙනක්ම් ටීවී බලන ආතල් එකනම් නැති වෙනවා

Monday, January 25, 2010

ත්‍රිපිටකය සිංහලෙන්

අපේ හොද යාලුවෙක් වෙන තරිදු ත්‍රිපිටකය සිංහලෙන් ලියනවා

ඇත්තටම හොද දෙයක් හොද දේවල් අපි අගේ කරන්න ඔනේනේ

මෙන්න මෙතනින් ත්‍රිපිටකය බ්ලොග් එකට යන්න


Saturday, January 23, 2010

විවාහය කියන්නේ කායික සම්බන්ධතා පැවිත්වීමට දෙන ලද තවත් එක් බලපත්‍රයක් ද !

මේ දවස්වල ඔන්ලයින් එන්නත් බැරි උනා හුගක් වැඩ තිබුනා අද තමා ටිකක් නිවඩු හම්බ උනේ....


ඉතින් මම පොඩ්ඩක් මූණ පොතේ රවුම් ගහද්දි මම මේක දැක්කා හිතුවා කට්ටියගේ අවධානය මේකට යොමු කරන්න මොකද මේක සැහෙන්න අද සමාජයට අනුකූලයි නේ...........


ඇත්තෙන්ම මේ දෙපාර්ෂවයම කියන දේ සතයක් තියෙනවා නේද ?


ඇත්තෙන්ම විවාහය කියන දෙය දෙස අපි සමාජීය හා සංස්කොතිකමය කෝණවලින් තොරව බැලුවාම එහි මුලික හරය වන්නේ නව පරම්පරවක් බෝ කිරීම නේද ?

සාමාජීය සහ සංස්කෘතික බලපැම මත නව පරම්පරවක් බො කීරීම වඩා විධිමත් සහ හරවත් ලෙස සිදු වෙනවාද ?

එසේ නැත්නම් විවාහය කියනේ ඊට වඩා දුර දිග ගිය අධ්‍යාත්මක් සම්බන්ධයක්ද ?

ඇත්තෙන්ම ආදරය කියන්නේ ඒ අධ්‍යාත්මක් සම්බන්දයද ?

ඇත්තටම අද ඒ කියන විවාහය පදනම් වෙලා තියෙන්නේ කයික අවශයතවා තෘප්ත කීරීම හෝ ඒ අධ්‍යාත්මක බන්ධනය හෝ සමාජීය හෝ සංස්කෘතික අගයන් මත පමණක්ද

ටිකක් හිතන්න සහ අදහස් දක්වන්න හොද පැත්තක් නේද


ඔබේ අදහස මොකක්ද ?

Saturday, January 9, 2010

පත්තරේට ගිය බ්ලොග්

ඔන්න ඉතින් අපේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් පත්තරේට ගියලු
කොච්චර සතුටුද ?

අද දින බෙදා හරින-හෙට පල වීමට නියමිත ඉරිදා(10-01-2010)ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ ලිපි පල වෙලා තිබුනා.

ඇත්තෙන්ම සැහෙන්න සතුටුයි ලංකාවේ පලවෙන ප්‍රධාන පුවත් පතක් අපේ බ්ලොග් අඩවි ගැන මෙලෙස සැලකිලිමත් වීම ගැන.


මෙතන තියෙනවා ඒ බ්ලොග් අඩවි සහ ඒවායේ ලිපි ගැන

අච්චාරු - මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි
කැටපත් පවුර  ඒ වගත් මෙසේම විය… එළුවාගෙ සවුදම
සිතූගේ සිතුවිලි  නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…
මනුසත් උයන   අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!
අරුණි ශපීරෝ‍ වෙතින් ගෙම්බාගේ දෘෂ්ටාන්තය 
සංකල්පනා   ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..

