Tuesday, March 30, 2010

SLUTS ! අපේ සභ්‍යත්වය වනසන වල් (වේX) කෙල්ලෝ

මේ සටහන නිසා යම් යම් අයගේ හිත් අමනාපයක් සිදුවෙනවානම් මම ඔබගෙන් සිදුවු අපහසුතාවය පිලිබද කනගාටු වෙමි.

ලාංකීය සමාජයේ බහුතරයකගේ ( පහල හා මධ්‍යම පාන්තිකය ) අර්ථ දැක්වීම අනුව වල් කෙල්ලන් මෙලෙස හදුනාගනී.






  • ස්වාධින තීරණ ගන්නා අනයගේ තිරණවලට හේතු සහිතව අභියෝගයට ලක්කරන්නා.
  • ශරිරය සම්පුර්ණයෙන් ආවරණය කරන සාම්ප්‍රදායික ඇදුම් වෙනුවට තමාට පහසු විලි වැසෙන / නොවැසෙන ඇදුම් ප්‍රසිද්ධියේ අදින්නන් ( නිවස තුල අවුලක් නැත ) .
  • තාමාට වංචාකරන කොල්ලන්ට කනේ පාර දී පාරට එලවා දමන්නන්.
  • එවිට සියදිවිනසා ගන්නා උන්මත්තකයන් ගේ පෙම්වතියන් වී සිටි අය.
  • කොල්ලන්ට තහනම් නැති මත්පැන් සිගරට් පානය කරන්නියන්.
  • තම ලිංගික කරුණු ගැන වැඩිහිටියන් සහ ( මව පියා සමග නෙමේ) අන් අය ( විශේෂයෙන් සැමියා හෝ ප්‍රෙමවන්තයා ) සමග විවෘතව සාකච්චා කරන්නියන්.
  • ස්වධින, පිරිමියා මත නොයැපෙන්නන්.
  • සමජයේ විවාහ නොවි දිගු කලක් තනිකඩ ගත කරන්නියන්,
  • ප්‍රෙමවත්තයා හැර දාම ගියවුන් හෝ දික්කසාද වුවන් ( පිරිමියා ගැහිණිය හැර යන්නේ ගැහැණිය වැරදි බැවනි ? )
  • සැමියා මියගිය පසු වෙනත් විවාහයක් කර කරන්නියන්. 
  • විවාහයෙන් පසු නැන්දා මාමා ප්‍රමුඛ හතරවරිගේ නැදැපරපුරේ ඕපදුප සංගමයේ සාමජිකත්වය නොකරන්නියන්.
  • පිරිමියා වෙන ගැහැණුන් පසුපස දුවද්දි අසහනයෙන් පසුවන්නියන්.( පිරිමියා වෙන අයගේ පහස ලබන්නේ ගැහැණිය වල් නිසාය )
  • වෛශාවන් ( ලොව පැරණිම රැකියාව කරන්නියන් )

    මෙය තවදුරටත් සම්පුර්ණ කලයුතු ලයිස්තුවකි.
මෙය සමස්ත සමාජයෙම මතය නොව නමුත් බොහෝ උගතුන් සහ සමාජයේ සම්මත් පුද්ගලයන් යයි කියාගන්නා අයගේ  අදහස් (ඔවුන් විසින් පවසන පරිදි ( වාචිකව සහ නිර්වාචිකව )) සමස්තයක් ලෙස ගත්කල මෙසේය.

නුගත් කතුවරයා සිතන්නේ තමාගේ සත්‍ය ආශවල් ( සමාජයේ සම්මත හෝ අසම්මත ) සගවාගෙන දෙබිඩි ජිවිතයක් ගතකරන තමා මෙන් වෙනත් ගැහිණියකුගේ පෞද්ගලිකත්වය හෙලා දැක වල් නොවල් වශයෙන් වර්ග කිරීමට දායකවන්නා වල් යන්නය ( මෙහිදි සමාජය වල් යනුවෙන් අර්ථ දක්වන්නේ කුමක්ද යන්න පිලිබද ප්‍රශ්නයක් ඇත. )

15 comments:

  1. මොන තරම් කිව්වත් අපේ හුඟක් අය තාම ගැහනඉය ගැන හිතන්නේ ගල් යුගයෙ විදියට,. ඒකය් ඔහොම හිතන්නෙ.

    ReplyDelete
  2. ජීවතකාලයේදීම ප්‍රේමවන්තයන් දෙදෙනකුට වඩා සිටි ගැහැනු ලමුන්.

    ReplyDelete
  3. මුචලින්ද ,

    මෙහෙමයි මේ නිති මට පලමු පැලැන්තියේ සමජයේ කියන කට්ටිය සමග සාකච්චා කරන්න බැරි උණා. සමහරවිට මේකට තව ඇඩ් වෙයි.

    ReplyDelete
  4. පිස්සා පලාමල්ල
    මෙතන අවුල තියෙන්නේ පිරිමි විතරක් නෙමේ ගැනු කට්ටියත් හිතන්නේ එහෙමයි.

    ReplyDelete
  5. kolu
    තැන්යු මම ඇඩ් කරන්නම්

    ReplyDelete
  6. කටේ මසුරන් දාන්න හිතෙනවා..
    මේ ඒක නෙමෙයි අනිත් ටිකත් දාපන්කෝ බලන්න...

    /බිඟුවා...!

    ReplyDelete
  7. ඇයි නහය විදපු සිංහල කෙල්ලන්, රතුයි කලුයි ඇඳුම් ඇඳන් කොණ්ඩෙ කඩන් යන අය.....

    @V-අපි නම් ඔහොම හිතන් නෑ.

    ReplyDelete
  8. බිඟුවා...!
    තැන්ක්යු
    දාන්නම් දාන්නම්

    ReplyDelete
  9. poppy ta
    එහෙමත් සීන් තියෙනවාද ?

    මෙහෙයි හුගක් කට්ටියට කියන්නේ නැ. ඒ වගේම කියන කෙනාට විරුද්ධ වෙන්නෙත් නැ.

    මම කියන්නේ නැ පැනල දෙන්න ඔනේ කියලා.අපි මේ හිතන විදිය වෙනස් කරගන්න ඔනේ. මමත් ට්‍රයි එකක් දෙනවා.

    ReplyDelete
  10. අමරසිරි පීරිස් මහත්මයාගේ "ළදුනේ" ගීතය හොදින් අහන්න. මේකට වෙන වචන වලින් උත්තර අවශ්‍ය නැහැ.

    ReplyDelete
  11. මේක මට පේන විදිහට නම් සමාජ ප්‍රශ්නයක්....ගැහැනියකට මෙහෙම වෙන්න පිරිමියා ගොඩක් වෙලාවට සාධකයක් වෙනවා.

    ReplyDelete
  12. KAS ta

    " ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ලදුනේ "

    ReplyDelete
  13. මචං

    මම හිතන්නෙත් මේක සමාජ ප්‍රශ්ණයක් හැබැයි මම හිතන්නේ මේකට හේතුව මුළු සමාජයම තමා. ඒ කියන්නේ පිරිමියා විතරක් නෙමේ ගැහැනියත්

    ReplyDelete
  14. එළකිරි පෝස්ට් එකක් සහෝ!

    ReplyDelete