සියලුම බ්ලොග් කරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම්


ඔන්න කට්ටියම හෙට පත්තරේ බලන්න හොදේ

Friday, January 8, 2010

අරවානා ------ අ ර වා නා

අ ර වා නා මේ කුණුහරුපයක්නම් නෙමේ අපේ පොඩ්ඩා සහොදරයාට කලා වගේ මම අසභය දේවල් කතා කලා කියලා බොරුවට පැමිණිලි කරන්නනම් එපා හොදේ.අපේ සමහර කට්ටිය හිතන් ඉන්නේ සමාජයේ හැංගිලා කතා කරන දේවල් විවෘතව කතා කලාම එවා අසභයයි කියලා


අහ් කතාව පොඩ්ඩක් වැරදි පැත්තට ගියා නේද කමක් නැ කියන්න ඔනේ දේ මම කියුවනේ




මේ දවස්වල ටිකක් විතර මඤ්ඤං ගහලා ඉන්න හින්දා පරන අපාය සහය මිත්‍රයකුගේ ගෙදර ගියා.ඉතින් ආ ගිය දේවල් එහෙම කතා කරල මිත්‍රයා එයගේ නවතම සොයා ගැනීම මට පෙන්නුවා
 
ඒක මාලුවෙක් ඇත්තටම පොඩි කලේ අපි කොල්ලෝ හැමෝටම තිබ්බනේ මාලු උණ හැබැයි මූට තියෙන්න සල්ලි උණ




අරවාන( මගේ ගාවත් හිටියා මේ ජාතියේ මාලුවෙක් හැබැයි   මගේයි උගේයි දෙන්නගෙම වාසනවාට ඌව මගේ වෙන යාලුවෙක් ගත්තා)


කට්ටිය අහලා ඇතිනේ පෙන්ශුයි චීන වාස්තු විදයාව ගැන.ඉතින් ඒ අනුව අරවානා කියන්නේ වාසනව ගෙන දෙන මලුවෙක්
 
ඉතින් මේ මාලුවා ඉන්න තැනට වාසනාව ලැබෙනවාලු




ඉතින් ලස්සනම වැඩේ එක නේමේ.මේ මාලුවා කන්නේ මාංශ.මට මතකයි මම ඒ කාලේ එ මාලුවට දුන්නේ කඩෙන් ගේනාපු මස් මාලුයි (අපරදේ) ඉතින් ඒ වුනාට මේ මාලුවා වඩා කැමති පණ පිටින් මාලු කන්නලු.
ඉතින් මගේ යාලුවා කරන්නේ ගප්පි මලුවේක්(පණ පිටින්) අර මාලුවාට කන්න දෙන එක
 
මේ යකා ඉතින් පණ පිටින් මාලු දිදිම මාලුවාව ගේ ඉස්සරහින්ම තියන් ඉන්නවා අනේ ඉතින් පණ බේර ගන්න අර දාන ගප්පියා ටැංකිය වටේ පීනනාව එත් ඉතින් අන්තිමට අරවානා ගප්පියව ටිකෙන් ටික කොටලා කනවා
 
මාරයි නේද ?


මගේ යාලුවා බෞද්ධ ඉතින් මම ඇහුව මාලුන්ව මරන එක පවු නැද්ද කියලා එතකොට මේකා කියනවා ෆෙන්ෂුයි කියන්නේ බුදු දහමේම කොටසක් ඒක හින්දා පවු නැලු.මමත් ඉතින් ෆෙන්ෂුයි ගැන කියවලා තියෙනවා ආසිරි වනිගරත්නගේ ඉදන් සමහර සත්‍ය චින ආචාර්යවරු දක්වා එහේම එකක් ඇහුවෙත් අදමයි කරන්න දෙයක් නැ සොරි ඩොට් කොම් මගේ යාලුවා සත්‍ය තේරුම් ගන්න ලැස්තිත් නැ.


බලන්න අපේ මිනිස්සුට තියෙන පිස්සුවක මහත, බෞද්ධ දර්ශනයේන්(මම මේ කියන්නේ ආගමක් ලෙස නොව දර්ශනයක් ලෙස ) කොච්චර දේවල් තියෙනවද අපේ ජීවිතය සාර්ථක කර ගන්න .අනික ෆෙන්ෂුයි දර්ශනයේත් කොච්චර හොද දේවල් තියෙනවාද ඉගෙන ගන්න.




නමුත් අපේ අය කරන්නේ මේවායේ කොන පටලවාගෙන දගලන එකයි.ඔක්කොම හොද දේවල් ටික අහක දාල අනවශය දේවල් අපි ගන්න කොව්වර අපි දක්ෂද ?


හංසයාට කිරි මිශ ජලය දුන්නාම කිරි ටික විතරක් බීලා ජලය වෙන කරනවා කියල අහලා තියෙනවා.නමුත් මට පෙන විදියට දැන් කට්ටිය කරනවා ඇත්තේ ඒකේ අනිත් පැත්ත.........................

Monday, January 4, 2010

ගුගල් එකෙන් ඇපල් කැඩීම

ඔන්න මම උදේ පාන්දර ගූගල් එකට යද්දි එක පාරටම ඇපල් ගෙඩියක් වැටුනනේ බැලින්නම් මෙන්න මේකයි වැඩේ .........අද කෙනෙක්ගේ උපන්දිනයක්ලු


කවුද මේ ?


"සැම ක්‍රියාවකට සමානවුත් ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාවක් ඇත"මෙන්න මේ වදන් පෙල අප දහස්වරක් නැවත නැවතත් කියවා ඇත.ඔව් නිව්ටන්ගේ තුන්වන නියමය




අද වර්ෂ 2010 ජනවාරි හතර වෙනිදායි මම මේ කියන්න යන්නේ මීට හරියටම අවුරුදු 367 කට කලින් 1643 වෙච්ච සිදුවීමක් ගැනයි

ඒ මහා විද්‍යනයකුගේ උපත


සර් අයිසෙක් නිව්ටන් උපන්නේ 1643 ජනවාරි හතර වෙනිදා ඉතින් එතුමා ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැනේ



ඔන්න මම ඔය ගොල්ලන්ට මතක් කලා පමණයි



මුලාශ

විකිපීඩියා

Sunday, January 3, 2010

අහෝ මොවුන් නොදුටු බුදුගුණ...............| සංශෝධිත

මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය යම් ආගමකටවත්, සමාජ කොටසකටවත්, ජීවන රටාවකටවත් , එසේ නැත්නම් බුදුගුණ වර්ණානා කරන්නවත් ලියපු ලිපියක් නෙමේ

කවුරු හරි මේ ලිපිය කියවලා කෝපයට හෝ හිත් තැවුලකට පත් වෙනාවානම් E පිලිබද මගේ කනකාටුව :)

මෙන්න මේ පින්තුර ටික මට මුණපොතේ කල්මරණ කොට හම්බ උන පින්තුර වගයක් බලන්නකෝ මෙකේ ඉන්න සුරිපිනියන්(භාහිරින් පමණක්) කරන වැඩ............

මම මේ පින්තුර ටික නුසුදුසු හින්දා ඉවත් කලා

ඒ වා බලන්න ඔනේ නම් මුලශ සටහන බලන්න

ඒ පින්තුර ගැන විස්තර කරනවානම් ඒවා යම් යම් පුද්සලයන් බුදු හාමුදුරුවන්ගේ මූර්තියක් යොදාගෙන අරන් තිබ්බ විකාර රූප ටිකක්.


ඇත්තෙන්ම එම පින්තුර යම් අකාරයක බුදුදහම පිලිබද දැනුමක් තිබ්බානම් ඔවුන් ගන්නේ නැ කියලයි මට හිතන්නේ


මට මේක බලද්දි පලමුව මේ ගැන කෝපයක් ඇති උනත් පස්සේ මේ ගැන අති උනේ මේ පුද්ගලයන් දැනුවත්ව හරි නොදැනුවත්ව කරන දේ අපි මොන මගුලට මල පැන ගන්නවාද කියන එකයි.මොකද බුදු දහම , බුදු හාමුදුරුවෝ ගැන ඒ භෞතිකව මනින්න බැනේ අනික අපි බුදුපිලිම වගේ සංකේතාත්මක දේවල්වලට පුජා කරනේ ඒ අසම සම බුදුරජානන්වහන්සේගේ ධර්මයට හා එතුමාට කරන ගරු බුහුමනක් මිසක් වෙන වෙන දේවල් බලා පොරොත්තුවෙන් නෙමේනෙ !( මම දන්නේ නැ මේ සම්බන්දව ඔබ මා සමග එකගද නැද්ද කියලා)

තව එක පින්තුරයක් ගැන මම කියන්න කැමතියි මේ පින්තුරය මට හම්බ උනේ ඩේලිනිව්ස් වෙබ් එකෙන් මෙකේ තියෙන්නෙ පිදුරංගල විහරේ තියෙන සැත්පෙන් බුදු පිලිමය




 බලන්න මේකෙට නිධන්හොරු කරලා තියෙන හානිය හුගක් ( බහුතරයක්) නිධන් හොරු බෞද්ධයන් එහේම නැත්නම් බොද්ධ චීවරධාරින් ඉතින් මේ ගොල්ලෝ කරන දේවල් එක බැලුවහම උඩ ඉන්න අබෞදධයන් ගැන මොකට ලත වෙනවාද ? අබොද්ධයන්ට ඒක නිකම්ම නිකම් තවත් පිලිමයක් විතරයි ..............

තව එකක් මම මේ පොටොස් ගත්ත මුනපොතේ පිටුවේ තිබ්බ විවීචේන පිලිබදවනම් ලැජ්ජ වෙනවා. එක තිබ්බ සමහර එවා බොද්ධයේක් කෙසෙවෙතත් ශිෂ්ඨ සමජයේ සත්වයේක් වශයෙන් වෙන පුද්ගලයෙක්ට අපහාස කිරිම සදහා භවිතා කලයුතුද යන්න නැවතත් සිතා බැලිය යුතුය..

අවසානයේ බලන්න මේ පින්තුරයත්






එක් රුපයකින් වචන දහසකින්වත් කිව නොහැකි අදහසක් පෙන්වන්න පුලුවන්

මුලාශ
මුණපොත

Save The Buddhism For the Future


ඩේලිනිව්ස් වෙබ්

පිදුරංගල

ලක්බිම වෙබ්

සමාධි බුද්ධ ප්‍රතිමාව

අසංශෝධිත සටහන

ඇමුනුම



පසු සටහන








මට මේ බ්ලොග් සටහනෙන් පවසන්න ඔන වුනේ අපි මේ දෙවල්වලට හැගිම්වලට වහල් නොවි කටයුතු කල යුතුය කියන එකයි







නමුත් පසුව සැම් හා තරිදුගේ තර්ක විතර්කවලට ක්න් දිමෙන් ඇත්තටම මම කර ඇත්තේ මා නොකල යුතු දෙයම බව මට අවබෝධ වුයෙමි







ස්තුතියි

Friday, January 1, 2010

අනුරාධපුර යුගයෙන් එහා ගිය අපේම ශිෂ්ඨාචාරයක් | රාවණා !

මම හිතන්නේ කට්ටිය ඔක්කොම ඊයේ රුපවාහිනියේ (31-12-2009) ගිය අබා බලන්න ඇති... මටනම් ඉතින් බලන්න බැරි උනා හේතුව මෙතනට සම්බන්ධ නැති නිසා මම කියන්නේ නැ.

මට ඊයේ අපේ තරිදු ලියපු " ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා " ලිපිය කියව්වාට පස්සේ කවදත් ඇගේ තියෙන ඉතිහාස උන පොඩ්ඩක් වැඩි උනා

ඊයේ එලියට ගියත් මේ ගැන ටිකක් විතර කල්පනා කලා. මෙහෙම ඉන්නකොට රිවිර පත්තරේ ගිය ලිපියක් මතක් උනා.

ඉතින් පොඩ්ඩක් හොයල බැලුවම එක ලිපියක් නෙමේ දෙකක්ම හම්බ උනා. ඉතින් ඇත්තටම අපිට අනුරාධපුරයෙන් එහා ගිය අතීතයක් තිබ්බද ? මීට ටික දවසකට කලින් ඇහුවනම් කියන්නේ එහෙම කියන්න බැ මොකද මහාවංශයේ සදහන් වෙන විදියට ක්‍රි පු 6 ට කලින් මෙහේ එතරම් දියුනු සමාජයක් තිබිලා නැ විජය කුමාරය එන්න කලින් මෙහේ තිබිලා තියෙන්නේ ප්‍රථමික සමාජයක් ( මහාවංශයේ කතුවරයා(යන්) ලංකාවේ ප්‍රාග් අයිතිහාසික යුගය ගැන නොලියුවේ ඇයි ? එවා දැන් ඉන්න උගත් මොඩයෝ වගේ නුගත් බුද්ධිමත් ගැමියන්ගේ කතා කියලා අහක දැමුවද ? )

අපේ රාවණා රජතුමා ගැන මම මේ අවස්ථාවේ සම්බන්ධ කරන්නේ නැ නමුත් ලංකාව මුලු ලොකෙමත් එක්ක බලද්දි සැහෙන්න හොද ඉතිහාසයක් තියෙන රටක්

රිවිර පුවත්පතේ රවී ජයන්ත සදහන් කරන අකාරයටනම් අචාර්ය දැරණියගල , ආචාර්ය නිමල් පෙරේරා ,මහාචාර්ය නෝට් කියන පුද්ගලයන් විසින් ඔහුට පවසනවා අනුරාධපුර ඇතුලු නුවර ප්‍රදේශයෙන් ක්‍රි පු 9 ට කලින් සාධක හමුවෙලා තියෙනවා කියලා.

පුදුමයි නේද ?

ඒ එක්කම රිවිර පුවත්පතේ ධර්මප්‍රිය ලියනාරච්චි ලේඛකයා කියන විදියට අනුරාධපුරයෙන් නොවුනත් රංග මඩල ප්‍රදේශයේ මාහාචර්ය රාජ් සෝමදේව කියන විදියට එම ප්‍රදේශයෙන් වසර 3000 කට වඩා පැරණි ඉතා දියුනු මට්ටමේ ජීවත් වුන මිනිස් සමාජයක සාධක හොයා ගෙන තියෙනවා

මේ අනුව අපිට හිතන්න පුලුවන් ලංකාවේ හතර දිග් බාගයේම දියුනු ප්‍රාග් අයිතිහාසික ශිෂ්ඨාචාරයක් තිබුනා කියලා..........
පොඩ්ඩක් තව ටිකක් හොයලා බලන්න ඔනේ නිවඩු පාඩු වෙලාවක

බලගෙන ගියම තව ටික කාලේකින් අපේ රාවණා රජතුමාගේ රාජධානිය ගැනැත් හොයා ගන්න පුලුවන් වෙයි.සමහර විට මේ කියන දේවල් වැලලීලා ඇත්තේ අපේ කකුල් දෙක යටම වෙන්න පුලුවන් නේද ?

මුලාශ

http://www.rivira.lk/2009/09/27/rividahara1.htm
http://www.rivira.lk/2009/09/20/rividahara4.htm

නව වසරට සුබ පැතුම්



ඔන්න හාපුරා කියල නව වසරේ අපේ කට්ටියට සුබ පතනවා

මේ නව වසරේ ඔබගේ සියලු පැතුම් ඉටුවේවායි මා හද පතුලෙන් පාර්ථනා කරනවා

සුබ නව වසරක් ඔබ සැමට






ඒ වගේම මේ අපේ පුංචි දිවයිනේ සියලුම ජාතින් සතුටෙන් සමගියෙන් චිරාත් කාලයක් ජීවත් වෙන්න ඔනේ කියන අහිංසක බලාපොරොත්තුවත් තියෙනවා